සුබ ආදර දිනක්...................

 පෙබරවාරි 4 යෙදෙන විසේසත්වය රජය සමරුවට, ගොඩක් දෙනා celebrate කරන්නෙ පෙබරවාරි 14 යෙදෙන විශේෂත්වය කියලයි මට හිතෙන්නේ... හිත යටින් හරි. ඒක නිසා වෙන්ටෑති සිංහ කොඩි වලට වඩා රෝස මල්,  චොකොලොට් සහ condom, පොඩි පොඩි love gadget, විකිනෙන්නෙ. ඉත්ම් කල් තියාම happy valentine’s day එකක් වේවා කීල එක සිතින් පාත්තනා කරනවා ඔහෙලට.. හිටන්!

 

පිටසටකදි හරි ලැබෙන්න තියෙනවනම්, කෙනෙකුට ආදරයක්... මං කියන්නෙ ඒක ලැබෙනව. ලැබෙනවා මයි. බොරු කීල හිතෙනව නම් මේ කතාව කියවන්න. මේ කතාව මගෙ මිත්තරයෙක්ගෙ මිත්‍රයෙක්ට වෙච්ච සදා අනුවේදනීය වින්ඳනීය සිදුවීමක්..

මේ හාදය බොහොම හොඳ කෙනෙක්. ඒ කියන්නෙ කෙල්ලන්ට බොරුවට ආල වඩන, කොළ කඩා පාන කෙනෙක් නෙවේ. හරි අහිංසක පොරක්. සත්‍යය පෙමක් පතන. අර එක පාර දුටුවම ඇතිවන සංසාරෙ සිට පතා ආ කෙනෙක් කියන feeling එක  එනකං මෙයා ලව් කරන්න ගිහින් නෑ.. ඉතීම් මේ කුල පුත්‍රයාට තම රැකියා ස්ථානයයේ සෙට් එකත් එක්ක ටුවර් එක්ක යන්න සෙට් උනා. කොඉටද දන්නවද. ලී කුවාන් යුන් අපේ රට දිහා බලාන හදා ගත්ත ඉසව්වට... සිංහප්පුරුවට. සමහරු මේ සට උච්චාර කාරන්නෙ සිංගප්පූ(ර්) යන ඉංගිරිසි ඉට්ටයිල් එකෙන්.

දැන් කට්ටිය සිංගප්පූ හෝටලයක. දන්නවානෙ රටේ හැටි. ඒ මදිවට දින දෙක තුනකට වැඩි ටිප් එක. කට්ටිය විනෝද වෙනවා... මසාජ් සෙන්ටර්, බඩු පොට්, බාර්, කැසිනෝ, සාප්පු සවාරි යන්න ඇති... නේ. නොයා ඉන්නෙ මොකටෙයි නෝනාල, ගර්ල් පෙන්ඩ්ල ඔක්කොම ලංකාවේ ඉන්නකොට හිටන්. ඒත් මේ තරුණය ඒ එක දුස්චරිතයකවත් යෙදුනෙ නෑ. එහෙ පවා තාම හිත යටින් හොයන්නෙ අර සංසාර ආදරී.

ඉතින් තනියෙම හොටෙල් එකෙන් එලියට ගිහින් ඇවිදින අතරෙ හම්බුනා කියපන්කො අර විදිහෙ හිතට දැනෙන කෙල්ලෙක්.. මූට. අනිත් සිංගප්පූ කෙල්ලො අතරින් වෙනම.. පොඩි අමුතු ලස්සනක් මෙයාට පෙනුන ඒ කෙල්ලගෙන්. ඒ අමුතු ඇස් විදුළි කොටනවා හා සමයි... ඒ විදුලිය මෙයා මත දෙතුන් පාරක්ම පතිත නොවුනාම නෙමේ. දෙන්නගෙ ඇස් කතා පේම කතාවකට මුල පුරන්න වැඩි වෙලා ගියෙ නෑ. පොඩි වෙලාවකින් දෙන්නට දෙන්න දැන ගත්ත මා පෙර සසරෙ පැතූ පැතුම් තමයි මේ ඉටු වෙන්නෙ කියල. කෙල්ලත් එක්ක පොඩි රවුමක් ගහල කොල්ල කෙල්ලගෙ අනුමැතියත් අරං තමුන් ඉන්ට හොටෙල් එකට එන්න පිටත් උනා...

දැන් කෙල්ල එක්ක මෙයා හොටලයෙ ඉස්සරහ දොරින් ඇතුළු උනා..

වැඩකරන එකා දෙන්න මූණ අමුතුකරන් බැලුම් හෙළුව. සමහර විට මෙයා වෙන කෙනෙක් එක්ක මේ හොටෙල් එකට කලින් අවිත් තියෙන්න ඇතිද....

පිටරටවල කෙල්ලො, කන්නියා භාවය පොඩි කාලෙම අහිමි කරගන්නව කියල මතක් වෙලා මෙයා තමන්ට හමුවුන සංසාර ආදරේ ඉදිරියේ ඒ රතු පැල්ලම් හොයන වැඩේ අතැරිය. ඒවා පිටරටවල සාමාන්නය දේවල්. එයත් මට ආදරෙයි. මාත් එයාට ආදරෙයි. එතනින් එහා දෙයක් නෑ... තදින්ම හිතට කියා ගත්ත. කාමරේ බලා ගමන් ඇරඹුවා. ඇරඹුවා තමා.....

රිසිප්ෂන් එක පහු කරන ලිෆ්ට් එකට ගොඩ වෙන්න හදන අතරේ රිසිප්ෂන් ගර්ල් පොඩි හිනාවක් දැම්ම... ඇඳුනුම් කමට වෙන්නෑ. හිනා වෙලා විතරක් නෙමේ ඒකි “සර්.... පොඩ්ඩක් මෙහෙට එන්නකෝ.. ” කියල අඩගැහුවා. ජෝඩුව ගියා රිසිප්ෂන් එක ගාවට. රිසිප්ෂනිස්ට් මේ හාදයව තව ටිකක් ලඟට අඩගහන් කිව්වා.

සර්......මේ හොටෙල් එකේ ඔය වගේ කපල් ඇතුලට ගන්නෙ නෑ..

සර්ජරියකින් කාන්තාවක් බවට පත්වූ ඇය -
රූපය අන්තර්ජාලයෙන්

             මේ ගීතය ඔහුට උපහාරයක් වේවා 


සිත පරව ගියා

වත මිලින වුනා

කඳුළින් දෑස තෙමා

ඔබ හඳුනාගනු කෙලෙසේ...

- - - - - -


20 comments:

  1. හ්ම්....ඔක්කොම කියව්වා.

    පලවෙනි කතාව නං, අනේ අපොයි අහිංසකයා කියල හිතුනා. දෙවනි කතාවෙ එකා නං රටේ වෙදා.😂🤣

    ReplyDelete
    Replies
    1. හයියූ ඇයි අප්පා ඒම කීනේ බස්පා. කම් නැත, කම් නැත....

      Delete
  2. කොල්ලාට කෙල්ල සංක්‍රාන්ති ලිංගිකයෙක් කියලා අදුනාගන්නට බැරි තරමටම ප්‍රේමයෙන් අන්ධවෙලා.
    තරුණවයසේ ටිචර්ලාට පිරිමි පාසල්වල කොල්ලන් ආදරය කරන එක සාමාන්‍යයි. අපිත් ඒකපාර්ෂවිකව එහෙම කළා..ම්

    ReplyDelete
    Replies
    1. ඒක නෙව... හැබැයි දැන් තියෙන්නෙ ආදරයට වඩා කාමය නේ

      Delete
  3. සුමුදු මලකට පිපෙන්නට වේලාව කියලා දෙන්න ඇහැකිද
    සකුණ ගීතය ගයන්නට හරි නැකත කිව්වට වැඩක් වේවිද
    සම්මතයකින් නීති ගොඩකින් 'ආදරේ' සීමා කලෑකිද
    හිත වටේ වැටවල් ගහන්නට ඇහැකි කාටද; කියා දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒක නෙව නිදි.. පංකාදු කවියට ස්තූතියි

      Delete
  4. අර සිංදුව අපි නං කිව්වෙ "සැක පරව" ගියා කියල.

    බොගෙ ආදර කතාව හදිසියෙන් ලියල කියල පේනව. ඔයිට වඩා නිවීහැනේ ලියාං ඔය වගේ ඉමෝෂනල් එව්ව.

    ReplyDelete
    Replies
    1. අඩේ ඩ්රකියා හදිහෙන් තමා ලීවේ.. නිවීහැනහුමේ ලීවත් ඉමෝසන් විදිහට ලියන්න බෑ හැකියා නෑ මට...

      Delete
  5. මටත් හිතෙනව අපට ලස්සනට ආදරය කරන්ඩ පුළුවං (සෙක්ස්වලිං තොරව හරි) තුන හතරකට විතර.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒම සීමා වෙන්නේ ඩ්රකි.. ඔක්කෝටම ආලේ වඩන එකනේ ඇත්තේ...

      Delete
  6. Replies
    1. ස්තූතියි වැටට Pra Jay.. මෙවන් ආල වෙලා නැද්ද

      Delete
    2. ඔව් අල වෙලත් තියනව අල කරලත් තියනව

      Delete
    3. අපිට වැඩි අස්දැකීම් ඇති ඔබට මාගේ පනාමය පා.ජේ...

      Delete
  7. අම්මප ඔහෙත් කියන කතා.
    Desker Road එකේ ඉන්න එවුන්ගේ 'හා සම' තියෙනවා කිව්වේ බූල් තියෙනවා කියලද? කොම්පියුස් වෙනවා මෙව්වා බලලා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. සම්පුන්න වැද්දියට තේරුම් අරං.. කොම්පියුස් වීම වැද්දී. අනේක ඒ ගැන දැනගන්න මං ඔය බැදිවල ගිහින් නෑ නොවැ වල් වදින්ට..
      ඉත්තූතියි හැට්ටර් තුමා ගොඩවැදුනට...

      Delete
  8. තීම් එකේ මොබයිල් වර්ෂන් එක නං පට්ට අවුල් වගේ. ටිකක් බැලුවොත් මොකෝ.

    ඒක නෙවී ඔය වැඩිහිටි ක්‍රස් කතා දෙක තුනක් තියේ. ඒව ලියල රෙදි ගලෝගන්න බැ ඕයි 😃😃😃

    ReplyDelete
    Replies
    1. html එකෙන් එහා මෙහා කොරද්දී බැරිම තැන mobile version එක අතැරලා දැම්ම. හදන්ට බෑ.
      ඔව් ඔව් මේවා ලීලා සෙදි ගලොගන්ට බෑ. පස්සෙන් පහු මාත් මේක මකනව හිට....

      Delete
  9. දෙපාරක් කියෝලා කමෙන්ට් කියෝනකොටනේ මීටර් උනේ... හම්මා ඇති යන්තම්

    ReplyDelete
    Replies
    1. හයියූ.. ඔයා අවුල් මීටරයක්‌ නෙ.
      තා ඩිංගක් ඉස්සර උනානං මේ පොස්ටුවේම තව කතාවක් කියෝගන්ට තිබ්බ (දැන් ඒක අයින්)

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්