සීගිරි ලලනාවන්..

 

සීගිරි කාන්තා රූපවල ඉන්නෙ කවුද?. ලංකාවේ වෙනත් කිසිම තැනක දකින්න නොලැබෙන ශෛලියෙ මේ සිතුවම් කවුරුන් ඇන්ද වෙන්න බැරිද?. මේ ප්‍රශ්නය හිතේ දිගටම හොල්මන් කරේ ටික කාලෙකට කලින් සම්බන්ධ වෙලා හිටපු පොඩි ව්‍යාපෘතියක සීගිරි චිත්‍ර  හා කටු සටහන් බොහෝ ගානක් දකින්න හම්බුනු නිසා.

කාශ්‍යප රජතුමා සීගිරිය තම බලකොටුව කරගන්නත් පෙර ඉඳලම මේ ප්‍රදේශය ජනාවාස වෙලා තිබිල තියෙනවලු. කාශ්‍යප පියා මරා රජකම ගැනීමෙන් අනතුරුව රාජ්‍ය මෙහෙයවන්න තෝරගන්නෙ සීගිරිය. ආරක්ෂා වීමේ උපක්‍රමයක් විදිහටත්, බලකොටුවක් විදිහටත් සීගිරියෙ පිහිටීම උචිත බව සැලකිල්ලට ගෙන මේ තීරණය ගන්නෙ මොග්ගල්ලාන සහෝදරයගෙන් කැරැල්ලක් ආවොත් ඒකටත් මුණදෙන්න පුළුවන් විදිහට. හිතපු විදිහටම යුද්ධයක් ඇතිවෙලා සීගිරි කාශ්‍යප රජතුමා මියයනව. ඉන් අතුරුව මේ සීගිරිය ආරාම සංකීර්ණයක් බවට පත්වෙනව කියල තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නෙ. ඔය ඉතිහාසගත තොරතුරු ඇරෙන්න කවුරු විසින් මෙහෙයවා මේ සිතුවම් කරන්නට ඇද්ද, මොන හේතුවක් මත කරාද කියන ප්‍රශ්න වලට හරි පිළිතුරක් හම්බෙන්නෙ නැහැ, කුරුටු ගී හමුවුනත්. තේරුම් ගන්න පුළුවන් වුන කුරුටු ගී වල තියෙන්නෙත් ඒ ලලනාවන් ගැන කරන වර්ණනාවක් විතරයි.



ශාස්ත්‍රීය දැනුමක් සහිත විද්වතුන්ගෙ පරස්පරවූත් ප්‍රධානම මත කිහිපය දිහා බැලුවොත් මේ සිතුවම් සම්බන්ධයෙන් කර තිබෙන.... සෙනරත් පරණවිතාන සූරීන්ගෙ මතය මේ විජ්ජුලතා හා මේඝලතා බවයි. මාටින් වික්‍රමසිංහයන් කියන්නෙ මේ පරිවාර ස්ත්‍රීන් සමග දිය කෙළියට යන කාශ්‍යප රජුගෙ අන්තක්පුර ස්ත්‍රීන් කියල. එතකොට H.C.P බෙල් මහතා ටිකක් වෙනස් විදිහට ඒ අදහසම දක්වනවා, ඒ කිව් ස්ත්‍රී පිරිසම පිදුරංගල විහාරය වැඳගන්නට යන බවක් පේන්නට තියෙනව කියල. ආනන්ද කුමාරාස්වාමි මහතාගෙ අදහස මේ දිව්‍ය අප්සරාවියන් කියල. මීට පරිභාහිරවූ වෙනත් මත, අදහස්ද දක්වල තිබුනත් මේ  මත 4 තමා ප්‍රධාන වශයෙන් සීගිරි ඉතිහාස කතාව, හමුවෙන අවශේෂ පුරාවිද්‍යා සාක්ෂිත් සමග වඩාත් ගැළපෙන්නෙ. සමහර විට අනෙක් මතයක් හරි වෙන්නත් පුළුවන්... සාක්ෂි, සාධක මොක උනත්.

