Showing posts with label දේසපාලන. Show all posts
Showing posts with label දේසපාලන. Show all posts

ශැපට දුකට සනී - දැන් පෙන්වනවා!

ඔය සැපට දුකට සනී කියන පිල්ම් එකේ ප්‍රධාන චරිතයට හිටියෙ හිටං... බංදු සමරසිංහ. බංදුතුමත් ඇවිල්ල හොඳ ජෝකර් කෙනෙක් තමයි.

මේ අස්සෙ ලියන්න ගිය දේත් අමතක උනා. කොහෙද... ජෝක් නේ. ඉතිං සිනා 😅😅

කියන්න ගියේ, දැන් ටික දොහක ඉඳල මහජන බැංකුවේ tagline එක (ජනහද හඳුනන) රැගත් යම් යම් පුජ්ජලයො, ජහමනයට... කඩමන්ඩියෙදි, පන්සලේදි, කෝවිලේදි, ඉක්කෝලෙදි, හෝස්පිටැල් එකේදි, සති පොලේදි,  සුපර් මාකැට්ටුවේදි, ඒ තියා පබිලික් ලැවට්‍රියක් ගාව හරි හමුවෙනව. ඉදිරියේදිත් එහෙම හමුවෙන්න නියමිතයි. ඒක තීන්දුයි.

එහෙම හමුවෙලා... මූණ අතගාල, හිස අතගාල, පුම්ක මිරිකලා, ඔබෙත් මගෙත් දුක විමසන ඒ යම් යම් පුජ්ජලයන් අපෙන් සැප සනීප විස්තර අහාවී. දැනටමත් අහගෙන යන ගමන්!


අහල මොකද කරන්නේ?. මුකුත් කරන්නෙ නෑ. පොඩි වීඩියෝ කෑල්ලක් අරන්, පොටෝ එකක් ගහගෙන හිමීට ආපු වාහනයකින්ම ගම්බිම් හෝ නගර, බංගලා බලා පිටත්ව යාවී.

ඉතීම්, ලබන සැරෙත් අපි දෙනව බැටේ කියාගෙන ඉන්ට අපේ සුවහසක් ඖල මොට්ටල ජහමනයා මොකද කරන්නෙ හිටං... කතිර පෙට්ටිය පුරවයි!

පිරෙන ගාන මදී කියල හිතුනොත් ඒ හිතෝතුන් මොකද කරන්නෙ මයි ප්රෙන්ඩ්ස් ?


Film එකක් පෙන්නාවි !


    post එක ලියන් ආවෙ පනත විවාද දවස් ටිකේ. පබිලිස් කරන්න ටිකක් පහු උනා 😜😜.


මේ ටිකේ හැමෝටම වගේ ඩාම් ඩූම් සිටුවේසන් නෙ. එක්කො හිතවත් හෝ ඤාති මරණයක්. නැහ්නං ලෙඩක් හැදිල. මං අඳුරන දෙතුන් දෙනෙක්ගෙ මළ ගෙවල් වගේම මටත් ඩාම් ඩූම් සනීප අසනීප උනා පොඩ්ඩක්. ඒ හන්දත්, ලිවීමේ කම්මැලිකම හන්දත්... මේ ගැන ලියන්ට හිතන් හිටියට පහු උන 😔.

 

 යහපති!

පනත ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තෙ ගිහින්, සංශෝධනත් සහිතව කඩිමුඩියේ මහජන ආරක්ෂක ඇමති ටිරාන්තුමා ඇතුළු රජය මේ පනත සම්මත කරගත්ත. ඒ වගේම ආයේම අවශ්‍ය සංශෝධනයක් තිබුනොත් ඉදිරියේදී ඒවත් කරන බව බවද සඳහන් කරමින්.

මේ පනත ගෙන ඒමේ අරමුණ ගැන රජය පැත්තෙන් කියා හිටියෙ... සමාජමාධ්‍ය ඔස්සේ වන නීති - සමාජ විරෝධී, වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම්, ලිංගික අපරාධ හා බාල වයස් - කාන්තා හිංසනත්, වාර්තාකරණයක් වගේ ඒවා වලක්වන්න/ නියාමනය කරන ඕන බව කියමින්. ඒ අතරට ව්‍යාජ/ නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම්ද ඇතුළත් බව කියවුණා.

දැන් එතකොට මේ එක කාරණයක් සම්බන්ධයෙන්වත්, කිසිම කෙනෙක් මේ වෙනකම් නීතියේ රැහැනට හෝ ගෞරවනීය පොලිසියේ අත්අඩංගුවට පත්වෙලා නැද්ද මන්ද. මෙච්චර කලකට අන්තර්ජාලයෙන් සිදුවුණ කිසිම අපරාධයකට නීතියෙන් ප්‍රතිපාදන තිබ්බෙ නැද්ද, පොලිසියෙන් මේ සම්බන්ධව වැරදිකරුවන් බව සඳහන් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගත්තෙ නැද්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කාරණාවට අදාළව පරීක්ෂණ කරේ නැද්ද... කියල හිතනකොටම මට මතකයට ආවෙ අපේ හිටපු ජනපති මෛත්‍රීපාලතුමාගේ නිල වෙබ් අඩවිය hack කළ තරුණයව අත්අඩංගුවට ගත්ත එක. පස්සෙ නිදහස් කලත් අත්අඩංගුවට ගත්තනෙ. ඇයි මේ ලඟදිත් අසැබි වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරපු ජෝඩුවකුත් පොලිසිය හොයාගත්ත නෙ. නෙ? 


