Blog නිර්මාණය කලේ පිරිසිඳු
හෙළයන්ය. “බ්ලොග්” පද නිරුක්තිය බ් - බලන්නා. ලොග - ලගින්නා. බලලා හොඳනං ලැගගෙන
ඉන්නවා අර්ථය ඇතිව... ආන් ඒ විදිහට තමා බ්ලොග් කියන එක ලෝකෙට නිර්මාණය වුනෙ 😁. පස්සෙ
විදේශිකයන් අපෙ තාක්ෂනයත් එක්ක බ්ලොගේ අයිතිකාරීත්වයක් හොරාගත්ත නෙ 😪. හුම්, මොනා
වුනත් සාඩම්බර අතීතයක් හිමි උන්දල අපි!
මාත් බ්ලොගක් පටන්ගන්න හිත හිතා ඉන්නකොට ඒකට පොඩි
උත්තේජනයක් ලැබුවේ හිටං ඔය විදිහෙ... නිසරු රසකතා ලියා තියෙන වර්ගපූර්ණිකාබ්ලොග හන්ද.
ඔඩ්ඩි යක්කු,
ක්ලෝන් හෙළ තාක්සනය, හෙළ
මුස්ලිම්වරු, දේශීය මිසයිල,
ඇබොරුන්ගේ නිජබිම, නීට්ටෑවන්ගේ
ජාන, කන්යාවියක් ලවා පයින් ගස්සවා ගැනීම... මරු ආතල් එකක්
දුන්නෙ 😂 😂
ලඟදි මේව ආයෙම
මතකෙට ආවේ වර්ගපූර්ණිකාව FB එකෙ දාල
තිව්න පෝස්ටුවකින්. ඒ එක්කම මම කියව කියවා හිටි ලිපි, බලාන හිටි vlog / Podcasts වල කතා වුන
මාතෘකා කීපයක් තමයි... විශ්වයේ පැවැත්ම,
පරමාණුව, පෙර - අපරදිග දැනුම. මේවා ගැන ඉතිං මං දන්න ඇටි කෙහෙලක්නම් නෑ. ඒත් වඳුරු
සිරිතද මන්ද මේව කරලියට එනකොට ඉඳල හිටලා පොඩි ඇහැක්, කනක් දාල බලනව 🤭
broadcasting සිට narrowcasting දක්වා ආවයි කියල තමයි
කාරනා දන්න අය කියන්නෙ.
හැමෝටම බලන්න,
කියන්න තිබ්බ ප්රධාන නාලිකා වෙනුවට ජාලේට පින්සිද්ධ වෙන්න, තනිවම / කුඩා කණ්ඩායම්
විදිහට කස්ටිය... දැන් ඒ අයගේ අදහස්, මතවාද ප්රචාරය/ විකාශනය කරනව. ඇත්තටම ඒක එකඅතකට
ඉතාම හොඳ ප්රවනතාවක්. මොකද යම් විෂයක් ගැන හොඳ ප්රාමාණිකයෙක් T.V- Radio එකේ කතා කරනකම් හෝ
ඔහුට කතා කරන්න අවස්තාව හම්බුවෙනක්ම් ඉන්ට ඕන නෑ. ගත්ත තමන් ළඟ තියෙන පෝන් කටුව.
හැදුව වීඩියෝවක්/ පොස්ටුවක්. දැම්ම Internet- YouTube. තමන් දන්න
දැනුම අනික් අය අතරෙ බෙදාගන්න පුළුවන් වෙන අතරම එයින් ආදායමක් උපයගන්න පුළුවන්කමත්
දැන් තියෙනව නෙව.
උතුරැකුරැ දිවයින හා Atlantis දේශය
ය්රටෝපියාව හා කේතුමතී
පරමාණුව හා ශුද්ධ අංශුව
ත්රිමූර්තිය හා Trinityය
සියුස් හා මහාබ්රහ්ම
මැමත් සහ සද්ධන්ත ඇතුන්
සෛන්දව අශ්ව සහ unicorn
ශිවලිංගය හා ආදම් උයනේ ඇපල් ගෙඩිය
දෙයියෝ සහ Aliens
කාලයකට කලින් ඉංග්රීසි
හා ඉන්දියානු podcast කීපයක්ම දැකගන්ට
හම්බුනා ඉතාම හොඳට... භාරත ඉතිහාසය, වේද - වේදාන්ත, එතකොට ආගමික සංස්ථාවෙන්
යටපත්වුනු එහි දාර්ශනික පසුබිම, ශිවලිංග හා පැවැත්මේ හටගැනීම සහ තවත් මාතෘකා ගැන
විද්යාත්මක හා විශ්ලේෂණ කරන ඒව. දැන් සිංහලෙනුත් මේ දේවල් ගැන කතාබහ කෙරෙන podcast හිටං තියෙනව නෙව. ඉස්සරම
නම් ඉතිං ජාලේ මේවා ගැන බලන්න/ කියවන්න තිබුනෙ ටිකක් අඩුවෙන්. හැබැයි ඉතිං ඉස්සරත්,
දැනුත්... අයිසිං තලිය අතෑරල කේක් කෑල්ල හොයාගන්න එක ටිකක් විතර අපහසුයි.
