ත්‍රීවීල් වදන්

 ආටා එක, වීල් එක, ත්‍රීවිලය, ටැක්සිය.... ඔය කියන නම් වලින් වරනගන වාහනය තමයි කවුරුත් දන්න ත්‍රී රෝද රථය. හප්පන් ගිය වාහනෙ ගැන අහපු පොලිස් උන්නැහේට, ආච්චි කෙනෙක් නම් කියල තියෙන්නෙ "මහත්තයෝ මාව රේඩියෝ එකක් හප්පං ගියා" කියලයි. ඒ උන්ද ඒ වාහනේ දැකපු තාලේ.



හන්දියක් හන්දියක් ගානේ තියෙන, ඕන පාරක් දන්න, මහ මග කරදරේකදි මුලින්ම එන කෙනා තමයි ත්‍රීවීල් මල්ලි.. නැත්තං අයිය. සමහර අයියල නම් ලෝකෙ කාල වතූ බීල ඉන්නෙ. එහෙං දැමිලි, මෙහං දැමිලි නිසා ගොඩ වෙලාවට අනතුරු, තදබදය වැඩි වෙන්න හේතුවක්ය කියල ආඬපාලි කියාගත්තු කස්ටියකුත් නැතුව නෙමේ... මේ අයට. කෝම උනත් එදිනෙදා ජීවිත වලට මේ අයගෙ උදව් නැතුව බෑ. ඒ අස්සෙ සමහර අයට මේ අයගෙන් උන ඇබැද්දිත් ඇති.... මටනම් ඉතීම් උදව් ලැබුන අවස්ථා හා අප්සට් seen වෙච්චි නැතිම තරම්. ඒ හින්ද මධ්‍යස්ථ මතයක මං ඉන්නෙ.. අඳුරන බුවාලත් මේ රස්සාව කරන එකේ වැරදි කියලත් බෑ නෙව. කොරියන් විභාගෙට පාඩම් කරන උන් ටිකකුත් හිටිය... කාලයක්.  සමහර උන් බැඳලා. Park එකේ ඉන්න ගමන් කොරියන් ඉගෙන ගන්නවා... පොත් බල බල. ඒ අතරෙ සුද්දන්ට හයර් යන්න  කතා කරනවා... come sir/miss. මීටර් හෑව්. යු වෙයා ගෝ....

          මට උන හොඳ වැඩ වලින් එකක් මේ -

ඒ කාලේ වැඩ කළ ඔපීසියේ වැඩකට කොහිදෝ ගොහින් ආපහු එනකොට පෝං එක ඒ ත්‍රීවීල් එකේ තියල ඇවිදින්. ඒ අස්සෙ හයර් එකේ ගාන දීල තිව්නෙත් අඩුවෙන් නිසා ඇඟේ මයිල් කෙලින් උනා... එකක් නෑර. හැබැයි උන්ද call කරපු ගමන් ගත්ත... අරං කීව, පෝං එක අහවල් කඩෙන් තියන්ටම් ගන්නෙයි කියල. එදා උන්ද ගිය පැත්ත බලං වැන්දෙ නැති ටික විතරයි ඉතීම්...


එක කාලයක් ආව කුෂන් සීට් අතුරාපු, ඇලුමිනියම් වැටවල් ලියවැල් වගේ වටේ දුවපු, තොරනකට නොවැඩි ගණනින් බලුප් වැල් ඇදපු, හයි පයි සමාන සවුන්ඩ් සිස්ටම් සතු වෙච්ච ත්‍රීවීල් යුගයක්. හරියට භවනක් වාගේ ඒවා. සමහර ඒවා නම් යකාගේ භවන සදිසි... මිනී ඔලුත් ගහල තිව්න. ඔය හැම වැඩකම යෙදුනේ ඉතින් තරුණ පිරිස තමා... උන්ගෙ කලාව එලියට ආපු විදිහ තමා ඉතින් ඒ. දැන්නං ඒ සුකුරුත්තං අඩුයි... ඒත් නැතුවාම නෙමේ. දැන් ඉතින් රත්තරං වටිනා තෙල් හොයාගන්නත් සෑහෙන කට්ටක් කන්න එපා.. ඒ වගේද spare parts වල ගණන්, service charge එහෙම.  ඒ නිසා වෙන්න ඇති කෙනෙක් මේම ගහල තිව්නෙ.

