රෑ, ළසොවින් වැළපුන... ඔබ?


පෙරදා මහ රෑ, මා සිහිලැල් උර මඩලේ, මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන...

 

ලඟදි නන්දා මාලනියගෙ සින්දු කීපයක් එකදිගට වාගෙ, නිදහස් වෙලාවල play උනා. ඇයගෙ ගොඩක් කතාබහට ලක්වුණ ගීත ගත්තොත්... ඒවා රැඩිකල්, වාමාංශික මතවාදී/ දේශපාලනික අදහස් තියෙන ඒවා කියල තමයි පරසිද්ධ අදහස. ඒත් අරතරමින් කතා නොවී යටගිය ඒවා අතරේ ලස්සන love songs ටිකකුත් තියෙනව. මේ පොකුරේ තමයි නන්දා මාලනියගෙ ලස්සනම/ හිතට වදිනම ගායනයන් තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ. දෙකතුනක් මතක් කරොත්...

 

ගජමන් නෝනාගෙ ඇහින් ලියවුන... ආදරේ කවියක්, සැඳෑ කලුවර කුර ගගා විත්,  ඔබයි රම්‍ය සඳ කිරණ, කඩමණ්ඩියේ, හදවිල කළඹන, ලොවම එපාවී, යොවුන් වසන්තයේ, අරලිය ලන්ඳට වගේ ටිකක් තියෙනව.

 

ඒ අතරේ ගීයක් තමයි මේ ස්ටැන්ලි පීරිස්ගේ මියුරු සංගීතය එක්වුනු සුනිල් ආරියරත්න පබැඳුව... පෙරදා මහ රෑ.

 

මේ සිංදුවේ පද එක්ක ඔලුව වැඩ කරද්දී මුලින් හිතට ආවේ මේක පිරිමි ගායකයෙක්ට ලියපු සිංදුවක් කියලයි. එහෙමත් නැත්තං පිරිමි ඇහැකින් ලියවිච්ච පද පෙළක් කියලයි. මොකද "උර මඩලේ... මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන... ඔබ" කොටස කියන්නෙ සාමාන්‍යයෙන් පිරිමියෙක්, කාන්තාවකටනෙ.

 

මූණ උරහිසේ ගහගෙන අඬන්නෙ ගෑනුනෙ හිටං... 😆

 

හුම්: අඬන්නෙ ගෑනු විතරමද හිටං. දෙතුන් සැරයක් මේ සිංදුව කන ළඟ repeat වුනාට පස්සෙ අර මුලින් ආව අදහස ටිකක් යටගිහින් මෙහෙම හිතුන. දීපියාගේ සිංදුවකත් තියෙන්නෙ... වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද කියල. ආන් ඒ වගෙ අඬන්නෙ කාන්තා පාර්.සවය විතරද කියල ඊළඟට හිතුන. ඇත්ත නෙවෙන්න.

 

ළමයෙක් උපදිනකොට ඕක බලන් ඉන්න කොහෙ හරි කාන්තවක් ඇස්වල කඳුළු පුරෝගන්නව. ළමයාගෙ අම්ම හරි අඬනව. ආයෙ ළමයෙක්ට ලෙඩක් දුකක් හැදුනමත් අඩන්නෙ කාන්තාවක්. කවුරුහරි මැරුණමත් ඉකි ගගහා අඬනව දකින්න හම්බෙන්නෙ කාන්තාවන් පිරිසක්ම තමයි. මේ ඇතුලු හැම හැඟීම්බර අවස්ථාවකටම ඇස් තෙමාගන්න ඉස්සර වෙන්නෙ කාන්තාවක්.

 

එතකොට දුක දැනෙන්නෙ අංගජාතයක් නැති පාර්.ශවයට විතරද. හිනාවෙන්න, සතුටුවෙන්න, ලව් කරන්න, sex කරන්න, කෑම උයන්න මේ දෙකොටසටම පුළුවන් වෙනකොට පිරිමිය අඬන්නෙ, දුක් වෙන්නෙ නැද්ද. ඇත්ත... පිරිමි හිතක් හරි හයියයි කියල ලේබල් වෙච්ච සමාජේ, මේ සිංදුවේ පද පෙළ එකපාර ඇහෙද්දී එකපාරටම කාට උනත් සැකයක් එන්න පුළුවන් තමා...

 

ඒත් ඉතිං මේ විදිහට අඬපු පිරිමි පරානත් මේ ලෝකෙ කොහේ හරි ඇති නේ හිටං.

 

හැංගිලා, කළුවරේ අඬන පිරිමි හිත්. හයිය පිරිමි හිත් සමහර විට මේ වගේ සුකොමළ ලඳක්, ආදරියක් ළඟ ලෝකෙට රහසේම දුක දිගහරින්න පුළුවන්. මොකද ජීවිතේ වෙහෙස දැනෙන්නෙ කාන්තාවන්ට විතරක්යැ!

