මේ පොස්ටුව
කාටවත් මඩ ගැශීම්ක් හෝ චරිත ඝාතනයක් ශඳහා නොවේය.
කලින්
දැනුවත් කරල හිටින්න එපෑ. නැට්ටං පොලිස් ගානේ, හතරවෙනි තට්ටු ගානේ යන්ටයි වෙන්නෙ.
මට ඒම යන්න, ශිර බයියන් කන්න, ලාච්චු ඇර ගන්ට බැරිය.
ඔන්න මහින්ද මාත්තිය දේසපාලන කලබගෑනි වලින් ඈත් මෑත් වෙලා ගෙදර පොඩි විවේක පාඩුවක ඉන්නකොට හිටන්, නෝනී ඇවිත් කිව්වා ‘මේ.. කෑම ලැහැත්ති...’ කියලා.
මහින්ද
හිටියෙ මිදුලෙ හාන්සි පුටුවක කකුල් දෙක ඇඳි දෙකේ තියාන. සාටක පොටත් ළඟම... එතෝට
සුරේ එක අතක අනෙක් අතේ පෝං එක. සුළං රැලි හෙමි හෙමීට එන වෙලාවක් මේ. පපුව ඇතුළු උඩ
කොටහටත්, සරම අතරින් කයේ යටි කොටහටත් වැදෙන මේ සිහින් සුළං රැලි අතරේ හිත රිදෙන රිදුම්
පිරිමදින්... හැබැයි ඒ මැටි පැලක හෙම නෙවේ.... හොඳින් සෙවිලි කළ අනේක විද පහසුකං
ඇති modern ගෙදර. එහෙම හිට අප්පච්චි එදා - අද අතර ගැට ගැහුණු අතීත පාලම මත ගමන්
කොර කොර හිටියෙ... අයිය, මලෝ, පවුල, තමුන් දැන් හිටින තැන් ගැන. ඒ අස්සෙ ගෝඨා මලයට
හච්චුන් එකක් ගෙහුන්ද කොයිද මහින්ද අයියට කෝල් කරනවා.
අයියෙ
දැන් කොයිද....... ඉන්නෙ
ගෙදර......
ජනපති මලේ, තා කොහිද?
මාත්
ගෙදර...... නිකමට මතක් වෙලා ගත්තෙ. තියන්නං.
හ්ම්.
හ්ම්... එහෙම කියල මහින්ද e-bay එකෙන් අලුත ගත් satellite පෝං එක පැත්තකින්
තිව්ව. පරණ එකට හැම එකාම දැන් call කරනවනෙ... සැපද කියල
බලන්නත් එක්කල. එකයි මහින්ද අලුත් එහෙකට මාරු උනේ... කාලේ අනුව.
‘මලය
උනත් දැන් වැඩි ඇයි හොඳයියක් නෑ වගේ. ඔව් ඔව්.. මිනිහ ලඟදි හම්බුවෙච්චි කොට මට
වැන්දෙත් නෑ’. අප්පොච්ච තමාටම කියා ගත්ත. ආයේ මතක් උනා ගෙදර පොඩි සන්දියෙදි මූ
මට වැන්දෙත් නෑ නෙව මේ තරම් කියල. එතකොට මූ මට ජනපති වෙලා, හැම ප්‍රසිද්ධ තැනකම
වාගේ වැන්දෙ..... ඇයි?. කෙල උනොත් මාව උකසට තියන්න වත්ද. මේ සැකය හිතට අවුදින්
මහින්දගේ ඇඟේ මයිල් කෙලින් උනා. ඒ අතරේ ගෙදර ඉන්න වැඩකාර ගෑණිත් ඇවිදින් ‘සර් කෑම
ලැහැත්තියි කරල ගොඩක් වෙලා...’ කියල කිව්ව. අප්පොච්ච ඒකටත් හුම් කියාගෙන කුස්සියට
ගියෙ ‘වැඩකාරිත් දැන් එක විදියක්.. මේකිත් අපි නැති ටිකේ ගියාද දන්නෙ නෑ උද්ඝෝෂණ
වලට’ කියල හිත හිත.
