නස්රුදීන්... නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්‍රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා බොහොම විනෝද ජනකයි. නමුත් ඒ සෑම කතාවක් ම එක වාගේ මිහිරි.

ඉතිහාසය විමසා බලද්දී රටවල් කීපයකින්ම නස්රුදීන්ව හමුවෙනව වගේම, ඔහුව තම රටට අයිති කරගන්නත්... රට රටවල් උත්සහ දරල තියෙනව. කොහොම උනත් ඔහු හිටියා ය කියලා පොදු පිළිගැනීම තියෙන්නෙ තුර්කි රටේ. ජීවත් වූ කාලය ලෙස දැක්වෙන්නෙ 1208 – 1284 වගේ කාල පරාසයක්. පෙනෙන්නට තිබෙන හැටියට... රටින් රටට යාමේ දී ඒ රටවල පුද්ගලයන් හා ඔවුන්ගේ කතාද, නස්රුදීන් හා ඔහුගේ කතා වලට මිශ්‍ර වී ඇති හැඩයි. එයින් පසු සියලු කතා, පුද්ගල ස්වරූප නස්රුදීන් යන නාමයට වටා ගොනු වන්නට ඇති. ඊසොප්ගේ උපමා කතා ද, සෙන් දහමේ සෙන් කතාද... ඔහුගේ කතා අතරට එකතු වී ඇති බව පෙනී යාමෙන් මෙය වටහා ගන්න පුළුවන්.

කොහොමින් උනත් වඩා හොඳ මොකක්ද...  කාලයක් සිට මේ පැවත එන වටිනා කතා සමුදාය අපේ ජීවිත කතාවට එකතු කර ගන්නවා ද, නැතිනම් ඉතිහාසය කාල් ගගා ඇත්ත හොයමින් වෙහෙසෙනවා ද?

* * * * * * * *

 

 

බූරුවා පිටේ යෑම


බූරුවා සමග නගරයට යන නස්රුදීන්ගෙන් අශ්වයෙක් පිටේ නැග යන ධනවතෙකු අපහාසයට මෙන් ඇහුව ‘බූරුවෙක් පිටේ යන එක මොන වගේ ද?’ කියල.

‘අශ්වයෙක් පිටේ බූරුවෙක් යනවට වඩා නම් හොඳයි’ නස්රුදීන් ඔහුට උත්තර දුන්න.

 

දවස කවද්ද

නස්රුදීන් වෙළඳාමට වෙනත් ගමකට ගිහින් ඉන්න අතරවාරයේ එහි අයෙක් ඇවිත් ‘අද දවස කවද්ද?’ කියා ඇහුව. වෙළඳාම ගැන පමණක් අවධානයෙන් හිටි නස්රුදීන් ඔහුට මෙහෙම කිව්ව.

‘මං මෙහෙට ආගන්තුකයෙක්, මේ ගමේ කෙනෙක්ගෙන් අහල බලන්න’.

 

රහස

නස්රුදීන්ගේ මිත්‍රයෙක් දවසක් ඔහුගෙන් ඇහුව ‘දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස මොකක්ද?’ කියල. මිත්‍රයා දෙසට හැරුණු නස්රුදීන් ඔහුට මෙහෙම කිව්ව.

‘පාද උණුසුම්ව තියාගෙන, හිස සිසිල්ව තබා ගන්න. ගැඹුරින් හිතන්න එපා. ඒවගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න’.

 

ආදරෙන් බැඳීම

ලස්සන කාන්තාවන් බොහෝ පිරිසක් සමග ආදරයෙන් බැඳුන පුද්ගලයෙක්, තමන්ට ඒ කිසිම කාන්තාවක් කැමති නොවන්නේ ඇයි දැයි නස්රුදීන් ගෙන් විමසුවා.

‘ඔබ අවලස්සන කාන්තාවක් සමග ආදරයෙන් බැඳුනොත් මොකද’ නස්රුදීන් අසා සිටිය.