  

පෙරදා මහ රෑ

මා සිහිලැල් උර මඬලේ

මුහුණ හොවාගෙන ළසොවින් වැලපුණ

ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය

කඳුලක කැළලක් ඉතිරි වෙලා


උරහිස තැවරී වියළුණු කඳුලෙන්

ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත

සදා දැවෙනෙමි ඒ ගින්නෙන්


ඔබ හට පෙම් කල යුගය නිමා කර

වෙන්වී යන්නට දවස පැමිණ ඇත

සමාව දෙන් මට සෙනෙහෙ සිතින්


පෙරදා මහ රෑ...

 

ගායනය - නන්දා මාලිනී

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ස්ටැන්ලි පීරිස්

39 comments:

  1. සැඳෑ කලුවර , ඔබයි රම්‍ය සඳ කිරණ, කඩමණ්ඩියේ, හදවිල කළඹන, ලොවම එපාවී, යොවුන් වසන්තයේ, අරලිය ලන්ඳ සහ් කන්ද උඩින් අටවක සඳ නියම සින්දු සෙට් එක

    කන්ද උඩින් අටවක සඳහිනාවෙනව මෝදූ වෙන්ඩ
    රෑන් පිටින් බට්ටිත්තන් පියාඹනව කූඩු වෙන්ඩ
    අඬති ළමා වසු පැටියෝ උණුසුමකට ගාල් වෙන්ඩ
    එන්න බ්ලොගට සැනසිල්ලේ කමෙන්ට් එකක්
    කොටල යන්ඩ......

    ReplyDelete
    Replies
    1. ආයෙ එන්නම් කෙමෙන් වැටුනාම සාකච්චාවට.😁

      Delete
    2. /නියම සින්දු සෙට් එක/ ආයෙත් අහලා. මල් 7යි 🎉
      හෙහ්..හෙ. එන්ට. ඇවිත් යන්ට එන්ට 😁😁

      අර කන්ද උඩින් සිංදුවත් ඕන් දැන් ඇහුව. ගොඩකාලෙකින් ඇහැව්වෙ ඒක!

      Delete
    3. ඔය සිංදු පොකුරෙන් 'යොවුන් වසන්තයේ' විතරයි චිත්‍රපට ගීතයකට තියෙන්නේ. ඒක තිබ්බේ 'දියමන්ති' එකේ.

      Delete
  2. ඉතින් ඔන්න ඕකයි නමී , ලෝක දැක්මේ දුබල බව කියන්නේ . සුනිල් හඳුන්නෙත්තිට වගේ . පටු විධිහට නැතිව ලොකු පරාසයක හිතන්න .
    urahisa thawaree
    viyalunu kadulen
    obage sunaruth pathumaka gini atha
    sada dawennemi a ginnen

    කෙල්ලෙක් තව කෙල්ලුක්ට ආදරේ කරනවා . හැබැයි ඒක සුනරුත් පැතුමක් . ඒ රාග ගින්නෙන් වෙනවා .

    perada maha ra
    ma sihilal ura madale

    obahata pem kala
    yugaya nima kara
    wenwee yannata
    dawasa pamina atha
    samawa den mata senehe sinthin

    ඒ යුගය නිමා කරලා අඬල වෙන් වෙලා යනවා

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි! අතැරියා නේද බෝම්බයක් 😂. එහෙම අදහසක් මුලු සිංදුව ඇහුවමවත් ආවෙ නෑ.

      ඒත් එහෙම අදහසකක් හෝ එහෙම නොවෙන විරුද්ධ ලිංගික ආදරයක් බවට එකහෙලාම කියැවෙන ඉඟියකුත් නෑ. ඒ හන්ද මේ අදහස බැහැර කරන්නත් බැ. සහ මේ අදහසිනුත් සිංදුව දිහා බලන්න කැමති අයට ඇහැකි කියලයි හිතෙන්නෙ. ඒවගේම අජිත්තුමා කීව එකට සම අදහසක් "මන්ද නාව කාරණාව" කියන නන්දා මාලනියම ගයන ගීයටත් දීල තියෙනව... සමහරු.

      ඒකට විප්ලවකාරී අදහස් එවකට දරපු පදරචක සුනිල් ආරියරත්න නිසාත්, තිත්ත උනත් යම් ඇත්තක් වන... සමහර තැන්වලදී නන්දා මාලනියගෙ හඬ, ගී කෝකිලාවකගෙ තරම් කාන්තාමය භාවයක් නැති යන මේ අදහසත් නිසා ඔය කී කාරණාව ගැන යම් පමණක කුකුසක් ඇති කරනව හිටං🥴

      Delete
    2. එයාල ඒ දවස් වල රැඩිකල් අනේ - නන්දා කාන්තාවක ලෙස කියන්නේ එයාට - පෙරදා මහ රෑ

      මා සිහිලැල් උර මඬලේ

      මුහුණ හොවාගෙන ළසොවින් වැලපුණ

      ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය

      කඳුලක කැළලක් ඉතිරි වෙලා//
      --ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත

      සදා දැවෙනෙමි ඒ ගින්නෙන්---- මෙතන කෙලින්ම කියනව අරුතක් නැති පැතුමක් කියල .

