|
රූපය - අන්තර්ජාලයෙන් |
ඇමරිකාවේ කළු ගෘහස්ථ සේවකයින් එදා ගත කළ ජීවිතය. අද
සිවිල් අයිතීන්, මානව හිමිකම්, සමානාත්මතා ආදිය කතා කලත් පෙර ඇමරිකා එක්සත් ජනපදයේ
එක් අඳුරු කාල පරිච්ඡේදයක් ගැන කියවෙන චිත්‍රපටියක් තමයි The Help (2011). මිසිසිපි ප්‍රාන්තය මේ
වකවානුවේ (60 දශකය සහ ඊට පෙර) දැරුවේ, ක්‍රියාත්මක වුනේ කළු මිනිසුන්ට වඩා සුදු
මිනිසුන් උසස් බවයි. ඒ වර්ණභේදය නීතියෙන් ද එසේම පිළිගැනිණි. ඉතින් මේ රදල සුදු මිනිසුන්ගේ
වහලුන් වූ, සේවකයින් වූ, ගැත්තන් වූ කළු මිනිසුන් එදා විඳි පීඩා, දුක් වල එක්
පැත්තක් අපූරුවට මේ චිත්‍රපටයෙන් පේනවා දෙයි. එදා ඔවුන්ව උදව්වට ඉන්නා අය විදිහට
හැඳින්වූ නිසා ඒ නමම චිත්‍රපටියට යොදා ගෙන තියෙනවා.
සත්‍ය කතාවක් ඇසුරින් ඒ නමින්ම
නිකුතු වූ නවකතාවක් පාදක කරගෙන මේ චිත්‍රපටිය නිපදවූ බව තමයි වාර්තා වෙන්නෙ. අධ්‍යක්ෂණය
Tate Taylor
වන අතර ඉතා දක්ෂ ලෙස රංගනයේ යෙදෙන Octavia Spencer Viola Davis, Emma Stone හැම දෙනාගේම පැසසුමට ලක් වෙනවා. ඒ වගේම දක්ෂතම සහය නිළියට අයත් ඇකඩමි
සම්මානය ලබා ගැනීමට වගේම වෙනත් උළෙලවල් ගණනාවක නිර්දේශයන්ට හා සම්මානයන්ට පාත්‍ර වුනු
Box Office හිට් එකක්. Rotten Tomatoes 76% කුත්, IMDB වල 8/10 ලබා ගන්නවා.
නීත්‍යානුකූල මාධ්‍යවේදියෙකු
හා ලේඛකයෙකු වීමට උත්සාහ දරන ඉයුජීනියා ස්කීටර් අනෙකුත් ගෙවල්වල, කළු සේවිකාවන්ට
දක්වන අඩු සැලකිල්ලි, පහත කිරීම් අතරෙ තම ගෙදර වැඩට සිටි හා තමන් කුඩා කලා සිට
හදාවඩාගත් කළු සේවිකාව තමන් නැති අතරෙ නෙරපා දැමීම නිසා වේදනාවට පත් වෙනවා. මේ
වේදනාව සුදු කාන්තාවන්ගේ තවත් කෲර වැඩ නිසා පලි ගැනීමේ අදහසක් දක්වාද දුර යනවා. ඒ අදහස
කළු සේවිකාවන්ට වන දුක්ගැහැට රහසිගතව එකතු කොට නිර්නාමික පොතක් හැටියට
එළිදැක්වීමත් එක්ක ඇය සඵල කර ගන්නවා. The Help (2011) චිත්‍රපටයේ සාරාංශය ඔහොමයි.
චිත්‍රපටියට හාස්‍ය රසය එක්
කරන්නද කොහෙද Celia Rae
කියන චරිතය ඕනවට වඩා වැඩියෙන් ඒ පැත්තට යොදා ගෙනද මන්ද. ඒ වගේම ඇය වෙන පලාතකින්
ආවත් කළු සේවිකාවන්ට දක්වන යහළුකම හා වෙනසක් නැති කම ටිකක් වැඩි වගේම අයගෙ සැමියත්
කිසිම වෙනසක් නොපෙන්වීම ටිකක් අමුතුයි.
ඒවගේම අන්තර්ජාලයේ සැරිසරද්දී
දැකගන්න ලැබුන ප්‍රධාන කළු චරිත රඟපාපු දෙදනා පස්සේ ඒ චිත්‍රපටියෙ රඟපෑම ගැන පසුතැවුණු
කතාවකුත්.. ඇත්තද නැත්තද හරියටම දන්නේ නෑ. ඒ කොහොම උනත් ඉතා දක්ෂ රඟපෑම් සහිත මේ
චිත්‍රපටිය ලෝකයේ එක් කාලයක හා සමහර විට තවමත් සිදුවන එක් සමාජ නොහොඹිනා කම්,
පිරිසක් සුළුකොට තැකීම ගැන හරි අපූරුවට කතා කරනවා දැක ගන්න පුළුවන්.