එකෝමත් එක රටක හිටි රජ කෙනෙක්ට... දවසක් දා දඩයමේ යන්න අදහසක් පහල උනා. මේ රජතුමා ළඟ කාලයක් තිස්සෙ හැදී වැඩුණු වඳුරු මොටෙකුත් හිටිය. ඉතින් රජතුමා මේ දඩයමේ යන වැඩේට ඒ වඳුරු මොටාවත් එකතු කර ගත්තා.

කැලේ ටික දුරක් ආපු රජතුමාට පොඩි තෙහෙට්ටු ගතියක් දැනුණා. එතන තියෙන රූස්ස ගහක් දැකපු හැටියෙම රජතුමා තීරණය කරා ‘මෙතැන ටික වෙලාවක් ගිමන් හරිනව’ කියලා. එහෙම හිතලා රජතුමා වඳුරත් එක්ක ගහ යටට ආව. රූස්ස ගහෙන් ලැබෙන සෙවනයි, මද සුළගින් එන සිසිලයි නිසා රජතුමාට හොඳටෝම නින්ද ගියා. වඳුරාත් තම ස්වාමියට නින්ද ගිහින් තියෙන නිසා ඒ අවටම කැරකි කැරකී උන්න. වැඩි වෙලාවක් මෙහෙම ඉන්න හම්බුනේ නෑ... රජතුමාට. මැස්සෙක් ඇවිත් රජතුමාගෙ සුව නින්දට බාද කරන්න පටන් ගත්ත. මේ වදකාර මැස්සත් එක්ක කිපුණු වඳුර ඌට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා හිතුව.

එහෙම හිතල රජතුමාගේ රාජකීය කඩුව අරං ඌට කුරුමානම් ඇල්ලුවා. ඒත් එක්කම වේගවත් පාරක් මැස්සට එල්ල කළා.

මැස්ස වහාම රජතුමාගේ ඔලුවෙන් පියාඹලා ඈතකට යන්න ගියා. රජතුමාට තම රාජකීය කඩුවෙන්ම අවසන් ගමන් යන්න උනා... ඒ මෝඩ වඳුරෙක්ගෙ ආරක්ෂාව ලැබුව හින්ද.


* * * *

බෂ්ශන්ට විතරද videoවක් අටවන්න පුලුහං පොස්ටුවකට...😂🙈

කනට ගිහි තියන්ටෙයි කියන්නෙ මේ....




 

වැව් දියෙන් වගේ නෙවේ වැහි දියෙන් ගොවිතැන් කරන රටවල්, පළාත්. ඒ අය වැහි දිය විස්සාස කරලයි උදලු මිට අතට ගන්නෙ. සුබාවදරුමෙ මාරු වෙච්චිකොට අහස බලලා වැස්ස එන දවසක් තීරණය කොරන්ට හරියටම බැහැ. එහෙව් දේසෙ, රේඩියෝව කන ළඟ තියං කාලගුණ විස්තරේ අහගෙන කාෂ්ටක රටේ ගොවිතැන් කරන ගොවියෙක්... ගොවි ගම්මානයක්.

මෙය අධ්‍යක්ෂණය කරමින් පියාගේ චරිතය රඟදක්වන්නෙ කවුරුත් දන්න 12 Years a Slave (2013) එකේ රඟපෑ Chiwetel Ejiofor.

සත්‍යය සිදුවීමක් පාදක කරගෙන 2019දී නිර්මාණය වුන The Boy Who Harnessed The Wind (2019) සිනමා පටය අද කාලෙට හොඳටම ගැලපෙනව. කුඩා දරුවෙක් තමුන්ගෙ පවුල හා ගම සාගතයෙන්, වතුර නැතිකමින්, දරිද්‍රතාවන්ගෙන් විඳින පීඩා ගැන සංවේදී වෙලා... ඉගෙනගත් දැනුමෙන් එයට පිළියමක් සොයන්න වෙහෙසෙන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

සංවේදී විලියම් ගම අතහැරලා යන්න අකමැති තාත්තටම ඔබින දරුවෙක්... හැබැයි දන්න දේවලුත් එක්ක අත්හදා බැලීම් කරමින් වෙනස් යමක් කරන්න ඔහු උත්සහ කරනව. නමුත් සාම්ප්‍රදායික පියාට අවශ්‍ය ශරීරය වෙහෙසලා වැඩ කිරීමත්, ළමයා ඉගෙනුමෙන් පස්සෙ තම වැඩවලට දායක වීමත් පමණයි. විශ්වාසය, පවුල, ආදරය, පරාර්ථකාමය... අත් නොහැරි විලියම් තම ප්‍රයත්නයද අත් හරින්න ලැහැස්ති නැහැ.

සාමානයෙන් අද කාලෙ... පවුලේ ප්‍රශ්න, අඩදබර වගේ කාරණා නිසා ළමයි පවුල අතහැරලා යන්නෙ බැරිම මොහොතෙ නෙමේ... පුළුවන් වෙන පළමු මොහොතෙ. ඒ කියන්නෙ... අද සමාජය පොඩි කාලෙ ඉඳල හුරු වෙලා තියෙන්නෙ ප්‍රශ්න, ගැටළු ආහම උත්තර / විසඳුම් හොයන්න නෙමේ ඒවයෙන් පැනලා යන්න. නැතිනං අත පිහදාන් පැත්තකට වෙන්න. අන්තිම විසඳුම ඒක නම් ඒකට කමක් නෑ. ඒත් පළමු විසඳුම ඒකම ද...?

