Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

අපෙ ගෙදර වාසය කළ පූස් මහිලාව... ටික කලකට කලින් පණ 9ම ගෙවා දාල ස්වර්ගස්ථ උනා. (ඒ ගැන post එහෙකත් ලීව නෙව) ඒ හන්ද ගෙදර කස්ටිය අලුත් බඩුවක් අරං ඇවිත්. දැන් උන්දත් වාසයට ඇවිත් මාස 5, 6කට වැඩි. හැබැයි කලින් හිටි එවුන් වගෙ නෙමේ මේ හාදය 😁. උර්තල් කියන එක ඌට වැඩිය තේරෙන්නෙ නැද්ද කොහෙද... කවුරුහරි ඇවිත් අතගානව කරනවට එච්චර කැමති නෑ. ඒ හන්ද පොර තනිව තමා කාලය ගෙවන්නෙ. බලු ජෝඩුව පේන මානයකට යන්නෙවත් නෑ.

 

ඒ අස්සෙ මේ ළඟදී කියෙව්ව කොළඹ ගමය මයාගෙ අසල්වැසි පූස්මොටා post එකත් මතක් උනා. සහ මේ ටිකේම එකදිගට බලු පූස් කතන්දර, video, celebritiesලගෙ බලු පූස් gossip තමයි දකින්න හම්බුනෙ. ඒ එක්කම ලියන්න හිතාගෙන හිටි අදහසක් මතක් උනා........


 

විද්‍යාඥයො, සත්වවේදීන් කියන හැටියට සත්ත්ව ලෝකයේ විකාශයත් එක්ක නින්ද ලබා ගන්නා කාලය සීග්‍රව වැඩිකරගත් කොටහක් තමයිලු බල්ලා සහ පූසා කියන්නෙ.

 

ඒක වෙන්නෙ... මිනිස් පරිණාමයත් එක්ක අපි කැලෙන් එළියට ඇවිත් ජනාවාස වෙන අතරේ මුන් දෙකොට්ඨාසය හෙමීට ගෙට රිංගිල්ලත් එක්ක. ඒ හන්ද කැලේදී කෑම හොයන්න, සතුරන්ගෙන් ආරක්ෂාවෙන්න වගේ වැයවන කාලයයි, වෙහෙසයි මේ ජෝඩුව අපි පිට පටවල. ඒ ඉතිරි වෙලාවෙ තමා උර්තලයක් හෙම වෙලා බුහ් බුහ්, ඤාව් කියාගෙන... ආතල් ජීවිතයක්, සැප ඇලට් එකක් දාල තියෙන්නෙ 😆

 

පෙනේද මුන් කොකා පෙන්නල තියෙන තරමක් අපට! යාම ගහන්ට එපෑ 🐍

 

දඩයමට, ආරක්ෂාවට, සටන්වලට, මුදල් උපයන්න... වගෙ ලොකු දේවල් අපි එක්ක ඉන්න cats & dogsලගෙන් නොකෙරෙනකොට, වැඩි හරියක් මේ ජෝඩුව ගෙවල්වල හදන්නෙ හුරලතලයට වගේම තනිකම, විඩාව නිවාගන්නත් එක්කල. ඔය අතරේ මතක් උනෙ, කලියෙන් කියවපු මිනිස් සම්බන්ධතාවයන්ට අදාළ සමාජ පරීක්ෂණ 2,3ක් හා සමාජ විද්‍යාඥයන්ගෙ අදහස් කීපයක් ගැන. පරීක්ෂණවල අවධානය යොමුවෙලා තිවනෙ මිනිසුන්ගෙ සමාජ සම්බන්ධතාවල පිරිහීම, නැගීම සහ වෙනස්වීම ගැන. කෙටියෙන් විස්තරෙ කිව්වොත් සමීක්ෂකයින් පෙන්වල තියෙන විදිහට නම් අපේ සමාජ සම්බන්ධතා පෙරට වඩා දුර්වල වී තියෙන බවක් තමයි පේන්නෙ.

