හැඟීම් දැනවීමේ සංකේත භාෂාව - Emoji


Emoji කියන්නේ පූර්ව නිශ්චිත නමක් හා කේතයක් (unicode) ඇති graphic රූප සටහනකි. emoji මුහුණු හැඟීම් වලින් පටන්ගෙන සතුන්, වස්තූන්, ආහාර, වාහන... ආදී විවිධ දේ දක්වා අද ව්‍යාප්තව නිර්මාණය වෙලා තියෙනව. emoji වල ප්‍රධානම විශේෂත්වය වන්නේ ලෝකයේ සියලු දෙනාටම එහි පොදු අදහස දැනගත හැකි වීමයි.

වර්තමාන ලෝකෙ digital device භාවිත කරන හැම කෙනෙක්ම මේ නම අහල තියෙනව වගේම තමා හොඳ හැටි පාවිච්චිට ගන්න දෙයක් තමයි මේ Emoji කියන්නෙ.

දෙපිරිසක් හරි දෙන්නෙක් අතර හරි සාර්ථක සන්නිවේදනයකට... භාෂා හැසිරවීම, හඬ පාලනය, මුහුණේ - සිරුරේ ඉරියව් වගේ දේවල් බලපානවනෙ. දුරකථන වලින් දුරස්ථව උනත් සිදුවන අදහස් හුවමාරුව නිවැරදිව අඳුරගන්න... හඬේ හැසිරවීම එක්ක පුළුවන්. ඒත් ලිඛිත මාධ්‍යයක දී මේ වැඩේ ටිකක් අපහසුයි. ඉතින් ඒ අමාරු වැඩේ digital අවකාශයේ දී පහසු කරන්න ආපු එක් අපූරුම විසඳුම තමයි මේ Emoji.

ඒත් රාජකාරී හෝ වෘත්තීයේදී... digital පණිවිඩයකට වගේ දෙයකට මේ Emoji එකතු කරන්න නම් බැරි තරම්. ඒ හැර පුද්ගලික/පොදු ඕනෑම digital නිදහස් අවකාශයක මේ Emoji යහමින් පාවිච්චි කරන්න පුළුවන් නෙ 😄😅.

නිකම් වචන ටිකක් type කරල කෙනෙක්ට/ පොදු digital අවකාශයකට මුදාහරිනවට වඩා... Emoji එකක් හෝ කීපයක් ඇතුලත් කරල යවන පණිවිඩෙන්, අර මගහැරෙන emotions වගේ දේවල් ආයෙම එක් කරගන්න මේ ඉමොජි වලින් පුළුවන් වෙනව. 100%ක්ම බැරි උනත් යම් පමණකට සාර්ථක හා පැහැදිලි... හැඟීම සහිත අදහස් දැක්වීමකට Emoji බොහොම උපකාරයි.


Emoji භාවිතයට එන්න කලියෙන් යම් පමණකට හරි භාවිතා කරන්න යෙදුණේ ඊට බෙහෙවින් සමාන Emoticons. අකුරු හා වරහන්, තරු ලකුණ ආදී සලකුණු මගින් තමයි මේ face expression characters, යවන පණිවිඩයකට ඇතුළත් කලේ. මේ සලකුණු ක්‍රමය (characters) හඳුන්වා දුන්නෙ ස්කොට් ෆාල්මන් මහාචාර්යවරය. ඒත් ඊට වඩා බොහොම සිත් ඇදගන්න Emoji කරළියට එන්නෙ Emoticons වලට පස්සෙ... 1997-1999 වගේ කාලෙක ජපානෙන්. e (පින්තූර) + moji (චරිතය) විදිහේ අදහසක් එන Emoji වල ආරම්භකය වෙලා තියෙන්නෙ ජපන් ජාතික ශිගෙතකා කුරිතා.

කෙටි කාලයක් ඇතුළත ජපානයෙන් පටන්ගෙන මුළු ලෝකයේම ජනප්‍රිය වුන Emoji අද පණිවිඩයක් යැවීමට ගන්න ඕනෑම digital device එකක නැතුව බැරි අංගයක්. පසුව unicode ක්‍රමයටද මේ ඉමොජි ඇතුළත් උනා. ඒ වාගේම එක් එක් සමාගම් අතින් විවිධාංගිකරණය වූ emoji ඔවුන්ට අනන්‍ය වූ විදිහේ මුහුණුවරකින් ඉදිරිපත් කිරීමත් සිදු වුනා. මේ නිසා එකම අදහස දක්වන එකම emojiය වුනත් ඔවුනොවුන්ගේ විවිධ device හා system වලට අනුව... පොඩි පොඩි වෙනස්කම් සහිතව දැකගන්න පුළුවන්. උදාහරණයක් විදිහට apple phone එකකින් යවන emojiandroid phone එකකින් දැකගන්නට වෙන්නේ සුළු වෙනසකුත් සමගයි. නමුත් emojiයේ මූලික අදහසට එයින් වෙනස් සිදුවෙන්නෙ නැහැ.


ඩිජිටල් සන්නිවේදන යුගයට හැඟීම් එක්කල ඉමොජි අද නැතුවම බැරි දෙයක්. ඒ නිසාම සමාජ/ මනෝ විද්‍යාඥයන්ගේ, සමාජ විශ්ලේෂකයන්ගේ අවධානයට ද මේ සන්නිවේදන සංකේත ක්‍රමය ලක්වෙලා තියෙනව. සහ වර්තමාන ශබ්දකෝෂය වලට ද මේ Emoji නාමය ඇතුළත් වෙලා තියෙනව 😉.


ආදී මානවගේ Emoji භාවිතය

unicode, blog වලට ඕනෑම Emoji ගන්න මේ site එකෙන් පුළුවන් 👉

20 comments:

  1. ++++++----+++++_---++++_--__-____----++++;} :-]

    ReplyDelete
  2. වටිනා කාලීන සටහනක්. තව විස්තර සහ රූප එකතු කරන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. තව විස්තරනම් අර බෂ්..ශා........ වගේ 🙈

      Delete
  3. මට දුරස්තම ක්ෂේත්‍රයක්. නම විතරයි දැනගෙන හිටියේ.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතීම් වැඩිමනත් යමක් දන්නෙ නෑ Litseeker 😏

      Delete
  4. ༼ つ ◕_◕ ༽つ:-D:-)🙏👌😊🦉

    ReplyDelete
  5. විස්තර නං පංකාදුයි
    පාවිච්චිය හොඳයි තමයි
    ඒවා හොඳ ඔහෙලටමයි
    😀 😌😏 😔 😀😌😏😔

    ReplyDelete
  6. emoji කියන නමත් ඉතින් හරිම cuteනෙ.

    "e (පින්තූර) + moji (චරිතය) විදිහේ අදහසක් එන Emoji වල ආරම්භකය වෙලා තියෙන්නෙ ජපන් ජාතික ශිගෙතකා කුරිතා". මම හිතුවෙ e අකුරින් අදහස් වෙන්නෙ emotions කියලයි 😏.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව් නෙ. එකපාරට එහෙම හැදිච්ච වචනයක් වගෙ හිතෙනව 😁

      Delete
  7. https://www.youtube.com/watch?v=cbH10o2VTXI&list=PLZbXA4lyCtqpiDSJyjI3CmiIfVjbadM6m

    ReplyDelete
    Replies
    1. හප්පේ... ඩ්‍රැක්ස්ව දැපපුපකල් 😁

      හ්ම්. Emoji වලටත් කාටුන් එකක් හැදිල

      Delete
  8. Replies
    1. හුම්. ටෝට් එකට වෙන ආදේසකයක්වත් ගත්තොත් 😂.

      Delete
  9. 🧑‍💻🧑‍💻👳‍♂️👳‍♂️

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්