Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts


කළා කෘතියක පොඩි පොඩි කොටස් තුලින් වෙන වෙනම රස ජනිත වෙන්ට පුළුවන්. ඒ වගෙම කොටසක් වෙනම ගෙන රස විඳින්න/ කතා කරන්නත් ඇහැකි කියල... පුරාණ පඬිවරයෙක් අටපට්ටමට කියල තිව්න ☺️. ඔය සමහරු කියන්නෙ ආන් අර සිංදුවේ බටනලා part එක මරු, අර film ඒකෙ fight සීන් ටික මරු කියල...

 

ඒ වගෙ ලක්ෂ්මන් විජේසේකරගෙ 'සඳ කිනිති නැමී' කියන ගීතය අහද්දි එකපාරටම දෙවැනි පද පේළිය එක්ක වෙනස් අදහසක මයෙ ඔලුවට ආව. ඒ හන්ද මේ පෝස්ටුව ඒ ගීයෙ සම්පූර්ණ පද රචනාවත් සමග අදාළත්වයක් නැති වග කරුණාවෙන් තකන්න 😁

 

 " ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ "

 

ආදර සම්බන්ධයෙදී අපේ ආදරය අනෙකාට කියන්නද වඩා කැමති, නැතිනං එයා තමුන්ට ආදරේ කියල කියනවටද... වඩා කැමති?

 

ආදරේ කියන්නෙ ක්‍රියා පදයක්ය කියල අපේ උන්දලාම පාරම්බෑවට මොකද අපි වැඩිපුර කැමති එය ලබන්ට. ලැබෙනව කියල දැනෙනවට. එහෙම නෙ?. ඒක නිසා වෙන්න ඇති සම්බන්ධයක් පටන්ගත්ත ගමනෙ ඉඳල අනිකාගෙන් අහන්නෙ, මැසේජ් කරන්නෙ... ඔයා මට ආදරේ නේද කියල.

 

ඒ විතරක්ද... අඳින ඇඳුම තමන් කැමති එකක් වෙනව නම්, කොන්ඩේ පීරන, යන- එන තැන, ආශ්‍රය කරන අය, එකී මෙකී නොකී බොහෝ දේ තමන් කැමති සීමාවේ ඉඳන් අනෙකා අතින් සිදුවෙනව නම් අපි හරි කැමතියි!

 

අයිතිය කියමින් නීතිය, සමාජය ඉස්සරහ උත්සව ශ්‍රීයෙන් විවාහ වෙන්නෙත් ඉතින් ඒක නිසාම නෙ. (පහුව කෙහෙවලු පටලගන්න එකනං වෙනම දෙයක් 😄)

 

ඉතිං එහෙව් ආත්මාර්ථකාමී අපි අතරින් පිරිසිඳු, සුරම්‍යය ආදරයක් බොහොම දුරද මන්ද.




ඔය එක දේව කතාවකත් මං අහල තියෙනව... මුලින්ම තනි කෙනෙක් මවල පස්සෙ ඒ තනි අය අර්ධ දෙකක් කරාය. ඒකයි මේ ආදරය කියා කියා තමන්ගෙ අනික් අර්ධය හොයාගෙන යන්නෙ කියල.

 

ඒ වගෙම කියවපු එක වෛදික යෝගියෙක්ගෙ අදහසක සඳහන් වෙලා තිව්න 'තම සාරය සෙවීම තමයි මිනිසාගේ පරමාර්ථය විය යුත්තෙ/ වෙන්නෙ' කියල.

එහෙම බැලුවම... අපි භාහිර දේවල් වලින් දකින්න හදන්නෙත්, හොයන්නෙත් තමාවමද?

 

" ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ ..."

 

මේ අදහසම ද මන්ද සේනක බටගොඩගේ 'අපි කවුරුද?' පද පේළියේ තියෙන්නෙත් කියල හිතුන ඒ සිංදුව ඇහෙද්දි

 

 

සීසීකඩ විසිරුනු සිතිවිලි

දියබුබුලේ නලියන පෙනකැටි වාගේ

හුදකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වාගේ

නිමක් නෑ...

 

මෙහොතින් මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

ගීයකි ලොව.. සිතුවම් කල..

 

අතරේ අහනවා බලනව මේ අපි කවුරුද

 

ඉර බැසයන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ

ගලා හැලෙන රිද්මේ නැහැවි

ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලග සේ...

 

මොහොතට මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

 

ඕ.. ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

 පෙබරවාරි 4 යෙදෙන විසේසත්වය රජය සමරුවට, ගොඩක් දෙනා celebrate කරන්නෙ පෙබරවාරි 14 යෙදෙන විශේෂත්වය කියලයි මට හිතෙන්නේ... හිත යටින් හරි. ඒක නිසා වෙන්ටෑති සිංහ කොඩි වලට වඩා රෝස මල්,  චොකොලොට් සහ condom, පොඩි පොඩි love gadget, විකිනෙන්නෙ. ඉත්ම් කල් තියාම happy valentine’s day එකක් වේවා කීල එක සිතින් පාත්තනා කරනවා ඔහෙලට.. හිටන්!

 

පිටසටකදි හරි ලැබෙන්න තියෙනවනම්, කෙනෙකුට ආදරයක්... මං කියන්නෙ ඒක ලැබෙනව. ලැබෙනවා මයි. බොරු කීල හිතෙනව නම් මේ කතාව කියවන්න. මේ කතාව මගෙ මිත්තරයෙක්ගෙ මිත්‍රයෙක්ට වෙච්ච සදා අනුවේදනීය වින්ඳනීය සිදුවීමක්..

මේ හාදය බොහොම හොඳ කෙනෙක්. ඒ කියන්නෙ කෙල්ලන්ට බොරුවට ආල වඩන, කොළ කඩා පාන කෙනෙක් නෙවේ. හරි අහිංසක පොරක්. සත්‍යය පෙමක් පතන. අර එක පාර දුටුවම ඇතිවන සංසාරෙ සිට පතා ආ කෙනෙක් කියන feeling එක  එනකං මෙයා ලව් කරන්න ගිහින් නෑ.. ඉතීම් මේ කුල පුත්‍රයාට තම රැකියා ස්ථානයයේ සෙට් එකත් එක්ක ටුවර් එක්ක යන්න සෙට් උනා. කොඉටද දන්නවද. ලී කුවාන් යුන් අපේ රට දිහා බලාන හදා ගත්ත ඉසව්වට... සිංහප්පුරුවට. සමහරු මේ සට උච්චාර කාරන්නෙ සිංගප්පූ(ර්) යන ඉංගිරිසි ඉට්ටයිල් එකෙන්.

දැන් කට්ටිය සිංගප්පූ හෝටලයක. දන්නවානෙ රටේ හැටි. ඒ මදිවට දින දෙක තුනකට වැඩි ටිප් එක. කට්ටිය විනෝද වෙනවා... මසාජ් සෙන්ටර්, බඩු පොට්, බාර්, කැසිනෝ, සාප්පු සවාරි යන්න ඇති... නේ. නොයා ඉන්නෙ මොකටෙයි නෝනාල, ගර්ල් පෙන්ඩ්ල ඔක්කොම ලංකාවේ ඉන්නකොට හිටන්. ඒත් මේ තරුණය ඒ එක දුස්චරිතයකවත් යෙදුනෙ නෑ. එහෙ පවා තාම හිත යටින් හොයන්නෙ අර සංසාර ආදරී.

ඉතින් තනියෙම හොටෙල් එකෙන් එලියට ගිහින් ඇවිදින අතරෙ හම්බුනා කියපන්කො අර විදිහෙ හිතට දැනෙන කෙල්ලෙක්.. මූට. අනිත් සිංගප්පූ කෙල්ලො අතරින් වෙනම.. පොඩි අමුතු ලස්සනක් මෙයාට පෙනුන ඒ කෙල්ලගෙන්. ඒ අමුතු ඇස් විදුළි කොටනවා හා සමයි... ඒ විදුලිය මෙයා මත දෙතුන් පාරක්ම පතිත නොවුනාම නෙමේ. දෙන්නගෙ ඇස් කතා පේම කතාවකට මුල පුරන්න වැඩි වෙලා ගියෙ නෑ. පොඩි වෙලාවකින් දෙන්නට දෙන්න දැන ගත්ත මා පෙර සසරෙ පැතූ පැතුම් තමයි මේ ඉටු වෙන්නෙ කියල. කෙල්ලත් එක්ක පොඩි රවුමක් ගහල කොල්ල කෙල්ලගෙ අනුමැතියත් අරං තමුන් ඉන්ට හොටෙල් එකට එන්න පිටත් උනා...

දැන් කෙල්ල එක්ක මෙයා හොටලයෙ ඉස්සරහ දොරින් ඇතුළු උනා..

වැඩකරන එකා දෙන්න මූණ අමුතුකරන් බැලුම් හෙළුව. සමහර විට මෙයා වෙන කෙනෙක් එක්ක මේ හොටෙල් එකට කලින් අවිත් තියෙන්න ඇතිද....

පිටරටවල කෙල්ලො, කන්නියා භාවය පොඩි කාලෙම අහිමි කරගන්නව කියල මතක් වෙලා මෙයා තමන්ට හමුවුන සංසාර ආදරේ ඉදිරියේ ඒ රතු පැල්ලම් හොයන වැඩේ අතැරිය. ඒවා පිටරටවල සාමාන්නය දේවල්. එයත් මට ආදරෙයි. මාත් එයාට ආදරෙයි. එතනින් එහා දෙයක් නෑ... තදින්ම හිතට කියා ගත්ත. කාමරේ බලා ගමන් ඇරඹුවා. ඇරඹුවා තමා.....

රිසිප්ෂන් එක පහු කරන ලිෆ්ට් එකට ගොඩ වෙන්න හදන අතරේ රිසිප්ෂන් ගර්ල් පොඩි හිනාවක් දැම්ම... ඇඳුනුම් කමට වෙන්නෑ. හිනා වෙලා විතරක් නෙමේ ඒකි “සර්.... පොඩ්ඩක් මෙහෙට එන්නකෝ.. ” කියල අඩගැහුවා. ජෝඩුව ගියා රිසිප්ෂන් එක ගාවට. රිසිප්ෂනිස්ට් මේ හාදයව තව ටිකක් ලඟට අඩගහන් කිව්වා.

සර්......මේ හොටෙල් එකේ ඔය වගේ කපල් ඇතුලට ගන්නෙ නෑ..

සර්ජරියකින් කාන්තාවක් බවට පත්වූ ඇය -
රූපය අන්තර්ජාලයෙන්

             මේ ගීතය ඔහුට උපහාරයක් වේවා 


සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනාගනු කෙලෙසේ...

- - - - - -


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්