 

හොඳ කොයි ගමද

දවසක් එක නගරයක සිට අනෙක් නගරයට යමින් සිටි නස්රුදීන් වෙත, එහා නගරයෙන් ආ පුද්ගලයෙක් මුණ ගැහුණ. ‘ඔයා දැන් ඉඳල එන නගරය, කොහොමද?’ ඔහු නස්රුදීන්ගෙන් ඇහුව. නස්රුදීන් එම ප්‍රශ්නය පෙරළා ඔහුගෙන්ම අසා සිටිය. ‘අපෝ ඒ නගරයද, කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු තිරිසන්නු වගේ. හැම තිස්සෙම රණ්ඩු. කිසිම හොඳක් නැහැ.

‘ආ එහෙමද... මෙහෙත් එහෙම තමයි නස්රුදීන් පසුකර ආ නගරය ගැන විස්තර කරා. නැවතත් මදක් දුර යද්දී නස්රුදීන් හට තවත් පුද්ගලයෙක් මුණ ගැහුණ. ඔහුත් අර ප්‍රශ්නයම යොමු කරා. එවිට නස්රුදීන් පෙර සේ ප්‍රශ්නය පෙරළා ඔහුටම යොමු කළා. ‘එහෙ... කියන්න තරම් වරදක් නැහැ. මිනිස්සුත් හොඳයි. සතුටෙන් ඉන්නව’ ඒ ඔහුගේ උත්තරයයි. එය අසා සිටි නස්රුදීන් ඔහුට තම පිළිතුර කියා හිටිය.

‘ආ එහෙමද... මෙහෙත් එහෙම තමයි.

 

තියෙන සේරෝම පොස්ටුවේ දාන්ට බැරි හන්ද pdf එකකට දැම්ම ගන්ට -

PDF එක (කතා 75ක් තියේ)


    ගෙස් කෙරිලි කීවේ, ග්‍රේස් කෙලීට හෙම නෙවෙ හොදේ 😄

දෙයක් දැක්ක, ඇහැව්ව පමණින් විස්සාස කරන්න එපාය කියලා තියෙනව... නෙ. ඒ කියන්නෙ දැකපු - අහපු මොහොතින් හෝ පමණින් පූර්ණ නිගමනයකට, තීරණයකට එළඹෙන්න එපා කියන එක නෙ. දැක පමණින් පැහැදීම/ අපහැදීම අපේ පරිණාමය නොවුණු ලක්ෂණයක් වාගේ නෙ... පරිණාමය ඇත්තක් නම්. ඒ හන්ද, පට් ගාල ගෙස් කොරන ඒවා වරදින්න පුලුහං නෙ. ඔය වගේ වරදින එක දෙයකින්... ලයිප් එකම කපෝති වෙන්නත් පුලුහං නෙ.

ඔය වැඩි බර කතා නැතුව... මේ පොටෝ ටික බලමු අනේ. සමහර එව්වා එකපාරම... තේරුම් යන්නෙ නෑ නෙ, කිව්ව වගේ. බලලම ඩිසයිට් කොරන්ටකෝ...

පොටෝ 1 - එළවන්නෙ කවුදෑ

පොටෝ 2 - ගසේ කවුදෑ
පොටෝ 3 - කොළ ගොඩේ කවුදෑ
පොටෝ 4 - ගස් අස්සෙ කවුදෑ
පොටෝ 5 - හොයා ගන්ට සෑහෙන වෙලාවක් යන්න ඇති
පොටෝ 6 - අලුත් කොන්ඩ මොස්තරේ
පොටෝ 7 - ෆන්සන් එක අතරේ හෙළුව පෙනේ
පොටෝ 8 - නෝනා මහත්තයා
පොටෝ 9 - නෝනා මහත්තයා 2
පොටෝ 10 - ජුරාසික් ඉන් පා(ර්)ක්
පොටෝ 11 - ඉඹින්න මගේ....
පොටෝ 12 - පු#%@