දවසකට එක වේලක් කෑම / ආධාර ලැබෙන තුරු පෝලිමේ සිටීම

පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙන මේ සිනමා පටය... වෙලාවක් තියෙනව නම් බලන්න වෙලාවක් වෙන්කර ගන්න.

ෆිලුමෙ බැතිබර අනුග්‍රහය - පංචතන්තුරේ නිදි තුමා


චෙස්. මං තුමා ආසම ක්‍රීඩාවක් තමයි චෙස් කියන්නෙ... සෙල්ලං කරන්න බැරි උනත්. මේක කැරම් වාගේ ලේෂි කෙලියක් නොවන නිසාත්, චෙස් දන්න පරානයකින් ඉගෙන ගන්නවා කියන එකත් මේ කපේදි වෙන වැඩක් නොවන නිසාත්, පොතක් බලාන චෙස් ඉගෙන ගන්න හදනවා කියන්නෙත් ඉතා කම්මැලි හා නීරස වැඩක් නිසාත්... චෙස් සෙල්ලං තාම මං නොදනී. ඒ එක්කම කාලයක් මං තුමා හිතාන හිටියෙ වන්සවත් රටෙන් චෙස් කෙලිය බිහිවුනාය කියල හිට. ඒ වගේම සමහර පිරිසක් අදටත් දන්නෙ සහ දරන්නේ ඒ මතයයි.

චෙස් ක්‍රීඩාවේ මුල්... ඉතිහාසයේ වසර 1500කට ආසන්න කාලයක් තරමට දිවයන බව තමයි කරුණු කාරනා දන්න ඈයො කියන්නෙ.

මේ චෙස් කෙලියෙ මූලාරම්භය විදිහට සටහන් වෙන්නෙ ඉන්දියාවේ කියලා තමයි සොයාගැනීම් වලින් තහවුරු වෙන්නෙ හා බහුතර පිළිගැනීම. ඉන්දියාවේ එදා මේ ක්‍රීඩාව හඳුන්වල තියෙන්නෙ චතුරංගනීනමින්. චතුරංගනී කියන්නෙ සතර ඝනයා කියන එකනෙ. ඇත්, ඇස්, රිය, පාබල යන කොටස් හතරකින් යුත් සේනාව තමයි... රජ කෙනෙකුට අයත් චතුරංගනී සේනාව.

මේ ක්‍රීඩාව එදා යුධෝපායන් පුහුණුවන රජ කුමාරවරු ලද පුහුණුවක් විදිහටත් සමහරු හඳුන්වල තියෙනව. කොහොම උනත් එදා චතුරංගනී ක්‍රීඩාව අද තත්වයට ඇවිත් තියෙන්නෙ සමහර වෙනස්කම් සහිතවයි. එදා ඒ සඳහා කැට, දාදු වැනි ඉත්තන් භාවිත උනු බව තමයි දැනගන්නට තියෙන්නෙ. වෙළඳාම් සඳහා රට රටවල් අතර ඇතිවන ගමනාගමනය තුලින් ඉන්දියාවෙන් මේ ක්‍රීඩාව පර්සියාවට ගිය බවත්, අරාබිය පර්සියාව ආක්‍රමණයෙන් මේ ක්‍රීඩාව මුස්ලිම් ලෝකයටත්... පසුව දකුණු යුරෝපයටත් ගිය බව තමයි සඳහන් වෙන්නෙ. ඔහොම ව්‍යාප්ත වෙලා ලෝකේ පුරා මේ ක්‍රීඩාව ඒ රට රටවල්වල හැඩයනට ආදේශ වෙමින් ජනප්‍රිය වෙනවා. ඒ නිසා ක්‍රීඩාවේ විවිධ ප්‍රභේදයන් ඔවුනට ආවේනිකව බිහි වී තියෙනව.... අද චෙස් ලෙස භාවිත වන ලෝක සම්මත තත්වයට එන්නට කලියෙන්.

එදා මෙයට ඉන්දියාවේ බ්‍රහ්ම/හින්දු ආගමෙන් යම් බලපෑම් ඇති වී ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම යුරෝපයේදී ක්‍රිස්තියානි පල්ලි වලින්ද, අරාබියේදි මුස්ලිම් ආගමෙන්ද සම්බාධක ඇතිව තියෙනව. (බොහෝ විට මෙය සූදුවක් ලෙස ආගමික සංස්ථා දකින්නට ඇති නිසා).

10 වන සියවසේ රුසියාවේත් මුළු යුරෝපය පුරාමත් මෙය ව්‍යාප්තව තියෙනව. පසුව යුරෝපයේ මෙය වංශවත් හා උසස් සංස්කෘතිය සමඟ එකතු වු අතර කීර්තිමත් විනෝදාංශයක් ලෙස සැලකුම් ලබා රාජ්‍යය අවධානයද දිනා ගෙන තියෙනව. මුදල් ඔට්ටු හා පරාජයන් දරා ගැනීමට බැරි වීම, අභිමානය බිඳ වැටීම ආදී කාරණාවන් නිසා ප්‍රචණ්ඩත්වයද වර්ධනය විනි. ඒ වගේම ලන්ඩන් හි මරණයන්ද වාර්තාව ඇත.