 

සමීක්ෂණ අදහස් හා සමාජ විද්‍යාඥ මත දිහා බැලුවොතින්... මූලිකවම සමාජ පරිවර්තනයන් ඇතුළු කොට ගත්තහම නාගරීකරණය, තාක්ෂණය, සමාජ මාධ්‍යය වර්ධනය, විදේශගතවීම්, පවුලේ හෝ හිතවතුන්ගේ මරණ, වයෝවෘධභාවය එක්ක ඇතිවන ගැටලු, තරඟකාරී ආර්ථික රටාව, රෝගාබාධ හා ව්‍යවසනයන්ට ලක්වීම සහ තවත් කාරණා එක්ක... මේ පෙරළෙන ලෝකෙ සමාජ සම්බන්ධතා පැත්තෙන් අපි යම් පලුද්දක් කරගෙන තියෙන හැඩයි.

 

ඒත්... තවත් කෝණයකින් බැලුවහම පේන්ට තියෙන්නෙ සමාජ සම්බන්ධතා වල යම් වර්ධනයක්. ඒ සමාජ මාධ්‍යය හා තාක්ෂණය ඔස්සේ මිනිසා සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්න අපි ගන්නා උදව්වෙන්.

 

FB post එකකට comment කිරීමෙන්, විශේෂ දවසකට සුභ පැතුම් social media හරහා එක් කිරීමෙන් සමාජ මුහුවීම අද සුලබ දෙයක්. ඒත් එය තාක්ෂණයෙන් ලැබුන පහසුවක් විනා නියම සමාජ සම්බන්ධතා පවත්වාගැනීමක්ද කියන එක සැක සහිතයි. (කොහොමින් උනත් මේ ගැනත් ඇතිවෙන්න පර්යේෂණ, විශ්ලේෂණ සිදුවෙලා තියෙනව නෙ).

 

කෝමෙන් කෝම උනත් සමාජ සම්බන්ධතාවල පොඩි ඩාම් ඩූම් තත්ත්වයක් නං වෙලා තියෙන බව හැබෑව. ඒකට අර උඩ තියෙන, විශ්ලේෂකයන්/ පරීක්ෂකයින්ගෙ පෙන්වා දුන් කාරණා තමයි හේතුව. සහ ඒ කාරණා සේරමට මූල බීජය වෙන්නෙත්... අපේ ආත්මාර්ථකාමී, පුද්ගලිකත්වයම කේන්ද්‍රගත, අධි පරිභෝජනවාදී වීමයි. ඒ කියන්නෙ අපි පෙර පරම්පරාවන්ට වඩා ස්වාර්ථයම මුල්කොටගෙන ගමන්කරන බවයි සමාජ විශ්ලේශකයයන්ගෙ අදහස.

 

ඒ අනුව සමාජ ආශ්‍රය පෙරට සාපේක්ෂව අඩු වෙනව වගේම, පොදු වැඩකදී මේ ආත්මාර්ථය දැඩිකම නිසා ප්‍රශ්න ඇතිවෙන එකටත් ඕනෑතරම් උදාහරණ අපි ඕනෑ තරම් දන්නව.


 

සඳ කිනිති, ගිනියම් ඉර post එකෙත් මේ සම්බන්ධව යම් අදහසක් ලියවුනා. අපි පුද්ගල කේන්ද්‍රගත වැඩි නිසා අපෙන් බාහිර පාර්ශවත් අපි අපිට ඕන විදිහට හසුරුවන්න යනවද මන්ද කියල.