කාල
කරලා හිට.. ආයේ ගෙයි වටයක් ගහල මහින්ද, පුටින්ට කෝල් එකක් දුන්න. එහෙ වෙන දේවලුත්
දැන ගන්න එපායෑ. පුටියගෙ phone එක හොඳටෝම busy. ආයෙ මහින්ද ආව ඉස්සරහ හාන්සි පුටුවට. ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන්...
හලේ...
මහින්ද ගොරෝසු ස්වරය අඩු නොකරම කතා කරා.
හායි
මයින්ඩ.....
කවුරු.......
අප්පොච්චට දැන් හොඳටෝම කේන්ති. කාපු ඒවත් දිරෝගන්න try කරන වෙලාවෙ බඩත් අතගගා මතක් කරා.
මයින්ඩ...
මං මං. මම Joe Biden. බයිය සිංහලෙන්ම
කතාව පටන් ගත්ත. ආයේ මොකටද English කියල හිතල. මහින්ද එක
පාරම පුදුම උනා අලුත් phone එකේ number එක කොමද මූ හොයාගත්තෙ කියල. ආයේ සිහි උනා සිරාගෙ web site ඒකත් hack කරපු
එකේ... පොඩි එකකේ, මේවත් වැඩද කියල.
ආ....
Joe. මොකද මේ හැන්දෑ කරේ... කියල
ඇහුවට, ජෝයිගෙන් ඇහුවෙ නෑ දැන් සැපෙන්ද කියල.
හැන්දෑ
නෙවේ එළි වෙලා... උඹල කරපු වැඩ ඔක්කොම කොට උඩ නෙ. My god.. උද්ඝෝෂණ දැන් වැඩී නෙ. මේ පාර නම් ගමට
ගිහින් බේරෙනවා බොරු වගේ නෙ. ජෝයි බයිය එහෙම කියද්දී මහින්ද පොඩි
හිනාවක් දැම්ම. ‘ඕව ඉතින් දේසපාලන ජීවිතේ එනව නෙ. උඩ යනව. යට යනවා.... ඩාම්
ඩූම්. උංගල් උඩය පේර... ආ වැරදුනා. ඕව
ගණන් ගන්න ඕන නෑ. ආ... මේ මං තියනව. බැසිල කතා කරනවා. පස්සෙ ගන්නං.
කියන්න
බැසිල්.. කියල මහින්ද තම එක කුස උපන් මල්ලීට කතා කෙරුව.
අයිය.. මං රට යනව. ගියාට මං ආයෙ එනව. හිතුනොත්... ඇවිත් ආයේ යනව. u can't see
me.. එහෙනම් මං තියනවා. ඥාණ අක්කගෙ පිහිටයි.
%^#$# වේ..si.
ඕකුං තමා අපිව කෑවේ. මාව කෑවා සුමානය. ගෝඨාව කෑවා මේ ගෑණි. එහෙම කියල
මහින්ද රටේ ලොකුම ප්රශ්නය: තමන්ගේ රජකම බලුකමට දෑවේ කවුද කියල හිතන්න ගත්ත..
ආයේ කොලේ
එකක් ආව ඔය අතරේ... චමල්. අයියත් දැන් වැඩි ඇයි හොඳයියක් නැති වග මහින්දට කතාවෙන්
තේරුනා. පෝං එක අරං අනික් අතට මහින්ද ගත්ත උපන්දා හිට
තමන්ට වැඩ කරපු 69ටත් වග කියන්න ඕන සමාගම් සභාපතියෙක්ට. ‘මේ ඕයි මං
මහින්ද.....’
Hello.. go h.o.m.. ආ.......
god evening සර්. කියන්න
හදිස්සියේම. ඒම කියද්දී මහින්දට කල්පනා කරා හදිස්සි....
මට මොන හදිස්සිද. ‘මේ මං නිකං ගත්තෙ. තමුසෙ ගැන බලන්න. මං තියනව’. එහෙම
කියල මහින්ද ආයෙම තමුන්ගේ සුපුරුදු පුරස්නය මතක් කර ගත්ත.
