මට මේ ලඟදි අපි හැමෝම දන්න කතාවක් වගේම කියන්න මගහරින/ අමතක කරන කතාවක් ගැන ආයෙ මතක් වුනා. SEX FACULTYයේ චින්තනගෙ බලපු podcast එකකින් තමයි මේක ආයෙම මතකෙට ආවෙ. චින්ත ඒකෙ කතාව යන ගමන් Populism ගැනත් කතා වුනා. සර්වජන ඡන්දය, ප්‍රජාතන්ත්‍රවාදය, බහුතර මතය.
මේ වචන වල අයිසිං ඒකට යටින් වහල
තියෙන බොරුව කොච්චර විසාලද...
උසාවියක නඩුකාර උන්නාන්සෙලාගෙ ඔළුගෙඩි
ගානද වැඩි , මෙලෝ අලබෝලයකට නැති උදවියගෙ ඔළුගෙඩි ගානද. පාසලක, සරසවියක වැඩි සිසුන්ද-
ගුරුවරුද. ලෝකෙ වැඩි... චින්තකයින්/ මුනිවරු කියන කොටහද, නැහ්නං සාමාන්‍යය ජහමනයද
හුම්! ලංකාවේ ජනගහනය කොටි 2
පන්නලා බවයි කියවෙන්නෙ. ඔය දෙකෝටියක් ඉන්න රටේ ඊයේ දිනයේ, ඒ කියන්නෙ 2026 සැප්තැම්බර්
12 පක්ෂ රැළි දෙකක්. මහ රැළි කියලයි එයයි
කියන්නෙ.
එක් පසෙකින් රට බේරාගත් නරපතියාගේ
කඳවුරය. අනෙක් පසින් චෝර දණ්ඩන කඳවුරය.
එක් පසෙකින් සිරගත, අනාගත යුවරජුගේ
රැළියය. අනෙක් පසින් වර්තමාන ජනපතිගේ රැළියය.
දෙපසම තම ගැලවුම්කාර ස්වාමියා දැකගනු
රිසියෙන් රැස්වූ... හිස් ගෙඩිය!
මගෙන් මේ දෙකෙන් කොයිකටද ආස
කියල ඇහුවොත් එකහෙලාම කියන්නෙ අනුර ජනපතිගෙ රැළිය... කියල නෙවෙයි, නාමල් බේබිගෙ එළකිරි
රැළිය කියල. ඇයි කියන්නෙ... ගොඩක් මිනිස්සු කානිවල් එහෙකට ගියා වගෙ නෙ.
අර සිංදුවක් තියෙන්නෙ. එන්න කන්න
බොන්න මිහිරේ, සැමටයි ආරාධනා කියල. ආන් ඒකෙ වගෙ. කස්ටියට හිතේ සංකා දුක් අඩුකරගන්න,
ලල් එකක් ගන්න, කට්ටිය එක්ක සිංදුවක් කියන්න, ජීවිතේ විඳින්න, සෙට් වෙන්න, බොන්න,
කන්න, රටට HUඛන්න... ඇතුළු තවත් බොහෝ දේ කරගන්න
හම්බෙන්නෙ ඉතිං මේ වගෙ රැළියකින් නෙව. අනෙත් රැළියෙ මේවා නැහැයි කියල නෙමේ මෙ
කියන්නෙ. අරට වඩා මේක බොහොම සාර සොබාවට, ලකේට තිබිල තියෙනව. කොටින්ම හාංදුරුවො පන්සිල්
දෙනකම්වත් ආතල්නං පමා වෙලා නෑ. සුරාමේරය ආගමික වතාවත් වලටත් කලින් සම්මාදමේ ගිහින්.
ඊට පහු තමා ආතල්ම කොටස. ගමෙන්
සංවිධානය කරල, බස් එකෙන් ඇවිත්... සූර් වෙලා ඉන්න සින්හිල බයි සෙට් එක අඩ සිහියෙන්ස්ටේජ් එකට
බැලුම් හෙලනව. හම්මට! මෙන්න ඉන්නව බඩු කෑලි සෙට් එකම. කොටි එක්ක හැප්පුන මෛන්ද මහරජානන්
වහන්සේයි, මං කොටියය කියල බෙරිහන්දෙන මන්ත්‍රීයි... එකම අසුනෙ ඉඳගෙන යනව. ඊට එහා
අසුන්වල විජාතික බලවේග/ ඩයස්පෝරා හෙලා දැකපු වීරවංස, ගම්මන්පිල උපාසක දෙනාම.
සැදැහැති ජාතිමාමකත්වය හිරු
රැසින් වාෂ්ප වෙන්න ඇති. නැත්තං අරවගේ අට්ටාලයක් ඉස්සරහ රෙද්දක් ඇඳගෙන ඉන්න පුලුවනෑ
මෙලො මිනිහෙකුට. රජා ඉස්සරහ තියාගෙන අරුන්ද කියනව අපි ඩයස්පෝරා තමයි හිටං කියල. මෙහෙමත්
නාලාගිරි දමනයක්. මිනිස්සු සූ ගාල ඕසේට අප්පුඩි ගහනව. ඒක අතකට හිතන්න ඇති
බුලත්කොලේ උප සභාපතිකම කරුණා අම්මාන්ට හොඳයිනං... මේ හාදය අපෙ අප්පච්චි ගාව
ඉඳගත්තම මොකද හිටං කියල.
පක්ෂ රැස්වීමකට පැමිණි ඔළු ගෙඩි
ගණනින්ම රටේ ඉදිරි දේශපාලනය කොයි වගේද කියල කියන්ට බැරි නමුත් මේ සියලු දෙනා හා
මෙයාකාර මොඩලයේ අන් සිරි ලාංකිකයින් සියලු දෙනාට ඡන්ද බලය හිමිවීම... රටේ අවාසනාවකි.
පාණ්ඩුව නඩු කරේ තියන් යනව.
බේබිගෙ විපක්සෙ මිදි කරේ තියන් යනව.
අවසන ගහපු බේරෙත් නැතුව බෙරේ
පලුවකුත් නැති නොවේවායි පතනව හිටං
සුබ අනාගතයක්!













































.jpg)
.jpg)