ගොරවනව එහෙම නෙමේ... කොහේ හරි ගිහින් කෙනෙක්/ කට්ටියක් එක්කලා හරි නිදාගනිද්දි අහන්න හම්බවෙන කතාවක් තමයි ඉතින් මේක. ඒ අනික් අයගෙ පැත්තෙන් නෙ. අපේ පැත්තෙන් නම් නිදන් ඉන්දැද්දි ලී නෙමේ පොල් පරාල ඉරුවත් කමක් නෑ.... නින්දෙන් කියවන්නෙ/ දොඩවන්නෙ නැත්තං. විසේසෙන් බිරින්දෑ එක්ක ඉන්නකොට හෙම. එහෙම නොවුනොත් ඉතින් වෙන දේවල් බැඳපු ඔහෙලම හිතා ගන්ටල ඈ....

දැන් ඉතින් නිව් මිලේනියම් එකේ නොයිපදුනු අපේ කස්ටිය දන්නව, මේ කියන්න හදන්නෙ මැරෙන්නේ නැති කාන්තාවගෙ (අමරා) සිංදුව ගැන තමා කියල. අමරා රණතුංග. දන්න විදිහට, අගේ සැමියා... දයාරත්න රණතුංගයන් තමයි මෙහි සංගීතය. ලංකාවේ තවත් දක්ෂ සහ වැඩි අවධානයකට පත් නොවුන යුවලක් තමයි මේ රණතුංග යුවල. ගීය ලීවේ කවුදැයි නං දන්නෙ නෑ. [පද වැල් - චන්ද්‍රසේන රන්ගේ මහතා. /තොරතුර Litseeker ගෙන්]


මේක මාර සයිකොලොජි විවරනයක් දෙන සිංදුවක්. එක පැත්තකින් සිහින ගැන, අනෙක් පැත්තෙන් යටි හිත ගැන, තව පැත්තකින් ස්ත්‍රී සිතක ස්වභාවය දැක්වෙන අපූරූ (පෙරනොවූ),  ගැඹුරු/සරල නිර්මාණයක්. අහල තියෙන සිංදු අතරෙ.... මේ විදිහෙ නිර්මාණයක් හම්බවෙලා නෑ... මටනම්. පද රචනයට හරියන සංගීතය වගේම... ගැඹුරු කටහඬත් ගොඩක් හොඳට සංකලනය වෙනව.

කතාවෙ හැටියට මේකේ පුරුෂ රත්නයත් අර වාගේ වැඩේ අවුල් කරන් තියෙන්නෙ.... හීනෙන් දොඩවල හිට.

උපුලී.... උපු..ලී....

සමහරවිට ඉස්කෝලේ හිටිය ගුරුවරියක්ගෙ නමක්, පන්තියෙදි බැන්න කෙල්ලෙක් නමක් වෙන්ට පුලුහං නෙ. ඒත් ඉතින් බැඳපු නෝනත් ලඟින්ම දොයියගෙන ඉන්න යාමේ... නිදිමරගාතේ, සැමිය වෙනින් ස්තිරී පරානයක් ගැන නන්දෙඩෙව්වහම හොඳද. ඇහුණේ නෑ වාගේ අනෙක් පැත්ත හැරිල ආයේ නිදා ගන්නද... ඒ බිරින්දෑ. එතැන ඉඳලා ඉතින් නෝනගෙ කල්පනාව ඒ ගැනමනෙ... රෑ එළි වෙනකල්ම.

උපුලී.... උපු..ලී....

හුම්..... නෑ සනහුරේ ගැටගැහිච්ච කෙලවරකවත් නෑ. හිටියනං මං නොදන්නවා ඈ... මගුල් ගෙදර ආව, ආස්සරේ කරන මිතුරියො අතරෙත් එහෙම කෙනෙක් නෑ. බැරිවෙලාවත්... අට පැය වැඩකරන කන්තෝරුවේ ඉන්න එකියක්වත්ද. අනේ මං වැටුණු වලක මහත. අහපු හැම එකාටම බෑ කියල.... මේක කරගත්තනෙ. දැන් ඉතින් විඳවපන්කෝ....

