Seven Years in Tibet - Sinhala Subtitle |
තම උපන්
බිමෙන් පවුලෙන් දුරස්වීම හා සිරගත වීමත්, වෙනත් දේශයක
කාලාන්තරයක් ජීවත් වන්නට සිදුවීමත් කෙනෙකුගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරයිද....
ඔස්ටියානු
කඳු නගින්නකු වන හෙන්රිච් හැරර් පිරිසත් සමග නග්නා පර්බාත් තරණය කරන අතරතුර නොසිතූ
අර්බුදයකට මුහුණ දෙන්න වෙනව. ඒ ඔවුන්ගේ ජර්මානු පුරවැසිභාවය හේතුකොටගෙන... ඉංග්‍රීසින්ගෙ
සිර අඩස්සියට ලක් වීමෙන්.
කාලයකට පසු
එයින් ගැලවෙන හෙන්රිච්ට සගයෙකුත් එක්ක ආසියාවේ, ටිබෙටයේ ගෙවන
වෙන ජීවිතය... කටුක, රසවත්, ආධ්‍යාත්මික සුවය මුසුවූ එකක්. ඒත්
එක්කම අහඹු සිදුවීමකින් හෙන්රිච්ට ටිබෙටයේ, එවකට කුඩා
වියේ සිටින 14වන දලයිලාමා තුමා සමග සමීප ඇසුරක් පවත්වන්නටද අවස්ථාවක්
සැලසෙනව. මේ කාලයේ චීනය තම ආධිපත්‍ය වෙනත් රටවල් වෙත මුදා හැරීමත්, දෙවන
ලෝක යුද්ධයත් සිදුවන සමයක්. මේ සියලු දේ සමග ටිබෙටයට, ටිබෙටයේ ආධ්‍යාත්මික
ගුරුවරයාට, හෙන්රිච් හැරර්ට කුමක් වේද... හැරර් හා ටිබෙටයේ ආධ්‍යාත්මික
නායක දලයිලාමා තුමාගේ මිතුදමට කුමක් වේවිද...
ඒක දැන ගන්න
නම් ඉතින් හැරර් අතින්ම ලියවුනු Seven Years in Tibet පොත කියවන්න
වෙනව. නැතිනං ඒ පොත ඇසුරින් ඒ නමින්ම 1997දී නිපදවූ Brad
Pitt, David Thewlis, BD Wong ප්‍රධාන චරිතය හොබවන මේ චිත්‍රපටය
බලන්නම වේවි.
ආධ්‍යාත්මික
ස්පර්ශයක් සමග හදවත පුබුදුවන මේ සලරුව බලන්න... පුළුවන් නම් වෙලාවක් වෙන් කරගන්න.
සිංහල subtitle
හදා බයිස්කෝප් එකට දුන්නත් ඒ උන්දලා පළ කලේ නැහැ. ඒ නිසා මේ film එකේ
සිංහල sub ඒක මෙතනටම අමුණනවා. මේකෙ sub හොයන කෙනෙක්ට
මෙතනින් හරි ගන්ට පුලුහං වෙන්ටය කියල.
මේ නිර්මාණ ගැන මෙහෙම අවධානය යොමු කරන එක හොඳ දෙයක්. බලන්න නොහිතපු එකක් උනත් බලන්න හිතෙනවා.
ReplyDeleteහුම්... ඒත් වැඩත් එක්ක ගොඩක් අයට ෆිලුමක්වත් බලන්ට වෙලාවක් නැහැ නෙව Litseeker තුමෝ
Deleteහොඳ ක්ලැසික් ෆිලුමක් වගේම සබ් වැඩෙත් හොඳයි. බාගදා උඹ දන්නවත් ඇති? සබ් වලට මෙන්න මේක පාවිච්චි කරලා, ඉංග්‍රිසි සබ් ෆයිල් එක ගූගල්ට කියලා පරිවර්ථනය කලෑකි.
ReplyDeletehttps://nikse.dk/subtitleedit
මං පාවිච්චි කොරන්නෙ....... මේක බකුස්
Deletehttps://www.syedgakbar.com/projects/dst
ෆිලුමත් නියමයි, සබ්ස්තුත් නියමයි සසර ගැන කියයි රසවත්ව
ReplyDeleteබ්ලොගයේ ලියන්ට කලියෙන් දුන්නට; ෆිලුම ස්තුතියි හිතවත්ව
මං නං හොඳටම සැටිස් වුණා මේ ෆිලුම බලාලා තැන්පත්ව
බලන්න සකියනි, බලන්න වටිනව ඔබට තියේ නං වේලාව!
ස්තූතියි නිදි... කයියට හා ඇගයීමට
Deletehttps://time.com/3116448/tibet-never-before-seen-footage-tenzin-phuntsog/
ReplyDeleteටැංක්ස් ලිංකුවට.... පර ජේ
Deleteනලින් සිල්වාද කිව්වෙ නම පර ජේ කියල?
Deleteඅනේ මහත්තයො... අපි අඳුරන්නෙ නෑ නෙව ඔය ලොකු ලොකු අය 😂😂
Deleteවැරදීමට කමා... Pra Jayතුමෝ
හරිම ලස්සන චිත්‍රපටයක්. සටහන තව ටිකක් දිගට ලිව්වා නම් හොදයි.
ReplyDeleteහුම්..... sub දැම්ම හින්ද එහෙම නොකරෙ
Delete