පසු කාලයේ චෙස් සංගම්, සමාජ බිහිවී වෘත්තීය මට්ටමකට පත්ව තියෙනව. මේ සඳහා භාවිත වුනු නම්, නීතිරීති වෙනස් වෙමින්, තරඟ කරන කාලය වෙනස් වෙමින්, ඉත්තන්ගේ ස්වරූප වෙනස් වෙමින් අද තිබෙන තත්වයට පත්ව ඇත. කාලයත් සමග කොපි හල්, සමාජ කණ්ඩායම් එක්වන තැන්වලටද චෙස් සෙල්ලම් කිරීම එකතුව තියෙනව.

19 වන ශතවර්ෂයේ දෙවන භාගයේ දී, නවීන චෙස් තරඟාවලි ආරම්භ වී ඇති අතර... පළමු නිල ලෝක චෙස් ශූරතාවලිය 1886 දී පවත්වා ඇත.

1997දී ඒ සමයේ චෙස් ශූර ගැරී කැස්පරොව් පරදවා IBM සුපිරි පරිගණකයක් වන Deep Blue ජයග්‍රහණය කළේය. මෙයත් සමග තාක්ෂණය දියුණු පසු යුගයේ පරිගණක ක්‍රීඩාවක් ලෙසද චෙස් අද දක්වා ප්‍රචලිතව ඇත.


මේ චතුරංගනී (චෙස්) සහ ගණිත හැකියාව ගැන තිබෙන ඉතිහාස කතාවකි. මේ කතාවද විවිධ ආකාරයෙන් අපට හමුවේ. නමුත් ගණිතඥ ශේෂා කියා පුද්ගලයෙක් හා එදවස පැවතී රාජ්‍යය ගැන හමුවූ සාක්ෂි ඇත. (දින නම් වලට වඩා වැදගත් ඉතිහාස ප්‍රවෘත්තිය නෙව)

මේ අද තියෙන තැනට පරිවර්තනය වුනු චෙස් ක්‍රීඩාව එදා සොයා ගත්තා යැයි සැලකෙන්නෙ ඉන්දියාවේ අතීත රජ කෙනෙක් දවස හිටි හිටි ශේෂා පණ්ඩිතයන්ය. සමහර කතා වල ඔහු රජුගේ පුරෝහිතව සිටි බවත් සඳහන් වනවා.

ඔහුගේ මේ පාණ්ඩිත්‍යයට, අගනා ක්‍රීඩාවක් බිහි කල නිසා ඇතිවූ සතුට රජුට උවමනා වුනාලු ශේෂා පණ්ඩිතට තෑගීබෝග දී සතුටු කරන්න. රජු ඒ නිසා පණ්ඩිතයන්ට කියා හිටිය කැමති තෑග්ගක් මාගෙන් ඉල්ලා හිටින්නය කියල... වරයක් වගේ. ඒත් බොහොම සරල ජීවිතයක් ගත කළ මේ පණ්ඩිත තෑගී බෝග වලට නොකැමතිව එය ප්‍රතික්ෂේප කර හිටිය. තීරණයක් ආපසු හරවා නොගන්නා නිසා රජවරු... නැවත පණ්ඩිතයන්ට ඒ ඉල්ලීම සලකා බලන්ට වුනා. මගහැර සිටිය නොහැකි මේ අවස්ථාවේ රජතුමාටත් පාඩම් කියා දීමට සිතූ පණ්ඩිතයෝ අමුතු ආකාරයේ ත්‍යාගයක් ඉල්ලා සිටිය.

රජතුමනි, මං හැදූ පුවරුවේ පළමු කොටුවට එක ධාන්‍ය ඇටයකුත් දෙවැනි කොටුවට පළමු කොටුව මෙන් දෙගුණයක ධාන්‍ය ඇට ටිකකුත් ලෙස ඇට යොදා... අන්තිම කොටුව වන 64වන කොටුවට ලැබෙනා ධාන්‍ය ඇට ටික විතරක් මට ලබා දෙන්න’. කියා කිව්ව. එහිදී රජතුමා අසා සිටියේ පණ්ඩිත ඔබ මට විහිලු කරනවාද? මෙවන් අවස්ථා ලැබිලත්... ඔබ මගෙන් ධාන්‍ය ඇට ඉල්ලන්නේ ඇයි ද කියා ය. නැවතත් පණ්ඩිත රජුහට දන්වමින් කියා සිටියේ දෙනවා නම් තමාට ඒ ධාන්‍ය ප්‍රමාණය පමණක් ලබා දෙන්න කියාය.

පණ්ඩිතගේ හැටි දන්නා නිසාද කොහිදෝ රජතුමා වහාම මේ සඳහා අවශ්‍ය පිරිස් කැඳවා මේ ධාන්‍ය ඇට ප්‍රමාණය ගනන් කර පණ්ඩිතයන්ට දෙන්නට තබන ලෙස දැනුම් දුනි. අවසානයේ බොහෝ කාලයක් ගතකරමින් රජතුමා වෙත පැමිණි ගණිතඥයින්, සේවකයින් කියා සිටියේ එය නම් කෙසේවත් කරන්නට බැරි බවය.

කේන්ති ගිය රජතුමා ඒ මොකදැයි උස් හඬින් අසා සිටි විට පිරිස කරුණු පැහැදිලි කර සිටි අතර ඒ සියලු දෙනාම පණ්ඩිතගේ ගණිත හැකියාව ගැනද විශ්මිත විය.... සහ පණ්ඩිත ඉදිරියේ මුළු රාජ්‍යයක් බාර රජුට තම වචනය ක්‍රියාත්මක කරගැනීමට බැරි විය.