හ්ඃම්.. මං උදේට අහගන්නම්කො... ඔක්කොම විස්තරේ.   හ්ම්... කියයි මේන් කියල කියයි. මං දන්නෙ නැද්ද මිනිහගෙ තරම.

 

කතාවෙ හැටියට නම් පුරුෂ පරාණය... උදේ වෙනකම්ම ඇදේ උපුලිගෙ නම කියනවා/ මතක් කරනව. බිරිඳට, කොහෙදෝ යන උපුලියක් නිසා... නින්දකුත් නෑ. ඒ අතරෙ ඉතින් අහිංසක බිරිඳට කඳුළු අතරින් හිතෙන්න ඇති වැඩේ දුරදිග ඇදුනොත්.... දරුවවත් අරං පාරට බහින්ට තමා වෙන්නෙ කියලා. ඇවිල්ල ගෙයි බින්න බහින්නත් බැරි නෑ ඒ ගෑනි. කවුද දන්නෙ ඉතින් පොත්ත රතු කරගත්ත... නන්නත්තාර එකියක් ද කියල. එකත් එකටම එහෙම වෙන්න ඇති... ඉන්නවනෙ සමහර ගෑණු වේ#% කියල තමයි නෝනගෙ කල්පනාව.... මේ මහ රෑ.

 

දැන් සැමියාට, බොරු හෝ නැතා.... සිද්ධ වෙනව උපුලි කියල කෙනෙක් ගැන උදෑහනින් භාරියාවට විස්තර කරල දෙන්න හිට... අනාගත පවුල් ජීවිතය උදෙසා.

ඉතින් කවුද ඒ උපුලී.......


YouTube - https://www.youtube.com/watch?v=UigfOcgQaOw

පවුල සමග එක් වීම

බොහෝ කල් ප්‍රතිකාර ගන්න අසාධ්‍ය රෝගියෙක් ලඟට ගියපු දොස්තර මහත්තය, ඔහු දිහා බැරෑරුම් විදිහට බලලා... පස්සෙ පොඩි හිනාවක් දැම්ම. බොහෝ දුරට හෙට ඔයාට පවුල එක්ක ආපහු එකතු වෙන්න පුලුවං.

රෝගියා - එත් ඩොක්ටර්..... මගේ පවුලෙ සේරම අය මැරිලනෙ.

දොස්තර - ඒක මං දන්නවා....

 


කෑවේ මොනාද?

පොලිස් - බීමතින් රෑ වාහනේ පදවල... මරුනෙ කවුරුන් කියලද හිතන්නෙ නෝනා?

නෝනා - මගේ මහත්තය

පොලිස් - තමුන් දන්නවද ඒ සිද්ධිය වෙන්න කලින් මහත්තය කොහෙද හිටියෙ කියල?

නෝනා - මට කිව්වෙ... රෑට කන්න පීසා කඩේ ගේන්න යන්නෙ කියල.

පොලිස් - ඉතින් පැයක් ගිහිනුත් මනුස්සය ගෙදර නාවම... තමුන් මොකද කලේ?

නෝනා - මං තිබ්බ නූඩ්ල්ස් එකක් හදන් කෑවා

 

ගමේ, වල් සාන්ත

නම සාන්ත උනාට ගොන් සාන්තගේ වැඩ සාන්ත නෑ. ඒ නිසා ගමේ අය සාන්තට දාපු නම තමයි වලත්තයා. යන යන තැන කාන්තා පරාන පේන්න බෑ. දාසක් සාන්ත වලා... බස් එකකට නැගල නගරෙ ලස්සන කෙලි පැටික්කියක් ඉන්න තැනකින් වාඩි ගත්ත. කතාවට අල්ලගන්න විදිහ ගැන හිත හිතා හින්නකොට... කෙල්ලගෙ කරේ කතිර හැඩැති මාලෙ දැක්ක.

මේ ඔයා ක්‍රිස්මස් ද..... ?

