අවුරුද්දට කලින් කොටුව පැත්තෙ සවුම්ක් දාන ගමන් phone shop එහෙකට ගියා වැඩක් කරගන්න. ඒ අතරේ කතාවක් දාන් ඉන්නකොට phone display කඩාගත්තු අය ආවේ... හරියට අවුරුද්දට ඇඳුම් කඩයකට එනව වගේ. දැක්කම පුදුමත් හිතුන... දවසකට මෙච්චර කට්ටියකගෙ display කැඩෙනවද කියලත්. (අපේ නොසැලකිලිමත් කමේ තරම තමයි)

ආයෙ ළඟකදී යාලුවෙක්ගෙ studio එහෙක ඉන්නකොට කොලුවෙක් ආව IDයට පොටෝ අල්ලන්න. පහුව දැනගත්තෙ... උන්ද ගාවට හොරු දෙන්නෙක් ඇවිදින් මූට දෙකක් ඇනල හෙම බෑග් එකත් උදුරන් ගිහින්. බෑග් එක ඇතුලෙ පර්ස් එකයි, ලක්ෂ 3කට කිට්ටු Apple පෝන් එකයි, ආයේ ලක්ස ගානක් වටින බේස්ලට් එකයි තව දේවලුයි තිබිල. ඉතින් හොරු දෙන්නට නම් රජ මගුල් ඇති. සිද්ධිය වෙලා තියෙන්නෙ රෑ 7ට විතර, කොටුව කෝච්චි ස්ටේසන් එකේ ඉන්දැද්දි. ඉතින් මේවට පොලෝසි ගියත් වැඩක් නොවෙන තරම්... කොල්ලත් ඒක හොඳටම දන්න හන්ද පැමිණිල්ලක් දැම්මත් ආයේ ඒවා හම්බුවෙයි කියන අදහස හිතින් අහක් කරන්.

මේ වගේ කාලෙක ලක්ෂ 5කට ආසන්න ගානක් එක මොහොතින් නැති වෙන එක විතරක් නෙමේ තමන්ගෙ පෞද්ගලික තොරතුරු, ලියකියවිලි, purse (wallet), phone, ID & driving license... වගේ දේවල් නැති වෙනව/ කරගන්නව කියන්නෙ අඬන්න හිටි මිනිහගෙ ඇහැට ඇන්න වගේ කුජීත වැඩක්. සල්ලි අමතක කලත්, ලියකියවිලි ID ඇතුළු අනෙක් දේවල් හදාගන්න වෙන මහන්සිය, යන කාලය - වියදම. ඒ මදිවට රජේ කන්තෝරු ගානේ වෙන රස්තියාදුව. පිස්සු නොහැදි මේ ඔක්කොම හදාගත්තොත් ඒ ඇති. ඒත් සමහර දේවල් කිසිදාක පියවගන්න බැරි තරමෙ පාඩු.

ඒ හන්ද... මේ පොස්ටුව ලියන්න හිතුව කාට හරි හෝ වැඩක් වෙයි නෙව කියලා හිටං.

පසුම්බිය - ප(ර්)ස් එක. යාළුවො ඇතුළු මට ආශ්‍රය කරන්න හම්බවෙන බොහෝ අය මට වඩා යමක් කමක් ඇති අය. (පැදුරේ ඉන්න එකාට බූරු ඇඳත් ලොකුයි නෙව). අඩුම ගානේ මොට(ර්)සයිකල් කටුවක් හරි තියේ. මේ අයගෙ වගේම සමහර අනෙක් අයගෙත් මන් දැකල තියෙනව... මේ ප(ර්)ස් එක ගත්තොත්, බන්ඩි පුල්. ID, License, Credit Card, Bill ඇතුළු සබ්බසකලමනාවම ඕක ඇතුලෙ. රු. 100 ගනිද්දී දාහක් දේවල් එළියට එන සයිස්. ඒ හන්ද මේ ප(ර්)ස් එකේ තියෙන්නම ඕන මොනාද... ඒ ටික විතරක් දාගෙන ඉන්නවනම් වඩා හොඳයි. අනික් එක ගොඩක් අය වාහනෙන් බැහැල කඩේකට කන්න හෙම ගියහම phone එක, ප(ර්)ස් එක කඩේ table එක උඩ, ලඟට බිල ගෙනත් දෙන හන්ද ඒකත් ගෙවල යනව... අරව මේසෙ උඩම අමතක වෙල. මාත් අමතක වෙන එකා හන්ද එන්න කලියෙන්... යාළුවන්ගෙනුත් ඔක්කොම ගත්තද කියල අහනව, මේ නිසා උන්දලත් බේරුණ වාර කීපයක්ම තියෙනව.