පළමු කොටුව - ධාන්‍ය ඇට 1යි.

දෙවැනි කොටුව - ධාන්‍ය ඇට 2යි. පළමු කොටුවේ මෙන් දෙගුණයක් 1 X 2 = 2

තෙවැනි කොටුව - ධාන්‍ය ඇට 4යි. දෙවැනි කොටුවේ මෙන් දෙගුණයක් 2 X 2 = 4

             මෙහෙම හදන් ගියහම.....

1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024, ….. ලෙස 64 වෙනි කොටුව දක්වා යද්දී එන අගය වෙන්නෙ 18,446,744,073,709,551,615 යන සංඛ්‍යාවයි.

මේ දැක්වෙන තරම් ධාන්‍ය සංඛ්‍යාවක් ලබා දීමට නොහැකි බව සේවකයින් රජතුමාට දන්වා සිටිය. වැඩි දුරටත් සේවකයින් කියා සිටියේ සියලුම ගොඩබිම් වල හා සාගයර තියෙන තැන කඳු කඩා පස් අතුරා... මුළු පෘථිවියම එකම වගා භූමියක් කලද මෙතරම් ධාන්‍ය ප්‍රමාණයක් ලබා ගත හැකි වේදැයි සැක සහිත බවයි.

තවද විසල් ගබඩාවක මේ ධාන්‍ය ගොඩගසා සිටියහොත් එය අහස සිඹින තරම් දුරකට මේ ගබඩාවේ උස ඇතිවන බවයි.

අද වර්තමාන ලෝකයේ ගුණනය වීමේ ක්‍රමය භාවිතා කරනවා. ගුණන වීමේ අගයන් ගැන සොයා බලනවා. විශ්ලේෂණ තියෙනව.

උදා - පිරමීඩ ක්‍රම, පොන්සි සෙල්ලම, බැක්ටීරියා වර්ධනය වීම වගේම කොවිඩ් වෛරසය පැතිරීමේ/ ගුණනය වීම

ඒ වගේම බෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි විෂයන් තුල ගුණනය ගැන විමසන Exponential Growth නම් ඝාතීය වර්ධනය විමසා බලනවා.

 

මේ කතාවේ අවසන් සංඛ්‍යා පරාසය ගත්තොත් අද නවීන ලෝකේ පවා මෙය භාවිත වීම අඩු මට්ටමක තියෙන්නෙ. එදිනෙදා භාවිත නවීන ඩිජිටල් ඝනක යන්ත්‍රයක පවා සංඛ්‍යා 15කට එහා ගණනක් දක්වන්න සකස්කර නැහැ. (Googolplex සංකල්පයක් ලෙස ලෙස පවතී).

බිංදුව (අගය ශුන්‍ය) පවා ගණිතයට ඇතුලත් වෙන්නෙ ඉන්දියාවෙන්.

ඒ වගේම එකයි බිංදු එකසීය හතළිහක් ඇති සංඛ්‍යාවක් ගැන බුදු දහමේ දක්වා තිබෙනවා. (එක සහ ඊට පසු බිංදු 140ක්).

එදා මෙතරම් ගණිතමිනිත ක්‍රම, සංඛ්‍යා භාවිතාව තිබුණා/ දැනගෙන තිබුණා නම් ඒවා කුමක් සඳහා භාවිතා කරන්න ඇතිද?. මේ දැනුම තිබුණ අය අපට වඩා බුද්ධිමත් වෙන්නට ඇති නේද...? ශේෂා අංක 20කින් යුත් සංඛ්‍යාවේ සීමා මායිම් අවබෝධ කරගෙන සිටියේ කොහොමද?

අද නවීන විද්‍යාඥයින්, සමාජ විශ්ලේෂකයින්, පරිණාමය ගැන මත පළ කරන්නන්... මිනිසා පරිනාම ක්‍රියාවලියේ ඉදිරියට යමින් බුද්ධිමත්ව වර්ධනය වන බව කීවත් මට හිතෙන්නෙ අපි බුද්ධියෙන්, මානසික ශක්තියෙන් පිරිහෙමින් යන බවයි. ඒ සිතුවිල්ලට/මතයට මේ අතීත කතා සාක්ෂි දරනවා නෙවෙද. 

චෙස් ගැනයි, තවත් විදිහකට ලියවුනු ඉතිහාස කතාවයි ගැන.... කියවන්න මේකත්

 

කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ කරට්ටුව ගැන විවිධ කතා කීපයක් ජනවහරෙන් පැවත එනවා සේම එකම කතාව විවිධ විදිහටත් දකින්නට හැකි වේ. මේ එවන් කතා දෙකකි.


ඔන්න එකෝමත් එක කාලෙක කැකිල්ලේ රජ්ජුරුවෝ කියල රජ කෙනෙක් හිටිය. ඔහොම ඉන්නකොට රජුට පැමිණිල්ලක් ආව. පැමිණිල්ල තමා... හොරෙක්ගේ ඇඟට ගෙයි බිත්තියක් කඩා වැටී මිය යෑම. වැරදිකරු ගෙයි හිමිකරු කරලා පැමිණිල්ල දමා තිබුණේ හොර රැලේ නායකතුමා විසින්.