      සාමාන්‍යයයෙන් වෙන දේ තමා - එයා කසාද බැඳලා හූල්ල හුල්ල යනවා .

      /ඔබ හට පෙම් කල යුගය නිමා කර

      වෙන්වී යන්නට දවස පැමිණ ඇත

      සමාව දෙන් මට සෙනෙහෙ සිතින්//


      Delete
    3. පිරිමි හඬකින් කිව යුතු ගීතයක් විදිහට ඒ දවස්වල කියැවුණු තව ගීතයක් තිබුණා. නන්දා මාලිනියගේම. 'අවන්හළේ රන් දියරෙන්...' චාරුලතා ගීතය.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අජිත්තුමො, අදහසට එකඟයි.

      මේ වගේ විරුද්ධ අදහස් දෙකම බාරගන්නට හැකි සනත් නන්දසිරිගෙ "ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්, මට මාගෙ ඇස් දෙක වගෙයි" ගීයත් මතක් උනා. එක අදහසක් මේ ආදරවන්තයින් දෙන්නෙක් ගැන, අනෙක් අදහස මේ මවයි - බිරිඳයි ගැන කියල. දෙපිරිස වාද කරත් මේ අදහස් දෙකම බැහැර නොකර ගීතය දිහා බලන්ට පුලුහං කියලයි මට හිතෙන්නෙ හිටං.

      නිදිලොක්ක. හුම්... සිංදුව අහව්ව. කීවත් වගෙ එක්කෝ පිරිමියෙක්ට ලියවිච්ච පද පෙළක් නැහ්නං අජිත් අයිය කීව අදහස වගේ දෙයක්!
      මේ අස්සෙ මතක් උනෙ... writer's interpretation, reader's interpretation ගැන. ඒ එක්කම හිතුනෙ... මේවා ලීව උන්දලා මීට හාත්පසින්ම වෙනස් අදහසක ඉඳන් ලියා තියෙන්ටත් ඇහැකි කියලයි.

      Delete
    6. නිදිතුමා කීව අවන්හළේ රන් දියරෙන් ගීය හම්බ උනා. කැමති කෙනෙක් අසත්වා. වීඩියෝවේ අවසානෙට දන්න කියන පක්සියෙකුත් ඉන්නව හිටං 😁😂

      Delete
    7. ඒක නං හරියන්නෙ අර "අවන්හලේ" මහේෂ්ට. ඌ බස්සා නෙමෙයි, උලමා -යක් කුරුල්ලා.😮😋

      Delete
    8. එක එක විධිහේ අර්ථකතන තියෙන්න පුළුවන් නේද ? පිරිමියෙක් ගැහැණු කෙනෙකුගේ උරහිසේ ළය හොවාගෙන අඬනවද ? සාමාන්‍යයෙන් නැහැ නේ . ශිමෙල් කෙනෙක් නම් කරයි නේ ? මන්ද ? නිදි තමයි දන්නේ ? මම දන්නා ඉන්දියන් කාන්තා රතනය්ක් ඉන්නවා . බලෙන් බැඳලා (තාත්ත ආමි ) මෙහ ඇවිත් දැන් ළමයි දෙන්නෙක් ඉන්නව දැන් ඩිවෝර්ස් . මිනිහ නම් පට්ට හොරෙක් . එයාගේ උරහිස මුණ හොවාගෙන අඬපු කෙනා අරය ඉන්දියාවේ . මම කීව දැන් ඉතින් ගෙන්න ගනින් කියල . මොනව කර ගත්තද දන්නේ නැහැ . කිව්වේ නැහැ . ඔහොම කතා තියනව .

      Delete
    9. කණගාටුදායක කතාවක්. සංස්කෘතිය, පවුල් බලපෑම් නිසා මිනිස් ජීවිත අවුල් වෙන හැටි?😞

      Delete
    10. Ajith Dharma & D.G.M බස්සා,
      ජීවිත අවුල් වෙන හැටි?😞 - හුම් හුම් හුම්...