සමහරු ටික දුරක් ගිහින් මතක් කරන්නෙ phone එක තිබ්බෙ මොන කඩේද කියල. ඒ හන්ද වාහනෙන් එළියට බහින හැම වෙලේත්, වාහනේට නගින වෙලෙත්, තැනකින් තැනකට යන වෙලෙත්... තියෙන්න ඕන ඔක්කොම දේවල් තියෙනවද බලන එක පුරුද්දක් කරගන්න එක හොඳයි. ඒ වගේම ප(ර්)ස් එක අර trend එකක් විදිහට තියෙන දිග එකක් නොවනවනම් වඩාත් හොඳයි. හොරුන්ට ඒව උස්සන්න අපහසු වෙන නිසා.

ඒ වගේමයි පහසුවටත්, වැඩිපුර සල්ලි ප(ර්)ස් එකේ නොගෙනියන්නත්, card එක නැති උනත් ගැටළුවක් නොවෙන්නත්... debit card එකක් තියාගන්න පුළුවන් shopping පහසුකම deactivate කරල හෙම. කාඩ් එක නැති උනත් අවුලක් නෑ නෙව. (මං මේ දේ කරනව). පොකට් ගහන කෙනා උනත්, ලොකු පර්ස් දිහා තමයි ඇහැ ගහන්නෙ. අනික කොටුවේ හරි, මිනිස්සු වැඩියෙන් ගැවසෙන වෙලාවක බඩු ගන්න යනව නම්... සුද්දෙට ඇඳල නොයන තරමට හොඳයි. සමහර ලලනාවන් fashion show එහෙකට යනව වගේ shopping කරන්න යන්නෙ. එතකොට වෙන අනෙක් අලාභෙ තමයි මූණ බලල කඩවල ගණන් කියන අය... තව මිල උස්සන එක.

මංවහන්දෑ කොටුවේ හෙම රවුමක් දාන්න යන්නෙ ෂෝර්ටකින්/ සාමාන්‍යයම ඇඳුමකින්. ඒකෙන් වාසි වෙච්ච අවස්ථාත් නැතුවම නෙමේ. සමහර කඩවල දෙන්න පුළුවන් උපරිම මිල අඩුකිරීම් මට ලැබිල තියෙනව. ඒ වගේම සමහරු හිතල තියෙන්නේ මම දෙමළ/ මුස්ලිම් කෙනෙක් වෙන්න ඇතියත් කියල 😂

Credit ලිමිට් එක/ සල්ලි ගොඩක් තියෙන card එකක් උනත් හැම තිස්සෙම ළඟ තියෙන්න ඕන නෑ නෙ. ඒ වගේම තමයි card වල රහස් අංකය ගොඩක් අය මතක් කරන්නෙ ATM එක ලඟදි, නැත්තං ගෙදර කාට හරි කෝල් කරකර අහනව. මේ වගේ තැනක, විශේෂයෙන් රෑක මෙහෙම කිරීම භයානකයි. ඒ වගේමයි පිරිමි කෙනෙක් උනත්, නොදන්න හෝ දන්න පළාතක වේවා රෑ තනියෙම ATM යෑමත් නොකිරීමම හොඳයි. ATM ළඟ මංකොල්ලකෑම් පවා සිදුවෙලා තියෙනව. හොරු/කුඩු බොන අය මේ අවට බොහෝ විට ගැවසෙන්න පුළුහන්.

ඒ වගේම shopping යනකොට ගෑණු කෙනෙක් නම්, පිරිමි පරානයක් එක්ක යන එක නුවනට හුරුයි. ඒ වගේමයි පුළුවන්තරම් ළමයි එක්කන් නොයනව වගේම, යන්න කලින් ගන්න ඕන බඩු list එකක් හදාගෙන... පුළුවන්නම් google එකෙන් search කරල, ඒවා තියෙන කඩේ තැනත් හරියටම දැනගෙන යන එක. නැත්තං මේක කොහෙද තියෙන්නේ කිය කියා දහඅතේ හොයන්න හෝ පාරේ රස්තියාදු වෙන්න වෙන්නෙ නෑ. වැඩිපුර මිනිස්සු අතරේ ගැවසෙනව කියන්නෙත් වැඩි අවධානමක් ගැනීමක්... අනික මේ උත්සව කාලේ විශේෂයෙන්. මේ කාලවල හොරකම් ඉතා ඉහලයි. නිකරුණේ ගෙවෙන කාලයත් අපරාදෙ නෙ. ඒ හන්ද online shopping පහසුකමුත් තියෙන නිසා ඒවත් බලල කියල... හොඳම විදිහට shopping කරන එක වාසී.