රජතුමා වහාම මේ සිද්ධියට අදාලව නීතිය පසිඳලන්ට කටයුතු කර හිටිය. තීන්දුව නම් ඒ ගෙයි අයිතිකරුට මරණ දඬුවම. වහා ක්‍රියාත්මක වූ රාජපුරුෂයෝ අර ගෙයි හිමිකරු කුදලාන රජුගේ දෙපතුල ලඟට ගෙනාව. කෝකටත් නිදහසට කාරණා අහන එක කළ යුත්තක් නිසා රජතුමා ගෙයි හිමිකරුගෙනුත් ඒ ගැන අසා හිටිය. ‘රජතුමනි, බිත්තිය සවිශක්තිමත් නොවුනේ ගෙයි හැදූ බාස්ගේ වරදිනි ’ ගෙයි හිමිකරු මරණ බයින් කියා හිටිය. රජතුමා බැලුවා එකත් අත්ත නෙව... ‘එහෙනං ගෙයි හැදූ බාස්ට මරණ දඬුවම ’ රජු නැවත තීන්දු කළා. රාජපුරුෂයෝ ඔහුවත් රාජ දෙපතුලට කුදලාන ආව. රජා ඔහුටද දඬුවම පෙර නිදහසට කාරණා විමසා හිටිය. ‘රජතුමනි බිත්ති බඳින්ට මැටි අනා දුන් උදව්කරුගේ වරද නිසයි බිත්තිය කඩන් වැටුණේ’ බාස්ද කියා හිටිය. නැවත කාරණා තේරුම් ගත් රජු මරණ දඬුවම අත් උදව්කරුට නියම කළා. දැන් අත් උදව්කරුගේ වෙලාව... නිදහසට කරුණු කියන. ‘රජතුමනී, මාගේ වරදක් නොමැත, බදාම අනන්නට ගත් කට කැඩි කලයේ දෝසය නිසයි මැටි පදමට නාවේ ’. රජතුමා කළ සාදන්නාවද ගෙනත් හිටිය... කට කැඩි කළය නිසා බිත්තියක් ඇඟ මත වැටී සිදුවූ මරණයේ දඬුවම ඔහුට තීන්දු විය.

කළ සාදන කුඹලාද තම අවසානයට පෙර නිදහසට කරුණු කියා හිටිය. ‘රජතුමනී, මම කළ සාදන මොහොතේ ස්තිරියාවක් කෑ ගහමින් ගිය නිසයි කළ හැදීම හරියට කරගන්න බැරිව ගියේ... වරද ඇයගේයි ’. රාජපුරුෂයෝ ස්තිරියාවද මාලිගාවට කුදලාන ආව. ‘රජතුමනී... මේ මොන නස්පැත්තියක්ද, මං කෑ මොර දීගෙන පාරේ ගියේ රන්කරුවා නිසයි. ඔහුට වළල්ලක් සාදන්නට රන් දී බොහෝ කල්, තවමත් එය ඉටුකර දී නැහැ’ ස්තිරියාවද තම නිදහසට කරුණු කියා හිටය. දිගින් දිගටම යන නඩුව නිසා මහත් වෙහෙසටත්, කොපයටත් පත් රජ වහාම රන්කරුවා ගෙන්වා හෙට මඟුල් ඇතු ලවා මරවා... නඩුව හමාර කිරීමට තීන්දු කලා.

රන්කරු මේ මොහොතේ තමාට ගැලවීමක් නම් නොවන බව දැන... රජු ඉදිරියේ තම නිදහසට කාරණා කියා හිටිය කෙසේ හෝ මරණින් ගැලවෙන අදහසින්.

‘පස්වාන් දහසකට බුදුවන්න රජතුමනී, මම වරද පිළිගනිමි. ඒත් ඉතා කෙසඟ මා මඟුල් ඇතු ලවා මරා දැමීම ඔබවහන්සේට මොන තරම් නින්දා සහගත කටයුත්තක් නොවේද. සද්දන්ත ඇතු ඉදිරියේ මේ කෙසඟ මා.. මඟුල් ඇතුගේ පය පවා වේදනාවක් ලබයි මගෙ කටු සිරුර ඇනී. ඒ නිසා රජතුමනී මේ නින්දා සහගත ක්‍රියාව වලක්වා අපේ ගමේ කඩේ කරනා මහත දෙහෙත මුදලාලීව මඟුල් ඇතු හමුවට යවන්න... මා නිදහස් කර’.

අවසානයේ රජුගේ අනින් තර මුදලාලි මඟුල් ඇතුට බිලි විය... ඒ බිත්තිය කඩා වැටීමෙන් සිදුවූ මරණයට වගකිවයුත්තා ලෙස නඩු විභාගයේදී තීන්දු වීම නිසායි.




දිනක් කැකිල්ලේ රජතුමා නඩු තීන්දුවක් මගින් වරදකරුවෙක් බවට පත්කළ රටවැසියෙක් එල්ලා මැරීමට නියෝග ලබා දුන්න. රාජපුරුෂයන් ඔහුව රැගෙන ඒමට ගියත් මේ තැනැත්තා ගෙදර නොහිටි නිසා ආවේ හිස් අතින්මයි. හිස් අතින් ආ රාජපුරුෂයන් දුටු රජු කේන්තියෙන් ගුගුරමින් කියා සිටියේ ‘ඒ මිනිහා ගෙදර නැතිනම් එහා ගෙදර මිනිහාව හරි ගෙන එන්නට එපෑ’ කියාය.