 

හැබැයි ඉතිං අපි ඒ විදිහට... බල්ලෙක් පූසෙක් එක්ක හෝ ඇතිකරන විසිතුරු මාළුවො ටිකක් එක්ක අර වගේ හැසිරෙන්න යනව බොහොම අඩුයි. බල්ලෙක් නිතරම සද්ද කරත්, මේක මහ කරදරයක්නෙ කියල ඇඟට ගන්නෙ නැති තරම්. පූසෙක් ගෙදරින් යන එන වෙලාව ගැන උනත් අපි වැඩිය තකන්නෙ නෑ. සර්කස්වල වගෙ ඉතිං අපි ගෙදර සුරතලාව පුහුණු කරන්න යන්නෙත් නෑ නෙ.

 

මේ නිසා මිනිස්සු පෙරට වඩා අඩුවන, සමාජ ආශ්‍රයේ හිස්තැන පුරවගන්න... සුරතලයට/ පාළුව මකාගන්න ඇතිකරන සතුන් හරහා නොදැනුවත්වම හෝ සපුරගන්න උත්සහ කරනවාදෝ වගෙ අදසහක් තමයි ඇතිවෙන්නෙ හිටං

 

 

සැ.යු - දැන් ඉතිං මේක ලීවේ හැම සුරතල් හිමියෙක්ම සමාජ ආශ්‍රය නිශ්‍රයට නැඹුරු බව අඩුයි කියල හෝ ඒ අයගෙ ආත්මාර්ථය වැඩී  කියල නෙමේ හිටං... හොඳේ🙃 😁


කළා කෘතියක පොඩි පොඩි කොටස් තුලින් වෙන වෙනම රස ජනිත වෙන්ට පුළුවන්. ඒ වගෙම කොටසක් වෙනම ගෙන රස විඳින්න/ කතා කරන්නත් ඇහැකි කියල... පුරාණ පඬිවරයෙක් අටපට්ටමට කියල තිව්න ☺️. ඔය සමහරු කියන්නෙ ආන් අර සිංදුවේ බටනලා part එක මරු, අර film ඒකෙ fight සීන් ටික මරු කියල...

 

ඒ වගෙ ලක්ෂ්මන් විජේසේකරගෙ 'සඳ කිනිති නැමී' කියන ගීතය අහද්දි එකපාරටම දෙවැනි පද පේළිය එක්ක වෙනස් අදහසක මයෙ ඔලුවට ආව. ඒ හන්ද මේ පෝස්ටුව ඒ ගීයෙ සම්පූර්ණ පද රචනාවත් සමග අදාළත්වයක් නැති වග කරුණාවෙන් තකන්න 😁

 

 " ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ "

 

ආදර සම්බන්ධයෙදී අපේ ආදරය අනෙකාට කියන්නද වඩා කැමති, නැතිනං එයා තමුන්ට ආදරේ කියල කියනවටද... වඩා කැමති?

 

ආදරේ කියන්නෙ ක්‍රියා පදයක්ය කියල අපේ උන්දලාම පාරම්බෑවට මොකද අපි වැඩිපුර කැමති එය ලබන්ට. ලැබෙනව කියල දැනෙනවට. එහෙම නෙ?. ඒක නිසා වෙන්න ඇති සම්බන්ධයක් පටන්ගත්ත ගමනෙ ඉඳල අනිකාගෙන් අහන්නෙ, මැසේජ් කරන්නෙ... ඔයා මට ආදරේ නේද කියල.

 

ඒ විතරක්ද... අඳින ඇඳුම තමන් කැමති එකක් වෙනව නම්, කොන්ඩේ පීරන, යන- එන තැන, ආශ්‍රය කරන අය, එකී මෙකී නොකී බොහෝ දේ තමන් කැමති සීමාවේ ඉඳන් අනෙකා අතින් සිදුවෙනව නම් අපි හරි කැමතියි!

 

අයිතිය කියමින් නීතිය, සමාජය ඉස්සරහ උත්සව ශ්‍රීයෙන් විවාහ වෙන්නෙත් ඉතින් ඒක නිසාම නෙ. (පහුව කෙහෙවලු පටලගන්න එකනං වෙනම දෙයක් 😄)

 

ඉතිං එහෙව් ආත්මාර්ථකාමී අපි අතරින් පිරිසිඳු, සුරම්‍යය ආදරයක් බොහොම දුරද මන්ද.