නන්දෙ ඔයා දීපු සැපට දවාලෙ තරු පෙනුනා...

  මේ කොරෝනා වලට ගහපු වදනක්... 


හදිස්සි ගමනක් යන්න, ගෙදර වයසක උන්දැව කොයි හරි එක්ක යන්න, ගෙදරට බඩුටික අරගන්න, බස් නැති දවසෙ/ වැහි දවසෙ ගෙදර යන්න, හොර ගමනක් යන්න... ඔය කියාපු නොකියාපු හැම ගමනටම ත්‍රීවීල් සහෝල ඕන වෙනව. අතරින් පතර සහෝදරියොත් ඉන්නව නෙව. ඒ විතරක් නම් මදෑ බොන තැනක ඝනපූර්ණය රකින්නත් උදව් වෙන වෙලාවල් තියෙනව... මේ සහෝල. ඒ අතර වලි, kidnap, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු නානාවිධ දේවල වලට පවා සමහරක් අයගෙ සම්බන්ධය ඇදිල යනව.... ගෙවන සිල්ලර ජීවිතයත් එක්ක. මේ බොහෝ අයගෙ වැඩි දුර අධ්‍යාපනයක් නොමැති කම, දුරාචාරවලට යොමු වීම, පවුල් අසමගිකම, ජීවිතයේ සැලසුම් සහගත බවක් නැති කම නිසා... life එක එකම තැන. අද හම්බකරොත් අද කනවා. ඉතුරු තිව්නොත් හෙට වැඩ නෑ වගේ ජීවන රටාවක් තමයි... බොහෝ අයගෙ. ඒක දැන් ඒ අයට පත්තියන් වෙලා ඇට මිදුළු දක්වා. ඉතිං ගෙදර, පවුල තුළ දියුණුවේ කුඩාම ලකුණක්වත් දකින්න බැරි තරම්. ඔය අතරේ උපාදි ගත්ත, උගත් දැනුමැති අය පවා මේ ජොබේ නැතුවාම නෙවේ.

ඔහොම ජීවන ගමන් යමින් මුළු ජීවිතේම මහමග ගෙව් ත්‍රීවිල් උන්දලා කස්ටියකුත් ඉන්නවා නෙව.


අපිට අමතක උනාට මේ උපසංස්කෘතියත්... ලංකාව ඉන්නෙ කොතැනද කියල සලකුණු කරන්න දායකත්වය දරනවා.

එහෙව් විවිධ ජීවිත රටාවලින් වලින් නැගෙන වදන් තමයි අපට ත්‍රීවිල් පිටිපස්සේ ලියවිලා තියෙනවා දකින්න ලැබෙන්නෙ. මේ සමහර වදන් ඒ අයගෙ මුළු ජීවිතම විදහා දක්වන කැඩපත, ජීවන දර්ශනය වෙන්න පුළුහං... තමන්ගෙ අනාගත සිතුම් පැතුම්, බලාපොරොත්තු වෙන්නත් පුළුහං.

ඒ නිසා ඒ හැම වදනක් තුළම නොකියවුණු කතාවක් ඇති.. පිටුහින් වෙන්ට ලියාපු......