එහා ගෙදර මිනිහා රැගෙන ආ රාජපුරුෂයින් වදකයාට ඔහුව ලබා දුන්න... නියෝගය අනුව එල්ලා මැරීමට. බොහොමත්ම කෘශ මිනිසෙක් වූ මේ රැගෙන ආ පුද්ගලයා එල්ලුම් ගසේ තොණ්ඩුවට හසු නොවිණි. මේ බව සැල කර විට රජතුමා කියා සිටියේ ‘එහෙනම් ඉතින් මහත මිනිහෙක් හරි එල්ලන එකයිනෙ ඇත්තෙ ’ කියයි. ඔය අන්දමින්... එදින කැකිල්ලේ රජුගේ රාජ්‍යයේ දඬුවමක් ක්‍රියාත්මක වුනි.


ඒ වගේම මේ ලිපියත් කියවල බලන්න. වදගත් කරුණු ටිකක් තියෙනව කැකිල්ලේ රජ කතා ගැන....

කැකිල්ලේ රජතුමාගේ කතාව මනඃකල්පිතයක් නොවේ

අයිසෙ ජයමහ... මෙහෙ එනවා

කෝටිපති ව්‍යාපාරික තැන ඊයෙ දින තම සුපරි වෙළදසැල් ජාලයේ සේවයට බඳවාගත්ත ශ්‍රී ලාංකික සේවකයාට කතා කර සිටියා. ලාංකිකයා... රැකියාවේ සිය දෙවැනි දිනයේම ප්‍රධානියගෙන් කැඳවීමක් ලැබීම පිළිබඳ ඇතිවූ සතුටකිනුයි හිටියෙ. නමුත් කෝටිපති ව්‍යාපාරිකයගෙ මුහුණෙ එතරම් ප්‍රීතිමත් බවක් රැඳී තිබුණේ නැහැ.

කියනව බලන්න තමුන් ඊයෙ දවසෙ කී දෙනෙක්ට බඩු විකුණුවද? ප්‍රධානියා විමසා සිටිය.

සර්... එක්කෙනෙක්ට විතරයි ජයමහ පිළිතුරු බැන්ද.

ඔන්න ඕකනෙ අයිසෙ ලංකාවේ එවුන් ගන්නවට මගෙ කැමැත්තක් නැත්තෙ... තමුසෙලා වැඩක් කරන්න අකමැතිම ජාතියක්. බලනව මෙහෙ ඉන්න අනිත් හැමෝම... කස්ටර්මර්ස්ල 10,15 දෙනෙකුට බඩු විකුනනන්වා. තමුසෙ.. එක්කෙනයි දවසටම. මීට පස්සෙවත් හරියට වැඩ කරනව. නැත්තං තමුසෙව මං දොට්ට දානව. හිතුනොත් පුම්ක්ට පයින් දෙහෙකුත් දීල.

ඒත් මේ ලාංකික ජයමහ නොසැලුණු චිත්ත සක්තියකින් එතැන වැඩ හිටිය... ප්‍රධානියා තවත් මොනාහරි අහයි කියල. මෙහෙම හිටපු සේවකයාගෙන් ප්‍රධානියා ඊළඟට ඇහුව හොඳයි තමුසෙ ඒ කරපු එකම සෙල් එකේ ගාන කීයද... අඩු ගානේ මට ඒකවත් කියනව

සර්... ඩොලර් පනස්දාහක් විතර වෙනව

තව බනින්න කට හදන් හිටි ප්‍රධානියා ඇතිවුණු කුතුහලයෙන් මේම ඇහුව මො.කා.. 50,000ක්. උඹ අම්මගෙ පොරක්නෙ. මොනාද ඔච්චර එක කස්ටමර් කෙනෙකුට වික්කෙ

සර් එයා මුලින්ම ගත්තෙ බිලී කොක්කක්...

යකෝ කඩේ තියෙන බිලී කොකු ඔක්කොම වික්කත් එච්චර ගානක් ගන්න බෑ නෙ. තමුසෙ මක්ක කරලද ඒ මිනිහගෙන් 50,000ක් කඩා ගත්තෙ. මට ඇත්තම කියනව

එක බිලී කොක්කක් මදි නේද කියල මං එයාට බිලී කොකු පෙට්ටියකුයි, බිලී පිති දෙකකුයි, ඇමට ගන්න පණු බාස්කට් එකකුයි විකුණුව

ඒත් 50,000ක් එන්නෙ නෑනෙ ජයමහ.....

ඒ කරලා මං ඇහුව ගඟ මැදට ගිහින් මාලු බාන්න කැමති නැද්ද කියල. ඒකට අඩුව බෝට්ටුවක් ගන්න එන්න කියල එක්කං ගියා අපේ බෝට්ටු යාඩ් එකට. බෝට්ටු පැද්දොත් රෑ වෙන නිසා මං කූඩාරමකුත් ගන්නත් අදහසක් දැම්ම... රෑට සත්තුන්ගෙන් බේරෙන්නත් එපෑ

ඊට පස්සෙ බඩු ටික එලියට අරං යනකොට තමා මිනිහටත් තේරුණේ එයා ආහු වාහනෙට මේ ගත්ත බඩු ටික දාන්න ඉඩ මදි කියල. පස්සෙ මං තවත් හොද අදහසක් එයට දැම්ම. ආපු වාහනේ විකුණලා බෝට්ටුවයි බඩු ටිකයි ගෙනියන්න පුලුහං... ඒවටම හදපු වාහනයක් ගත්තනම් කියල. ඊට පස්සෙ තමයි මිනිහ අපේ වාහන සෙල් එකෙන් වාහනයකුත් අරං ගියේ.