මං පයිල්
තියාගෙන මුන්ට නටන්න දුන්නු හන්ද ද මේම උනේ. නැහ්නං සැලුන් දොර හන්ද ද. විමලයද මාව
නැති කලේ... ගමන් පිලවද, ජොනි බෝයිද, වාසු, GL, කබරාල, බැසිලද?...... අපේ
හාමුදුරුවනේ. හිත කෑ ගහල කිව්වා. මහින්දට හරියට හිතා ගන්නට බෑ. මොකාද මට, මගෙ
රජකමට කෙලෙව්ව එකා කියල. පුටුවෙ මේම වාඩි ගෙන හිතන ගමන් තමන්ගේ හෙවනැල්ල දිහා බලං
ගොඩ වෙලා මහින්ද ඒ ගැන කම්පනා කරා.
ඒ අස්සෙ ගොක් කොළ, පොල් කොළ අතරින් බිමට වැටුණු මද හිරු එළියෙන් ඉංගිරීසි අකුරු දෙකක් බිම ඇඳිල තිව්න...
* * * * * * *
* *
මට හම්බුනා වෙනස් තාලේ නැකත් සීට්ටුවක්..... මේන් බලන්ඩ. මං හෙම නෙමෙයි ලීවේ ඔන්ට හොඳේ
නව
සඳ බැලීම -
පරණ අවුරුද්ද
සඳහා ස්නානය -
අප්‍රේල් 13 වෙනි බදාදා.
ගූ නාන එක කොමත් බොලාට පරම්පරාවෙන් උරුම
නිසා ඔලුවෙයි කකුලෙයි නෙමේ පුම්කෙ ඉඳල ගූ අතුල්ලාන, ගාගෙන.... නාන එකයි ඇත්තෙ.
ඉෂ්ට දේවතා විදිහට ඤාණක්ක, අර ඇස් අඳ සාත්තරකාරය වගේ අය සිහි කර ගනිල්ල. කොමත් උඹල
ඉතිං උන්ගෙ සරණ යන එකේ ආයේ සිහි කරන්න දෙයක් නෑ නෙව... ඕකුං.
නොනගතය
-
ඕනෙමනම් පොඩි උන් එක්ක ගොහිං පන්සල
පෙන්නන එකයි ඇත්තෙ. ඒත් පොඩි එකා අර හාමුදුරුවෝ ඇයි නිල්, අරය ඇයි කහ කියල අහපුහම
දිව කට වේලෙන්න ගනී නං ගෙදරම හිටු..... නැහ්නං ඉන්න පෝලිමක හිටු. කෙබර හලන්නෙ
නැතුව... අවුරුදු දවසෙත්.
ආහාර පිහින්න කරන්ට්, ගෑෂ්, භූමි තෙල් නැති
එකේ ඒ පෝලිම් වලටම වෙලා හිටු... ඒව එනකං. ඇඟේ මාලු නටෝ නටෝ.... එලියට උතුරල යනකං
හරි.
ආහාර අනුභවය
-
පවුල එක්ක 100යේ ටී එක බෙදාන, කොකිස්
පැකට් එකක් කඩාන කන එකයි ඇත්තෙ. තියෙන ඈයො ඉතිං උස්මුරුත්තෙ හැදෙනකං කන, බොන එක
කරනවා නෙව.... එපා කීවත්.
වැඩ ඇල්ලීම
හා ගණුදෙනු කිරීම -
හරියට වැඩක් කරන පුරුද්දක් කොතැනද
තිව්නෙ... අපේ ජහ මනයට. රාජකාරි වෙලාවෙත් මුකුත් නොකර හිටි එකේ වැඩ අල්ලන වෙලෙත් ඒ
විදිහටම ඉන්ට එකයි ඇත්තෙ. එදාට බොරු සෝබන ඇතුව. අනික ඉතින් අපේ උන්දලා වැඩක් කරනවා
කියන්නෙ ඉතින් නැට්ටෙ හිට ගොම නොවැ.
ගනුදෙනු කරන්න තියා කෑම දිසී මාරු
කරගන්න හිතන්නවත් එපා. මේ වෙලාවෙ පෝලිමක නෙවෙයිනං ඉන්නෙ දොර, ජනෙල්, ගේට්ටුව වහල ඇතුළට
වෙලා නිස්සදවම හිටු... බල්ලොත් ලිහ දාල. (ඕව ඉතින් කොමත් පුරුදු ඒවා නෙව). ගනුදෙනු
කරන්න තියා.... හාල් එන්නෙත් ණයට නැව් වලින්. තියෙන පනං කීය හරි ඒවාට දෙන්න තියා
ගනින්ල.
ආහාර අනුභවය,
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම කරන වෙලාවට රෙදි තිව්නොත්.. පාට නොබලා ඇඳගන්ට. ආයේ හෙට
අනිද්දා රෙදිත් නැති වෙයි....... වැලේ වනල තියෙන එකේ හිට.
හිස තෙල් ගෑම
-
ගාගන්නම ඕනෙ නං පන්සලට පල..... එකා
දෙන්න හෙමීට. රොත්තම දැක්ක ගමනෙ හාමුදුරුවො පන්සලේ ගේට්ටුව වහයි.... උද්ඝෝෂණ උන්
මෙහෙටත් එනව කියල හිට. හිරිකිතයක් නැති නම් අප්පොච්චිගෙ ගෙදරට ගිහින්ම ගා ගන්න try කරාට කමක් නෑ..... උන්දවත් බය නොකර.
රැකී රක්ෂා
සඳහා පිටත්ව යෑම -
යෙදෙන්නෙ අප්‍රේල් 18. ඒත් වැඩපොළෙන්
කතා කරන දාට පල. නැහ්නං එදාට වෙන එකෙක් උඹේ පුටුවෙ ඉන්න පුලුවහං.... ඒ තරමට job නැති උන් එලියෙ ඉන්නව බොලව්.
පැළ සිටුවීම
-
අනේ උඹල හිටෝන පැළ. වවල තියෙන පැළේකට,
ගහකට හරි වතුර ටිකක් දාපල්ලා... පුලුහං වෙලාවකට.
නාමිතුමාට නානක්කාගෙ පිහිටෙන් සුබ නාන අවුරුද්දක් වේවා.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාජේ හොයියෝ.!
Deleteතිස් අවුරුද්දක් බොලා තිස් අවුරුද්දක් අර අගේට පැන්සන් ගිහිල්ල තිස් අවුරුද්දක් ගමට වෙලා බණක් බාවනාවක් කරගෙන තිස් අවුරුද්දක් මුනුපුරෙක් නලවගෙන තිස් අවුරුද්දක් කාල්ටන් එකටවෙලා තිස් අවුරුද්දක් රජෙක් වගේ ඉන්න හිටපු තිස් අවුරුද්දක් මෛන්ද මාත්තය තිස් අවුරුද්දක් හුළං දාල මායං දාල තිස් අවුරුද්දක් කොළඹ ගෙනත් තිස් අවුරුද්දක් නිකංම නිකං තිස් අවුරුද්දක් නාකි මෛනා කල්ල හිටන් දැන් කොකිෂ් කාල නව ෂඳ බලන්නලු තිස් අවුරුද්දක් . අම්මප
ReplyDeleteඔහුව් ඔහුව්... බලෙන්ම වාගේ තමා ඇන්න ආවෙ මෛන්ද මාත්තයව..
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා Me තුමා!
හම්මේ නැකැත් ටික නම් ලෙසටම දීල නොවැ.
ReplyDeleteහෙහ්...හෙ 😄😄
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා ලියෝනි තුමී!
ඔබට ත් එසේම වේවා නමි තුමෝ.
Delete.... කියන්නට වදන් නෑ - කියන්නම් කතාවක්
ReplyDeleteහොඳයි ලිපිය ඇත්තයි - සුපිරි කල්පනාවක්!
හෙහ්..හෙ😄😄
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා නිදි..!
අවුරුදු ක්‍රීඩා නැද්ද?
ReplyDeleteක්‍රීඩා. ඕනෙමනං බට්ට පාරක් පනිමු 😄😄
Deleteසුබ අලුත් අවුරුද්දක් Litseeker..!
මම වැඩියම කැමති පලවෙනි කොටසටයි. ඒකෙ හාස්‍ය රසය ඇරුනාම, ගැමි කතාවක තියෙන කතන්දර රසයත් තියෙනවා. තව එකක් ලියහං.
ReplyDeleteටැංක්ස් බෂ්. ඒත් හදිසියේ වාගේ ලීවෙ.... මගෙ ඉතිං කතා ලීමේ හැකියාවක් නෑ කියල දන්නවා නෙව.
Deleteසුබ අලුත් අවුරුද්දක් බස්.!
තමන්ගෙ හැකියාව තේරුං ගනින් උක්කුං පුතේ! හාන්සිපුටුවෙ කකුල් උඩ තියාගෙන "බහින්ඩ චින්තනය" ගැන හීන දැකපු මෝටිවේෂන් අප්පච්චි, ගමන්-පිලවා, සැලුන් දොර වගේ වචන හරඹ කරලත්, "කතා ලීමේ හැකියාවක් ඤැහ්"?
Deleteමේං තව ලස්සන පෝස්ට් එකක්. ගිහින් සපෝට් එකක් දීහං.
http://angaharuwa.blogspot.com/2022/04/blog-post.html
ටැංකිව් මේ පොස්ටුව පෙන්නුවට බෂ්..... ගෙහුං ඔහේ පෙන්නුව ලංකාදීපයටත් ගියා.
Deleteඅපේ උන්දලාට බස්වල යන්න හයිය මදි..... අල්ලාන නෙළයි කියන බය තියෙනව නෙව
මෙච්චර දෛවඥයන් ඉන්නවා, ඤාණක්කලා ඉන්නවා, කවුරුත් හැදුවෙ නෑනෙ මෙහෙම නැකැත් සීට්ටුවක්.
ReplyDelete"හිරිකිතයක් නැති නම් අප්පොච්චිගෙ ගෙදරට ගිහින්ම ගා ගන්න try කරාට කමක් නෑ..." බෑනෙ.. අප්පච්චිගෙ ඒ 'ගාම්භීර' කටහඬින් තිස් වසරක යුද්ධෙ ඉවරයි දැන් උඹලට ෂැ-ප-ද කියලා අහලා පොඩි ලමයින්ව බය කරනවනෙ.
ඒකත් එක පස්නයක් නෙ... 😄😄
Deleteසුබ අලුත් අවුරුද්දක් Lotus.!
සුබ අලුත් අවුරුද්දක්!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් යාත්‍රිකයා!
Deleteමේ 2018 ලියවුනු ලිපියක්(හොට බිම ඇනීමට පෙර). රට බංකොලොත් කියලත්, තාම වගේ වගක් නැති කස්ටිය ඉන්න රටක් මේක.
ReplyDeletehttps://chandimagomes.blogspot.com/2018/03/tragedy-of-sri-lankan-lower-middle-class.html
කියෙව්වා බෂ්... ඕකට ඇතුළු බොහෝ ලාංකේය පුරස්න වලට මහා පොදු සාධකය විදිහට තියෙන හේතුව.. මේ කඩදහි අධ්ජාපනය. මෙ අධ්ජාපනයෙන් උගතුන් බිහි වෙනවා කියන එක පට්ට කෙප්පයක්. නිවට නියාළුවො තමා බිහි වෙන්නෙ... බටහිරට කත් අදින
Deletehttp://rasikalogy.blogspot.com/2022/04/once-in-lifetime-opportunity-to-change.html?showComment=1649949588998#c1356952312001958104
ReplyDeleteගියා, කියෙව්වා... Me තුමා
Deleteඔබ මේ සටහන තුලින් අවුරුද්ද, අරගලය සහ රටේ වත්මන් තත්වය හාස්‍යයෙන් ඉදිරිපත් කල විදිහ හරිම හැඩයි. මාසෙකට සැරයක් වත් මේ වගේ සටහනක් ලියන්න බලන්න. චන්ද්‍ර අනගිරත්න, කසුරි, මානිගේ ලිපි සිහියට ආවා.
ReplyDeleteඅම්මෝ උඹ
ReplyDelete