මං ක්‍රිස්මස් නෙමේ. ඇයි එහෙම ඇහුවෙ ?

නෑ... ඔයා චර්ච් එකක් බෙල්ලෙ දාන් ඉන්න නිසයි ඇහුවෙ

 


ගිරව් දෙන්නගෙ යාඥා

ගිරවියො දෙන්නෙක් ඇති කරපු වංශවත් කාන්තාවක් හිටිය. හැබැයි මේ ගිරවියො දෙන්න හරිම වනචරයි. දවසක් මේ කාන්තාව ගියා පල්ලියේ පියනමගෙන් මේ ගැටලුවට විසඳුමක් ගන්න. පියනම කිව්වා අයියෝ මං ඔය නැහැදිච්ච ගිරවියො දෙන්න බයිබලය කියවන තැනටම පත්කරන්නම් කියල... තමන් ළඟ ඉන්න යාඥාවට හුරු කරපු දැහැමි ගිරව් දෙන්නගෙ කූඩුවට දැම්ම.

දැම්මහම බයිබලේ පැත්තකින් තියපු එක ගිරවෙක් අනෙක් ගිරවට මෙහෙම කිව්වා.

මචං... අපි මෙච්චර කල් කරපු යාඥාවලට දෙයියො කන් දීල බම්

 

ලාම්පුව

මාටිය ඊයේ ගත්ත ලාම්පුව අරං කඩේට ගියේ හරිම තරහින්. ලාම්බුව හොඳටෝම හිල් වෙලා.

මාටින් -     බලනව මුදලාලි, මං ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා. සල්ලි වලට ඕන කසිකබලක් විකුණනවද මුදලාදී

මුදලාලි -    ඇයි බං මාටින්... තේරුන්නැතෙයි. ලාම්පුව ගන්නකොටම මං කිව්වෙ... ඕකට තෙල් බොතලයක් උනත් දාන්න පුළුවන්ය කියලා.


කොහිද ගියේ

දවසක් සමන් ගියා යාළුවෙක් හම්බවෙන්න... ගියාට වැඩක් නෑ මිනිහ ගෙදර නෑ. හිටියෙ වයසක ගෑණු කෙනාගෙන් අහපුහාම හතරවරං වෙලා යන උත්තරයක් දුන්නෙ.

ආ එයා කොළඹ ගියා...... සම්පුක පිරික්කනේ හම්බෙන්නව කිව්වෙ.

මේ හතරවරං කතාව ගැන... පහුවදා යාළුව හම්බුන ගමන්ම සමන් ඇහැව්වා. කොහින්ද ගියේ මොකක්ද බම්... සම්පුක පිරික්කනේ කියන්නෙ.

මොකා.....

ඇයි බම් උඹ කොලම ගියේ...

යකෝ... මං ගියේ සම්මුඛ පරික්ෂණයකට.

 

සම්මුඛ පරීක්ෂණය

පරීක්ෂණයට අන්තිමට ආවේ සුදුසුකම්වත් හරියට සපුරා නැති තරුණ ගෑණු ළමයෙක්. පරීක්ෂක තැන... කිසි සහතික පත්‍රයක් නැති file එක වහල සාමාන්‍ය දැනුමවත් පරික්ෂා කරන්න හිතුව.  කෙල්ලත් සෙල්ලං නෑ මෙහම හිටියට ආ...

 

හොඳයි මට කියන්න... පුරන්අප්පු මැරුණේ මොන සටනෙදි ද?

-         අවසන් සටනෙදි.

හරි ඉතිහාසය ඕන්නෑ. පෘතුවියේ භ්‍රචලිතය... කරකැවීම. ඒ ගැන ගැන දන්නවද ?

-         ස..ර්. කොයි වෙලාවෙ ඉඳලද කැර..කෙ.න. එද්දී පුටුවෙත් පැටලුණේ ඒ හින්ද ද ස...ර්.