ඒ වගේම තමයි රාවණා පාක්ෂිකයන්, මේකටත් රාවණා රජතුමා සම්බන්ධ කරනව හැම දේටම වගේ. කොහොම උනත් චිත්‍ර ටික කාලයාගේ ඇවෑමෙන් හා කවුරුන්ද තීන්ත ගාල වෙච්ච හානිවීම් නිසාත් අද දකින්නට තියෙන්නෙ එදා සිතුවම්කල සම්පුර්ණ චිත්‍ර සංඛ්‍යාවම නෙමේ. ඉතින් මෙහෙම උනහම තවත් අමාරු වෙනවා හරිම අදහසකට එන්න...

කාශ්‍යප රජතුමා තමා කළ පීතෘ ඝාතනයත් එක්ක ඇතිවූ සිත් තැවුල නිවා ගැනීමේ උත්සහයක් විදිහට සීගිරි ගල මස්තකය ඇතුළු අවට ඉතා රමණීයව කරවගෙන වාසය කළා කියලත් මතයක් තියෙනව. ඒ මතයට අනුව බැලුවොත් රජතුමා දැකපු හෝ තම සිත් බැඳී කාන්තාවන් වෙන්නත් පුළුවන් මේ ඉන්නෙ. තම මව, තම බිසෝවරු, අන්තක්පුරා ස්ත්‍රීන් වගේ. නැත්තං සීගිරි මාලිගාවේ එදිනෙදා ඇස ගැටෙන ලලනාවන් චිත්‍ර ශිල්පියා තම කැමැත්තට අනුව හෝ නැතුව ඒ රූ සිතුවමට නැගුව වෙන්නත් පුළුවන්... මගෙ අදහස නම් ඒක. ඒත් වලාකුළු ඉන ප්‍රදේශය හරියෙන් දක්වල තියෙන නිසා ඒ අදහසට පොඩි බාධවක් ඇතිවෙනව. සමහර විට උඩ කොටස නිරාවරණය වෙලා තියෙන සිතුවම් පහළ කොටස දක්වාම ගෙනියන්න ශිල්පියාට පොඩි බයක් ඇති උනාද දන්නෙත් නෑ. අපෙ උන්දැල ගැන හිතිලා. ඒ කතාව පැත්තකට දාල බැලුවොත් තව ගැටළුවක් ඇති වෙනව ඇයි ආභරණ තියෙද්දී මේ කාන්තාවෝ නිරාවරණව ඉන්න විදිහට ඇන්දෙ කියලත්... වලාකුළු එක්ක ගත්තහම දිව්‍ය අඟනුන් වෙන්නත් පුළුවන්. ඒත් දිව්‍යලෝකේ රෙදි නැතිවෙන්න බෑනෙ. අනෙක මෙතන මැද වයසෙ ඉන්න කාන්තාවන්ගෙ ලක්ෂනත් දකින්න පුළුවන් (දෙවියන්ගෙ හම රැළි වැටෙන්නෙත් නෑ. දන්න විදිහට).

ඔය කිසි අවුලක් නෑනෙ ඇන්ද කලාකරුව මේකට මාතෘකාවක් දාලම වැඩේ පටන්ගත්තනම්. (සමහරවිට එකත් මැකිලද දන්නෑ). කොහොම උනත් ඉතින් තනි අදහසකට එන්න බැරි නිසා ඔලුව අවුල් කරගන්නෙ නැතුව මේ වගේ සින්දුවක් අහගෙන ඒ සිරි විඳගත්තනම් ඉවරයි කියල තමයි මං හිතන්නෙ (බැරිම තැන). කළා කෘතියකින් රසිකයාට වෙන්න ඕන දේවල් වලින් එකක්නෙ ඒක..

 

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ

මතකද අපි පාවුණා - පෙම් අම නදියේ

ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ

නාමය  ශ්‍රී ලංකාවේ රැව් දෙන්නෙ ඔබගෙනි සොඳුරේ.......

