Seven Years in Tibet (1997) - Sinhala Subtitle

Seven Years in Tibet - Sinhala Subtitle

තම උපන් බිමෙන් පවුලෙන් දුරස්වීම හා සිරගත වීමත්, වෙනත් දේශයක කාලාන්තරයක් ජීවත් වන්නට සිදුවීමත් කෙනෙකුගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරයිද....

ඔස්ටියානු කඳු නගින්නකු වන හෙන්රිච් හැරර් පිරිසත් සමග නග්නා පර්බාත් තරණය කරන අතරතුර නොසිතූ අර්බුදයකට මුහුණ දෙන්න වෙනව. ඒ ඔවුන්ගේ ජර්මානු පුරවැසිභාවය හේතුකොටගෙන... ඉංග්‍රීසින්ගෙ සිර අඩස්සියට ලක් වීමෙන්.

කාලයකට පසු එයින් ගැලවෙන හෙන්රිච්ට සගයෙකුත් එක්ක ආසියාවේ, ටිබෙටයේ ගෙවන වෙන ජීවිතය... කටුක, රසවත්, ආධ්‍යාත්මික සුවය මුසුවූ එකක්. ඒත් එක්කම අහඹු සිදුවීමකින් හෙන්රිච්ට ටිබෙටයේ, එවකට කුඩා වියේ සිටින 14වන දලයිලාමා තුමා සමග සමීප ඇසුරක් පවත්වන්නටද අවස්ථාවක් සැලසෙනව. මේ කාලයේ චීනය තම ආධිපත්‍ය වෙනත් රටවල් වෙත මුදා හැරීමත්, දෙවන ලෝක යුද්ධයත් සිදුවන සමයක්. මේ සියලු දේ සමග ටිබෙටයට, ටිබෙටයේ ආධ්‍යාත්මික ගුරුවරයාට, හෙන්රිච් හැරර්ට කුමක් වේද... හැරර් හා ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමාගේ මිතුදමට කුමක් වේවිද...

ඒක දැන ගන්න නම් ඉතින් හැරර් අතින්ම ලියවුනු Seven Years in Tibet පොත කියවන්න වෙනව. නැතිනං ඒ පොත ඇසුරින් ඒ නමින්ම 1997දී නිපදවූ Brad Pitt, David Thewlis, BD Wong ප්‍රධාන චරිතය හොබවන මේ චිත්‍රපටය බලන්නම වේවි.

ආධ්‍යාත්මික ස්පර්ශයක් සමග හදවත පුබුදුවන මේ සලරුව බලන්න... පුළුවන් නම් වෙලාවක් වෙන් කරගන්න.

සිංහල subtitle හදා බයිස්කෝප් එකට දුන්නත් ඒ උන්දලා පළ කලේ නැහැ. ඒ නිසා මේ film එකේ සිංහල sub ඒක මෙතනටම අමුණනවා. මේකෙ sub හොයන කෙනෙක්ට මෙතනින් හරි ගන්ට පුලුහං වෙන්ටය කියල.



12 comments:

  1. මේ නිර්මාණ ගැන මෙහෙම අවධානය යොමු කරන එක හොඳ දෙයක්. බලන්න නොහිතපු එකක් උනත් බලන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හුම්... ඒත් වැඩත් එක්ක ගොඩක් අයට ෆිලුමක්වත් බලන්ට වෙලාවක් නැහැ නෙව Litseeker තුමෝ

      Delete
  2. හොඳ ක්ලැසික් ෆිලුමක් වගේම සබ් වැඩෙත් හොඳයි. බාගදා උඹ දන්නවත් ඇති? සබ් වලට මෙන්න මේක පාවිච්චි කරලා, ඉංග්‍රිසි සබ් ෆයිල් එක ගූගල්ට කියලා පරිවර්ථනය කලෑකි.

    https://nikse.dk/subtitleedit

    ReplyDelete
    Replies
    1. මං පාවිච්චි කොරන්නෙ....... මේක බකුස්
      https://www.syedgakbar.com/projects/dst

      Delete
  3. ෆිලුමත් නියමයි, සබ්ස්තුත් නියමයි සසර ගැන කියයි රසවත්ව
    බ්ලොගයේ ලියන්ට කලියෙන් දුන්නට; ෆිලුම ස්තුතියි හිතවත්ව
    මං නං හොඳටම සැටිස් වුණා මේ ෆිලුම බලාලා තැන්පත්ව
    බලන්න සකියනි, බලන්න වටිනව ඔබට තියේ නං වේලාව!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි... කයියට හා ඇගයීමට

      Delete
  4. https://time.com/3116448/tibet-never-before-seen-footage-tenzin-phuntsog/

    ReplyDelete
    Replies
    1. ටැංක්ස් ලිංකුවට.... පර ජේ

      Delete
    2. නලින් සිල්වාද කිව්වෙ නම පර ජේ කියල?

      Delete
    3. අනේ මහත්තයො... අපි අඳුරන්නෙ නෑ නෙව ඔය ලොකු ලොකු අය 😂😂
      වැරදීමට කමා... Pra Jayතුමෝ

      Delete
  5. හරිම ලස්සන චිත්‍රපටයක්. සටහන තව ටිකක් දිගට ලිව්වා නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. හුම්..... sub දැම්ම හින්ද එහෙම නොකරෙ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්