 

පිඹගෙන එන්නෙ ඉඹගෙන යන්නද

රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව

Masha Allah

වමෙන් ගියත් අපි දකුණේ

මං නැති දා සිතට දුකක් නුඹට නම් නැති

If you are Bad. I'm your Dad

රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත

හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්

මම ඇරලා යන්න හරිම සූරයා

මම රාජ කුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක්

ණයට හයර් යන්න සිතා රථයට ගොඩ වෙන්න එපා

කට්ට උනත් ආසාවෙන් කනකොට පට්ට

ගෙනාවෙත් නෑ ගෙනියන්නෙත් නෑ ඉන්නකං විතරයි යකෝ

කරුමේ ඩබල් පින සිංගල්

දවසක් ඒවි අපිත් අපේ හීන වලට යන

නැන්දම්මේ උඹත් එපා. උඹෙ දුවත් එපා

නැන්දෙ මාමෙ මේ අහන්න දුව බෑ අමතක කරන්න

ගුල්ල වැඩර් වෙන්නේ බාල ලීයෙදි විතරයි

අපිට හොරෙන් අපි විකිනෙන අමුත් රටක් මේක

අම්මා සඳක් වූ ලෝකෙ මුළු අහසම නුඹයි තාත්තේ

සෑම මවක්ම ලෝකයේ අනාගතය තම කුසේ දරා සිටී

කොලොම්පුරේ නුඹේ ගෙදර පහළ කාමරේ මාව තියා ගන්න බැරිද රත්තරං පුතේ

අම්මේ ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි

මල් පිරි පොකුණත් කලකට කලින් මඩ වලකි

රුපියල් සත නිසාද අපිට මේ දුක

ලොවට බොරු කළ හැකි නමුත් තම සිතට බොරු කළ නොහැක

අවංකව සිනාසෙන්නේ කිරි දරුවන් පමණි

ළිඳ මගේ නම්, මං ළිඳේ නම් කාටවත් ඇයි වේදනා

සිංහලේ, දෙමළේ, මුස්ලිම් ලේ මිය ගියාම එකම වලේ

නුඹ ගඟක් වෙලා ගලන්න - මට හුඟක් වෙලා නාන්න

වයසට ගියත් - හවසට ගෙදර

අපිත් මාතෘකා, අපි නැති තැන්වල

ඔබ පහුඋනා නොවෙයි මා ඔබ පහුකලා

පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න

No Race - අම්මා Case

මාලේ ගෙලේ, චේ පපුවේ, කිසිම දෙයක් නෑ ඔලුවේ

අපිට හිනා වුණු අයට රෝද තුනක්වත් තිබුනෙ නෑ අම්මෙ

කොල්ලො ළපටියි - කෙල්ලො කපටියි

කාසි සද්දෙ දැම්මට නෝට්ටු සයිලන්ස් Bro

කට්ට කන්න බැරිනම් පට්ට හීන දකින්න එපා බන්

හැමෝම දාන වදන්වලින් අපි දැන් පදං වෙලා Bro

වේලි වේලි හිටියත් කෑලි කෑලි කැපුවත් හාල් කෑලි නම් එපා

ගමට බහිද්දි මිනිස්සු මාව අඳුරගන්නෙ වාහනේ සද්දෙන්

කොල්ලො කරුවලට බයයි නම් මෝහිනීට කොහෙන්ද ළමයි

දුව ගෙදර පහන නම් අපි ලයිටර්ද අම්මෙ?

සල්ලිම ජීවිතේ කර ගත්තට මිනී ඇඳුමෙ සාක්කු නෑ මහත්තයො

ගොලුවොත් කාතාකරයි ඇති දාට, කතා කරන අයත් ගොලුවෙයි නැති දාට

බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් මම අද කෝටිපතියෙක්

කෙල්ලො ළඟ හිටියොත් හොටෙල් බිල්, දුර හිටියොත් ෆෝන් බිල්, දාල ගියොත් බාර් බිල්

රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත

අයිසැක් newton අපිත් දකින්නැති ගණන් හදන්නැති ඒ කාලේ, campus යන්නට ලකුණක් මදි ඇති ඒකයි තවමත් මහපාරේ

ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට ලයිසන් එකක්

ලොවේ විශ්වාසවන්තයින් දෙදෙනෙකි. එක් අයෙක් මියගොස් ඇත, අනෙකා ඉපදී නැත.