ඔය එක දේව කතාවකත් මං අහල තියෙනව... මුලින්ම තනි කෙනෙක් මවල පස්සෙ ඒ තනි අය අර්ධ දෙකක් කරාය. ඒකයි මේ ආදරය කියා කියා තමන්ගෙ අනික් අර්ධය හොයාගෙන යන්නෙ කියල.

 

ඒ වගෙම කියවපු එක වෛදික යෝගියෙක්ගෙ අදහසක සඳහන් වෙලා තිව්න 'තම සාරය සෙවීම තමයි මිනිසාගේ පරමාර්ථය විය යුත්තෙ/ වෙන්නෙ' කියල.

එහෙම බැලුවම... අපි භාහිර දේවල් වලින් දකින්න හදන්නෙත්, හොයන්නෙත් තමාවමද?

 

" ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ ..."

 

මේ අදහසම ද මන්ද සේනක බටගොඩගේ 'අපි කවුරුද?' පද පේළියේ තියෙන්නෙත් කියල හිතුන ඒ සිංදුව ඇහෙද්දි

 

 

සීසීකඩ විසිරුනු සිතිවිලි

දියබුබුලේ නලියන පෙනකැටි වාගේ

හුදකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වාගේ

නිමක් නෑ...

 

මෙහොතින් මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

ගීයකි ලොව.. සිතුවම් කල..

 

අතරේ අහනවා බලනව මේ අපි කවුරුද

 

ඉර බැසයන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ

ගලා හැලෙන රිද්මේ නැහැවි

ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලග සේ...

 

මොහොතට මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

 

ඕ.. ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

19 වන සියවසෙහි පුරාවෘත්තයකට අනුව, දවසක් සත්‍යය සහ බොරුව එකිනෙකා මුණ ගැසුණ.

බොරුව, සත්‍යයට මෙලෙස පැවසුව.

 

"අද හරිම අපූරු දවසක් !"

දවස ඇත්තටම අපූරු නිසා සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළුව.

දවසෙ බොහෝ වේලාවක් දෙදෙනා එකට ගත කලා, ඔවුන් අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණියා

බොරුව, මෙහෙම කියනව සත්‍යට.

 

"මේ වතුර ටික නම් නියමයි, අපි දෙන්න නාගමු !"

 

නැවතත් සත්‍යයට සැක සිතී, ජලය පරීක්ෂා කර ඇත්තෙන්ම හොඳ බව දැන ගත්ත. ඔවුන් ඇඳුම් ගලවා තබා ළිඳට බැස නෑමට පටන් ගත්ත.

 

හදිසියේම, බොරුව ළිදෙන් එලියට පැමිණ, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යන්නට උනා.

 

මෙයින් කෝප වූ සත්‍යය ළිඳෙන් එළියට පැමිණ තම ඇඳුම් නැවත ලබා ගැනීමට බොරුව සොයා සෑම තැනක ම දුවන්නට විය.

 

නිරුවතින් දුවන සත්‍යය දකින ලෝකය අවඥාවෙන් ඉවත බලා ගනිති.

අහිංසක සත්‍යය නැවතත් ළිඳට බැස එහි සදහටම සැඟව අතුරුදන් විය.

එතැන් පටන් සත්‍යය ලෙස ඇදුම් ඇදගත් බොරුව ලොව පුරා සංචාරය කරමින්, සමාජයේ සැරිසරයි.

මන්ද නිරුවත් සත්‍යය දකින්නට ලෝකය කැමැත්තක් නොදක්වන නිසා.

 

- සටහන පුරුදු විදිහටම ජාලයෙන් උපුටාගන්නා ලදී 😉

 

The world famous painting “The Truth coming out of the well” Jean-Léon Gérôme, 1896.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්