හැමෝ ලඟම හොඳ ලොකු display, smart phone හෙමත් තියෙන නිසා ඒවායෙ පරිස්සම බලන්නත් ඕන. නැත්තං කැඩුනම හදන්න යන වියදම අධිකයි වගේම display දාපුහම ඒවා පෙර විදිහටම වැඩ නොකරන අවස්ථාත් බොහොමයි. ඒ හන්ද phone එකේ ආරක්ෂාවට tempered glass, back cover, phone grip/ finger holder  වගේම වාහනේක නම් phone holder භාවිත කිරීම පරිස්සම්. තවත් පරෙස්සම් හැමවෙලේම පාරේ පෝන් කටුව ඔබ ඔබ යන්නෙ නැත්තං.

ඒ වගේම ඕන වෙලාවට GPRS උනත් on කරගන්න බැරියැ... මොකද smart phone එකත් එක්කම ගොඩක් අය power bank එකක් තියාගෙන ඉන්න නිසා.

 

තොරතුරු ආරක්ෂාව

ගොඩක් අය කලින් කිව්ව වගේ credit/ debit card එකේ pin number මතක නෑ. නැත්තං සමහරු card එකේම මාකර් එකකින් ලියල තියන් ඉන්නව. ඒ වගේමයි සමහරු ප(ර්)ස්/ phone එකේ දාන් ඉන්නව. මේවා හොරුන්ට මරු චාන්ස්. ඒ නිසා card එකේ pin no: ලේසි - මතක එහෙකට මාරු කරගන්න එක. (phone අන්තිම no 4 වගේ).

ඒ වගේමයි දැන් phone වල ලොකු space එකක් තියෙන නිසා ගොඩක් අය voice recording, photo, video, screenshot... ඔක්කොම ඒකෙ තියන් ඉන්නව. අනික සමහරුන්ගෙ phone password ලඟම අය (ලංකාවේ අය ගැන ඉතින් දන්නවනෙ) දන්න නිසා මේ අතිශය personal දේවල් තියන් ඉන්න එකත් හා මේ වගේ phone එකක් නැති වෙන එකත් ගොඩක් භයානකයි. ගොඩක් අය මේ ගැන හිතන්නෙ නැති නිසා Backup එකක්වත් තියාගෙන නෑ. ඒ නිසා ඕනෑම කරන දේවල් ටික විතරක් phone එකේ තියාගෙන, ඒ ඇතුළු අනෙක් ඔක්කොම දේවල් ගෙදර computer, external hard වගේ ඒවායේ දාල... පෞද්ගලික පරිහරණය සඳහා විතරක්ම තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ cloud - online backup එකකුත් තියාගන්න එකත් ගොඩක් නුවනට හුරුයි. අර එකක් කැඩුනොතින්. අනික අද කාලේ හැම කෙනාම data යහමින් පාවිච්චි කරනවනෙ.

ඒ වගේම Contact List, Email password, Card pin no:, Bio Data, ID- license scan... වගේ දේවල ඕන මොහොතක ගන්න පුළුවන් වෙන විදිහකට cloud - online backup එකක් විදිහටත් තියා ගන්නව නම් පහසුයි. හදිසියේ ID කොපියක් ඕන උනොත් scan softcopy එක යවල print කරගන්න එක ලේසි IDය ඇද ඉන්නවට වඩා. (බොහෝ shop වල අමතක වුණු ID ඕනතරම්).

මේවා කැමති විදිහකට backup කරගන්න අපිට පුළුවන්. ඕනනම් හැම document එකක්ම වෙන වෙනම PDF කරලා password උනත් දාල ගන්න පුළුවන්. mail එකකට දෙන free GB 15 අස්සේ මේ backup තියාගන්නත් පුළුවන්. (ආරක්‍ෂිත විදිහකට)

අනෙක් දේ තමයි phone එකේ IMEI, serial ආදී number save කරගෙන  තියා ගැනීම.