මා පසුකර යන රියදුරන්ට ත්‍රිවිධරත්නයේ පිහිටයි

මග හැරුණු අතීතයට වඩා ගොඩනගාගත් අනාගතය වැදගත්

අපිට පනින නයි, මුගටි හපා කයි

අපේම නයි අපිවම කයි

සෙවනැල්ල පවා සිටින්නේ ආලෝකය ඇතිවිට පමණි

හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද

ONLY ONE SUN SHINE FOR ALL

NO BODY HONEST IN THE WORLD

Oh Please Let me Come in Your Dream This Night

NO BODY HONEST IN THIS WORLD

assumption is the mother of all screw ups

කොච්චර ගස්සල පද්දල ගියත් අන්තිමට කුස්සිය තමා නංගි

ආදරය නැමැති මාලිගාවේ යතුර විශ්වාසයයි

හෝන් ගැහුවට පාර පළල් වෙන්නෙ නෑ හු##

සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි

සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්

සම්බුදු සරණයි , එංජිම පරණයි

 

“ත්‍රීවීල් කරුවෝද මනුෂ්‍යයෝය”

 

 

ආයේ පත්තරේක දැක්ක මේ කවිය ත්‍රීවීල් එක්ක ගහල තිවන කියල...

මට මං වෙන්න මේ හොඳටෝම ඇති

මට ඌ වෙන්න තව ටිකක් මදි

ඒ ටික වෙන්න ජීවිතේ කාලය මදි

ඒ නිසා මට මේ ටික හොඳටම ඇති

 

මේ අස්සෙ තවත් blog වල ලියා තිව්න ත්‍රීවිල් පොස්ට් හතරක් හම්බු උනා... ඒවත් ඉතීම් කියවල බලන්ට.

 

ඉවාන් පවුලූශා -  කරුමෙ ඩබල් පින සිංගල් - මේකනම් පොඩි විග්‍රහයක යෙදෙනවා යෙදුන් සම්බන්ධයෙන්

පාඨයකාගේ පිටුව - ''අපිත් මාතෘකා, අපි නැති තැන්වල'' ( 'නූතන ප්‍රස්ථා පිරුළු' හෙවත් ත්‍රිරෝද රථ කියමන්)

සෑම්ගේ කතාව - ත්‍රීවීල් සහ පරිකල්පන මෙව්වා එක... SL Tuk Tuk Habits !!

වල් පල් - ත්‍රීවීල්,ලොරි සහ බස් අයියලාගේ කතා

20 comments:

  1. මොකක්ද අර මයිල් කෙලින් වෙච්ච කතාව?

    හොඳ මාතෘකාවක්. හොඳ විස්තර සහිත ලිපියක්. ඇත්තටම මේක උප-සංස්කෘතියක් තමයි.

    ReplyDelete
    Replies
    1. ආ..... ඒක කීවේ නිකමට. නිදියගෙ බඩේ මයිල් පොස්ටුව සිහි වෙලා. 😄😄

      Delete
  2. කිව්වම ඇස්වහ වදියිද මන්දා
    නොකීයා කොහොමද ඇත්තම හන්දා
    බරසරු, හරබර ලිපියක් හන්දා
    සීයට සීයක් දෙනවා 'කිවි දා'

    ReplyDelete
    Replies
    1. 👍👍👍.....
      නිදි.... ඉවාන් පවුලූශාගෙ පොස්ටුවත් බලන්ට. ඒක හොඳ විග්‍රහයක් කරලා තියෙනව

      Delete
    2. මං ගිය සතියේ ගෝඨා ගෝ ගමේ උපවාසය කරන වෙලාවේ සෑම් එතනට ආවා. පරණ blog කරුවෙක් විදිහට එයාව හඳුන්වලා දීලා දවස් තුනේම විටින්-වට ඇවිදින් මං ගැන හොයල බැලුවා.
      පාඨයකාගේ බ්ලොගයේ පෝස්ටුව ගොඩ දවසකට කලින් කියවල, කමෙන්ටුවකුත් දාලයි තිබ්බේ.
      ඉවාන්ගේ ලිපිය අද තමයි කියෙව්වේ.
      යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි (https://nidigepanchathanthare.blogspot.com/2019/03/blog-post_6.html) පොස්ටුවෙදී ක්යපු බ්ලොගර්ස්ලා එකතු වුණු දවසේ ඉවාන්වත් හම්බ වුණා! දැන් ඉවාන් ලියන්නෙ fb එකේ විතරනේ.

      Delete
    3. ඉවානය කොහේ බ්ලොග් ලියන්නද? ඌ තාම අර මුදලාලියගෙ ලැට් එක අස්සෙ හිරවෙලා එලියට එන්න බැරුව ඉන්නෙ. හැක්..

      Delete
  3. ඇයි ගෝ හෝම් එක?

    ReplyDelete
  4. ඔය සමහර සෙටප් වල ත්‍රීවීල් දාගෙන යනකොට හිතෙන්නෙ උංගෙ කං ඇහෙන්නෙ නැද්ද කියලයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ශබ්ධ දූෂණය. උන් වගේම තමයි සමහර බස්වල අයත්.

      Delete
  5. ලස්සනම එක තමයි "නන්දෙ ඔයා දීපු සැපට දවාලෙ තරු පෙනුනා" කියන එක. අද විරෝධතා පෝස්ට' එකක් දැක්ක " I don't need s-x, the government f--ks me every day" කියලා. ඒක "නන්දෙ දීපු සැපට" හොඳට මැච් වෙනවා.

    ටුක් ටුක් වලට සම්බන්ධ නැතත් තව නිතරම කියවෙන එකක් තමයි "ලාභය පෞද්ගලිකයි -පාඩුව පොදුයි" (Gain is private, loss is shared) කියන එක. ඒක වෙන context එකකින් කියවෙන එකක් උනත් ලංකාවෙ දැන් තත්වෙ අනුව ටුක් ටුක් වල ගහන් යන්න හොඳ එකක්.

    ReplyDelete
    Replies
    1. එතෝට..... මම ඇරලා යන්න හරිම සූරයා - බැසිල්

      Delete
  6. ගමනක යන්න ත්‍රීවීල් එකක් තෝරාගන්න හොඳ දෙයක්. රියදුරුගේ මනස මෙයින් කියවාගන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. හ්ම්... හැබැයි Litseeker කුලී පදනමට පදින හා යාලුවන්ගේ ඒවා පදින පදින ඈයොත් ඉන්නවා.....

      Delete
  7. අපූරු ලිපියක් . ශ්‍රාස්ත්‍රීය නිබන්ධනයක් කරන්නට වටින විෂයක්. සාහිත්‍යය සහ ඉතිහාසය විෂය නිර්දේශයෙන් ඉවත් කල පාපයේ අනාථයින් වුණු පරපුරක හිතුවිලි මේ වැකි තුලින් කියැවෙනවා. රටට වැඩදායී මානව ශ්‍රමයක් නාස්ති කරන රැකියාවක් වුණත් හදිසියකදී නිබදවම සහයට එන පිරිසක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අනුරුද්ධ.. ඇත්තටම මේ අය ගැන ශාස්ත්‍රීය පර්යේෂණයක් විය යුතුයි

      Delete
  8. ත්‍රී වීල් වඩන් නම් සුපිරි. කාලෙකින් එන්න බැරිව ගියා බ්ලොග් එක පත්තෙ. සොරි වෙන්න ඕනෙ මලයා.

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතිං මක්ක වෙනවද.... තෙලුත් දැන් වැඩී නෙව.

      Delete
  9. ඉවාන් පව්ලුෂා අඳුන ගත්තේ ඔය ත්‍රිවිල් ලිපිය නිසා. - මාලේ ගෙලේ චේ පපුවේ - මේ මම ලියපු එකක්. https://kolambagamaya.blogspot.com/2019/11/1.html

    ReplyDelete
    Replies
    1. හ්ම්. මේ කියවන්න යනවා අජිත්.....

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්