ඒ කියන්නෙ ඕනනම් මේ වගේ වැරදි සම්බන්ධව නීතිය පැත්තෙන්, පොලිසියෙන් කිසියම්ම හෝ පිහිටක් ලබන්න වින්ඳිතයට පුළුවන්. ඒත් එහෙම තියාගෙනත් කඩිමුඩියෙ, තුන්වෙනි වර කියවීමක් නැතුවම තමා මේ 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ කෙටුම්පත' ගෙනත් තිබුනෙ. අනික ආයෙම සංශෝධන ගෙනත් කියවන්, වාද කරන්, සම්මත කරගන්න යන කාලෙ. අනේ... අපි වෙනුවෙන් මෙච්චර ආදරයක්!

ඒත් අපෙ ශෙහාන් සේමසිංහ ඇමතිතුමා VAT සංශෝධන විවාදෙදි කිව්වත්ද කොහෙද නෙ පාර්ලිමේන්තු කාලය නිකන් අපතෙ හරින්න බෑ කියල. හරි කමක් නෑ ඉතින්. මිරිස් කුඩු ගහගන්න, අනුන්ට මඩ ගහන්න, කුණුහරුප කියන්න, සෙංකෝලෙ උස්සන් දුවන්න, රණ්ඩු කරගන්න හරි වෙලාව අපේ 225ට තියෙනවනෙ.

මේ මැතිවරණ කසුකුසුවක් යන අස්සෙ මේ වගෙ පනත් ගෙනත් හදිසියේම සම්මත කරන්නේ ඒ මගින් ජනතාවගෙන් පාලකයන්ට ඇතිවෙලා තිබුණ අප්‍රසදෙ යටපත් කරන්නද කියල හිතන්නත් බෑ... අහිංසක වත්මන් ජනපති රනිල්තුමා හන්ද. මොකද එදා free Wi-Fi දෙන්න ලැහැස්ති උන උතුම නෙ මෙතුම. ඒ වෙනුවෙන් බැලුම් උඩ යැව්ව හරීන් පවා අද ඉන්න රජයක් ගැන අහිතක් හිතන්න පුළුවන්ද අපට. බෑ නෙ 😉?  


බාල ඖෂධ ගෙන්වීම, අසූචි කන්ටේනර් වලට නිරපරාදෙ මුදල් ගෙවීම, පොලිසියෙන් නොහික්මුණු වෙඩි තැබීම් හා වෙනත් ක්‍රියා ගැන වගේ ඔය social media වල විතරක් සවිස්තරව සැරිසරන... රජයේ හා රජයෙන් මෙහෙයවෙන පොලිසියෙන් සිදුවන දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන මේ වගේ පොඩි පොඩි news නම් තඹේකට මායිම් කරන්න නරකයි. මොකද මේවා දැනගන්නව කියන්නෙම මහජනයගෙ මානසික සහනය නැතිවෙන, මහජන කැළඹීම ඇතිවන වැඩ. අඩුගානේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්න කියල විස්තර ඇතුව පළ කරපු, අති ගෞරව වැඩ බලන පොලිස්පති අතීතයේ සම්බන්ධ වද දීමේ සිද්ධිය වගේ ඒවා පවා නියාමනයක් ඇතුව පළ වෙන්න ඕන.

  සමාජ මාධ්‍යය වාරණය වෙන්න ඕන!

කාලෙකට කලින් නයි මතු වෙන එක, මේ ලඟදි නම් අවලෝකිතේශ්වර මතු වීම වගේ ආගමික/ සමාජීය ඉතා වැදගත් සිදුවීම් අපි දැනගත්තෙ. සවිස්තරව දැනගත්තෙ කොහෙන්ද?. රාජ්‍යය හා රජයට සමීප මාධ්‍යය වලින්. අන්න ඒ වගේ මාධ්‍යය ටික විතරක් ඉතුරු කරල අනික් ඔක්කොම ඒවා වහ දාන්න ඕන. එහෙම කරලා රජයට, ඇමතිවරුන්ට හිතවත් මාධ්‍ය ආයතන කීපයක් අතට සමාජමාධ්‍ය බලය/ ආධිපත්‍යය ලබා දෙන එකක් හෝ ඒ ව්‍යවසායකත්වය ඇති අයට හම්බකරගෙන දීල රට නැගිටිනකම් අපි බලන් ඉන්න ඕන... 2048 වෙනකම්.

නැත්තන් කොහොමද රජයක් හෝ පාර්ලිමේන්තු ඇමති/ මන්ත්‍රීලා ගමකට යන්නෙ... රෙදි ඇඳගෙන. කොහොමද කොපි පොත් බෙදල ඊළඟ ඡන්දෙ දිනන්නෙ.

 


 ඒ වගේම රජයේ මතයට/ වැඩපිළිවෙලට විරුද්ධ, නිදහස් මාධ්‍යවේදියෙක් හෝ පුද්ගලයෙක්ගෙ උපකල්පනයක්, අදහසක් මත ඒ කෙනා හදන සමාජමාධ්‍ය කොමිසම ඉස්සරහට නිතර නිතර ගෙනත් ප්‍රශ්න කරන්න ඕන. එහෙම කරලා ඔහුව රජයේ වැඩපිළිවෙලට එකතු කරගන්න ඕන. බලහත්කාරයෙන් හරි කමක් නෑ. ඒ වගේම උපහාසාත්මක කාටුන් ශිල්පියෙක්ගේ කාටුන් තහනම් වෙන්න හෝ නියාමනය වෙන්න ඕන. මොකද මැති ඇමතිලට අපහාස කිරීම වරදක්. නිවන් සුව පැතීම බරපතළ වරදක්!

තව... බොරු, නිර්නාමික සමාජ මාධ්‍යය ගිණුම්, විවාදෙදි කතා කරපු ඇමතිලා කිව්ව විදියටම හොයාබලන්න ඕන. බලන්නම ඕන. පහල වීඩියෝවෙ ඉන්න ඉරාජ් මහත්මාගෙ page ටිකෙන්ම පටන් අරගෙන.