මිස් වෙච්චි හෝ දන්න දෙයක් තියේනම් කොමන්ට් කරන්න...

 ඈත නිවසකින් පිසගෙන ආ මුදු සුවඳක් නහයේ දැවටී රසකැවිලි රසයක මතකයක් අවදි කරවයි. මෑත මායිමේ ගහක බොහෝ කලකින් දැකගන්නට හැකිවුණු කුරුල්ලෙක් අවුදින් මියුරු තනුවක් වාදනය කරයි. ගස්, වැල්, මල්... නොයෙක් වර්ණයෙන් වඩ වඩා පැහැපත්ව ඇත. ඉර වෙනදාට නොදෙවෙනි දීප්තියක් ජනිත කරමින් අහස් කුසට වී බලා හිඳී. පොඩි දුවාදරුවන් මුවේ සතුට තවරාගෙන... දසත විසිරෙමින් ගමට අලුත් සිරියක් කැන්දාගෙන එයි. තරුණයන් රතිංඤ්ඤ......

 

රතිංඤ්ඤ..

රතිංඤ්ඤ තමයි... සෙද්ද. යකෝ වෙලාවක් කලාවක් නැති අපි වගේ උන් පාරේ යද්දි, රතිංඤ්ඤ සද්දෙට බයවෙච්ච බල්ලෝ පාර පුරා. කුලප්පුවෙච්ච උන් දැක්කම ඇඟේ මස් කලඳක් නැති අපිත් නිකම්ම බය වෙනව. ඒ අස්සෙ පිපිරුන්නැති බට්ටෙක්වත් පෑගුනොත්. ඔය හැම අටමගලකින්ම බේරිලා ගෙදර එනකොට... ගෙදර එකත් බයබිරාන්ත වෙලා. රතිංඤ්ඤ සද්දෙට බය වුන ඌ දොර හාරාගෙන ගේ අස්සට එන්න පුල් ට්‍රයි.

 

මොනා කරන්නද, මෛයින්ද මාත්තියගෙ සහෝදර රට්නය ජනපටි උනාමත් කිරිබත් කාල, රතිංඤ්ඤ පත්තු කරපු... දේස හිතයිසී ජාටිමාමක උන්දලත් එක්කනෙ අපි මේ වසන්නෙ. කෝමහරි කමක් නෑ පට්ටු කරන ඈයෝ හරි සතුටින් නම් එච්චරයි. සතුටින්, යහතින්, සාමෙන් ඉන්න නෙව මේ සෑම දේම කරන්නෙ හිට.


මොකද සාමේ තියෙනාව මෛයින්ද මාත්තිය යුද්ධෙ ඉවර හන්ද. මෛයින්ද නිසාම අල, ලූණුත් තියෙන හන්ද තවත් සතුටින්. ඉතීම් සාමය සතුට පිරි අවුරුද්දකට... කොහොමෙයි අපි අකුල් හෙළන්නෙ. (සිරන්ති කැවුමුත් හදල බම්)

 

හුම්... කියන්න ගියදේත් අමතක උනා.

අව්රුදු. අවුරුදු හැම තැනම. කොහෙ කියල අහන්න එපා. දැක්කෙ නැද්ද... ඇඳුම් කඩවල්, සුපර් මාර්කැට්, කේක් කඩ, බාර් වල පෝලිම. සෙනග සූ ගාල.

 

