ශැපට දුකට සනී


ශැපට දුකට සනී - දැන් පෙන්වනවා!

ඔය සැපට දුකට සනී කියන පිල්ම් එකේ ප්‍රධාන චරිතයට හිටියෙ හිටං... බංදු සමරසිංහ. බංදුතුමත් ඇවිල්ල හොඳ ජෝකර් කෙනෙක් තමයි.

මේ අස්සෙ ලියන්න ගිය දේත් අමතක උනා. කොහෙද... ජෝක් නේ. ඉතිං සිනා 😅😅

කියන්න ගියේ, දැන් ටික දොහක ඉඳල මහජන බැංකුවේ tagline එක (ජනහද හඳුනන) රැගත් යම් යම් පුජ්ජලයො, ජහමනයට... කඩමන්ඩියෙදි, පන්සලේදි, කෝවිලේදි, ඉක්කෝලෙදි, හෝස්පිටැල් එකේදි, සති පොලේදි,  සුපර් මාකැට්ටුවේදි, ඒ තියා පබිලික් ලැවට්‍රියක් ගාව හරි හමුවෙනව. ඉදිරියේදිත් එහෙම හමුවෙන්න නියමිතයි. ඒක තීන්දුයි.

එහෙම හමුවෙලා... මූණ අතගාල, හිස අතගාල, පුම්ක මිරිකලා, ඔබෙත් මගෙත් දුක විමසන ඒ යම් යම් පුජ්ජලයන් අපෙන් සැප සනීප විස්තර අහාවී. දැනටමත් අහගෙන යන ගමන්!


අහල මොකද කරන්නේ?. මුකුත් කරන්නෙ නෑ. පොඩි වීඩියෝ කෑල්ලක් අරන්, පොටෝ එකක් ගහගෙන හිමීට ආපු වාහනයකින්ම ගම්බිම් හෝ නගර, බංගලා බලා පිටත්ව යාවී.

ඉතීම්, ලබන සැරෙත් අපි දෙනව බැටේ කියාගෙන ඉන්ට අපේ සුවහසක් ඖල මොට්ටල ජහමනයා මොකද කරන්නෙ හිටං... කතිර පෙට්ටිය පුරවයි!

පිරෙන ගාන මදී කියල හිතුනොත් ඒ හිතෝතුන් මොකද කරන්නෙ මයි ප්රෙන්ඩ්ස් ?


Film එකක් පෙන්නාවි !


26 comments:

  1. එක පාර තේරුනේ නැති නිසා ආපහු කියෙව්වා. දැන් ටිකක් තේරුනා.

    "ඔබෙත් මගෙත් දුක විමසන ඒ යම් යම් පුජ්ජලයන් අපෙන් සැප සනීප විස්තර අහාවී". දැන් ශැපද කියලා අහන අය තාමත් ඉන්නවද අපේ හාන්දුරුවනේ.

    ReplyDelete
    Replies
    1. නැතුව!
      ගමේ කඩෙන් ප්ලේන්ටි බොනෝ. ටවුමෙදි කරට අතදාන් කතා කරනව. එක විකාරයයි 🤭

      Delete
  2. සැපට දුකට සනී
    එහෙන් මෙහෙන් පනී
    කිහිලිවලට අනී
    දැන් නොකවුට් වැනී

    ඉස්සර හිටි ගොඩක්
    තේරුම් ගෙන හුඟක්
    බලා ඉඳියි ටිකක්
    එනතුරු ඡන්දයක්!

    ReplyDelete
    Replies
    1. තේරැම් අරං නම් හොදා... හිටං

      Delete
  3. ආන්න එහෙම එකෙක් දුක ශැප අහගෙන එනකල් තමයි මාත් බලාගෙන ඉන්නෙ හිටං.

    னයා

    ReplyDelete
    Replies
    1. දප්ස්ට කරනු එපා රජෝ. එහෙම කරෝතින් බරපතල වැඩ සහිතව හිරේ තමා 🤭🤭

      Delete
  4. මිනිස්සුන්ගේ අර්ථික සාක්ශරතාවය ගොඩක් අඩුයි.. සැප දුක් බලන්න එන විදිහට ජන්දේ දෙන්නැතුව, ෆිල්ම් බලලා ජන්දේ දෙන්නැතුව ආර්ථිකය හසුරවන දිහා බලලා මිනිස්සු ජ්න්දේ පාවිච්චි කරන්න පුලුවන් කලක් එනකං අපි මෙරිගො රවුන්ඩ් එකක තමයි යන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මායියතුමෝ. අපි එකතැන රවුමෙ යනො

      Delete
  5. හොඳ කාලීන මාතෘකාවක් නමියො. නියමයි 👌💐

    ReplyDelete
    Replies
    1. තව කමෙන්ට් වැටුනාම ආයෙ එන්නං

      Delete
    2. හොදා!
      ඔහෙ මක්කවත් ලඟදි ගත්තෙ නැතෙයි?. ගොඩ කාලෙකින් මොනවත් ලිව්වෙත් නෑ......

      Delete
  6. දැන් නමියලගේ බොස් නුත් රටවල් ගානේ එනව නේ කතා කරලා යන්න

    ReplyDelete
  7. ඔය බන්දුව නේද කීවේ තමන්ගේ වයිෆ් ට පීරියඩ් එකක් එනවා කියලවත් දන්නේ නැහා කියල දේශපාලන වේදිකාවක .

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් කීව කියල දන්නෙ නෑ

      Delete
  8. හායි නමිනං කොලුවා සැපදුක කේසේද?

    ReplyDelete
    Replies
    1. සැපට දුක් විඳිනව... ජහමනයනම්.
      මං වහන්දෑ තනිකට හන්ද ඒ විඳිල්ලෙන් බේරිලා ඉන්නව ඉතිම් 🤭

      Delete
  9. සැපට සනී
    දුකට නමී
    හිටියොත් නැවී
    පස්සටත් අරී

    ReplyDelete
    Replies
    1. ඉස්සරාටත් අරින කේස් එකක් තියෙන්නෙ... සජයෙන්! 🤭

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්