      Delete
  3. සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන් - රාග ගින්නෙන් දැවෙනවා කියල එන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔන්න මේ කාරණා නිසාම සම්පූර්ණ පද රචනාව පෝස්ටුවට එබුවා 😊😁

      Delete
    2. හුටා! එහෙමත් එකක්ද? දැන් ඉතින් කාට කියන්නද? ආතල් කුඩේ කුඩු.😞

      Delete
  4. නමියා හොඳ කතිකාවතකට පාර කපල තියෙනවා. අපේ බ්ලොග් සහෝදරියන් පිරිස මොනවා ලියයිද කියල බලමු. තව චුට්ටක් ගීතය ගැන ලිව්වා නම් කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. සුරුස්..............⛷️😋

      Delete
    2. https://www.noahsarkwaterpark.com/experiences/attractions/raja

      Delete
    3. අනුරුද්ධතුමො ගීතය ගැන ලියන්න නෙමේ හිතුනෙ. සඳ කිනිති නැමී post එකේ වගේ පද පේළියක් නිසා ඇතිවුණු අදහසක් ලීව විතරයි ☺️☺️

      බසූතුමා නයාගේ බඩ ඇතුලෙ හිරවේවිද දන්නෙ නෑ 🤭😁

      Delete
  5. තාලයට ගැයෙන සෘජු දේශපාලන අදහස්වලට වඩා සෞන්දර්යයක් මෙවන් ගීතවල තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං... ආදරය සුන්දර වරදකි- කිසිදා සමාවක් නං නැති!

      Delete
    2. ඇත්ත. wurthantha/ නිදි... අර දේශපාලන අදහස් උනත් අරතරමින් සෘජු නැතුව හිටං ටිකක් නිවල කරලා ගත්තනං! තවත් ලාස්සනයි.

      Delete
  6. මට සිංදු ෆෝරම් එකට ආවාට සතුටුයි. ලංකාව ඉන්දීය සාගරයේ මැද පිහිටා ඇත. පොල් ගස තාලවර්ගයේ ගසකි. බකමූණා නිසාචොර සතෙකි. ස්‍රී ලංකාව ලස්සනයි

    ReplyDelete
    Replies
    1. 😁 ස්තූතියි, රොම්බ නන්රි!
      ආ එකම ලොකු දෙයක් නෙව 🎉🎉🎉

      Delete
    2. ලංකාව මැද තියෙනවයි කියන්න සාක්කි තියෙනවද?

      Delete
    3. ඔව්. වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එකෙන් තහවුරු කලා

      Delete
  7. මේ වගේ සිංදුවක් අහද්දි මේ අඬන්නෙ කාන්තාවක් කියලා එක පාර හිතෙනවා වුනත්, මේ පිරිමියෙක් වෙන්නත් ඉඩ තියෙනවනෙ කියන එක නේද නමියා අදහස් කලේ. ඔව්, මමත් ඒ අදහසට එකඟයි. පිරිමියෙකුට කාන්තාවකගෙ උරහිසේ ඔලුව තියාගෙන රිලැක්ස් කරන්න පුලුවන් නම්, ඒ විදිහට අඬන්නත් පුලුවන්නෙ; ඉකි ගහන්නෙ කෑ ගහන්නෙ නැතුව වුණත්. මම නම් හිතන්නෙ "අඬන්න" පුලුවන් වීම පිරිමි කෙනෙක්ගෙ "නිරෝගි" බව පෙන්වන ලක්ශණයක් කියලා. (නිරෝගී කියන එකේ මතුපිට අදහසම නෙවෙයි මම කියන්නෙ).

    කිව්වත් වගේ ගීත රචකයා මොන විදිහෙ අදහසකින් ලිව්වද කියලා අපි දන්නෙ නෑ; දැනගන්න අවශ්‍යත් නෑ ඉතින් කලා නිර්මාණයක් අපිට අවශ්‍ය ඕනෙ විදිහට රස විඳින්න පුලුවන්නෙ. But you made a good point.

    ReplyDelete
    Replies
    1. ආන්න Lotusතුමී හරියට මට හිතුන දේ දැනිල 🎉🙏.
      පොඩිවට මදුවිත සාදවලදී... සංවේදීවුනු, කඳුලු බිඳු කීපයක් ඇස් තවරාගත් යහලුවන් නොහිටියම නෙවේ. මේව inner circle මදුසාදා වලදී සාමාන්‍යය දේවල්.
      මම අහපු කතාවකත් තිබ්බ පවුල් ජීවිතේ හෙම්බත් වුනු පිරිමියෙක් අනියම් ඇසුරුකරන්නිය ළඟ මේ විධිහට උරහිසට බරව හිටිය කියල. ඉතිං ජීවන විඩාව දැනෙන්න කානතා, පිරිමි භේද තියේයැ!

      Delete
  8. මාත් ඇවිල්ල ගියා හිටං.

    ReplyDelete
    Replies
    1. ආවට රොම්බ නන්රි. හිටං ඉන්න වුනු එකට අයදිමි සමා 😁

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්