මේක පිටරකට වෙච්ච ඇත්ත සිද්ධියක්..
රූපය අන්තර්ජාලයෙන් |
cashier - මිස් අපි භාග
විකුණන්නේ නැහැ.
customer - ඇයි එහෙම කරන්නෙ.
මට ඕන භාගයයි.
cashier – මිස්ට ඕන ගාන
භාගයක් වෙන විදිහෙ එකක්ද? පොඩ්ඩක් බැලුවනම් හම්බෙයි සමහර විට..
customer – ගාන භාගයක් නෙමේ...
cashier – මං කලින් කිව්වෙ,
අපි භාග විකුණන්නෙ නෑ මිස්..
customer – විකුණන්නෙ නැත්තෙ
ඇයි? මට එකක් වැඩි.
cashier – සමාවෙන්න මිස්..
අපට අවසර නෑ මේවා භාග කරලා විකුණන්න.
customer – ඇයි බැරි.. මේ
සම්පූර්ණ එකම මට දීල මාව මහත් කරන්න හදනවද? මාව ලෙඩ කරන්න හදනවද?
cashier – මිස්ට පුළුවන්නෙ
මේක ගෙනිහින් ටික ටික කන්න..
customer – ඔයාල කිසිම
සැලකිල්ලක් දෙන්නෙ නෑ මනුස්සයෙකුට.. මේ රටේ මිනිස්සු එන්න එන්න මහත් වෙනව. ඔයාල
ඔයාල ගැනම ලැජ්ජ වෙන්න ඕන. රට ලෙඩ කරවන්නෙ ඔයාල වගේ අය... ඒ මදිවට රටේ උද්ධමනයත්
හොඳටම වැඩි වෙලා තියෙද්දී මාව හූරං කන්න හදනවාද..
ඔහොම බැනල බැනල
අන්තිමට මේ වයසක උන්දැ සම්පූර්ණ එකම සල්ලි දීල අරං ගිහින්. cashier ඉතින් වෙන කියන්න දෙයක් නැති නිසා සුභ දවසක් ගිහින් එන්න Jකියල..