සත්යය පසු
පස්සෙන්ද, සත්යය පහුකරගෙන යමින්ද මන්ද... බොරුවත් ඒ එක්ක එන සිරිතක් තියෙනවනෙ කොහොමත්.
අර කතාවක් තියෙන්නෙ සත්යයට හෙළුවෙන් ගමන් කරන්න පුළුවන් වුනත්, බොරුව ඊට කලියෙන්
සත්යයේ සළු ඇඳගෙන දුවන් යනවයි කියල.
Parody, සුරඟනා කතා, Bullshit, යාන් කතා, ගොතන කතා
ඇතුළු අටෝරාසියක් කතා වලට ලේ කෝපකරගන්නෙ නැතුව, ගහමරාගන්නෙ නැතුව, ඇත්තට හෙළුවෙන්
හරි යන්න දීල... ගඟ දෙබෑකරගෙන එන නයි රෙද්ද අස්සෙ දාගන්නැතුව, දේව අනුහසින් පමණක්
ලෙඩ සුව කරගන්න යන අයට පාර වහන්න පුළුවන් නං නෙ.


වර්ගපූර්ණිකාව මම දන්න හොඳම සිංහල පැරඩි ලිවීමක්. හොඳ උපකල්පනයක් සහ හාස්යය පිළිබඳ දැනීමක් තියනව. රාවණා පිස්සන්ගේ අතිශයෝක්තිය පිළිබඳව විවේචනයක්.
ReplyDeleteහැබැයි බය හිතෙන දේ ලංකාවේ පාඨකයින්ට පැරඩි, හාස්යය, wit, irony වගේ දේවල් ගැන තියන නොදැනීම සහ විශ්ලේශනාත්මකව analytically සිතීමේ නොහැකියාව. වර්ගපූර්ණිකාවේ අතිශයෝක්තිය මගින් පෙන්වන හාස්යය සහ පැරඩිය කොහෙත්ම නොපෙනී සීරියස් අරගෙන වර්ගපූර්ණිකාවට බනිනවා බොරු කියනවා කියලා.
මේ අයටත් චන්ද අයිතිය තියෙනවනෙ කියලා බය හිතෙනවා.
දිග කොමෙන්ටුවක්, ස්කොතුයි. Praතුමාගෙ කතාවට එකඟයි !
Delete//වර්ගපූර්ණිකාව හොඳම සිංහල පැරඩි ලිවීමක්.// සුපිරි. කමෙන්ට් දාන ගොඩක් අයත් මේ ආතල් ඒක ගත්ත. ටික දෙනෙක් අරවගේ සීරියස් ආව.
මට තව බය හිතෙන දෙයක් කියන්නද. අපි සමහර වුනා කියල හිතන ඒවා එහෙමම නොවී තියෙන්න බැරිද, දන්න සහ ආචාර්යයවරු කියල/ පෙලපොතින් එන... ඓතිහාසික කතාවක නොහිතපු/ නොතේරුණු ඇතුල් කතා තියෙන්න බැරිද?. දන්න අතීත කතාවෙ පසුබිම වර්තමාන අපිට ග්රහණය කරගන්න අපහසු වෙන්න/වුනා බැරිද?
තව හිතෙන දෙයක්නම්... ශාස්ත්රීය මට්ටමෙන් පරීක්ෂණ කරන, ඉතිහාස ගවේෂණය කරන අය යම් තරමකට සමාජ මනෝ විද්යාව, ඒ ඒ කාලවල සමාජ / සංස්කෘතික පද්ධති ගැනත් තියෙනවට වඩා අවධානයකින් දෙනවානම්.
සදාචාරය, විශ්වාස, ඇදහිලි, නීතිරීති කාලෙන් කාලෙට, දෙසෙන් දේසෙට වෙනස්. මේවා ගැන හඳුනාගන්නෙ නැතුව හෝ අවධානය යොමු කරන එක අඩුකමින් වෙන්නෙ වැරදි කියවාගැනීමකට එළඹීම. අපි මේ හාර අවුස්සන්නෙ මිහිදන් වුනු අපේම සමාජ පද්ධතියක ජීවන සුවඳ.
එළ හෙළ.
ReplyDeleteඔය එළයො බ්ලොග් කොමෙන්ට්කාරයො ගැන මොකුත් කියල නැද්ද?
හුම්. හොයලා බලන්න ඕන. බැරිම උනොත් අංජනං දේවිගෙන් අහල බලමු 😂
Deleteප්රසෝ, ඇයි නැත්තේ ලෝක ඉතිහාසයේ මුල්ම වෝල් එක පලකලේ කස්සප සීගිරියේ කියනවා නේහ්, ඊට පහලින් කැටපත් පවුරේ ලිව්වේ කොමන්ට්කාරයේ නෙහ්!
Deleteආන්න ඒක නෙව!
Deleteඒ එක්කම මතක් වුනෙ කවුදෝ කිව්ව Storyboard/ චිත්ර කතා (වර්තමානේ කොටස් කොටස් වශයෙන් චිත්ර ඇඳල කතාවක් කියන එක) එක විදිහකට මුලින්ම කෙරිල තියෙන්නෙ විහාර චිත්රවල කියල. බලාන ගියහම ඒකත් හරිවගෙ නෙ. හැබැයි මුලින්ම ඒ වැඩේ කෙරුවෙ අපිද කියලනම් දන්නෙ නෑ) බටහිර දේවස්ථානවල නං මේ වැඩේ වෙන්නෙ මධ්යතන යුගයෙ වගෙ වෙන්ට ඕන.
னයි රෙද්ද අස්සෙ දාගන්න. ඈක්ක... னයින්ට උනත් ආත්ම ගරුත්වයක් තියෙනව බොල.
ReplyDelete🧣🐍 (‿ˠ‿) & Ɑ͞ ̶͞ ̶͞ ̶͞ لں͞ 🤣🤣
Deleteෆේස්බුක් එකේ දාපු වර්ග පුර්ණිකාව නම් මම හිතන්නේ ඒ ගැන දන්නේ නැති එවුන් තමා කියව කියවා හිටියේ. උන්ට පොස්ට් එකක් කියවන්නවත් තේරෙන්නේ නෑ මම හිතන්නේ එක විඳීම කෙසේ වෙතත්
ReplyDeleteඔයවගේ දේවලදී තේරුම් ගන්න ඕන නැති සෙට් එකකුත් ඉන්නවනෙ වලියට බර. උන්දලාට දිගින් දිගටම වදෙන් පොරෙන් හරි කියා දෙන්න යනෝ... දන්න තව සෙට් එකක්. ඉතිං ජාලෙ කැළඹිලි. අවුස්සගන්නත් නරකයි සමහර දේවල්නං. (හැබැයි මෙකෙදීනම් එහෙම උනෙ නෑ)
Deleteපස්න:
ReplyDelete1. පිංතූරෙ සිටිය යුතු "ගහකට නැගලා බලපිය " කියන අන්ධ සීයා නැත්තේ ඇයි?
2. දෙවනි පිංටූරෙ හාදයගෙ නැට්ට ..... එක්කො ඕනෙ නෑ
වර්ගපූර්ණිකාව ගැන මතක් කලාට ස්තූතියි.👌🙏
වර්ගපූර්ණිකාවට, ඔය කියන FB පේජ් එකට ලින්ක් එහෙම දැම්මා නං තමා වටින්නෙ, සිරිසේන.
1 - සීයා ගහ ළඟ ඇන තියාගෙන, පාත්වීගෙන, බිම දිගාවීගෙන කෙලී දිහා බලාන ඉන්නෙ 😜🤣
Delete2 - නැට්ට කොමඩ් එක ඇතුලේ 😁
වර්.ගපූර්නිකාව බ්ලොග .
වර්.ගපූර්නිකාව FB ඒක
වර්ගපූර්ණිකාව වගේම සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගයෙ තිබ්බ බොහෝ බ්ලොග් දැන් අප්ඩේට් වෙන්නෙ නෑ. සමහර ඒව කියවන්න ඇහැකි "ආතර්"ට විතරයි. ඒ වගේම, මම දන්නා තරමට පලවෙනි ලාංකික බ්ලොග් සින්ඩිකේටරය වෙච්ච "කොත්තු" අපට නොකියාම ගිහින්. "කොත්තු" සින්ඩිය මට ටිකක් විශේෂයි. ඒකෙ වැඩි හරියක් තිබ්බෙ කඩ්ඩෙන් ලියපු, කොළඹ එලීට් පන්තියෙ අයගෙ ලිපි. ඒකෙත් බ්ලොග් වලි එහෙමත් ලෙසටම තිබ්බා. එතකොට තමා දැණගත්තෙ, පන්තිය "එලීට්" වුනා කියල ගතිගුණ, හිතුම්-පැතුම්, කුඩුකේඩු කම්වල අඩුවල් නෑ කියල. එකම වෙනස උන් බැන ගත්තෙ කඩ්ඩෙන් වීම විතරයි.
ReplyDelete"කමෙන්ට් කිරීමට පෝස්ට් එක කියවීම අවශ්ය නොවේ"
-ලේනම කොටියා-
උස්පන්ති වල, තත්ත්වයෙන් තනතුරෙන් ඉගෙනුමෙන් උඩ ගියාමත් ඔය කැලෑ ගති එනව ලොක්ක. මිනිස් වනන්තරේනෙව හැමෝම ඉන්නෙ.
Deleteඑහෙම කියද්දී මතක් වුනෙ ලඟදි මියගිය නන්දා මාලනී බහුබූතයෝ ෆිලුමට කීව කොන්ක්රීට් වනන්තරේ මිරිඟු සත්වයා සින්දුව. ඇයගේ ෆිල්ම් හා ටෙලි වලට කල අපූරු නිර්මාණ ටිකකුත් තියෙනව. ගජමන් නෝනා ටෙලියට ගැයූ ජීවිතේ කවියක් තව එකක්
ඒක පට්ට බ්ලොග් එකක්. ඒ දවස් වල ගොඩක් ලියන උන් දැන ගත්තෙත් ඒවලින් . ඔඅවට හිනා උනාට හෙළයෝ කියල ජාතියක් හිටිය කියල හිතන කෙනෙක් මමත් . එකම කරුම්ට ඒක හරියට හොයන්නේ, හරි ඉන්වෙටිගේෂන් එකක් න්තිඅව නැතිව කර තියාගෙන යන සෙට් එකක් ඉන්න එක . මහ කරදරයක් .
ReplyDelete//කර තියාගෙන යන සෙට්// දන්න කෙනෙකුගෙ අක්ක කෙනෙකුත් ඔයවගෙ වැඩකට අතගහල හිටිය කාලෙකට කලින්. රාවනාව හොයන් ගිහින් නැගිට්ටවන්න 😁
Deleteඅඩ්ඩඩ්ඩා.... නමියෝ, තමුන්නැහේ කොහොමෙයි දැනගත්තේ මම අලුතින් ලියාගෙන යන post එකට ඔය කියන වරිගපූර්නිකාවේ post එකක් ගැනත් ලියනවයි කියලා?
ReplyDeleteහුම්. එහෙමෙයි. එහෙනං තවත් හොඳ නොවැ. ජයමැ වේවා 🙌
Deleteපැරඩි කියවීම වෙනම දෙයක්, ඒත් ඒවා පැරඩි හැටියට නොගෙන වගපූර්ණිකාව වටා රොක් වුන ලොකු පිරිසක් හිටියා, ඒක වෙනම කතාවක්.
ReplyDeleteඒක නෙවේ රාවණා ගැන ඉන්දීය කියමන ලාංකීය කියවීමට වඩා වෙනස්, විශාලයි නෙහ්. ඒක ඩ්රයිව් කරන්නේ රාම රාජ්ය කතාව මුල්කරගෙන නිසා වෙන්න ඇති.
හුම්. වගපූර්ණිකාව වටා ලොකු සෙට් එකක් ටික කාලයක් ඇතුලත එකතු වුනා. ඒ වගෙම ටික කලකින්ම ඒක ලියවෙන එකත් නැවතුනා.
Deleteරාම, රාම කතාව ඉන්දියාවෙ විතරනං මදෑ. තායිලන්තය ඇතුළු තව ආසියාතික රටවල් 2,3ක තියෙ.