මගේ ආදරේ -

 මගේ ආදරේ -

 

ඇය අකුරු කරේ මන් උගෙනගත් පාසලෙන්මයි.........

    මගේ පාසල් ජීවිත කාලෙ නාඹර වයස දළුලා වැඩෙද්දි  මමද ඒ හා සමානව හෝ ඊටත් වැඩියෙන් ඇලුණු, ලෝල්වුණු සිසුවියක් හිටියනම් ඒ තමයි  ඇය. ඒ රූපය, ඒ මුහුණ....... දැක්කම, ඒ දවස්වල විතරක් නෙමේ අදටත් හීන් කරන්ට් එකක් වගේ එකක් වැදීගෙන නිමිල යන්නෙ හිතටත් හොරා. ඒත් අත් දෙකේ ඇතිවෙන පොඩි වෙවුලිල්ල නම් ටික වෙලාවක් යනකම් අල්ලලා හිටිනවා. සමහරක් වෙලාවට පාසලේ ඇයත් එක්ක කතා කරන්න ලද අසුරු සැන නිහඬව ගෙවිල යන්නෙ ඇයව කතාවට අල්ල ගන්න ඇමක් නැති කමින්මයි. හදිසියේ ලබන එවන් රන් වටිනා මොහොතවල් කිහිපයක් අතුරින්, ඇයම මාත් එක්ක දොඩමලු උන දවසුත් නැතුවම නෙවේ. හරියට වල්ගා තරුවක් අහසේ දැක ගන්න පුළුවන් වෙන සුලබ අවස්ථාක් වගේ. එදාට, එවෙලෙට  ඉතින් ඉහින් කනින් පෙම් රස වෑහෙන තරම් දැනෙන සතුටද, නැත්තම් ප්‍රේමය මුසු රාගයද කියන එක තේරුම් කරන්න තරම් එය සරල නැතිවද මන්ද. මගේ හිත තවත් අවුළුවන කාරණයක් උනේ ඇය සමහර වෙලාවට මන් කෙරේ හෙලන බැල්ම. ඒ බැල්ම වෙන කිසි බාල සිසුවෙක් කෙරේ එල්ල නොකළ බව මට එදා විතරක් නෙමේ අදටත් එහෙමයි කියල හිතෙනවා. හරියට ඇය මගේ හිතේ ඇය කරේ තිව් අදහස දැනන් හිටිය වගේ.. කියා ගන්න බැරි අසරණ කමකින්, හිමි නොවන බව දැන දැනත් මන ඇය දිහා හෙලපු බැලුම් වාර අනන්තයි කිව්වොත් බොරු උනත්, බොහෝ වාර කිව්වොත් ඒ ඇත්තම ඇත්තයි. 


1 රූපය - අන්තර්ජාලයෙන්
ඇයට පෙම් පලහිලව්වක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙන කාලෙකම තමයි මගේ හිතත් ඇය වෙත කාන්දු වෙන්න පටන් ගත්තෙ. හරියටම ඇය ඒ සම්බන්ධය පටන් ගන්න වසරකට කලින් ඉඳල තමා මට ඔය මින්දද හී සැර දැනිල හිතෙ නිකං රිදුමක් වගේ එකක් දැනුනෙ. නොකෙරෙන දීගේ හෙවනැලි ඇද උනාට හිතින් පෙම් කරන එකාට මොන සීමාද මොන බාධාද. මට වඩා ඉහල පන්තියක හිටි ඇයගෙ උස පවා මන් ඉදිරියේ උස්ව නැගී හිටියෙ මාව තවතවත් ලැජ්ජවට පත් කරවමින්. මගේ වසරේ උන්දලා ඇතුළු මම කොට කලිසන් අඳින කොට ඇයගෙ පන්තියේ කොල්ලෝ හා ඇයගෙ පෙම්වතාගේ පන්තියෙ කොල්ලෝ දික් කලිසම් අඳින එක මට තවත් ලැජ්ජාව වැඩි කරනවා කියල එදා හිතුන කියල අදටත් මතකයි. ඒ කොට කලිසම් ඇඳන් හිටපු අන්තිම අවුරුද්දෙ. ඒ හැම දේ මට පෙනුනේ ඇයව දුරස් කරන මාර්ග බාධක වගේ.
2 රූපය - අන්තර්ජාලයෙන්

පාසලෙන් ඉවත් වුනු පසුවත්, ඉබාගාතේ යන හිතත් එක්ක පාරේ ගමන් කරද්දී අහම්බයකින් ඇයව දැක්කම අර වැදිලා රිදුම් දෙන හී ‘සැර පාර’  දැනෙන්නෙ ඒ ගැන ඕනවට වඩා හිතනවා වැඩි නිසාද මන්ද. කොහොමින් උනත් ඉතින් ඔය හිතේ හක්වලං කරන ඇයට කවමදාවත් ඒ ගැන කියා ගන්න අවස්ථාවක් ලැබුනේ නැතිවා විතරක් නෙමේ, කියාගන්න විදිහක්ද නැතිව මන් අසරණ වෙලයි හිටියෙ. මේ වෙනතුරු ඉන්නෙ කියන්නත් පුළුවන් එක් අතකින්.. ඇය දැන් බැඳලා උනත්. මොනා උනත් ඉතින් හිත අපිට ඕන විදිහට තියේ ද.. 


3 රූපය - අන්තර්ජාලයෙන්

කුමරියක පා සළඹ සැලුනා

වසා සිටි නෙතු පියන් අරුණා

කුමාර බඹසර අසපුවේ මා

සම වැදී හුන් දැහැන් බිඳුනා



පසු වදන -

 ආදරේ ගැන යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට පාසල් ප්‍රේමය.. ඒක පාර්ශවික පළමු පෙම මතක් උනා. ඒ නිසාත් හිතේ මෙතුවක් කල් ඇය ඡායාවක් වගේ ඇඳිලා තියෙන නිසාත් මේ ලියමන ලියල හරි ඒ හිතේ ගැස්ම නවත්තගන්න හිතුව. ඒකයි අකුරු කරේ එය මෙහෙම.

ටික කලක් මේ ලියමන මෙහෙම තියල අයින් කරන්නයි හිත. යාලුවොත් බ්ලොග බලන්නට සැපත් වෙන්ට පුළුවන් නිසා. 


35 comments:

  1. ඇර සොයිසා. ඔය තියෙන්නෙ? ඇහැරුනාම එඤ්ඤං.😊

    ReplyDelete
    Replies
    1. බල්ලො, නරි, උලමො එහෙමත් මොකද කියන්නෙ බලමු.

      Delete
    2. බස්සා, Pra Jay ස්තූතියි අදහස් වලට

      Delete
  2. http://myhobotales.blogspot.com/

    ReplyDelete
  3. ක්‍රෂ් කතා නැතිනම් ඒකපාර්ශ්වීය ප්‍රේම කතා නං නැවකට ලිව්වැකි නැද්ද. ඒ සමහරු අදටත් හම්බෙනව. සමහරු දැක්කම හිනා යනව. සමහරු දැක්කම හූ කියන්ඩත් හිතෙනව. එාහම නැති එකක් දෙකක් තියේ

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත මහේෂ්.

      Delete
    2. ඔහෙලට කිව්වම මොකෑ, මටත් ඕකෙම නෙව හිතෙන්නෙ?😊

      හොක්කි. හොක්කො හූ.....ඌඌඌ..

      Delete
  4. උඩම පරිචේදයෙ අකුරු කුඩා වැඩියි. පහල ඒව හරි. මේක බලල හදා ගන්නව නං, අපට කරන උදව්වක්.
    https://icemola.blogspot.com/2021/10/blog-post.html?showComment=1634311945722#c8162101218877974522

    කතාව ලස්සනයි. පිංතූරත් ගැලපෙනවා. ඔය යස අගේට, අඩි සළකුණු වහල තියෙන්නෙ.

    //ක කලක් මේ ලියමන මෙහෙම තියල අයින් කරන්නයි හිත//
    කොළඹ ගමරාළ අපූරු කතාවක් ලිව්වා - ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ. හප්පා ඒකෙ තිව්න එව්වා? සුරුංගාරෙ ඉතුරුවෙ, පෙනත් දාලා. පැරණි සෝවියට් ජන ජීවිතය, එහි නොපෙනුන පැත්ත ගැන සෑහෙන තාත්වික විස්තරත් සහිතව. අද වෙනකං කියන්නෙ නෑ, ඇත්තද , නැත්තද කියලා. ඇහුවොත් ලෙසටම ලිස්සල යනවා.

    මේ හෑල්ල ලිව්වෙ, එහෙම මකන්න තරම් දෙයක් මෙතන ලියවිලා නෑ කියල කියන්නයි. ඔහෙම යං.😊

    ReplyDelete
    Replies
    1. හරි බස්සා. හැමදාම දෙන උපදෙස්වලට ස්තූතියි

      Delete
    2. හහ්, අනේ මයෙ කට, උන්දෑ දෙන උපදේස?🤣

      මේ නමියො, ඔව්වා කියන්නෙ, බොලාට කියල හොඳ පෝස්ට් ලියව ගෙන ආතල් ගන්නයි. එයැයි ප්‍රගුණ කරපු එකම කලාව තමා "ලිස්සීමේ කලාව". ඔය හැමදේම සාපේක්ෂයි, තාරබර ඇරලා තමයි ගන්න ඕනෙ. වටේ ගිහින් ආයෙ එන්නම්.👌😊

      Delete
    3. හ්ම්. ටොමියො. ඔයා මේ පැත්තට ගොඩ වැදිච්ච එකනම් ගොඩක් ලොකු දෙයක්

      Delete
    4. "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" ලන්ඩන් වල නොවැම්බර් 13 දා සංවාදයක් යන නිසා ලිස්සල යනවා

      Delete
  5. නමියො, මෙන්න මේක බලලා, "සිතුවිලි" සිංඩියේ(https://sithuvili.net) රෙජිස්ටර් වෙන්න.
    https://balunakuta.blogspot.com/2021/10/blog-post_18.html?showComment=1634791830508#c4212547307108510237

    ReplyDelete
  6. ඒක පාර්ශවික ප්‍රේමයත් සුන්දරයි.සුන්දර ලියවිල්ලක්. <3

    ReplyDelete
  7. නමියා , අපූරු කතාවක්. එහෙම පොඩි ක්‍රෂ් එකක් තිබුන මටත්. හැබැයි පස්සේ රුසියාවට ගියාටත් පස්සේ දැන ගත්ත ක්‍රෂ් එක මට කැමැත්තෙන් ඉඳල කියල. නොදකින්. අපට වෙන දේවල් තමා.

    ReplyDelete
    Replies
    1. හ්ම්. අජිත් තුමාටත් මට වගේමයි වෙලා තියෙන්නෙ.......

      Delete
  8. පළවෙනි ප්‍රේමය එහෙම ම තමයි. අතින් අල්ලගෙන හිටියත් ඒ දැනෙන හැඟීම ජීවිත කාලෙට ම අමතක වෙන්නෙ නෑ... මට මතකයි ඔය වගේ මායි මගෙ පළවෙනි ප්‍රේමයයි, (නමිය කියල තිබුණ වගේ ලේ හිඟ වෙලා නෙමෙයි, මගෙ මෝඩ වැඩක් නිසා නැති වුණේ.) පැය දොළහකට වඩා ගත කළා, එකළඟ ඉඳිමින්... අතින් ඇල්ලුව විතරයි. ඒක තාමත් දැනෙද්දි පපුව උඩ ගළක් තිබ්බ ‌වගේ දැනෙනව.

    ReplyDelete
    Replies
    1. ඔය දැනිල තියෙන්නෙ ඩ්‍රැකීයටත් අර කරන්ට් එක පපුව හිර වෙන්නත් එක්ක... ඒ ගැන නම් කියා ගන්න වචන නෑ තමයි.

      "අතින් ඇල්ලුව විතරයි" - මෙහෙම ඒවා උතුම් ප්‍රේමය, පාරිශුද්ධ ප්‍රේමය වෙන්න බැරිද ඩ්‍රැකියො. නැත්තම් සුනිල් ආරියරත්න ශූරීන් පදවැල් කරපු විදිහට 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සෙ අචින්ත්‍යයි' වගේ එකක් නෙවෙයිද......

      Delete
    2. ඒකෙ රාගී බවක් තියෙනව. නමුත් අපි හුදෙක් දෛනිකව රසවිඳින එක නෙමෙයි, ඒක වෙන ම තලයක රාගයක්...

      Delete
    3. හ්ම්.. රාගික බව නම් තියෙනව තමයි නෙ ...

      ඔව් ඔව් අපි හිතුවට ඒවා පාරිශිද්ධයි කියල සමහර විට අමුම අමු කාමය ගෑවිච්ච එකක් වෙන්ටත් පුළුවන්

      Delete
  9. පිවිතුරු හැඟුම් උපදින විට කුළුඳුල් ව
    සටහන් වෙයි හදේ 'ගල කෙටු අකුරක්'ව
    අගෙයි නමියො ඒවා ගැන එක ලිව්ව
    හිනා වෙන්න කියහං මිතුරන්ට තව!

    බොළඳ නොමැති ආදරයක කොහෙද රහක්
    එහෙව් දේට සම්මතයෙන් නොමැත වැඩක්
    තනියම පෙම් කළත් ඒකත් ආදරයක්
    පස්සේ හිතනකොට වගෙයිනෙ මහාමෙරක්

    ReplyDelete
    Replies
    1. හ්ම්.. නිදි නියමයි කවිකාර අදහස.. ස්තූතියි ආරාධනාවට ආවට

      Delete
    2. කවියක් ලියන්නම හිතෙනවා නමී හිතට වැදුණු ගමන්... තවම, බස්සාගෙ අලුත් පෝස්ටුවේ අන්සතු සිංදුව දැකලා Shock වෙච්ච ගමන් ඉන්නේ..

      Delete
    3. හ්ම්.... එකත් හැකියාව.

      Delete
  10. නමී, තරහ නැතිව මට ඊමේල් ලිපිනය එවනවද?

    mrnimaldissanayake@gmail.com ලිපිනයට.

    ReplyDelete
  11. ඔය කාලේ ප්‍රේමය කියන්නේ ඉතින් මැරෙනකල්ම හිතේ කොනිති ගහ ගහ ඉන්න එකක් තමා

    ReplyDelete

- අලුත්ම එව -

වැඩිම කියවුම්