හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද...

රෙසිලියන්ම රට ලංකාවය කියල මීට ටික කලකට කලින් එක උගත් තැන්පත් කෙනෙක් කියනව මං අහගෙන. හුම්, මිනිස් සමාජය කියන්නෙම ප්‍රවාහක් නෙව. ලෝකෙ කොහොමත් හැදිලම තියෙන්නෙ ගමන් කරන්ට/ ගලන්ට තමා. ආයෙ ඉතිං ලංකාව කියල අමුතුවෙන් වෙනම එකක්යැ.

ඒරොප්පෙන් හදිකරන්න ආව, සුනාමි ආව, අප්පච්චි ආව, කොරෝනා ආව, නයි ආව, ගඟවතුර ආව... ඔය හැමේකෙන්ම ගොඩ ගියා. පුළුවන් හැටියකට. අපිට විතරක් නෙමේ වෙනිං රටවලටත් සුනාමි - කොරෝනා ආව. එතකොට වෙන අයට පරමාණු බෝම්බ, ගිනිකඳු පිපිරීම්, නායායෑම්, භූකම්පන... හුම් ඔයවගෙ තමයි හිටං.

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද... කරන්න දෙයක් නෑ. හදන්න දුන්නු අයටත් හදාගන්න බෑලු. සබ්බ සකලමනාවම සේව් කරල තිව්න හාඩ් ඩිස්ක් එක 😪.



දවස් කීපයකට කලින් වැහැපු වැස්සෙන් හාඩ් එක ඇතුළට වතුර ගිහින් හිටං. වැහි වතුර ටිකක් වැටිලා කියල දැක්කෙත් වැඩ නොකරන හන්ද කවරෙ ගලවලා බලද්දින්. අර පොඩි තාලේ තියෙන Laptop හාඩ් එකකට Enclosure එකක් ගහලා external එකක් විදිහට තමා ඒක පාවිච්චි කරේ. බැකප් තියාගන්න අහදස් කරන් හිටියත් එච්චර ඕනෑකමක් තිව්නෙ නෑ. හුම්. පස්සෙ වෙච්ච සංතෑසිය මදෑ...

මිහිර/ පරිඝනක/ new scientistගෙ ඉඳල පත්තර ගොඩක PDF වල ඉඳල...  විෂය කීපයකම PDF, ලිපි, podcast, audio book, lectures/ දේශනා ලිපි, vlog, documentaries,  හුම්, පොඩි පහේ පුස්තකාලයට වැඩි දේවල් ටිකක් ඒ 200GB අස්සෙ තිබ්බ. පෙරදිග දර්ශන/ ඉතිහාස ගැන සමහර සංස්කෘත ලිපි, වේද- උපනිෂද් වේද ඉතිහාසය ගැන, මහායාන. සහසුද්දෙන්ම, ලොකුකමට කියනව නෙමෙ හිටං... ෆුල් කටු කාල FB, Mail වලින් සමහර අයව කන්ටැක්ට් කරල කතා කරල, ගූගල් කරලා හොයාගෙන, හම්බෙන්න ගිහින් ගොයාගත්තෙ. සමහර ඒවා ගූගල් ට්‍රාන්ස්ලේට් කරගත්ත, මොකද සංස්කෘත/ වේද ඒ කාලෙ සිංහලෙන් ගන්න AI තිබ්බේ නෑ. එහෙම කරලා ගත්ත ඒ සමහරවා කා ළඟවත් තිබුනද කියන තරමට සැකයි!

කා ළඟවත් නෑ වගෙ කීවේ සමහර ඔය දේවල්වල මුල් අදහස විකෘති වෙලා වගේ දේවල් වෙලා (දැන් ඔය සමහර දේවල් ගැන සදගුරු කියන දේවල් වගෙ)  ඉන්දියාවේම බාසා දෙක තුනකින් මාරු වෙලා ඉංග්‍රීසියටත් ගිහින් ආයෙ මෙහෙට එන්නෙ. හිතන්ටකෝ කාම වේදය/ කාම ශාස්ත්‍රය ගැන තිව්න අන්තිම කාලේ සටහනක් තමයි කාම සූත්‍ර. ඊට කලින් මේ ගැන හොයලා, අධ්‍යනය කරපු පඬිවරු, විද්වත්තු ඉඳල තියෙනව. නිදහස් සමාජ ක්‍රමයක් තිබිල තියෙනව. නගර සොභානියො ඉඳල තියෙනව. ඒ අයට මේ ගැන පොත් ලියන්න හිතුනෙ නෑ ඒ කාලෙ විදිහ, මතක ශක්තිය සහ තවත් දේවල් නිසා. ඒත් අද අපි නිකමට හරි මෙව කියවල තියෙන්නෙ ඒ දැනුම අවසාන පරපුරේ හිටි  වාත්ස්‍යායනගේ පොත නිසා. ඒ දන්න දේත් ඔහු ලියල තියෙන්නෙ සංක්ෂිප්තව. ඒ පොත පවා කියවපු කී දෙනාද අද ඉන්නෙ.

හුම්; මේ සෙක්ස් ගැනම එකපාර මතක් වුනෙ... අර කලින් පොස්ටුවේදී කිව්ව වගෙ, ලඟදි SEX FACULTY අධිපති චින්තනගෙ podcast එකක් අහම්බෙන් බැලුනු හන්දයි. අනෙ උන්දැටත් මේ දේවල් කියවන්ට හම්බුනානං.

බටහිර පැත්තට හැරුනම... විශ්ව විද්‍යාල වල/ ආචාර්යවරුන්ගෙ lectures වල ඉඳල සමහර විෂය නිර්දේශව හදන්න උපකාර වෙච්ච තැන ඉඳල තිව්න PDF, Vlog, ලිපි, post. අඩු ගානෙ porn video එකක්වත් තිවනෙ නෑ ආයිබෝන්. ඒ හැරුනම ෆිල්ම් 20, 25ක් තියෙන්න ඇති සිංදුත් එක්කල!

එහෙම නැතිවීම ගැන මෙහෙම හරි ලියල හිත පොඩ්ඩක් සේප් කරගන්ට එපායැ. උන්න හැටියට මළා මදැයි 😂 😂

 

විසේස සටහන  - ඔහෙලත් backups ගැන හිතන්න!

සුබ අනාගතයක් 🎉 🎉 🎉

60 comments:

  1. හත්තලාමෙ. හුම්... තමයි.

    ReplyDelete
    Replies
    1. හුම්: ගියදේ ගියාවෙ. හිනැහෙමු ප්‍රියාවේ කීවලු 😁🤪

      Delete
  2. බැක්අප් ගැන හිතන්න ඉස්සෙල්ල වහල හදාගනිං. හැක්..
    ඔය බෝතල් කරපු னයි වගේ නෙමෙයි ඇත්ත னයි ආවොත්.

    ReplyDelete
    Replies
    1. එන අය තව වැඩකට ඉඩක් තියල තමා යන්නෙ. නැත්තං උන්දලගෙ කරුමාන්තෙට පැවත්මක් නෑ නෙ හිටං 😂

      Delete
  3. මගේ යාලුවෙක් බැක්අප් ගන්න ගිහිල්ල මළා.

    ReplyDelete
    Replies
    1. විපතක්නෙ වෙලා තියෙන්නෙ 🤣🤣

      Delete
  4. හත්වලාමෙ කොමෙන්ට් දාන කවෘත් නැද්ද????

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න னය ආව එකම මදෑ හිටං 🐍🙌😁

      Delete
    2. ප්‍රසා කොමන්ටු මුලෑදෑනියනී, ගූගල බ්ලොග රෝල හැන්ඩිකැප් වෙලා ඈලි-මෑලියට නෙව රෝල අප්ඩේට් කරන්නේ, බ්ලොග් ජනයා දැනුවත් නැතුව පමා ඇති.

      Delete
    3. ඒක නෙව. ලඟදිම හැදෙන පාටකුත් නෑ වගෙ 😣😣

      Delete
  5. කො.කා. ල ටික බීල බුදිද නැත්තං ගංවතුරෙ ගිහිල්ලද?

    ReplyDelete
  6. හුම්. පෂා බොෂා බ්ලොග් රෝල්වල මේක අප්ඩේට් වෙන්නෙ නෑ මයෙ හිතෙ. හිමීට පහු වෙලාවක කස්ටිය දැකපුවාවෙ!

    ReplyDelete
  7. ඔන්න නමී මට පුළුවන් දේ කළා. අපේ comment තීරුවේ දැම්මා ඔහේගෙ post එක ගැන.

    ReplyDelete
    Replies
    1. අනේ.. ටැංකිව්. අප්ඩේට් නොවී දිගටම තිව්නොත් හිටං පෝස්ට් දාන වැඩෙත් යකාට පලච්චාවි කියල අනික් අයගෙ දෙයක් කියවං කාරිය ඉන්නව 🤗🤗

      Delete
    2. අඩේ එහෙම කරන්න එපා බොල. මේක ආඞි හත්දෙනාගෙ කැඳැ හැලිය වගේ වේවි එතකොට.😮

      Delete
    3. කැඳ හැලි, ආඬි... කෙසේ වෙතත් හය හත්දෙනා තමානෙ ඉන්නෙ හිටං 😂😂

      Delete
  8. හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වැහෙ මට බැකප් එක අරගන්න හිටි ඔහෙට වෙච්ච දෙයක්!
    බස්සා මහත්තයෝ, ඔයා මට උදව් ගන්න කිව්වේ මෙයාගෙන්ද?

    ReplyDelete
    Replies
    1. 🤣🤣 වෙච්ච දේට යෙන්න සෙයිය.
      නිදි ලොක්ක කොහොමත් පෝස්ට් වර්ඩ් ෆයිල් එකක ලියලා නේද මේකට දාලා පබිලිස් කරන්නෙ. හුම්. බ්ලොගෙන්ම දෙන බැකප් එකට කොමෙන් අරව මේව වැටෙන්නැ මයෙ හිතෙ. ඒ හන්ද නිදිතුමාට අයෙ අමුතුවෙන් බැකප් එකක් ගන්ට ඕනද. හම්බුන වෙලාවක ඒ ගැනත් කතාකරමුකො හිටං 😁

      Delete
    2. එහෙම පොස්ට් එක එක වෙනම ගන්න එක සාල වනයක්. නමියො, නිදිට "ගූගල් ටේක්-අවුට්" බැකප් එකක් අරං දීහං. ඒකට පෝස්ට්, පිංතූර විතරක් නෙමෙයි කමෙන්ට්ස් පවා අඩංගු වෙනවා.

      නිදි, බැකප් එක ගන්න එක තමන්ටම කරගන්නත් බැරිම දෙයක් නෙමෙයි . ටිකාක් ....ඉතර පැටලිලි සහිතයි.
      ගූගල් ජෙමනායි ගෙන් ඇහැව්වාම ස්ටෙප්-බයි, ස්ටෙප් කියලා දෙනවා. අදාල වීඩීයොත් එක්කම

      Delete
    3. උත්සාහ කරලා බලන්නං බස්සා මහත්තයෝ. ගොඩක් ස්තුතියි උපදෙසට.

      Delete
    4. බසූ, නිදි ලොක්ක කෝමත් වර්ඩ් එකේ ලියන එක සේව් එකක් තියාගන්නවද කොහෙද.

      අර කියල තියෙන කරමෙ සෝදිසියක් දාල නිදිතුමා එක්කත් කතා කරල බලන්නම්කො

      Delete
    5. ඔන්න එහෙනං නමි උන්නැහේ කතා කරනකල් බලන් ඉන්නවා...

      Delete
    6. හරි නිදීතුමා. ලඟදි හමුවෙමු හිටං!

      Delete
  9. නමීගෙ බ්ලොග් එක අප්ඩේට් වෙලා නෑ. නිමල්ගෙ පෝස්ට් එකේ තිබුණු ලින්ක් එකෙන් මම දැක්කෙ.

    "සහසුද්දෙන්ම, ලොකුකමට කියනව නෙමෙ හිටං..." එහෙම කිව්වට, ඒ තිබුණු දේවල් ගැන කියෙව්වම නමියා ලේසි පාසු කෙනෙක් නෙවෙයි කියලා තමයි අපිට නම් හිතෙන්නෙ. මදැයි වෙච්ච දේ.

    "දැන් ඔය සමහර දේවල් ගැන සදගුරු කියන දේවල් වගෙ" ඒ කිව්වෙ Sadhguru ගැනද. එයා කියන සමහර දේවල් කොහොමත් විකෘති කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුතුහලය, සෙවීම, පිපාසය තමයි නෙ හිටං. මිනිසා සංසිඳවන්ට බැ කියලත් තියේනෙ. ඒ හන්දම වෙන්ටෑ.
      හැබැයි කලක් යද්දි හිතුන මේ එකතුකරන්නෙ හා අධ්‍යාපනයෙන් කරන්නෙ දැනුම, තොරතුරැ වගේ දේවල් මිස තේරැම්ගැනීම හෝ අවබෝධය කියන පැත්ත නෙමේනේද කියල. සමහර කථිකයො, දේශකයො... පොත් ගිළල ඒත් ඒවයෙ තියෙන ප්‍රායොගික දේ ගැන හැඟීමක් නැ.


      අරවගෙ ලොකු මහත්තයෙක්/කථිකාචාරියවරයෙක් එක්ක ගිය කතාබහක් මතකයි. උන්ද කියනව රාගධාරී සංගීතය තමා හොඳ අනික්ව, දැන් තියෙනව නරකයි කියල හිටං. මාත් ඒ මතයට තරමක් එකඟ නමුත් ඇහුව ඔබතුමා එහෙම කියන්න ඉදිරිපත් කරව හේතු මොනවද කියල. උහුම්. හරි උත්තරයක් නෑ. හැබැයි වනපොත් කරපු මතවාදය කියනව. ඔහොම කියවල ඉස්සරහ පරම්පරාවට හරි වැරැද්ද කියාදෙන්ට පුලුවන්ද...

      Delete
    2. සදගුරැල, ලංකාවෙ හිටිය ඒ වගෙ හාමුදුරැලාට වුන සහ වෙන වෙන වැඩේ තමා ටික කලක් යනකොට වෙන ප්‍රොජෙක්ට් වලට නිකන්ම ඇදිල යනව/ වැටෙනව/ අහුවෙනව.
      දැන් ඒ උන්ද ඉන්නෙ මං හිතන විදියට හින්දු රාජ්‍යයක වැඩපිළිවෙලේ.
      ඒ සයිඩ් එක ගැන ලස්සනට කතා කරන කෙනෙක් ඉන්නව ලංකාවෙ... ඒ. එස්. බාලසූරිය කියල. යූබටේ විඩියො හෙම තියෙ එයාගෙ. ඉංග්‍රිරිසි චැනල් 2,3ක් තිබ්බ හම්බුනොත් පහුව කියන්නම් 😊

      Delete
  10. කොමෙන්ට් වල අකුරු ටිකක් ලොකු කරහං යකෝ.
    අපිට දැං 50 ත් පැනල.

    ReplyDelete
    Replies
    1. බ්ලොග අප්ඩේට් නොවෙව හන්ද තීම් එක වෙනස් කොලා ලොක්ක. ටික දවසක් යයි හදල කරලා ගන්ට. එතකම් කමා කරන සේක්වා 🤗😜😁

      Delete
  11. මටත් ඔහොම අකරතැබ්බයක් උනා එක සැරයක්. කොහාටද බැකප් කරන්නෙ කියන එක තමයි ඊලඟ ප්‍රශ්නය!

    ReplyDelete
    Replies
    1. හ්ම්. මගෙ ලඟනං පෙන් 3,4ක් හාඩ් 2,3ක් තිබ්බ.
      ගූගල් ඩ්‍රයිව්, සෙකන් හෑන්ඩ් හාඩ් වගේ ට්‍රයි කරල බලන්න. කෝම නමුත් වටිනම දේවල්නං තැන් 2ක බැකප් තියාගන්න

      Delete
    2. අර "තැන් 2ක බැකප්" වැඩේ ටිකක් සාර්ථක වේවි. පෙන් ඩ්‍රයිව්, SSD වගේ සොලිඩ් ස්ටේට් මෙමෙරි වුනත් සදාකාලික නෑ,

      Delete
    3. හ්ම්. සදාකාලික නොවූ ලෝකෙ සදාකාලික ප්‍රේම සහ බැකප් තියේවිද මහත්තයො 😁

      Delete
  12. හ්ම්ම්. ජිවිතේ අපි කරන කියන දේවල් නම් ඉබේටම බැකප් වෙනවා කියලා තමයි හිතෙන්නේ. දැන් දැන් සමාජ මාධ්‍ය තියන නිසා දාර්ශනිකයෝ තමන්ගේ දෘෂ්ටිවාදය හැකි පමණින් කියනවා.සද්ගුරු වුනත් එහෙමයි. ඉදිරිපත් කිරීම හොඳ නම් ශ්‍රාවකයෝ හැදෙනවා.ආකර්ශනීය නම් අනුගාමිකයෝ . ඒවා නැතිනම් ජනප්‍රිය නැහැ. හින්දු කියලා කිව්වට ඒ නම දුන්නේ සුදු මහත්වරු. සද්ගුරු ඉපදුනු තමිල්නාඩුවේ තිබ්බ විවිධ දෙවිවරුත් උතුරු ඉන්දීය වේද ධර්ම ආශ්‍රිතව තිබුන බ්‍රාහ්මණ ආගම් එකතුකරලා තමයි දැන් අපි හින්දු කියලා කියන්නේ . සද්ගුරු දේශනා කරන්නෙත් ඒවම තමයි.

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙක ඉඳල තියෙන එකට සුද්ද දැම්ම හින්දු කියන එක ලේසි. හඳුනාගැනීමේ පහසුව නිසා. ඇත්තටම ක්‍රි.පූ 800 හෝ 1000 වගේ පෙර ඉඳල තමයි මේකෙ මුල් හරිය පටන්ගත්තෙ. බ්‍රාහ්මණ/වේද/ උපනිෂද්.

      බුදු දහමට වෙච්ච වැඩේ තමා මේකටත් වුනේ. බඹණො මේක හෑව එකයි, පහුව දේව බලපෑම, සංස්කෘතික වෙනස්වීම් වගෙ සාධක ඔක්කොම එක්කල අර මුල් දහම විනාස වුනා. මේ මුල් කාලෙ වේද-උපනිෂද්, ඉගැන්වීම්/දර්ශන මාරම සයන්ටිෆික්. ඉන්දිය යටත්විජිත කාලෙ මේව හදාරපු සමහර සුද්දො මේව ඉංග්‍රිසියට පවා පරිවර්ථනය කලා. කරැමෙට ඉන්දියානුවො දන්නෙත්/ අදහන්නෙත් අර විනාස වෙච්ච දැන් හින්දු කියල හඳුන්වන ආගමක්. අපි දන්නෙත් ඒකයි. හැබැයි විශ්ව විද්‍යාලෙ පෙරදිග ඉතිහාසය වගේ ඉගෙන ගන්න අයට අර යටගිය දේවල් යන්තමට හරි ඉගෙන ගන්න හම්බුවෙනව!

      සදගුරැ අහුවුනේ, 'හින්දු ජාතික' කියන දේශපාලන ප්‍රොජෙක්ට් එකට.

      Delete
  13. ඔන්න මාත් නිදිතුමා කල විදිහට මේ පෝස්ට් එක ගැන කමෙන්ට් එකක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. ටැංක්ස්. සහ කොමෙන්ට් එකක් දාන්න මෙහෙට ආවට... නන්රි 😄. නැත්තං ප්‍රසා 🐍තුමා විතරයි, තනිය මකන්න හිටියෙ 😊

      Delete
  14. //මේ එකතුකරන්නෙ හා අධ්‍යාපනයෙන් කරන්නෙ දැනුම, තොරතුරැ වගේ දේවල් මිස තේරැම්ගැනීම හෝ අවබෝධය කියන පැත්ත නෙමේ නේද?//

    අපි මේ බ්ලොග් ලියන්නෙ, අත්දැකීම් බොදාගන්න. ගෲප් තෙරපි වගේ දේ වලට නෙව? මෙන්න මගේ සත පහ:

    හ්ම්.....ආන්න ජංසං!. දැං මේ වගේ පෝස්ට් එකෙන් අපි කරන්නෙ, මැරිච්ච හාඩ් මෙව්ව එකට පාංසකූලෙ දෙන එකෙනෙ? දැන් ඕක මලා කිව්වට සම්පූර්ණයෙන්ම මලෙත් නෑ නෙ? ඩිස්ක් එකේ ප්ලැටර්ස් වල ඩේටා තියනවා. සමාන්‍යයෙන් ඩිස්ක් එක සීල්- දූවිලිවත් නොයන්න. බොහෝ විට මැරෙන්න ඇත්තෙ කන්ට්‍රෝල් බෝඩ් එක. ඕනෙ ලෙඩාව පැත්තකට කරලා තියතෑකි, අර ඊජිප්තු මමි වගේ අනාගත තාක්ෂණේට ගොඩ ගන්න.

    අනිත් ක්‍රමේ "අත්හැරීම" පුරුදු කරන එක. ඒකට උදව් වේවි , මේ ලිපිය "ඩේටා තණ්හාව සහ ඇන්ටික් ඩේටා"

    https://biththiya.blogspot.com/2019/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. තැන් කීපයකින් ඇහුව, එයාල ඒ රිපෙයාර් කරන්නෙ නැලු. සල්ලි දීලවත් කරගන්ට තැනක් නැ.

      අර ලිපිය බැලුව. හැබැයි මයෙ හාඩ් එකෙ ෆොටෝ නං කීපයයි තිව්නෙ. ඔක්කොම පෝස්ටුවේ කියාතියෙන විදියෙ වුවමනා දේවල්. තිබ්බ සමහර වීඩියෝ හෙම යූබටෙනුත් අයින් කරල.
      අන්තිමට කියවමින් හිටි දේ ලිංගික අධ්‍යාපණය හා ඒ ඒ රටවලට ආවේනිකව ඒ මොඩියුල් සකස්වෙච්චි හැටි ගැන. සහ බටහිර මනෝ විද්‍යාවෙන් හඳුනානොගත් ඒත් වේදාන්ත දර්ශනයේ හඳුනාගත් අභ්‍යන්තර මනසේ ස්වභාවය ගැන.

      හුම්. මොනා වුවත් ගියදේ දැන් ගියාවේ. ලැප් එකටත් වතුර වැටිල ඒකත් වැඩ කරන්නෙ නැතුව ගියා. ආයෙ මුල සිට පටන්ගන්ට බැරියැ 😂😂😂

      Delete
    2. //හුම්. මොනා වුවත් ගියදේ දැන් ගියාවේ. ලැප් එකටත් වතුර වැටිල ඒකත් වැඩ කරන්නෙ නැතුව ගියා. ආයෙ මුල සිට පටන්ගන්ට බැරියැ//

      ආන්න ජංසං! ඒක තමයි හරි ඇටිටියුඩ් එක. ඔය වල්ගෙ පිටින් අලි මැරෙන්නෙ. හා , නැහ්ද? උඹ නෙමෙයිනෙ මලේ, හාඩ් එකනෙ? 😋🤣🫠

      Delete
  15. හුම්. ලෝකෙත් එහෙම රිකවරි වෙච්ච සීන් අපමණ වෙලා තියෙනව නෙව. ඒ ගැන මතක් කරාම අපට වෙලා කියෙන්නෙ මොනතරම් පොඩි දේවල්ද කියල හිතෙනව. සහ එහෙම හිතුවම හිතත් ලේසියෙන්ම හැදෙනව.

    ඒකයි මුලින්ම පෝස්ට් එකේ ඒගැන සඳහනකුත් දැම්මෙ!

    ReplyDelete
  16. පෝස්ටුවේ බාසාව වෙනසකටත් එක්ක ලස්සනයි, හත්වලාමේ රූපෙ දෙන්නගේ ඉස්ටයිල් එකෙන්ම, සුපිරියි.

    හාඩ් එකනම් විකිපීඩියාව වගේ නෙවැ. මුලින්ම 20 MB කිව්වාම මහ ලොකුකමක් තිබ්බේ, අද නොසෑහෙන කීප ගුණයකින් GBs තිබිලත් මදියි, හොයන්න ගියොත් වනයක බෙහෙත් පැල හොයනවා වගේ තමයි.

    වෙච්ච දේ කියෙව්වාම ෂොක් එකක් ඇති වුනේ කාගේ කතාව අයිඩෙන්ටිකල්ම නිසා වෙන්න ඇති.

    ටෙක්නිකලි රිකවරි ඔප්ෂන්ස් තිබුණට පර්සනල් හාඩ් එකක් ෆුල් රිකවර් කරගන්න තියෙන හැකියාව අඩුයි නෙහ්.

    ReplyDelete
    Replies
    1. ගල්මල්තුමා. හත්වලාමේ වෙච්ච දේට කියන පද ඇතුලත් වෙච්ච, මාමයි බෑනයි (රෝහණ බැද්දගේ හා බන්දුල විජේවීර) කියන 'පුල්ලි ගොනා' සිංදුවේ. ටැංකිව් මතක් කරාට. ඒ සිංදුවේ ලිංක් එක දාන්න අමතක වුනා... පෝස්ටුවේ.

      https://youtu.be/5cBedLSJpG8?si=ECHZDfadvCoQ3V3s

      හුම්. කෝමත් ගියදේ ගියා ගියාවේ තමා. හොඳ වෙලාවට ක්ලයන්ට්ලගෙ බාරගත්තු වැඩ ඒකෙ තිව්වෙ නෑ 😂🤗

      Delete
  17. හාඩ් ඩිස්ක් එකක් එක්ක නමියා හොඳ රවුමක් එක්කන් යනවා . සතියකට සැරයක් දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ 😁😊
      මට පේන්නෙ මේ තාක්සනික උපකරණ... මාව හොඳ රවුමක් ගස්සනව වගෙ හිටං 😂😂🤗

      Delete
  18. නමියා , ඔහේ වැරදි කිහිපයක් කරලා තියනව , ඕවගේ දේ මට වුනේ දැන් අවුරුදු දහයකට පහලවකට ඉස්සර . මෙන්න ඊට පස්සේ මම අනුගමනය කල පිළිවෙල : ඩෙස්ක්ටොප් එකේ ඩ්‍රයිව් දෙඅක්ක් තියනව . දෙවෙනි එකේ පොඩි අත්‍යවශ්‍ය බැක් අප් එකක් තියෙනවා . ගුගල් ඩ්‍රයිව් එකේ බැක් අප් කරල තියනවා සෝෂල් මිඩියා පෝස්ට් සහ සමහර පින්තුර . අයි ක්ලවුඩ් එකේ පින්තුර සහ වීඩියෝ සමහරක්. එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් දෙකක වෙනම වැදගත් බිල් , ඩොකියුමෙන්ට් ආදිය ගබඩා කරලා තියෙන්නේ . ආයේ පින්තුර සහ වීඩියෝ ආයෙත් වෙනම එක්ස්ටර්නල් එකක ස්ටෝ කරලා තියෙන්නේ . ෆිල්ම්ස් වලට වෙනම ඩ්‍රයිව් දෙකක් තියනව . ඒ කියන්නේ එක සිස්ටම් එකක් ගියොත් කොහේ හරි වෙන තැනක ගබඩා කරලා තියෙන්නේ . අලුත් ඒවා යාවත්කාලින කරනවා මාසෙකට සැරයක් . හිත හැදෙන්න යමක් කියන්නම් . පවුම් හැත්තෑ දාහක බිට් කොයින් දහයක් හාඩ් ඩිස්ක් එක ගිය නිසා නැති වෙච්චි එකෙක් මං. බිට් කොයින් දහය ගත්තේ පවුම් දහයකට හෝ විස්සකට 2009 විතර හැබැයි . හුඟක් අයට වෙච්චී ඉදිරියට වෙන තියෙන දෙයක් පරෙස්සම් නොවුනොත් .

    ReplyDelete
  19. අප්පටස්රි ලොකු අයියෙ. බිට්කොයින් වතුරෙ ගිහින් නෙවෙද ☹️😪
    ටැංකස්... උපදෙස් ටිකට. ඉදිරියට ඕනම ඒවයෙ බැකප් තියාගන්ට තමයි ඉන්නෙ.
    ඊයෙ පෙරේද මතක්වුනේ. පාස්වර්ඩ්, අකවුන්ට් ඩීටේල්, කන්ටැක් නම්බර් වගේ ඕනම තොරතුරැත් අරකෙ තිබ්බ කියල.
    ඒ හන්ද මේක කියවන අයත් බැකප් ගැන ඉදිරියට හිතයි කියල තමා හිටං මේ පෝස්ට් එක දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. මම නං බිට්-කොයින් පාවිච්චියක් නෑ . ඒත් මට වෙලාවක හිතෙනවා, මේ ඩිජිටල් තාක්ෂණය මත යැපීම නිසා ඕන මොහොතක අපේ අනන්‍යතාවය චකබ්ලාස් වෙලා යන්න තියෙන ඉඩකඩ.

      Delete
    2. බිට්කොයින්වල අගය තව වැඩිවෙයි කියල තමයි සමහර උදවිය කියන්නෙ.
      බාගවිට උපරිමයට වැඩිවෙන්ට හෝ උපරිමයට පල්ලම් බහින්නත් බැරි නෑ. දේවල් එහෙමයි!

      අනන්‍යතා... හුම්: මෙ ලඟදිත් නිදි ලොක්කටත් 'snowden (2016)' ෆිලුම ගැන මම මතක් කලා!
      ඩිජිටල් යුගේ රඟ තමා හිටං 😁😂

      Delete
    3. ඒක අර ඒ දවස් වල කහනවට ගත්ත මගුල් නිසා ලොකු දුකක් නැහැ . අපි කම්පැනි එකේ සෙට් එකේ එවෙලේ දෙක තුනක් ගත්ත එවුන් මෝර්ගේජ් කොටසක් ගෙවන්න ණය ගත්ත . මොකද බිට් කොයින් සල්ලි කරන්න බැහැනේ . ඒ දවස් වල මම කියල මයින් කරපු ලංකාවේ ඥාතියෙක් ඉන්නව . මිනිහ නම් දැන් හෙන පෝසතෙක් . ඊයේ පෙරේදත් හම්බ වුනා . මට දැන් තියෙනවා බොහොම පොඩ්ඩක් . දෙවෙනි සැරේ ගත්ත . ඒ දවස් වල අපි හඳේ කෑල්ලකුත් ගත්තනේ . ඇමෙරිකන් බුවෙක් විකුණලා . සර්ටිෆිකට් එකකුත් තිබ්බ . කොහේද දන්නේ නැහැ . දැන්නම් ඒක වර්ජින් කාරයත් විකුනනවා . https://www.virginexperiencedays.co.uk/product/acre-of-land-on-the-moon

      Delete
    4. බිට්කොයින්, ට්‍රේඩින්... යන්ග් කොටහක් අතර මෙහෙ ජනප්‍රියයි. මොකද ඒව උඩදාල කතාකරන/බොරැ කියල, පංති තියල සල්ලි ගරන උන් සෝෂල් මීඩියාවෙ වැහි වැහැල. කෙටි කලකින් කෝටිපති වෙන්න තමා නවයෞවුන් සෙට් කැමති. ඒකට වරදක් ඒ අයට කියන්නත් බෑ 😣.

      හඳේ වැඩේ මරැ. මම ඕක මුලින්ම දැනගත්තෙ... ෂාරැක්ගෙ නමට ෆෑන් කෙනෙක් හඳේ කොටහක් මිලදීගෙන ඔප්පුව/රිසිට් එක යවල තියෙන කතාවෙන්.
      බලන්ට සුද්දගෙත් හැටි. හඳට ගොඩබැහැල තියෙන්නෙ කීයෙන් කීදෙනාද. ඒ අල්ලපනල්ලෙ උන්දල හඳ කට්ටි කරල විකුණන්නත් අරං 😂😂.

      මෙ ඒක නෙමේ ඉස්සරහට ඕකෙ වටිනාකම ලොකූ ගානක් වෙන්ටත් බැරි නෑ. එතෝට කොහොමද... ඕනනං විකුනල සල්ලි මල්ල ගන්ට පුලුවං. නැතිනං සඳෙත් ඉඩම් හිමි පිංවත් ලංඩන් අජිත් මයා කියල හරි අපට කියන්ට බැරියැ හිටං.

      බස්සත් කොටහක් අරං දාගත්තනං තවත් මරැ... 🦉🤗

      Delete
  20. පවුලූෂා නියම සිංදුවක් ලියල AI (Suno) දාලා කියවලා.
    පට්ට සිංදුව.

    https://iwanpaulooshaa.blogspot.com/2026/10/blog-post.html?sc=1791482307992#c926672812478004122

    ReplyDelete
    Replies
    1. අඩේ, නිවුස් එකට ටැංක්ස්.
      සුනො නැගල යනව හිටං නෙ... 🎶😁

      Delete
  21. කාලෙකින් ඔයාගේ ලිපියක් කියෙව්වේ. බලන්නකෝ මගේ ඔයාගේ බ්ලොග් එක update වෙනවා පෙන්නේ නැහැනේ. මට පෙන විදිහට සැහෙන කාලෙකින update වෙලා නෑ මම නිකමට වගේ මේ ඇවිත් බැලුවේ.

    ReplyDelete
    Replies
    1. හුම්. ගූගලයගෙ අරියාදු. මොනා කරන්නද අනෙ ඉතින් 😁😁

      Delete
    2. දැන් ඉතින් මම දන්නවා නේ නිතරම ඇවිල්ලා බලන්නම්.

      Delete
  22. ඇත්ත කියපං හාඩ් එකේ කුණු කියලා උඹ එක හේදුවා නේද . මොනවද බන් porn වීඩියෝ කියන්නේ

    ReplyDelete
    Replies
    1. අඩේ මෙ ලඟදි වීඩියෝවකුත් දැක්ක බම්. එක සුද්දෙක් මදර් බෝඩ් එකට, ප්‍රොසෙසරේට අයිස් කැටයක් ටිකක් වෙලා තියල වේලෙනකං ඉඳල ඔන් කරා. වැඩකරා බන්. ඒකට අපේව 😁😪

      හෙහ් හෙ. උඹ බබා 😂😂🙈👀

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්

Search This Blog