 අපි උඹල නොදැන මේ වගේ කොච්චර දැල් වලට අහුවෙලා ඇතිද - (Kaali-කාලී එක්ක ඉරාජ්)

 

රටේ FB, YouTube ඇතුළු අනික් social media වලින් වෙන... නීති - සමාජ විරෝධී, වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම්, ලිංගික අපරාධ හා බාල වයස් - කාන්තා හිංසන වලට උදව් වෙන ක්‍රියා වලට අපි කවුරුත් විරුද්ධයි විය යුතුයි. ඒකෙ දෙකක් නැහැ. සහ ඒවාට අවශ්‍ය අණපනත්, නීති සකස් වෙන්න ඕන. ඒත් ඒ එකකින් හෝ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස, අන්තර්ජාලය හරහා තම රැකියාව කරන අයට ඒ ඉඩකඩ ඇහිරීම, නිදහසේ සමාජමාධ්‍ය භාවිත කිරීමට නොහැකි වීමද මානව අයිතිවාසිකම් කඩවීමක්. වරදක්. එය සිදුකිරීමට යමෙක්, කණ්ඩයමක් උත්සහ කිරීම හෝ ක්‍රියාවට නැංවීම වරදක්. දඬුවම් ලැබිය හැකි හා ලැබිය යුතු වරදක්.

මේ වැරදි වර්ග දෙකම හා එය ක්‍රියාත්මක කරන දෙකොටසම අප තරයේ හෙළා දැකිය යුතුයි.

මේ ලඟදි කතාවක් මතක් උනා. 'ගෑණු ළමයෙක් එක්ක ලේසියෙන් හාද වෙන්න ඕන නම් එයා පස්සෙම නොගිහින්, එයාගේ ගෙදර කෙනක් හෝ යාළුවෙක් ලංකරගන්න' කියන කතාව. චානක්‍ය වගේ පොරකගෙ කතාවක්ද කොහෙද මේක. විස්වාස කරන්න... මේ ක්‍රමේ සාර්ථකයි පෙන්ඩ්ස්  😉!

දැන් මේකෙදී ඕන එක පස්සෙන්ද ගියේ. උවමනා එක පිටට පෙනුණද?. නෑ නෙ. නෑ නෙ.

    ඔය කතා වැඩක් නෑ. පොස්ට් එකේ කියන්න හැදුවේ මේ දවස්වල වෙන යුක්තිය මෙහෙයුම ගැන.

uttiye meheyuma.

මේ මතින් තොර සීලවන්ත සුපේසල රට බිහි කරන වැඩපිළිවෙල ඇඹරුනේ 2023 දෙසැම්බර් 16,17 වගේ කියලයි සඳහන් වෙන්නෙ... ඒකත් බොහොම උට්ස්වත් ශ්‍රීයෙන්.

උත්සවශ්‍රීයෙන් කිව්වෙ... මේක හීන් සැරේ කළුවරේ ලොකූ ජාවාරම්කරුවන්ට නොදැන පැනල අල්ලන එකක් නොවී, රටටම කියල පටන් ගත්ත එකක් හින්ද. මහජනයා දැනුවත් කරන්න ඕන හන්දයි එහෙම කරන්නෙ කියල තමයි කියල තිබ්බෙ. කොහොමෙන් හරි කමක් නෑ දැන් මේ නාඩගම මෙහෙයුමේ විසාල දියුණුවක් තියෙන බව පේනව හිටං. ඒ හන්දම තමා මේ ගැන පොස්ටුවක් ලියන්න හිතුවෙ... ඉඳගෙන. 

 

 

කොහොම උනත් ඔය පොටෝ එකේ තියෙන කතාව වැරදි ලු. මොකද යුක්තියේ මෙහෙයුම පටන්ගත්තෙ ඔය සාම්පල ටික දුන්නටත් පස්සෙ කියලයි... පොලිස් මාධ්‍ය ඒකකය කියල තියෙන්නෙ 😵.

ඇත්තටම ඉතිං කුඩු, ගංජා, අබින්, කොකේන්, අයිස් කියන මත්ද්‍රව්‍ය රටෙන් තුරන් වෙනවට මාත් එකපයින් කැමතියි හිටං. මොකද අපේ මල් කැකුලුවන් අනාගතේ මේ ජරාව හන්ද අඳුරු වෙනවනෙ. ආන් ඒක හන්දම තමයිලු මේ මෙහෙයුම දියත් කරන්නෙ කියල ටිරාන් ඇමතිතුමාත් කියල තිවනෙ. ඒත් හීනියට ඉඳල හිටලා හරි හඳට යන්න තියෙන අවස්ථාවක් නැතිවෙනවට දුකක් නැතුවමත් නෙමේ.

- - - - - -

ඇත්තටම මත් උවදුර පාලනය වෙන එක සමාජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්. ඒත් ඒ සඳහා යොදන වැඩපිළිවෙල, එය ක්‍රියාත්මක කරවන්නන් සහ එය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවද කියන ගැටළුව... කාට හරි එන්න පුළුවන්. (මටනම් නෙමේ ඕන් ##). මොකද එහෙම කිව්වෙ, ලඟදි ආයෙම කරලියට ආපු, වතමන් වැඩබාල වැඩබලන පොලිස් පටි තුමාත් සම්බන්ධ නඩු හන්ද. අපි කවුරුත් එතුමා සුපේශල, අහිම්සක පුජ්ජලක් බව දන්නව. ඒ උනාට මේවා සමහර මඩ, ජඩ වාර්තාකාරයෝ උස්සල ගන්නවනෙ. 