විද්‍යාවත් එපා..  කියන්න බලන්න රෑ ආහාරයට ගන්න බැරි ආහාර දෙකක්

-         උදේ හා දවල් ආහාරය

හරි සෞඛ්‍යත් එපා... සහතික ගන්න බැරි වෙන්න, විභාග ෆේල් වෙන්න... හේතුව මොකක්ද වෙන්න ඇතිද?

-         විභාගය තමා ස..ර්.

 


ලංකාව තියෙන්නෙ.....?

එවකට ඉන්දියාවේ ජනාධිපතිනිය ඉන්දිරා ගාන්ධි ලංකාවේ සිරි නැරඹීමට ආ ගමනේ දී...

හෙලිකොප්ටරයේ පිටුපස  මැද අසුනේ ඉන්දිරා ගාන්ධි ද, JR ජනාධිපති හා ප්‍රේමදාස අගමැති, ඉන්දිරා ගාන්ධි ගේ දෙපැත්තේ ද ඉඳගෙන හිටිය. ලංකාවේ ලස්සන තැන් පහුවෙනකොට... ජනේලයෙන් ඉස්සි ඉස්සී ඉන්දිරා ගාන්ධි ඒවා දිහා බැලුව. මෙහෙම වෙනකොට ජනපති JRට ටොප් අදහසක් පහල උනා.

ආයෙත් සැරයක් ඉන්දිරා ගාන්ධි ඉස්සෙන කොටම JR ඉන්දිරාගේ ආසනෙ උඩින් අත තිබ්බ. ඉන්දිරා ගාන්ධි ඉඳගත්තෙ JR ගේ අත උඩ. JR ප්‍රේමණීය සිනාවක් පාල ප්‍රේමදාසට මෙහෙම කිව්වා.

ඉන්දියාව තියෙන්නේ මගෙ අත උඩ

ඉන්දිරා ගාන්ධි ද ප්‍රේමදාස දිහා බලල... ලංකාව තියෙන්නේ මගෙ පුම්ක උඩ කියල කිව්වා😂

(සත්‍යය සිදුවීමක් ද කියා දන්නෙ නැත)

 

බයිසිකලේ වේගේ

දවසක් බයිසිකලේකින් කන්දක් නගින තරුණ කොල්ලෙක් දැක්ක ලැම්බෝගිනියක්, නවත්තලා ලණුවක් දුන්න තරුණයට... බයිසිකලේ කන්ද පහු වෙනකම් ඇදන් යන්නම් කියල. බලන්න බටහිර රටවල සල්ලි කාරයින්ගෙ පවා හිතේ තියෙන මනුස්සකම.

මේ මනුස්සකමට කෙලින්න ආපු BMW කාරයෙක් කඩාගෙන ගියා ලැම්බෝගිනියත් පාස් කරන්... නොන්ඩි පාරක් දාගෙනම. BMW වගේද ලැම්බෝගිනි. පෙන්නන්නං තරම කියල මේ යකත් ස්පීඩ් කරලා ගියා... ගැටගහපු බයිසිකලේ අමතක වෙලා. දැන් දෙකම තරඟෙට යනවා. මේක දැක්ක පොලිස් කාරයෙක් ඉස්සරහ චෙක් පොයින්ට් එකට විස්තරේ කිව්වා... තව අරුම පුදුම දෙයකුත් එක්ක.

මට නිකං පිස්සු වගේ.... BMW එකකුයි, ලැම්බෝගිනියකුයි කරට කර එනව... 230ත් පන්නල. ඒ අස්සෙ පුට්සයිකල් කාරයෙකුත් එනව ඕයි ඒ speed එකෙන්ම... බෙල් එකත් ගගහ, වාහන දෙකත් over take කරන් යන්න.

 විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ (කළුබෝවිල ශික්ෂණ රෝහල) විසින් පුවත්පතක පල කර තිබූ ලිපියක්.

    ඇයි මටම මෙහෙම වෙන්නෙ !

ඒ අද බොහෝ දෙනෙකුගේ මුව රැව් දෙන්නකි. අද දවසෙ ලෝවැසි බොහෝ දෙනෙකු ඉන්නෙ සතුටින් නොවේ.

බුදුන් දවස මිහිපිට අපායක් බඳු වූ විශාලා මහනුවර තිබුණේ රෝග, භූත, දුර්භික්ෂ යන තුන් බිය පමණි. වර්තමානයේ කොරෝනා බිය, ආර්ථික ගැටලු, අනෙකුත් රෝග, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු, සංචරණ සීමා ආදී එකී මෙකී අටෝරාශියක් බිය සහ ගැටලුවලින් ලෝවැසියා පෙළෙමින් සිටී. විසඳුම් ද පෙනෙන තෙක් මානයක නැත. එබැවින් මේ සියල්ලෙන් හෙම්බත් වූ තැන නොයෙකුත් මානසික ගැටලු ය.

ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කිසිවක් කර කියාගත නොහී අසරණ වූ තැන සිතෙන්නේ එහෙමය. සසර බියකරුය. මගෙ, අපේ යැයි අල්ලා ගන්නා සියල්ල තුළම අවසානයේ රැඳී ඇත්තේ දුක සහ චිත්තපීඩාය. තව තව අල්ලා ගන්නා තරමට, බැඳෙන තරමට තව තව පීඩා වැඩිය. එසේ නම් පිළිතුර අතහැරීමය.

මීටම ගැළපෙන කතා ප්‍රවෘත්තියක් පසුගිය දිනෙක සමාජ මාධ්‍ය තුල දුටුවෙමි. කතානායක ආතර් ඈෂ්ය. ඔහු කවුද...?

ලෝ පාරකට ටෙනිස් ක්‍රීඩකයෙකි. නිකන්ම ටෙනිස් ක්‍රීඩකයෙක් නොවේ. විම්බල්ටන් සහ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව දිනාගත් ප්‍රථම සහ එකම කළු ජාතික ඇමෙරිකානු ක්‍රීඩකයා ඈෂ්ය. ටෙනිස් පිටියේ ලෝකයෙන්ම අංක එක ස්ථානය දැරූ මුල්ම කළු ජාතික ඇමෙරිකානුව ඔහුය.

වර්ජිනියාහි උපත ලද ඈෂ්ගේ ළමාවිය ලෝ ප්‍රකට ශ්‍රේෂ්ඨයන් බොහෝ දෙනෙකුට මෙන්ම කටු කොහොලින් ගහනය. මවගේ සෙනෙහස සහ මග පෙන්වීමෙන් හැදී වැඩෙන කුඩා ඈෂ්ගේ ලෝකය උඩු යටිකුරු වන්නේ වයස අවුරුදු හතේ දී හදිසියේ ම මව මිය යාමත් සමගය. අනතුරුව කුඩා ඈෂ්ට දැඩි විනයක් යටතේ පියා සහ සොහොයුරා සමග ජීවත් වනන්නට සිදුවිය. පාසල හමාර වී ගෙදර පැමිණීමට ඈෂ්ට පියා ලබාදී තිබුණේ විනාඩි 12ක කාලයක් පමණි. පාසල් කාලය පුරාවටම මෙය කඩ නොකිරීමට ඔහු වගබලා ගත්තේය. පියාගේ දැඩි විනය ඈෂ්ව හරි පාරේ යවන්නට ඇත. ආතර් ඈෂ්, 1960 සහ 1961 වසරවල ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාව දිනා ගන්නෙ එබැවිනි. ඔහු ලොස් අන්ජල්ස්හි කැලිෆෝනියා සරසවියේ උපාධියක් සඳහා ශිෂ්‍යත්වයක් ලබන්නේද ඉන් අනතුරුවය. ඒ අතරතුරදී 1968 වසරේදී ඔහු සමස්ත ලෝකයම කම්පනයට පත් කරන්නෙ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව දිනා ගනිමිනි. ඒ වනවිට මේ ආධුනිකයාව ලෝකය හඳුනාගෙන තිබුණේ නැත.

