රෙසිලියන්ම රට ලංකාවය කියල මීට ටික
කලකට කලින් එක උගත් තැන්පත් කෙනෙක් කියනව මං අහගෙන. හුම්, මිනිස් සමාජය කියන්නෙම
ප්‍රවාහක් නෙව. ලෝකෙ කොහොමත් හැදිලම තියෙන්නෙ ගමන් කරන්ට/ ගලන්ට තමා. ආයෙ ඉතිං ලංකාව
කියල අමුතුවෙන් වෙනම එකක්යැ.
ඒරොප්පෙන් හදිකරන්න ආව, සුනාමි ආව, අප්පච්චි
ආව, කොරෝනා ආව, නයි ආව, ගඟවතුර ආව... ඔය හැමේකෙන්ම ගොඩ ගියා. පුළුවන්
හැටියකට. අපිට විතරක් නෙමේ වෙනිං රටවලටත් සුනාමි - කොරෝනා ආව. එතකොට වෙන අයට
පරමාණු බෝම්බ, ගිනිකඳු පිපිරීම්, නායායෑම්, භූකම්පන... හුම් ඔයවගෙ තමයි හිටං.
හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද... කරන්න
දෙයක් නෑ. හදන්න දුන්නු අයටත් හදාගන්න බෑලු. සබ්බ සකලමනාවම සේව් කරල තිව්න හාඩ්
ඩිස්ක් එක 😪.
දවස් කීපයකට කලින් වැහැපු වැස්සෙන්
හාඩ් එක ඇතුළට වතුර ගිහින් හිටං. වැහි වතුර ටිකක් වැටිලා කියල දැක්කෙත් වැඩ නොකරන
හන්ද කවරෙ ගලවලා බලද්දින්. අර පොඩි තාලේ තියෙන Laptop හාඩ් එකකට Enclosure
එකක්
ගහලා external එකක් විදිහට තමා ඒක පාවිච්චි කරේ. බැකප් තියාගන්න අහදස් කරන් හිටියත්
එච්චර ඕනෑකමක් තිව්නෙ නෑ. හුම්. පස්සෙ වෙච්ච සංතෑසිය මදෑ...
මිහිර/ පරිඝනක/ new
scientistගෙ
ඉඳල පත්තර ගොඩක PDF වල ඉඳල... විෂය කීපයකම PDF, ලිපි, podcast, audio book, lectures/ දේශනා ලිපි, vlog,
documentaries, හුම්, පොඩි පහේ පුස්තකාලයට වැඩි දේවල්
ටිකක් ඒ 200GB
අස්සෙ තිබ්බ. පෙරදිග දර්ශන/ ඉතිහාස ගැන සමහර සංස්කෘත ලිපි, වේද- උපනිෂද් වේද
ඉතිහාසය ගැන, මහායාන. සහසුද්දෙන්ම, ලොකුකමට කියනව නෙමෙ හිටං... ෆුල් කටු කාල FB,
Mail
වලින් සමහර අයව කන්ටැක්ට් කරල කතා කරල, ගූගල් කරලා හොයාගෙන, හම්බෙන්න ගිහින් ගොයාගත්තෙ.
සමහර ඒවා ගූගල් ට්‍රාන්ස්ලේට් කරගත්ත, මොකද සංස්කෘත/ වේද ඒ කාලෙ සිංහලෙන් ගන්න AI
තිබ්බේ
නෑ. එහෙම කරලා ගත්ත ඒ සමහරවා කා ළඟවත් තිබුනද කියන තරමට සැකයි!
කා ළඟවත් නෑ වගෙ කීවේ සමහර ඔය දේවල්වල මුල් අදහස විකෘති වෙලා වගේ දේවල් වෙලා (දැන් ඔය සමහර දේවල් ගැන සදගුරු කියන දේවල් වගෙ) ඉන්දියාවේම බාසා දෙක තුනකින් මාරු වෙලා ඉංග්‍රීසියටත් ගිහින් ආයෙ මෙහෙට එන්නෙ. හිතන්ටකෝ කාම වේදය/ කාම ශාස්ත්‍රය ගැන තිව්න අන්තිම කාලේ සටහනක් තමයි කාම සූත්‍ර. ඊට කලින් මේ ගැන හොයලා, අධ්‍යනය කරපු පඬිවරු, විද්වත්තු ඉඳල තියෙනව. නිදහස් සමාජ ක්‍රමයක් තිබිල තියෙනව. නගර සොභානියො ඉඳල තියෙනව. ඒ අයට මේ ගැන පොත් ලියන්න හිතුනෙ නෑ ඒ කාලෙ විදිහ, මතක ශක්තිය සහ තවත් දේවල් නිසා. ඒත් අද අපි නිකමට හරි මෙව කියවල තියෙන්නෙ ඒ දැනුම අවසාන පරපුරේ හිටි වාත්ස්‍යායනගේ පොත නිසා. ඒ දන්න දේත් ඔහු ලියල තියෙන්නෙ සංක්ෂිප්තව. ඒ පොත පවා කියවපු කී දෙනාද අද ඉන්නෙ.
හුම්; මේ සෙක්ස් ගැනම එකපාර මතක්
වුනෙ... අර කලින් පොස්ටුවේදී කිව්ව වගෙ, ලඟදි SEX FACULTY අධිපති චින්තනගෙ podcast
එකක්
අහම්බෙන් බැලුනු හන්දයි. අනෙ උන්දැටත් මේ දේවල් කියවන්ට හම්බුනානං.
බටහිර පැත්තට හැරුනම... විශ්ව විද්‍යාල
වල/ ආචාර්යවරුන්ගෙ lectures වල ඉඳල සමහර විෂය නිර්දේශව හදන්න
උපකාර වෙච්ච තැන ඉඳල තිව්න PDF, Vlog, ලිපි, post. අඩු ගානෙ porn video
එකක්වත්
තිවනෙ නෑ ආයිබෝන්. ඒ හැරුනම ෆිල්ම් 20, 25ක් තියෙන්න ඇති සිංදුත් එක්කල!
එහෙම නැතිවීම ගැන මෙහෙම හරි ලියල හිත
පොඩ්ඩක් සේප් කරගන්ට එපායැ. උන්න හැටියට මළා මදැයි 😂 😂
විසේස සටහන - ඔහෙලත් backups ගැන හිතන්න!
සුබ අනාගතයක් 🎉 🎉 🎉







.jpg)
.jpg)
No comments:
Post a Comment