 


මේක විතරක්නම් මදෑ. තව පරණ නඩුයි, අරගලය දවස්වල වුනාය කියන අසත්‍යය චෝදනාත් එතුමාට පටවල. මං අහන්නෙ වැඩබලන කොට මෙහෙම නම්, පුටුවෙ ස්ථිර උනොත් කොහොම එතුමා ගහයිද. සිද්ධාලේප පුපේ ගාල

ඊට හපන් අනේ අර අහිම්සක, නිර්ව්‍යාජ ටිරාන් අලස මහත්තයටත් සමහරු රටේ නැති අපවාද කියනව. කොච්චර නිර්ව්‍යාජ මනුස්සයෙක්ද කියනවනම් එතුමා කොන්ඩේ ඩයි කරලවත් නෑ අනෙ. ඒ මදිවට මහජන ආරක්ෂක අමාත්‍ය වෙච්ච එතුමාට කෝල් කරල තර්ජනය කරන තත්ත්වයට මේ රට පත් උනානෙ දෙයි හාන්දුරුවනේ. දෙයියො ගැන කියද්දි මතක් උනෙ... කතරගම අර රන් තැටියත් උස්සල නේද. මේවා එක්ක බැලුවම අපේ ආරක්ෂාව ගැන කවර කතාද ඉතිං 💀.

බලන්න අපේ රටේ මත් රකුසගෙ, පාතාලයෙ බලපුලුවන්කාරකම්. දෙයියෙක්ටවත් ගැලවීමක් නෑ!

ඒත් ඒවාට යටත් නොවන යුත්තියේ මෙහෙයුම... දෙහිවල හෝටලයක් කඩල බිඳල දැම්ම. මත්ද්‍රව්‍ය ගේන මහ මොලකරුවෙක් ට අයත් එකක් කියල මාධ්‍යයෙන් තමා දැනගත්තෙ. ඇයි අනේ අර නයි පෙන්නුව channel එකෙත් කිව්වද කොහෙද මේ ගැන. අන්න... අ පස්ස පාටී මාධ්‍ය වාත කරණය.


    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි!

මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්, දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්, ඩීසල්, රසායනික පොහොර, සියලුම ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර, ගිලන් රථ ආනයනයේදී, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි, ස්වර්ණාභරණ, පාම් ඔයිල්, බිත්තර, තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද පනවනු ලබයි.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, තිරිඟු, සහල්, සහල් පිටි, පාන්, විදුලිය සහ විදුලි බෙදාහැරීම, බොරතෙල්, භූමි තෙල්, ශ්‍රවණාධාර උපකරණ, මූල්‍ය සේවා, අත් යන්ත්‍ර රෙදිපිළි ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් වැට් බද්දෙන් නිදහස්වන සේවා හා භාණ්ඩ අතර වේ.

* * * * * * *


ඕන්න ඔහොමයි 2024 පටාන් ගන්නෙ... හිටං.

සීයට තුන නගින්න කලින්... මං යන්න උනා පොඩි බඩු ටිකක් (ගෙදර නැති) ගන්න කඩේට. හරියටම දින වකවානු කීවොත් දෙසැම්බර් 07 (2023-12-07).

දැන් මං මේක ලියන්නෙ මට online backup එකක් විදිහට මට තියාගන්න 📂. (සහ අපිට වඩා පහළම ස්තරයේ වාසය කරන අය කොහොම එදාවේල පිරිමහ ගන්නව ඇති ද කියල idea එකක් ගන්න).

මොකද ඒක අපිට/මට තව අවුරුදු 5ක්, 10ක් ගියහම එදාට රටේ තියෙන ක්‍රය ශක්තිය, උද්ධමනය වගේ දේවල්, දැන් (2023) එක්ක සසඳගන්න. නැත්තං අනාගත පාර්ලිමේන්තුවේදීත් දැන් විදිහටම කියයි... ඉස්සර මේමයි, ආර්ථික වර්ධන වේගය මෙච්චරයි අච්චරයි ගගා බොරු අතාරී. අපිත් ඒවා මතක නැති කමටම පිළිගනී.

• ඒක නිසා bill දෙක තුනකුත් add කරල දානව. ඒ එක්කම පොඩි හෑල්ලක් දාන්නම් post එක පිරෙන්නත් එක්ක😉. (සහ බඩු දෙක තුනක ගණන් මිනුම් බලාගන්නත් එක්කම).

ගොඩක් වෙලාවට මට නෙමේ කාටත්, වෙල් තුනම ගෙදරින් කැවෙන්නෙ නැති තරම් නෙ. එහෙම වෙද්දීත් 1ක් හෝ 2දෙනෙකුට සතියකට 8,000ක් වත් අඩුම යනව කියලයි මට දැනුනෙ. (වැරදිනම් නිවැරදි කරන්න).

- හාල්, එළවලු, තුනපහ, පිටි-සීනි, බිස්කට්, බීම, ගෑස් ඇතුළු... සියලු කෑම බීම වියදම් වලට.

ඒ කියන්නෙ මාසෙට ඒ වගේ හතර ගුණයක් (තිස් දෙදහසක්) එක් කෙනෙක්ට. මත් වතුරක් කටේ ගාන්නෙ නැතුව 💀!

කඩෙන්ම කන, බෝඩිම් වෙලා ඉන්න, පොඩි ළමයි ඉන්න පවුලකට නම් අබම සරණයි!

මේ ඔක්කොම අස්සෙ සමහරු කියනව මේ මාසෙන් පස්සෙ රට බංකොලොත්භාවයෙන් නිදහස් වෙනව කියලත් 😵. ඔය විදිහේ සහ තව වෙන වෙන විදිහේ සුරංගනා කතා සම්මේලනයකුත් තියෙනව දෙසැම්බර් 15ව. එනවද යන්න... වැඩි දුරක නෙමේ අනේ, සුගතදාසෙ 😜



අපි කන්න, තේකක් බොන්න කඩේට ගියහම සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි බිල ගෙවන්න එක එක්කෙනා ඉස්සර වෙන්න එක. ඒක ඉතින් අපේ හැටියක්. ඕනෙනං කියතහැකි ඒක සිරිතක්ය කියල. ඒ හන්ද සංග්‍රහ කිරීම අපේ ජානවල තැන්පත් වෙලා ඇති... බඩේ බත් වාගේ.