ආතර් ඈෂ්ගේ ක්‍රීඩා දිවියේ කූටප්‍රාප්තිය වන්නේ 1975 වසරේදී ජිමි කොනර්ස්ව අවසාන වටයේදී පරාජය කරමින් ලෝක විම්බල්ඩන් ශූරතාව දිනා ගැනීමයි. ඉන් අනතුරුව ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් කිරුළු පළඳින ආතර් ඈෂ් අදටත් මෙම දක්ෂතාව දැක්වූ ප්‍රථම සහ එකම පිරිමි කළු ජාතික අමෙරිකානුවාය.

ජීවිතය ජයග්‍රහණවල එකතුවක් පමණක් නොවේ. සාර්ථකත්වය, ජයග්‍රහණ, බිඳවැටීම්, ලෙඩ රෝග මේ සියල්ල කැටි වූ පැකේජයකි. සංසාර චක්‍රය එබඳුය. හොඳ දේ පමණක් ලංකර ගත නොහැකිය.

අඩු වයසින් හදවත් රෝගවලට ගොදුරුව මිය යන පවුල් පසුබිමකට හිමිකම් කියන ආතර් ඈෂ්ට තරුණ කාලයේදීම බයිපාස් සැත්කම් දෙකකට මුහුණ දීමට සිදුවිය. අනතුරුව මොළේ සැත්කමකටද  බඳුන් වන ඔහුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පසුව අනාවරණය විය. ඒ බයිපාස් සැත්කමකදී ලබාදුන් රුධිරය ඔස්සේය. මුලදී මෙය රහසක්ව තබාගෙන පීඩා විඳින ආතර් ඈෂ්, පසුව 1992 දී සිය රහස ලෝකවාසී රසිකයන් සමග බෙදාහදා ගැනීමට තීරණය කළේය. ඉන් වසරට පසුව 1993 දී 49 වියැති ආතර් ඈෂ් මෙලොව හැර යන්නේ භෞතික ජයග්‍රහණයන්ගෙන් පිරුණු මේ ජීවිතයේ නිස්සාරත්වය සහ අනියත බව කියවෙන දහම ගැන සමස්ත ලෝකවාසීන්ටම සිතන්නට යමක් ඉතිරි කරමිනි.

මරණයට පෙර ඔහුගේ රෝගී තත්ත්වය දැනගත් රසිකයන්ගෙන් ලිපි රැසක් ඔහුට ලැබිණි. මේ වගේ නරකම ලෙඩක් හදන්න දෛවය ඇයි ඔබවම තෝරා ගත්තේ...?

ඒ අතර තිබූ එක් ලිපියකින් විමසා තිබිණි. ආතර් ඈෂ් ඊට කදිම පිළිතුරක් ලීවේය.

මෙරට මිලියන පනහක් විතර ළමයි ටෙනිස් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඉන් මිලියන පහක් පමණ හොඳින් ක්‍රීඩාව ප්‍රගුණ කරනවා. එයින් ලක්ෂ පහක් පමණ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් වෙනවා. පනස් දාහක් විතර සැලකිය යුතු මට්ටමකට එනවා. පන්දාහක් විතර ජාතික තලයට ළඟා වෙනවා. පනහක් විම්බල්ඩන් යනවා. හතර දෙනෙක් අවසන් පූර්ව වටයට මුහුණ දෙනවා. දෙදෙනෙක් අවසාන වටයේ දී හමුවෙනවා. අවසානයේ ජයග්‍රහණය කළ එකම එක්කෙනා වන්නේ මා පමණයි”.

ඇයි දෛවය මටම විම්බල්ඩන් කිරුළ හිමිකර දුන්නේ...?” එදා මම නො ඇසුවෙමි.

මේ රෝගය හැදෙන්න ඇයි මාවම තෝරගත්තෙ”. ඉතින් අද මම කෙසේ අසන්නද?


ඡායාරූප - අන්තර්ජාලයෙනි


පුවත්පතේ පළවූ ලිපිය : ZOOM

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *