මේ වැස්ස අස්සෙ හීතලට ගුලි ගැහෙන්න..... නෙවේ, ඇඟේ හිරිමැලි
හිරිඔතප් කඩාගෙන පොඩ්ඩක් hot වෙන්නත් එක්කලා සිංදුවක් අහමු. සිංහල එකක් නෙවේ ඉංගිරීසි සිංදුවක්J. රැජිනගෙ රටේ... රැජින group එක කියපු.
We Will Rock You... මේ සිංදුව අහපු නැති කෙනෙක් නැති තරම්. අමතක අයට
සිංදුවේ හඬ ඇහුණ ගමන්ම මතක් වෙන තරමේ ලොව පුරා එකසේ ජනප්‍රිය ගීයක්. මේ ගීයේ පද
මාලාව ගැන (විචාර) මතත් දෙක තුනක් තියෙනව. ඒත් ඒ එක අර්ථයක්වත්, පදමාලාවේ උචිත බවවත්... වැඩි තේරීමකින්
තොරව, ගීය බොහෝ ක්‍රීඩා තරඟ, ප්‍රසංග සඳහා භාවිත කර තියෙනව... ඒ "We Will Rock
You" වැකියත්, වේගවත් ආකර්ෂණීය හා ජවසම්පන්න
සංගීත රටාවත්, ගායනයත් නිසා.
ජාතික පාපන්දු ලීගය, ජාතික හොකී ලීගය සහ මේජර් ලීග් බේස්බෝල් හි 2008-2009 වාර වලදී වැඩිපුරම වාදනය වූ ගීය... We Will Rock You ගීයයි. සහ වර්තමානයේ දී ද වෙනත් අනුවාද සහිතව හෝ රහිතිව වැඩිම වාදනය වන ගී අතුරින් එකක් වන්නේ මෙයයි.
Buddy, you're a boy, make a big noise Playing in the street, gonna be a big man
someday You got mud on your face, you big disgrace Kicking your can all over the place,
singin' We will, we will rock you We will, we will rock you
Buddy, you're a young man, hard man Shouting in the street, gonna take on the
world someday You got blood on your face, you big
disgrace Waving your banner all over the place We will, we will rock you, sing it! We will, we will rock you
Buddy, you're an old man, poor man Pleading with your eyes, gonna make you
some peace someday You got mud on your face, big disgrace Somebody better put you back into your
place We will, we will rock you, sing it We will, we will rock you, everybody We will, we will rock you, hmm We will, we will rock you Alright |
ගීයේ පද රචකයා වන්නේ 'Queen' band එකේ guitarist Brian May. ගයන්නෙ Queenහිම නායක කවුරුත් දන්න Freddie Mercury. බලලා ඇති නේ Bohemian Rhapsody (2018) ෆිල්ම් එක... Rami Malek ඉන්න.
Queenල එයාලගෙ ඇල්බම් එකක් වන News of the World සඳහා 1977දි තමයි මේ සිංදුව
පටිගත කරල තියෙන්නෙ. Brian
මේක ලියල තියෙන්නෙ සරල වචන ටිකක් යොදාගෙන. කුඩා - තරුණ - මහළු
යන පිරිමියෙක්ගෙ අවධින් තුනක් තමයි මේ පදමාලාවට ඇතුළත්. මේ පිරිමි ළමය පොඩි කාලේ
ඉඳල අමාරු ජීවිතයක් ගත කළ බවයි පේන්න තියෙන්නෙ... ඒත් ඔහු නොනවතින ජීවය ඇත්තෙක්.
කොහොම උනත් මේ පද මාලාවට... සංගීතය හා ගායනය යොදා
ගෙන තියෙනවා උචිත ද නැති ද කියා පවතින්නේ අසන්නා, විඳින්නා එය දිහා බලන විදිහ මත
තමයි.
Official music video එකට වඩා ලයිව් sing කරපු Live Aid show එකේ කියපු එකේ පොඩි ගැම්මක් තියෙනව. අනික Freddie කියන්නෙ ඉතින් ප්‍රසංගයකදි රසිකය වඩාත්ම ඇදබැඳ ගන්න හා තම ගායනයට රසිකය එකතුකරගන්න දක්ෂතමයනෙ. මේක බලන්න.
Commercial වලින් ගත්තොත් Pepsi ඇඩ් එක ගොඩක් ජනප්‍රිය එකක්. Britney Spears, Beyonce, Pink & Enrique Iglesias ඉන්න මෙන්න මේක. කොම උනත් අර චිත්‍රාල්ගෙ 'නදී ගංගා' එකට වෙච්ච වැඩේ තරම් නම් සවුත්තුවක් නෑ. එකේ බේබද්දවයි බොන එකයි, සිංහයවයි සිංහලෝකයටයි සමාන කරානෙ.