ඒත් ඕක ටිකක් වියදම වැඩියෙන් යන වැඩක් නම්දැනෙන තරමේ එකක් නම් අපි ඔය සංග්‍රහය හරිබිල ගෙවන වැඩේ හරි කරන්න ඉස්සර වෙනෝ ද?. ඤාතිකම නිසායාලුකම නිසා දන්සල් දාන්න සෙට් වෙන්නෙ නෑ නෙ. නේ?. මොකද ඒක පොකැට් එකට එච්චර හොඳ නැති හන්ද. ඒත් ඉතිං එහෙමයි කියලම කියන්න බෑ... සම|හරක් සිද්ධි දිහා බැලුහම 😉.


එහෙම කිව්වෙ ඉතිං ලක්ෂරුපියල් ලක්ෂ 26කට වැඩි මුදලක් නාමල් රාජපක්ෂ (පොඩි ශින්හය) වෙනුවෙන් ගෙවන්න පාර්ලිමන්ට් මන්ත්‍රී... පුත්තලං නිශාන්තතුමා ඉදිරිපත් වීම එක්කලා.

හ්ඃ.. මහලොකු යාළුවො කියනව. ඒත් ඔය නිදි ලොක්කකොලොම්පූර් හෙම මේ නමිය වෙනුවෙන් අර වාගේ ඉදිරිපත් වෙයිද මං අහන්නෙනැහ්නං අර ඩ්‍රැකිය ඉන්නවබස්ස ඉන්නව... අඩුම අපේ නයි පෂා හරි මංජුල ලොක්කවත්.

නෑ නෙ. නෑ නෙ. ඒත් නාමල් වෙනුවන් ගෙවන්න තිබ්බ ලයිට් බිල නිසාන්ත ගෙවල. ඒ ලක්ස ගාන ගෙවල පිංවතුනි. ගෙවලා හිටං... අපේ මෛන්ද මාත්තයගේ පරපුරේ නම්බුව වතුරේ යන්න නොදෙන බවත් උදක්ම එතුමා මාධ්‍යයට ප්‍රකාස කර තියෙනව.




මිනිස්සුනම් කියයි... මීයක් කඩන්නෙ අත ලෙවකන්නද?. අනාගත ඇමති මණ්ඩලේ ආසන වෙන් කර ගන්නය. වාසි නැත්තං කරයි. ඕවත් ඉතිං අපෙන්මනේ අන්තිමට යන්නෙ කියා කියකියා. ඒත් කවුද ඉදිරිපත් වෙන්නෙමං අහන්නේ ලයිට් බිල ආපු ගෙදර එකෙක්වත් බිල ගෙවන්න ඉදිරිපත් නොවෙන කොටඒක ගෙවන්න නොබියව ඉදිරිපත් වෙන්න මොන වාගේ බූරුවෙක්ද. අනික මේ අමාරු කාලේ.

ඒත් නාමල් බේබිනම් කියල තියෙන්නේ... එහෙම බිලක් අපෙ අප්පටවත්අපටවත් ආවේ නෑය කියල. මේක මේ බඳින කාලේ එකක්අවුරුදු 4කටත් කලින් (2019) සිද්ධියක්දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවාය කියල තමයි හිටං.



කොහොමින් උනත්... පර අරගලකාරයෝ හන්ද ගේත් ගිණි තියාගත්තු සනත්තුමා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත්තු තම පෞජ්ජලික ධනය තමයි මේ ගජමිතුරු කැල නාමල් බේබි වෙනුවෙන් යෙදෙව්වෙ කියන එක අපි අමතක කරන්න නරකයි. අපි අන්න ඒ ගුණේට සලකන්න ඕන. සලකන්නම ඕන. තාමත් රට තියෙන්නෙ ඒ දක්වපු කළගුණ හන්ද නෙ. නේ 😂.

 

ජ්‍යෝතිෂය පස්සෙ ගිය මහින්ද නඩයට 9ය නපුරු වන බව කවුරුත් කීවේ නැතිවාද

අතීතයේ ඉඳලාම නවය (9) කියන අංකයට තිබුනේ විවාදපන්න අදහස්. සමහර ජන කොටසකට ඉතා සුබ අංකය 9 වෙද්දී තවත් සමහරුන්ට එය විනාසයේ ඉලක්කම උනා. කොහොම උනත් අංක විනයානුකූලව 9 දිහා බැලුහමත් පොඩි ගුප්ත ගතියක් 9යෙ තියෙනවා. මේ ගුප්ත භාවයක් ඇති 9... දැන් කාලයක සිට රාජපක්ෂ බල ඇණියට වින කටින අංකයක් වී හමාරය. මහින්දට අගමැති පුටුව අතාරින්නට වුනේ 9 වෙනිදාකය. රජුන්/ පක්ස හැදූ බැසිල්ට ගෙදර යන්නට වුනේද නමවෙනිදාකය.

ඒ තියා දැන් බහුතර ඡන්දයෙන් ජනපති ව සිටින ගෝඨාභයට හා හොර පාරෙන් අගමැති වූ රනිල්ටත්... මේ (ජූලි) 9 වෙනිදා ඇරඹුණු අරගලයේ දෙවැනි අදියරෙන්, අතපය හකුලාන ගෙදර යන තීන්දුව ගන්නට සිදු වුණේය.

ඊයේ (9) අරගලකරුවන්... ජනපති මන්දිරය/ කාර්යාල හා අගමැති නිවස, ගාලු මුවදොර ඉදිරිපිට ආදී අධි ආරක්‍ෂිත කලාප තුල ද රජයට/ මේ වැඩවසම් ක්‍රමයට විරෝධතා දක්වමින්... ඒ රාජසන්තක ස්ථාන ජන සන්තක කරගත්හ. එහෙම කළ අරගලකරුවන්ගේ අපූරුව පෙනුණේ ඔවුන් මන්දිර වල සුවපහසුව, වටපිටාව විඳීමින් හැසිරීම මිසක්... ඒවාට හානි නොකිරීමය. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවා කියා හිටියෙ මේවා කඩා බිඳ දැමීමට කිසිම අරගලකරුවෙකුට වුවමනා නැති බවය. 

ඒවාද මහජන මුදල්ය. මේ රටේ සියලු රාජ්‍යය ආයතන, පොදු ස්ථාන... රට වැසියාගේය. ඒවා තනා තිබෙන්නේ ද රටවැසියා උදෙසාය.

රනිල්ගෙ ගේ ගිනි තිබ්බ දෙතුන් දෙනාගේ මග නොගත් දහස් ගණනක් ජනතාව

වෙනසක් නුවමනා අයට බෙරේ වැවත්, වෙනසක් වුවමනා අයට රජගෙදර පූල් එකකුත් සෙට් විය

රාජ පස්ස ඇතුළු දේසපාලු චෞර රැලේ, චෞර ක්‍රමයේ... පෙනෙන අයිස් කුට්ටිය දැන් දිය වී හමාරය. ඇත්තෙ නොපෙනී තියෙනා ගිලුණු කොටසය. මේ කොටස විසාලද, සුවිසාලද අප තවම දන්නෙ නැත. මේ කොටසද අපට බිඳ දමා ගැනීමට හැකි නම් අරගලයේ/ system change එකේ පළමු කොටස අහවරය.

දෙවන/අවසාන හා වඩාත් අවධානය ලක් කළ යුතු කොටස නම් අප අප එක් වී හැදීමය... රට හදා ගැනීමය. එසේ හැදීමට නම් මානුෂීය ගුණාංගවලට හා අධ්‍යාපනයට තැන දිය යුතුය.

ගුණ- නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු තත්ත්වයේ තබා කටයුතු කළ යුතුය.

අයිතිවාසිකම් ගැන තකනවා සේම අපෙන් විය යුතු යුතුකම් ගැනද සිහියේ තබා ගමු.




 

 ඉතීම් හිතෝතුනි මේ පත්ව ඇති සරුව පක්සි පාන්ඩුවෙන් දුන්නු පළමු හා දැවැන්ත සහනය තමා.... ඔය තෙල් ලීටරයකට සුපියලක්ය කියන සහන පැකේජය. ඒත් මේ පැකේජය බූලි වලට හම්බු නොවෙන බවයි තරුණ ඇමති අවධාරණය කරන්නෙ... තරයේම. (තාම පැඟිරි විසේ වෙන්ටෑ) දවසකට ලංකාවේ ලීටර කී කෝටියක් ගහනවාද... හිටන්. එහෙම බැලුවොත් අපේ තරුණ ඇමති, රනිල් අගමැති ඇතුළු සරුව පක්සි පාන්ඩුව දරන පාඩුව සුළුපටු ද පිංවතුනි... නෑ. ඒක පපු කවුත්තටම දැනිච්ච පිරිසක් සෙඩ් එකක් ගාව කැට තියල.... ඒ පාඩුව පියවන්න සුපියල සුපියල එකතු කරන්නත් කටයුතු කරලා තිව්නයි කියන්නෙ.

අගමැති උනු රනිල්තුමත්... මං ආවේ වැඩකරන්න, ගොඩදාන්න කිව්වට තාම ගොඩදාපු දෙයක් දැකපු කෙනෙක් නැති තරං. නන්දලාල් උන්නැහෙත් බැංකු පුටුවට ආවේ මං ගොඩදාන්නං කියාගෙන. ඒත් පහුව හුළං බැස්ස... යන්නත් අදහස් කරනවය කිව්වෙ. ඒ මදිවට හිටි අයම ආපහු ඇමති පදවි වල. හරීන් නම් තාත්තගෙ අදහසුත් විමසල අහක බලං තමා පත්වීම අරං තිව්නෙ... රට වෙනුවෙන්. බැලිනං ගෝඨා හාමු අස්පස් කරන්න, මකුළු දැල් කඩන්න තමා කැබිනට්ටුව එහෙ මෙහෙ කරලා තියෙන්නෙ. කෝ ඒකට ඉතීම් උදව්වක්වත් දුන්නෙ නෑනෙ ලැජ්ජ බයට හැදුන සජිත් පුතානෝ.

හැබැයි ඉතීම් මේ ඵල නොදරන 225 සැට් එකෙන් මාධ්‍ය සාකච්ඡා තියල කතානම් පැවැත්තුවා දිවා රෑ නොබලා. එහෙම උනාට රටේ තෙල් හිඟ ඇති කොටත් පක්ස රැස්වීම්, කතානායක හමු, අභ්‍යන්තර සාකච්ඡා මේ හැම එකටම දුව ඇවිදන් මේ කස්ටිය තෙල් නහත්තිකරේ තම තම දේසපාළන අනාගතය වෙනුවෙන්... නෙවේ රට ගැන හිත් ලාල. මේ ඇතුළු රටේ කිසි  පුරස්නයක් ගැන හරියට කතා නොකෙරු බහුතර මාධ්‍ය ආයතනයත් කියව කියවා කාලේ නහත්තිකරේ... රට ගැනම හිත ලාල.

ඉතීම් වෙසක් සිරි... ගිය වාරේ වගේ නැතිව, මේ වාරේ අපිට දුන්නෙ අප්පච්චි වහන්දෑමයි. ගිය වාරේ නෝනි බැති ගී දුන්න. මේ වාරේ අප්පොච්චි තොරන් රාජය ප්‍රදර්සනය කළා.... රටටම වෙසක් සිරි කුළු ගැන්වෙන්න. ජාත්‍යන්තරෙත් ඇහැ ගැටිලයි නතර උනේ. තොරණට පාදක උනු කතා වස්තුව ‘ගිනිතිව් හනුමා’. මේ කතාවෙන් අපිට දර්මය ප්‍රායෝගිකවම දැනෙන්න දුන්න... අප්පොච්ච. වඩාත්ම පිංවතෝනි, දිට්ඨධම්මවේදනීය කරුමය ගැන. ඒක දැක ගන්න පුළුවන් උනේ තොරණේ පහල තිව්නු කොටු කීපයකින්.... මේ ගැහුවා, මේ රිටර්න් එක ලැබුන ගෙවල් වලට යන්නත් කලියෙන්. ඒත් උඩහම කොටුවල ඉන්න අයට වෙන දේ ගැන තාම වගක්වත් තොරණේ ගෑවිලා තිව්නෙ නෑ. කෝම උනත් ඉතීම් සෑම කිරියාවකටම හේත්තුවූ ඵලයක් තියෙනවා නෙව. පහුව තැපෑලෙන් හරි ලැබෙන්න තියෙන දේ ලැබෙනවා... රජය මේ වෙසක් මාසෙ වෙනුවෙන් ජහමනයාට ඉදිරිපත්කල තේමාව තමයි ඒ.

සාතිසය බහුතර ජනයා රට හැදෙන්න ඕන කිව්වට.... ඒකට ලැහැත්ති ද?. විභාග ලියන සමහර දරුවන්ටත් යන්න නොදී වෙච්චි සමහර උද්ඝෝෂණවල හඬ, රටකරන මහතැන් වලට දැනෙයිද. ඇහෙයිද. අපි අපිම ගහගෙන, ඇන කොටාගනිද්දි... අපිට ලැබෙන අවසන් ප්‍රතිඵලේ මොකක්ද?. ඒත් මොක හිතන්නත් තේරුම් ගන්නත්... බඩේ, හිතේ ගිනි තියෙන උදවියකට පුලුහං වෙයිද. ඒක නිසා නෙවෙ බුදුහාමුදුරුවො පවා කීවේ බණ දෙසන්නත් කලින් අහන උන්දලා බඩ පුරවාන ඉන්න ඕනෑය කියල.

තා පැත්තකින් යන කතාවක් තමයි දූෂිත නිලධාරි රැල නිසාත් මේ රට ගොඩ ගන්න බැහැය කියල. ඒක සක් සුදක්සේ පැහැදිලි කාරණයක් උනත්..... මගේ මතකෙට ආවේ එහෙව් දෙයක් කරන්න හදාපු වංචා පිටුදැකපු හිටපු නියෝජ්‍ය විගණකාධිපති නිලධාරියෙක්... ලලිත් අඹන්වල. අපේ ලොකු තැන් ඇතුළු ජහමනයාම නෙව උන්දට ඇසිඩ් වක්කොරලා හිට පන්න ගත්තෙ. මේත් අපිට නොපෙනෙන පැත්තක්... එතරම්ම මේ ක්‍රමය ජරාජීර්ණ, වැහැරුණු එකක් වෙලා නෙව.

ඒ. එච්. එම්. ලලිත් අඹන්වල

පෝලිමේ ඉන්ට ආස නැතිව පෝලිම් පනින්ටම කැමති පිරිසක් වෙච්චි අපි. එහෙම තියාන වෙන උන්දලා අපිව පාස් කරාන යනකොට තමයි අපට සාධාරණය, නීතිය මතක්කා වෙන්නෙ. ඇඟේ ලේ කුපිත වෙන්නෙ.

මේ ටිකේ දැන්... පහේ විභාග ලිව් ළමයි ඉක්කෝල වලට දාගන්න ගහන ගැට හා ලොකු තැන් ඉදිරියේ නැවෙන්න සුදානං දෙමව්පියො පහුගිය ටිකේ system change ඉල්ලාන කෑ ගැහුව අය අත‍ර හිටියේ නැද්ද මන්ද. ඔය අතරේ සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන කතාවක් තමයි “දකින්න අවස්ය වෙනස තමන් තුලින්ම ඇති කර ගන්නය” කියලා කියන වැකිය.


ආයේ තව පැත්තකින් කොරෝනා, අරගල, lockdown, තෙල් මිල ඉහළයාම් අස්සෙත් ගෝලීය උෂ්ණත්වය එන්න එන්නම වැඩි වී තියේ... කියලා කියන්නෙ. තව දසකයක් දෙකක් වගේ යනකොට... දැන් අපි වතුරට ගෙවා ගන්නැහේ හුස්ම ගන්න එකටත් ගෙවන්නට වේවි. එදාට හුස්ම දෙන ටැංකි ගන්නත් මේ දැන් තියෙන විදිහේ පෝලිම්... පාලකයන් එදාටත් පවත්වාන යාවි. අපි එදාටත් ගහගනීවි. වෙසක් සමරාවි. ඒ අතර නාමල් රජ වී, දැන් ඇමැතිලාගේ මුනුපුරෝ ඇමති වී ඉන්ටද පුලුහං වේවි. කෝම උනත් හමෝට්ටම සුබ අනාගතයක් !

 

සම්මෝදමාන ජාතකය ඇසුරින්

බී.පී.කේ. තිලක

- දේශය වෙබ්අඩවියේ පළවූ සටහනේ සංශිප්ත කොටසක්

වන පෙතක් තිබුණා…. එහි වාසය කළේ කුරුල්ලන් විතරයි. එයිනුත් වැඩිපුර සිටියේ වටු කුරුල්ලෝ. උන් රංචුවක් වශයෙන් එකට සිටියා. ඒ නිසා විශාල රංචුවක් වුණා. මේ වටු රංචුවේ නායකයෙක්ද උන්නා. ඌ ගුණවත් යහපත් එකෙක්. රංචුව හොඳින් රැක බලාගත්තා. උන්ට මේ වනපෙතේ කෑම බීම හිඟවුණේ නෑ. පල වැල පිරිලා කලක් එසේ ගෙවී යන විට කුරුලු වැද්දෙක් මේ වනපෙතට ආවා. ඔහුට වටුවන්ට වගේ හඬ නගන්න පුළුවන්. මේ වැද්දා වටුවන් ඉන්න පෙදෙසට ඇවිත් සැඟවී වටුවෙක් වගේ හඬ නැගුවා. වටුවෝ ඒ හඬ ඔස්සේ ආවා. වැද්දා දැල දැමුවා. වටුවන් දැලට අසුවුණා. ඔහු උන් අල්ලාගෙන ගොස් විකුණා අඹුවත් සමඟ ජීවත් වුණා.

කාලය එසේ ගෙවී ගියා. රංචුවේ වටුවන් අඩු වුණා. එය නායකයාට දැනුණා. ඌ වටුවන් රුස් කළා.

බලන්න මේ රංචුවේ උන් අපේ සමහර නෑයන් මිතුරන් අද නෑ. විනාශවෙලා. එසේ වූයේ ඇයි? ඔබ දන්නේ නෑ, ඒ නෑයන් මිතුරන් අර වැද්දාගේ හඬට රුවටිලා. උගේ දැලට අසුවෙලා අපිට අහිමි වුණා. හෙට අනිද්දා  ඒ ඉරණම ඔබට අත්වෙයි.

නායකතුමනි, අපි ඉන් ගැලවෙන්නේ කෙසේද? උන් ඇසුවා. ඊට එක උපායයි තියෙන්නේ.

ඒ කුමක්ද?

ඔය වැද්දා ඔබ මතට දැල දැමූවිට එකිනෙකා එකාවගේ දැලේ හිල් අස්සෙන් හිස දමා එකට පියාඹන්න ඕනෑ. එතකොට දැල ඔසවාගෙන ඉගිල ගිය හැකියි. එසේ ඉගිල ගොස් කටු ලැහැබක වහන්න ඕනෑ. එවිට දැල කටු ලැහැබේ දැවටෙනවා. ඔබට පුළුවන් ඉන් බේරිලා ඉගිල යන්න. වටු නායකයා කිව්වා.

මීට පස්සේ අපි එසේ කරමු වටුවෝ කිව්වා.

පසුදින කුරුලු වැද්දා ආවා. සුපුරුදු හඬ නැගුවා. වටුවෝ ආවා. වැද්දා දැල දැමුවා. වටුවෝ නායකයා කිව් ලෙස දැලත් අරන් ඉගිලුණා. ඉගිල ගොසින් කටු ලැහැබක වැසුවා. ඉන් බේරී පලා ගියා. වැද්දා පුදුම වුණා. බොහොම අමාරුවෙන් කටු ඇනගෙන දැල බේරාගෙන හිස් අතින් ගෙදර ගියා. වැද්දා එය එතැනින් අතහැරියේ නෑ. හැමදාම දැල දැමුවා. වටුවෝත් දැල අරන් ඉගිලුණා. වැද්දා හිස් අතින් හැමදාම ගෙදර ගියා. මේ හේතුව නිසා වටු වැද්දාගේ ගෙදර අගහිඟ ඇති වුණා. බිරියට ඉවසුම් නැතිව ගියා. මොකක්ද මිනිහෝ මේකේ තේරුම ඇය ඇසුවා.

මොකක්ද තේරුම කිව්වේ.

ඔබ දැල අරන් වනයට යනවා. හිස් අතින් ආපසු එනවා. ගෙදර හරියේ කන්න හදන්න කිසිවක් නෑ.

මම මොනව කරන්නද ඒකට.

අඹුව හොඳටම කෝප වුණා. ඔය වැඩේ හරියන්නේ නෑ. ඔබ කැලෑවට යන්න එපා වෙනත් රැකියාවක් සොයාගන්නවා. එතකොට ගෙදර අග හිඟ නැති කරගන්න පුළුවන්.

යෝදියේ මට වෙන රැකියා කරන්න දන්නේ නෑ. තව ටික දවසක් ඉවසපන්. දැන් මට වටුවන් අල්ලන් බැරි උන්ගේ සමගිය නිසා. උන් දැල අරගෙන ඉගිලෙන නිසා. ඔය සමගිය වැඩි දවසක් තියෙන්නේ නෑ. එතකොට මට උන් අල්ලාගන්න පුළුවන්. උන් උඹට ගෙනත් පෙන්නන්නම් කිව්වා. බිරිය නිහඬ වුණා.

ඒ කිව්වා වගේම සිදුවුණා. වටුවන් රංචුව ගොදුරු සොයා ගොදුරු බිමකට බැස්සා. එක වටුවකුගේ නොසැලකීම නිසා තවත් වටුවකුගේ හිසට උගේ කකුල වැදුණා. ඉන් ඌට රිදුණා. කෝපවුණා. හැබැයි කකුල වැදුණු වටුවා ඌ දැක්කේ නෑ. ඌ වටුවන්ට දොස් කිව්වා. එය උන් අතර සටනක් වුණා. එය නායකයා දැක්කා. ඇවිත් සටන නතර කෙරුවා. එහෙත් වටුවන් අතර මෙතෙක් තිබූ සමගිය නැතිවෙන වග ඌ දැනගත්තා. වටු රංචුවෙන් ඈත් වී වෙනත් දිසාවකට ඉගිල ගියා.

වටු වැද්දා සුපුරුදු ලෙස ආවා. හඬ නැගුවා. දැල එලුවා. වටුවෝ කොටුවුණා. අසමගිය නිසා වෙනදා මෙන් කඩිනමින් දැල අරන් ඉගිලුණේ නෑ. පමාවෙන් වැද්දා ප්‍රයෝජන ගත්තා. දැල අකුලුවා ගත්තා. වටුවන් අරන් ගොස් අඹුවට පෙන්නුවා. ඇය සතුටු වුණා.





චිත්‍රය දකින්න රාමුවෙන් පිටතට ආ යුතු වේ.


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්