නරියා රජ වුණා වාගේ!
මහ
ආරලු - බුරලු නැති නරියෙක් උන්න. මේකා කළේ නරින්ට ඔබින රාජකාරි නෙමේ.
ඕන් දවසක්
එක්තරා ගෙදරකට වැදුණා. ඒ මොනාහරි මුට්ටියක් හට්ටියකට ඔළුව දාලා බඩ වේල පිරිමහගන්ඩ.
එදා ඒ ගෙදර තීන්ත ගානව. මේකා තීන්ත සුවඳට රැවටිලා හිට එක්තරා මුට්ටියකට හොස්ස
දැම්ම. හපොයි!
මුට්ටිය
ඔළුවේ - ඒකේ තිබ්බ නිල් පාට තීන්ත ඇඟ පුරාම. දැන් මුට්ටි නරියා දුවනව - ඇයි යන එන
මං පේන්නේ නෑනේ. දඩාං ගාලා වැදිච්චි ඔළු ගෙඩිය ගහක.
මුට්ටිය
බිඳුණ. හැබැයි පරහක් තියෙනව. මුට්ටිය බිඳුණාට මුට්ටි කට නරියාගේ බෙල්ල වටේට මාලයක්
වාගේ වැටුණ. දැන් බොලේ නිල්පාට නරියෙක්. බෙල්ලේ වළල්ලක් නිසා හරියට රජෙක් වාගේ
අමුතුම සතෙක් මේක. ගියා අනෙක් සත්තු අතරට. මේක මොකා දෑ බැලුවා සත්තු වට වෙලා.
අමුතු පාටක් - බෙල්ලේ මාලයක්.
නරියා
නේද? බැලුවා සත්තු දිහා උජාරු ලීලාවෙන්.
උඹලා
දන්නවාද මං කව්ද කියලා - මම තමයි - සක්කර මුත්ත උඹලාගේ රජ විදිහට පත් කරල මේ
වනාන්තර අඩවියට එව්වේ.
හැග් -
දිව්‍ය ලෝකෙන් ආවා කීවා...
අනේ
උත්තමයාණෙනි! - ඔබතුමා අද පටන් මේ වන පෙතේ අගරජතුමා - සත්තු දණින් වැටිල බැගෑපත්
වුණා. දැන් රජ අණ පතුරවනවා නරිය. ඌට උවමනා ආහාර පාන වාගේ දේවල් සත්තු ගෙනවිත්
දුන්න. මේ ආරලු - බූරලු නැති නරියා දන්නැති උජාරු පාන්නට වුණා.
දවසක්
කැලේට ආවා සිංහයෙක්. ඌට බයවෙලා සත්තු ටික නරි රජාට කාරණාව වහ වහා වාර්තා කළා.
නරියාට ජම්ම පුරුද්ද හන්දා හූ කියවුණා.
මේකා
මේ මෙච්චර දවසක් වෙස්මාරු කරන් අපි රවටාපු නරි ගෙඩියෙක්නේ කියලා සත්තු එකතු වෙලා
කැලෙන් පන්නලා දැම්ම නරියාව.
එදා
හිටන්, මේවාගේ වෙස් මාරු කරන් නාටක නටන අය
අඳුනා ගනිද්දිත්, ආං ඒ කොයි කාටත් කියන්ට හුරු වුණා:
"හරියට, නරියා රජ වුණා වාගේ?"
දොම්පෙට යන ගමන්...