ආතභූත වුනු ප්‍රධානියාට නිකම්ම කියවුනා... තමුසෙ එහෙනම් බිලී කොක්කක් ගන්න ආපු මිනිහෙකුට මාලු බාන රස්සාවට ඕන හැම දෙයක්ම ගන්න සැලැස්සුව

ස.ර්... එයා ඇත්තටම අපේ සුපර්මාර්කට් එකට ආවේ බිලී කොකු ගන්නවත්, මාලු බාන අදහසකින්වත් නෙමේ. පොඩි හිසේ අමාරුවකින්

මොකා.. එතකොට තමුසෙ කොමද හිසේ අමාරුකාරයෙක්ට මෙච්චර බඩු තොගයක් වික්කෙ

හිසේ අමාරුවට මොනාහරි බේතක් ගන්න මිනිහ ඇවිත් තිබ්බේ. මායි එයාට හිසේ කැක්කුම, මානසික ආතතිය... ඔය හැම දේටම මාලු බාන එක හොඳයි කියල මේ හැම බඩුවක්ම එයාට ගන්න සැලැස්සුවේ

තමුසෙ මාර මිනිහෙක්නෙ... ජයමහ. මොනාද මෙහෙට එන්න කලින් කරේ

මං ලංකාවෙ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කළා සර්..  පොඩි හෙම්බිරිස්සාවකට එන ලෙඩාට බ්ලඩ් ටෙස්ට්, යුරීන් ටෙස්ට්, සීනී ටෙස්ට්, ECG, CT ස්කෑන්, X-ray, MRI ස්කෑන් කරවන අපිට මෙව්ව සුලු දෙයක් සෑ.ර්..

අයිසෙ ජයමහ.......

තිර රෙදි

රෙදි කඩේකට ගිය ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්.... මුලු කඩේම ඇදල, පෙරලලා පැයකට පස්සෙ රෙද්දක් තොරගෙන එතැන කොල්ලට කිව්වා මේකෙන් අඩියක කෑල්ලක් දෙන්නකියල. මේ පොඩි රෙදි කෑල්ලට පැයක් ගත්ත නිසා කේන්ති ගිය කොලුව එච්චර පොඩි ජනෙල් නෑනෙකියල සද්දෙට කිව්වා.

මේක මගෙ කම්පියුටරේට... කෙල්ල එහෙම කිව්වහම කොල්ල ඇහුව ඒත් කම්පියුටර් වලට තිර රෙදි ඕන නෑනෙකියල. ආයෙම කෙල්ල කිව්වා.

එකේ තියෙන්නෙ windows අලුත්ම එක කියල ගන්න තැනින් කිව්වෙ.

 

Keybord

ඔන්න කෙල්ලෙක්... ඉස්ස ඉස්සෙලාම කම්පියුටරයක් ගත්ත අඳුරන කඩේකින්. ඒත් වැඩි වෙලාවක් යන්නත් කලින් කෙල්ල key bord එක්කත් ඇන්න ආපහු අර කඩේට මංගැච්චුව. අයියෙ මේකෙ keys අඩුයි නෙව ’. තක්බීරි උන කඩේ කොලුව ඇහුව මොන keysද නංගි දැන් මේකෙ නැත්තෙ......

කම්පියුටරෙන් කමාන්ඩ් එකක් ආව Any key එකක් press කරන්න කියල. කෝ ඒක මේකෙ නෑ නෙව.

 

One-way

ඔන්න ප්‍රවුත්ති බල බල හිටපු මහත්තය දැක්ක one-way එකක block එකක් නිසා පැයක් තිස්සෙ මාර්ග තදබදය තිවෙලා කියල මුළු කොළඹම. ඒත් එක්කම මහත්තයට මතක් උනා තමුන්ගෙ බිරිඳත් ඔය පැත්තෙන් නේද දැන් යන්නෙ කියල. විගහට ගත්ත phone call එකක්. බබී ඔය පැත්තෙ මාර trafficලු නේද...

ඒක තමයි බබා... මාව pass කරන ඔක්කොම vehicle අනික් පැත්තට drive කරනවනෙ. පාරම block

 

කාන්තා පොලිස්

ඔන්න ලස්සන තරුණියක් දවසක් කාන්තා පොලිස් vacancy එකකට apply කරලා හිට interview එහෙකට මූණ දුන්න. ලස්සන උනාට මොකද මේ කෙලී වැඩිය ඉගෙනුමට තැන දීල නෑ නෙව. ඔන්න කෝම හරි දැන් interview එකේ ප්‍රස්න වටය. මුල්ම පුරස්නය - ලෝකෙ මුල්ම බැටන් පොල්ල හොයා ගත්තෙ කවුද?. කෙල්ල කම්පනා කරලා මෙහෙම උත්තරයක් දුන්න.

එක මුලින්ම නැති කරගත්ත පොලිස් නිලධාරියා. දෙවැනි ප්‍රශ්නය - ලෝකෙ වැඩිම අපරාධ සිද්ධ වෙන රට? එකටත් කෙල්ල කම්පනා කරලාම ලඟින් යන උත්තරයක් දුන්න. හ්ම්... අපේ රටනං වෙන්න බෑ නේද. රටත් පොඩිනෙ’ interview කරන අය තීරණය කරා තව එකක් අහල කෙල්ලව යවනවා කියල හිට. හරි කියන්න බලන්න ඒබ්‍රහම් ලින්කන්ව මැරුවේ කවුද කියල ’. කෙල්ල අවංකව එකට උත්තරය දුන්න... මං දන්නෙ නෑ කියල. Interview bord එක කිව්ව හරි එහෙනං ගෙදර ගිහින්ම ඒ ගැන හොයාගන්නකො කියල. කෙල්ල සතුටින් ගෙදර ගියා. මගදී යාලුවෙක් හම්බෙලා විස්තර ඇහුව... මොකද උනේ

මාව බඳව ගත්ත අනේ... ඒ විතරක්ද ඒබ්‍රහම් ලින්කන්ගෙ criminal case එකත් මට භාර දුන්න

 


ඉරට යන වෙලාව

මේත් අර විදිහටම Interview ගිය කෙල්ලෙක්... තැන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. මේවගේ තැන්වල වෙනස් විදිහෙ පුරස්න නෙව අහන්නෙ. මේ කට්ටිය ඇහුව ඉතීම් කෙලී ගෙන්.... ඔයා ගගනගාමියෙක් වුණොත් මොකක්ද දියත් කරන්න කැමති වැඩසටහන. කෙල්ල ගත්කටටම කිව්වා... මං කැමති ඉරේ පය තිබ්බ මුල්ම කෙනා වෙන්න කියල. කට්ටිය පුදුමයෙන් ඇහැව්ව ඉතින් ඔය ළමය දන්නෙ නැද්ද ඉරට ලං වෙන්නවත් බෑ ඒකෙ රස්නෙට කියල. කෙල්ල කිව්වා මං ගාව ඒකට හොඳ සැලැස්මක් තියෙනවා කියල. කට්ටිය ආයෙත් පුදුමයෙන් ඇහැව්වා මොකක්ද ඒ කියල.

මං ඉරට ගොඩබහිනවා රෑට... එතකොට හරිනෙ.

 

ගිනි නිවන්න එන්න

තව දවසක් කෙල්ලෙක්ගෙ සුළු වරදකින් මුළු ගෙදර ගිනි ගන්න උනා... මේ උය උයා ඉන්නකොට. කෝම උනත් මොළේ පාවිච්චි කරලා මේ කෙල්ල ගිහි නිවන අංශයට කෝල් කරලා හිට විස්තරය කිව්වා. ගිනි නිවන අය ඇහුව - මැඩම්, ඔයා කොහොද ජීවත් වෙන්නෙ?. දැන්නම් එලියෙ. ගිනිගන්න කලින් නම් ජීවත් උනේ ගේ ඇතුලෙ.. කෙල්ල ඇත්තම කිව්වා. ගිනි නිවන උන්ට තේරුනා කෙල්ල කම්පවුස් වෙලා මේ වෙලේ කියල ආයේ ඇහුව... මැඩම් අපි එනවනම් ඔතැනට කොහොමද එන්නෙ කියල. කෙල්ල කිව්වා.....

වෙන ගිනිගන්න තැන් වලට යන විදිහටම එන්න. අර ලොකු වතුර බව්සරෙත් අරං

 

News බැලීම

යාලුවෙක් දවසක් ගෙදරට ආපු කෙල්ලෙක් එක්ක ඔට්ටුවක් දැම්ම. මේ අර breaking news වල පෙන්නන මිහින ඔය වහලෙන් පනිනවා... දාහක් ඔට්ටුයි. එහෙම කිව්වම කෙල්ලත් හරි මාත් ඔට්ටුයි. පනින්නේ නෑ කිව්වා. ඒත් වහලෙ හිටපු මිනිහ ටික වෙලාවකින් පැන්න. ඔට්ටුවෙන් පැරදුන කෙල්ල සල්ලි යාලුවට දුන්න. ඒත් යාලුව ඇත්තම කිව්වා. මේක උදේ ගිය news එක්ක රිපීට් එකක්. මේ සල්ලි ඔයාම තියා ගන්න... බොරු කරන්න හොඳ නෑනෙ. ඒත් කෙල්ල කිව්වා...

කමක් නෑ ඔයා සල්ලි තියා ගන්න. මාත් උදේ news බැලුව. මං හිතුවෙ නෑ මිනිහ දෙවෙනි සැරෙත් වහලෙන් බිමට පනී කියල.

 

At last!

මේ කතාව ඇවිත් බොහොම ඈත යුගයෙ පිටරටක කතාවක්. ඔය උපත් පාලනයට විරුද්ධ ආගමික පරිසරයක තමයි මේ මරිය හිටියෙ. මරිය ළමයි හදල... මරුනේ නැති එක විතරයි. ළමයි දුසිං ගණනක්. විවාහ දෙකක්. කෝම උනත් මරිය කාලයක් ඕම ඉඳල මැරුණා. දැන් ඔන්න ආගමික වතාවත් කරන මොහොත... පල්ලියේ. පූජක දීර්ඝ අනුසාසනයකට පස්සෙ දෙවියන්ට කන්නලව් කරමින් ඉඳල සභාවට දේව වාක්‍යයක් කිව්වා. At last, they are finally together." කියලා. මේ ඉතින් පිටරටක් නෙව.

එතැන හිටපු ආගමට ලැදි කේලං කියන  කාන්තාවක් ඇහුව... පාදිලි උන්නාන්සේගෙන්. පූජකතුමනි ඔබ අදහස් කලේ පලවෙනි මිනිහද, දෙවෙනි මිනිහද එහෙමත් නැත්තං...

නෑ නෑ මං අදහස් කලේ මරියාගෙ කකුල් දෙක......


- අලුත් එව්ව -

වීදියට ගොඩ වදින්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *


මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය