ඒකී
කී දෙනෙක් එක්ක නම් ගියාද ආ. මහ වේ#siයක්. හතර අතේ යනව. සමහර දාට
රෑටත් මග. එන්නෙ මහ පාන්දර. පිරිමි කීයක් නම් ඔය ගේ ලඟට ඇවිත් කෑ ගහල ඇද්ද ඈ. සමහර
උන් එක්ක රණ්ඩු... මරාගන්නව. ළමයි; ළමයිම කීයක් හැදුවද. සමහර උන්
මැරුණ. සමහර උන් ආගිය අතක් නැතුව ගියා. අන්තිමට ඒකිත් දැන් ඔන්න යන්න
ගිහින්........
මිනිස්සු
ඔහොම කයි කතන්දර කියන්න තිව්න අපේ ගෙදර හිටි පූස් හාමිනේ මිනිස් හාමිනේ කෙනෙක්
උනානම්. කියන්නත් sad එයා මළා. ගෙදර අය වැඩි ආදරේට කිව්වෙ
කිටි පුංචි. පුංචි කිව්වට ඇඟෙන් ඒ හැටි පුංචිමත් නෑ. වයසෙන් පුංචිත් නෑ. මගෙ පුංචි
ජීවිතෙන් ගත්තොත්😃 භාගයකට කිට්ටු වෙන්ට වාගේ මේ පූස්
ලලනාවව මං දැකල තියෙනව. ඇත්තටම පූසෝ අවුරුදු 12, 15 කට වඩා
ජීවත් වෙනව කියල මං දැන ගත්තෙ අපේ එකාට පිංසිද්ධ වෙන්ට. විස දෙයක් කැවිලද මොක
වෙලාද මන්ද, පෙරේද ඉතිං එයා ගියා. ඇත්තම කියන්න එපෑ ගියයි කියල එහෙමටම
තියා කොහොමටමවත් ලොකු දෙයක් දැනුණේ නෑ මට. දැන් කස්ටිය හිතයිද දන්නෑ මං කිසි
කරුණාවක් නෑය කියල. ඒත් ඇත්ත මං කිව්ව ඔන්. ඒ වගේම ඉන්න කාලෙ පුළුවන් හැටියට ඌට
යහමින් සැලකුව.
කාලෙකට කලින්......... |
අපේ
ගෙදර හිටි පූසන්ගෙන් මට මතක මුල්ම එකත්... පූස් නාම්බියෙක්. අර army short වල
වර්ණයේ ටිකක් saturation අඩු කළු වැඩි පැහැයක් තියෙන්නෙ,
ආන් ඒ කලර් එක ඌට තිවනෙ. ඒකි සැරින් සැරේ ළමයි හැදුව. ඒ ළමයි අම්මට කලින්
වාෂ්ප උනා. අන්තිමේ අම්මටත් මොක උනාද මන්ද... ආගිය අතක් නැතුව ගියා. මං එතකොට
ඉක්කෝල යන පොඩි වයස. ගෙදරින් විපරම් කරත් මිනිය තියා හෝඩුවාවක්වත් හම්බුණේ නෑ මයෙ
හිතේ. ඌගෙන් හම්බුණ ලාස්සනම පැටිය පිරිමි එකෙක්. කොටි typeමයි.
මං කිව්වේ හමේ පාට ගැන😏. දැක්කොත් එකපාර අඳුරගන්නව බොරු... මූ
පූසෙක් කියාල හිටං. ඌත් අම්මට කලින් අන්තරස්දාන උනා හෝඩුවාවක් නැතුවම. ලස්සන හන්ද
කවුරුහරි ඉස්සුවද මන්දත්.
ඔහොම
ඔහොම ගිහින් තමයි මේ දැන් කියන, ළඟදී නැති උන පූෂ් මොටා අපේ ගෙදරට
ආවේ... කාලෙකට කලින්. ආවේ කිව්වට ඌම ආවද, ගෙදර
කවුරුහරි ඇන්න ආවද කියල මට මතක නෑ. බොහෝ විට කවුරුහරි ගේන්න ඇති. මොකද ඌට, ලේන්
එකෙන් අපේ ගේම තෝරගන්න විසේස හේතුවක් තියෙන්න විදිහක් නෑ නෙව. ගෙදරින් හරියටම
විස්තර අහල මේකෙ ලියන්නය කියල හිතේ අදහසකුත් නෑ. ඒ හන්ද දන්න විදිහට ලියන්ටම්...
ඇහැක් විදිහකට ඔයාල මේක කියවන්න.
ලියන්නම්
කිව්වට ඉතිං ලියන්නයි කියල එහෙමට දෙයක් කම්පනා වෙන්නෙත් නැති තරම්. අර උඩහින්ම
කියල තියෙන විදිහට අපේ එකාට වටෙන්ම පූසන්ගෙන් ඇල්ම බැල්ම. ඒක හන්දම වෙන්න ඇති කීප
සැරයක්ම ඌත් බඩ උනේ. උගේ ළමයිත් විසිරුණා. අන්තර්දාන උනා. මැරුණා. ඒත් මව්තුමී...
කාලයක් අල්ලල හිටිය. කාලයක් කිව්වට අවුරුදු 13කටත් වැඩී. මූ මැසිමක් වගේ පැටව්
දාගෙන එන හින්දත්, ඒක ඌට කරදරයක් කියල අපේ අයට හිතුන හන්දත් වෙන්න ඇති...
ගෙදර අය පූස් මමීව ගෙහින් ඔපරේසන් කෙරෙව්ව.
ඒක හොඳක් උනාද නොවුනද දන්නෙ නෑ... ඒත් පූසිට අනික් කරදර නම් එහෙමමයි. යන තැන සමහර පූස්ල වහලවල් උඩ හිට බලන් හිටිය. සමහරු ගේ ලඟට ඇවිල්ලත් කෑ ගහන්න ගත්ත. එහෙමත් කෑ ගැහිල්ලක් අම්මප. අවුරුදු 100කින් විතර රතිකෙලියේ යෙදිල නෑ වාගේ. සමහර වෙලාවට ඒ කෑගහන එවුන් ගැන දුකයිත් එක්කල. ඒ වගේම හිනත් යනව. මේ කෑගහන්නෙ වේදනාවට නෙව 😂😂. අපේ පූසි කාන්තාව, මිනිස් කාන්තාවන් වගේ පූස්ලට අගේ පෙන්නනව වත්ද. බුදියනව කියල ඉතිං හැම එකත් එක්කම වෙලාවක් කලාවක් නැතුව ඉන්න ඈ. නේද අනේ?
අහල
පහල ගෙවල් මොනා හිතනව ඇතිද කියලත් හිතෙනව... ඇයි ඉතිං පූසෝ කෑගහනව කියන්නෙ මළගෙයක්
අත ළඟ කියල මතයක් හෙමත් තියෙනවනෙ. කරුමෙට හෙට මොකෙක්හරි මැරුණොත්. අර මිනිහ මැරුණේ
අපේ ගේ ළඟ පූසෝ කෑ ගහපු හන්ද. සමහර දවස්වල ඕව හිති හිති... හිනාවෙලාවම නින්දට යන
වෙලාවලුත් නැතුව නෙමේ. බැ.රි.වෙ.ලා..වත් මං මැරුණොත්. නෑ නෑ තව කල් තියෙනව ඒවාට
පූසි අපේ ගෙවල් ළඟම වෙන ගේක කාලයක් හිටිය. වැඩි හරියක් එහෙ, ටිකක් මෙහෙ. ඒකට අපේ බලු නාම්බෝ දෙන්නත් වග කියන්න ඕන ටිකක් හරි. ඒ ගෙදර ජෝඩුවට ළමයි නැති එකේ මූව ළමය කරන්. පස්සේ ජෝඩුවට ළමයෙක් හම්බුණා 😂. වැඩි සැලකිල්ල ළමයට යන එක බලන් ඉන්න බැරුවද කොහෙද ගෑණි අපේ ගෙදරට ආයෙම බින්න බැස්ස. හොඳම වැඩේ කියන්නෙ පහු කාලේ ඒ ගෙදර අක්ක පූසව හොයල, අපෙ අම්මට කෝල් කරල අහනව කෝ කියල. අහල අපේ දිහා හිටියොත් එක්කං යනව.
දන්න
විදිහට පූස් සංහතියම කම්මැලි නෙ. වැඩි හරියක්ම නිදා ගන්නව. අපේ එකත් එහෙම්මම තමා.
සමහර වෙලාවට කෑම එක තියල කතා කරාමත් එන්නැතුව කම්මැලිකමේ ඉන්නව. මොන කම්මැලිකම
තිබ්බත් කකුලේ ඇතිල්ලෙන්න රුසිය. කතා කරල එන්නැත්තම් මං කරන්නෙ හිට... කකුලෙන්
බිමට පොඩි තට්ටු දාන එක. ඒක දැක්කම ඌට ඉහිළුම් නැතුව එනව කකුල ගාවට. ඇතිල්ලෙන්නයි,
කකුලේ පෙරලෙන්නයි. සමහර දවස්වලට ගේට්ටුව ගව ඉඳන් කෑ ගහනව... බලු තඩියෝ දෙන්න
මුර හන්ද. ඉතිං අපි උස්සන් එන්න ඕන ගේට්ටුව ගාව ඉඳන් ගේ ඇතුළට. ඒත් මූ මේක හිතලම
කරනවදත් මන්ද. මොකද බල්ලො දෙන්න කුලප්පු නොකර ගෙදරට එන හැටි ඌ දන්නව... දුවන්නැතුව
හීන් සැරේ. පහු කාලෙනම් වයස හන්ද තාප්පෙ උඩින් පනින්න දෙතුන් සැරේ වාරු ගන්නව
දැක්ක හින්දා තේරුණා වයස එක්ක පෙර සෙල්ලම් ඌට දැන් බැරිය කියලත්.
සමහර දාට ගේ අස්සෙ ඉඳල රෑ එළියට යන්න කෑ ගහගෙන එන්නෙ මයෙ කාමරේට. නින්ද කැඩුනත් ගහන්න කියලෑ. මොකද යකෝ කියල ඇහුවම.... ඤෑස් ගානව. ඉතිං දොර ඇරල දෙනව යන්න. ඒ කරලත් ලේසියෙන් යන්නෙ නෑ. දෙතුන් සැරේ මොනාහරි කියොල කකුලේ ඇතිල්ලිලා තමයි යන්නෙ.
මේ පාර ගියා... ගියා ගියාමයි. ආයේ ඒ ඤෑස් නෑ 😐