14 comments:

  1. http://www.indian-heritage.org/painting/ajanta/ajanta12.html

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=_7YJAdgfvgU&t=195s

    ReplyDelete
  3. සීගිරි ලලනාවො යුනීක් වෙන්නෙ, ලෞකික පරමාර්ථයක් නිසා කියල මං හිතන්නෙ. නැත්තං ඔය ශෛලියෙන් ම තමා තිවංක පිළිමගෙයිත්, විද්‍යාධර ගුහාවෙත් චිත්‍ර ඇඳල තියෙන්නෙ.

    ReplyDelete
  4. නමී, පසුගිය මාස දෙකේ සෑහෙන වෙලාවක් ධාතුසේන, කාශ්‍යප, විජ්ජුලතා, මේඝලතා විතරක් නෙවෙයි, සීගිරි සිතුවම් ඇන්ද ශිල්පියා එක්කත් සෑහෙන වෙලාවක් ගත කරන්න හැකි වුණා. මොහාන් රාජ් මඩවලගෙ අලුත්ම පොත 'නිල් කට්රොල්' සෝදුපත් බලන අතරේ... මොහාන් සීගිරි සිතුවමුත්, ඒවා නිර්මිත කාලය හා එවක දේශපාලනයත්, සමාජයත් හරිම ලස්සනට සිතුවම් කරනවා- එයාගේ පරිකල්පනයත් මුසු කරමින්. ඉඩක් තියේ නම් කියවන්න.

    'ශෛල කල්‍යාණි ' පොතත් මෙතනදී මගේ මතකයට එනවා නිකම්ම! සෝමපාල රණතුංග මහත්තයාගේ පරිකල්පනය අනුව ඉසුරුමුණියේ පෙම් යුවලේ ඉන්නේ මිගාර සෙනෙවි හා එක කාශ්‍යප දියණියක්.... මාමයි- ලේලියි! කියවන්නම වට්නවා.

    නදී වාසලමුදලිගෙ 'ආකාස පර්වත' සීගිරි රජ දහනටත් ඒ සමයටත් අපිව ගෙනියනවා අතිශූර ලෙස. ඒ විස්තරත් මෙච්චර මතක එහිත් සෝදුපත් බැලු නිසා.

    කේ. ජයතිලක ශූරීන්ගේ 'සීගිරි ගී නිර්මාණ' පොතෙත් සෝදුපත් බැලූ නිසා නිකම්ම වගේ කුරුටු ගී ගැනත් සෑහෙන කරුණු තොගයක් දැනගත හැකි වුණා.

    ඔය පම්පෝරිය කිව්වේ සීගිරි ලලනාවන් එක එක නිර්මාණකරුවන්ට එකිනෙකට වෙනස් අනුභූතීන් සපයා ඇති අපූරුවත් එයින් පෙනෙන නිසයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්. බොහෝ තොරතුරු නිදි ගාව ඇති හැඩයි..

      Delete
    2. නැති මඟුලක් නෑ නමී.
      ඊට වඩා පුදුමේ දැන් පැය දෙකකට විතර කලින් මොහාන් රාජ් මඩවල සහෘදයා (නිල් කට්රොල් පොතේ කතුවරයාගේ අත්සන යෙදු පිටපතක් මට දෙන්න අපේ ගෙදරට) ආවා. මං මොහාන්ටත් කිව්වා අද උදේ ඔයාගේ බ්ලොගයට දැමූ ප්‍රතිචාරය ගැන. එයින් පටන් ගත් අපේ කතාබහ දිගට දීලා ගියා. වෙනදා වගේම.

      මේ තොරතුරුයි, තව විස්තර වගේකුයි දැන් ඔළුව ඇතුළේ හෙමින් වැඩේන්න අරං!

      Delete
    3. හ්ම්.. නිදි email එකත් බලන්ට පස්සෙන් පහු. දෙයක් එවන්ටම්

      Delete
    4. ගෙදර හිටියොත් නං ඊමේල් එකත් බලනවාමයි නමී හැමදාම. මාත් දැන් ඇබ්බැහි වෙලා වැඩිද මන්දා... මේවට.

      Delete
    5. හ්ම්.. එත් මොනදෙටවත් ඇලෙන එකනම් හොඳ නෑ කොලුවො

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *