පැය 2ක් පුරාවට දිවෙන අපරාධ/ ත්‍රාසජනක ගණයේ
සලරුවක් වන Training Day (2001)හි අධ්‍යක්ෂ Antoine
Fuqua වන අතර පිටපත
David
Ayer. IMDb හි 7.7ක අගයක්ද, Rotten
Tomatoes වල 73% ලෙස rating කිරීම් වලින් ලබාගෙන තිබුණු අතර සිනමා
උළෙලවල් රාශියක... හොඳම නළුවා ඇතුළු සම්මාන බොහොමයක් දිනා ගැනීමත්, හොඳ ප්‍රේක්ෂක
ප්‍රතිචාර ලබා තිබීමත් චිත්‍රපටයේ විශිෂ්ට බව පෙන්වා දෙනව.
චිත්‍රපටියේ plot එක නම්... උසස් වීමක් බලාපොරොත්තුවෙන් තම
එක් දින පරීක්ෂණයට/ඇගයීමට ලක්වන නිලධාරි Jakeට ඒ දවස තුළ මුහුණ දීමට වන සිදුවීම් පෙළයි.
ඔහුගේ පරීක්ෂකයා වන්නේ මත්ද්‍රව්‍ය නාශක උසස් නිලධාරී Alonzo. Jake තමන්ගේ පරීක්ෂණය කාර්යාල භූමියෙන් පටන්
ගැනෙයි කියල හිතුවත්, එය වෙන්නෙ දවස පුරාම උසස් නිලධාරී Alonzo සමග ලොස් ඇන්ජලීස් වටා කරක් ගැසීමෙන්. දවස
ආවසානයේ Jake පරීක්ෂණය සමත් වෙයිද? තමන්ගේ ඉලක්කයට යයිද?
නැතිනම්....
ජාවාරම්කාරයින්, මත් වෙළෙන්දන්... නීතියේ
රැහැනින් ගැලවෙන්න දරන භයානක හා සාර්ථකම වෑයම වෙන්නෙ නීතිය කරවන අය තමන්ගෙ දැලේ
දමා ගැනීමෙන්. ඒ දැලට හසුවන පොලිසියේ පහළම තැන ඉඳල ඉහළම නිලධාරියාත්, නීතිඥයින්,
රහස් පරීක්ෂකවරුන් සතුටු කරන්න... මේ අපරාධකාරයන්ට සිදු වෙනව. කවදා හෝ මේ භයානක
සූදුව නතර වෙන්නෙ දෙපැත්තෙන් එක පැත්තක කෙනෙක් හෝ පිරිසක් මරු වැළඳ ගැනීමෙන්. එතෙක්
ගෙවෙන මේ අන්තර් කාලය, දෙපිරිසටම සටන් විරාමයක්. මේ කාලය තුළ දෙපිරිසම තම තමන්ගෙ ආදායම්
මාර්ගය වන රැකියාවේ නිරත වෙනව.
පහළ නියම ලෝකයට බැහැල නැති Jakeට, හතරදිග්බාගෙම කරක් ගහපු Alonzo... පෙන්නලා දෙනව එහි කටුක යතාර්ථය. ඒ යතාර්ථයට
මුහුණ දෙන්නට Jakeට සිදු වන්නේ තම අවංක පොලිස් හදවතත් එක්ක. මත්
උවදුරින් තොර සමාජයක්, අපරාධකරුවන්ගෙන් තොර නගරයක් පතන Jakeට අමාරුවෙන් නමුත් තේරුම් යනව, තේරුම්ගන්න
වෙනව මේ දූෂිත සමාජයේම /යාන්ත්‍රණයේම කොටසක් බව, නගරය ආරක්ෂා කිරීමට සිටිනා කණ්ඩායමත්
කියා.
එක් පසෙකින් Alonzoට තමුන්ගෙ ජීවිතය ආරක්ෂා කර ගන්න, නියමිත
වෙච්ච මුදලක් හොයා ගන්න සිද්ධ වෙනව. ඔහු ඒ ඉලක්කය වෙත සැලසුම් හදනව. ඒ පසුපස හඹා
යනව. අනෙක් පසින්... මේ ජරාජීර්ණ වූ ලෝකයේ පය නොතැබූ Jakeට සිද්ධ වෙනවා තම හෘද සාක්ෂිය, නීතිගරුක බව
හා නිර්දෝෂීභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න, සටන් කරන්න.
රහස් පරීක්ෂක කතාවලට වහවැටිල හිටපු යුගය මතකයට එනවා. රූපවාහිනිය ආපු මුල් යුගයේ ස්ටාස්කි ඇන්ඩ් හච්, කලම්බෝ, ඒ ටීම් වගේ.
ReplyDeleteඔතනින් ලාවට හරි ඒ ටීම් විතරයි මතක.... Litseeker. ඒකත් ඉතිං බලලා නෑ නෙව.
Deleteබලා නැත මේ පටිය චිත්තර
ReplyDeleteකියෙව්වෙමි තව තවත් විස්තර
දෙවිසි වසරක් පැරණි මුත් මෙය
අදට ඔබිනව වගෙයි සුමිතුර!
එහෙමයි එහෙමයි අයිබොවන්ඩ...
Deleteජැක්සන්ට වඩානම් වොෂින්ටන් ඒකට ගැලපෙනවා
ReplyDeleteනැතිව... පර ජේ. වොසින්ටනයගෙ සුපිරි රඟපෑම නිසා 3න් වතාවක් බැලුව. ආයේ බැලුව මේක ලියන්ටත් එක්ක.
Deleteහ්ම්... ස්ටාස්කි ඇන්ඩ් හච්, කලම්බෝ පිස්සුවෙන් බලපු කාලෙකුත් තිබුනා. මේක බලල තියනවා, ඇත්ත කතාවක්ලු. Alonzo ගෙ ක්‍රමවේද, සම්ප්‍රදායික නොවන කාර්‍යක්ෂම වුවද ප්‍රශ්ණාත්මකයි කියලයි කියන්නෙ.
ReplyDeleteපිස්සුවෙන් බලපු කාලේද... බලු පිශ්ෂුව තිව්නේ. 😄 මේක ඇත්ත කතාවක් නෙවේ ටොමී.
Deleteහිටපු ඒ වගේ තක්කඩි පරීක්ෂක කෙනෙක්ගෙ පෙනුමෙ ආභාෂය නං තිව්නලු Alanzoට. Alanzoගෙ ක්‍රමවේදය ඇවිත් තම බඩ වඩා ගැනීම. ඒක සම්පූර්ණයෙන් වැරදි නෙව.
ආසාවෙන් රස වින්දා. මාසෙකට සැරයක් චිත්‍රපටයක් ගැන ලියන්න.
ReplyDeleteහොඳමායි.........
Delete