ඉරිදා 11ට - කොන්සිස්ට් නැන්සි..

සෑම දෙයකම මුල... නව ආරම්භයක් කියනව නෙව. ඒත් ඔය නව ආරම්භ කියන ඒවා මහ අමාරු වැඩ. ලොකු ජවයක් ගන්න ඕන අලුත් වෙනසකට. පාඩම් නොකර ඉන්ට හාදයෙක් පාඩම් කරන්න පටන් ගන්න එක කොච්චර අමාරුද කියල අපි හොඳ හැටි දන්නව නෙව.


ඒවාගේම ජීවිතේට ජිම් එකක් ලඟින්වත් නොයන කෙනෙක් ජිම් එකට යන්න පටන් ගන්නත්, කෑම ලෝලියෙක් එක වේලක් නොකා ඉන්න දරන උත්සහයත්, බේබද්දෙක්ට නොබී එක දවසක් ඉන්නත්..... ආදී ඔය කීව නොකීව හැම එකක්ම හරි අමාරු වැඩ. ඒ කියන්නෙ දෙයක් අලුතින් පටන් ගන්න එක අමාරු කටයුත්තක්ම තමා! ඒත් දෙයක් අලුතින් පටන්ගන්නවටත් වඩා අමාරු කටයුත්තක්ද මන්ද... ඒ දෙය පවත්වාගෙන යෑම. දවසක් කොහොම හරි තටමල තටමලා, අමාරුවෙන් පැයක් වේලපහ නැටිට්ටට මොකද මේක දිගටම කරන එක ඊට සමාන නෑ. ඒ කියන්නෙ ඊට අමාරුයි. අමාරුයි කියන්නෙ මාරම අමාරුයි. අම්මප!

බොරුද කියන්නෙ? දැන් මේ blog එකක් පටන්ගත්ත වගේද මේක nonstop ලියාගෙන යන එක. මාර අමාරුයි!

මේක ගැන නිකමට ලියලවත්, බැඳිල තියෙන මකුලුදැල් ටික කඩලා දාන්න කියල හිතුන... මේ ලඟදි ඇතුවත් බැරි නැතුව කොහොමත්ම බැරි, වැඩක් ගන්න මනුස්සයෙක්ට නිදානයක් වෙන social media එකේ සැරිසරදී මුණගැහුණු ඉංගිරිසි වචනයක් හන්ද. කොන්සිස්ටැන්සි. Consistency.

මේ consistency/ අඛණ්ඩතාවයට මානසික උත්තේජනයට විතරක් තිබීම නොසෑහෙන බව තමයි විද්‍යාත්මක සටහනක තිවනෙ. වැඩිදුරටත් කියල තිවන ක්‍රමවත් system එකක් තිබීම තමයි පිළියමක් කිරීමේ ආරම්භය කියලත්. ආයෙ කියල තිබ්බ දිගට එකම ක්‍රියාව එකම වෙලාවේ නැවත නැවත කරද්දී මොලයේ Habit Loop එකක් හැදෙනව කියල හිටං. මේක වර්.ධනය උනහම නිරුත්සාහිකවම ඒ දේ කරන්න ඇහැකිලු.

 

ආන්න ඊටත් පස්සෙ පුලුහං අර ලූප් එක ගලෝගන්න පුප දාගෙන ආයෙම වෙන අඛණ්ඩතාවයක් පවත්වාගෙන යන්න. ඊටත් පස්සේ පුලුහං ඒ ගලවන්න ගත්ත අඛණ්ඩතාව ගලව ගන්න තව අඛණ්ඩතාවයක් පවත්වාගන්න. ආයෙම....... 😂

කෝම උනත් කියන්ට ඕන අඛණ්ඩතාවය පවත්වාගැනීම අපහසුයි. කරොත් මරු!

2 comments:

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්