ඔය අවුරුදු සැමරුම් එනවය කියන්නෙ රජ කාලේ ඉදන්ය කියනවනෙ. නැකත් රාලලූ හරියටම මේ වෙලේ අහවල් කාරිය, මේ වෙලේ මෙන්න මේකය කියල දින-කාල තීන්දු කරන්නෙ. ඒ තීන්දු සටහන් පත්‍රවලට කියන්නෙ නැකැත් සීට්ටු කියල නෙ. ඒ කාලෙ ගම්වල අවුරුදු කිව්වහම... ආච්චිඅම්මගෙ, අම්මගෙ, බිරිඳගෙ, හොරගෑනිගෙ ඉඳල ලක ලැහැත්තිය... කැවුම්, මුන්කැවුම්, වැලිතලප ආදී නානාප්‍රකාර රසකැවිලි හදන්න. (කොකිස්, ආස්මි දේසීය ආහාරම බව දැනගත්තෙ TV එකේ නිවේදිකාවකගෙන්) මේව හදන්නෙත් අලුත් ලිප්වල, අලුත් හට්ටි මුට්ටිවල මයෙ හිතේ. දැන් කාලෙ නම් ready-made රසකැවිලි හැම කඩයකම. ඕනනම් online වලින් order කරතහැකි පිටසක්වලකට හරි. එතකොට කොල්ලෝ කුරුට්ටෝ පංච කෙලි, ඔන්චිල්ලා පැදිලි, අතුරු මිතුරු වාගේ ඒවා කරන අතරේ.. තරුණ කෙල්ලො කොල්ලෝ කොටු පනින්න හිට ඇති. තව තියෙන අවුරුදු ක්‍රීඩා ගත්තොත් අලියට ඇහැ තැබීම, බනිස් කෑම, කොට්ට පොර, කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, පොල් අතු විවීම, කනාමුට්ටි බිඳීම වගේ....

 

කනමුට්ටි කියද්දී මතක් උනේ. මං එකපාරක් ක්ලාස් යනකාලේ... ඒකෙන් අවුරුදු උත්සවයක් කළා. මහරගම පුවක්පිටිය පන්සලේ තිව්නෙ මේ ක්ලාස් එක. එතකොට මං 10 වසරෙ වාගෙ විතර ඇති. ඔක්කොම ක්ලාස් වල උන් උත්සවේ. ඔන්න දැන් මැද මුට්ටිය ඇර අනික් මුට්ටි දෙක බිඳලත් හුඟක් වෙලා. ඕනෑම එකට ළඟින්වත් පොලු පාර යන්නෙ නෑ. වැඩිමල් උනුත් හෙන ටයි එක... මැද, පස්ට් එකට ගහන්න. ටිකක් වෙලා ඉඳල ඉතීම් මාත් ගියා. ඇස් බඳින එකා පුල් ඩම් එකෙන් තද කළා. මං කියල ලිහිල්ව බැඳ ගත්ත. යකෝ යද්දී මෙන්න යටින් පේනවා කියහන්කො. මගුලයි. ආයේ ගිහින් කියන්න ඈ. මොනා කරන්නද... ගියා මැද තියෙන මුට්ටියට ගාවට, දෝත බදල දීල ඇරිය. ඕන් එදා තමයි දිනුවනම් තරඟෙකින් මේ නමිය දින්නෙ.

 

ඔය ආදී ක්‍රීඩාවනුත්, සූදු පොලවලුත්...... ලිප ගිනි මෙලවීම්, නිවීම්, කිරි ඉතිරවීම්, මල් කැඩීම්, හිස තෙල් ගෑම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභයව ආදී වැඩ කටයුතු අටෝරාසිය හමාර කරල, උස්සව නිමාකර වැඩට යන්නත් එපෑයැ....

 

එතැන් සිට ආයේ පරණ තැටියට අනුගත වෙන්නත් එපෑ. පරණ කෝන්තරයෙ ඉඳල ආයෙම පටන් අරන් හෙම... නේ. අලුත් අවුරුද්ද තියෙන්නෙ සතියයිනෙ හිටන්.

TV- තරු අවුරුදු උස්සව

 

සමහර සෝසල් මීඩියාවල උදවිය නම් මේ අවුරුදු උත්සව- චාරිත්‍ර බොරු විගඩම්ය, බිස්නස් මගුල් කියල හොඳටම බැනපු තැන් දැක්ක. හැබැයි මෙහෙම විවේචනය කරන සමහර අය රාකී බැඳන්, මෙහෙන්දි ගාන් ඉන්නවත් දැක්ක. කොන්ඩේ පාට කරන එක, නාහේ කරාබු දාන එකත් ඉතින් අර බිසිනොස්වලට අයිති නොවෙන්නෙ කොහොමදෑ කියල තමා හිතෙන්නෙ.


මං නම් ඔය චාරිත්තර පස්සේ යන්නෙ නැති උනත් කරන අයට නම් කරගන්න දෙනව.. කතාකලොත් සහභාගී වෙනව. ඒකෙන් ඒ අයට සතුටක් ලැබෙනවනම්, පරණ තරහමරහක් මකා ගන්නවනම්, සුහදතාව වැඩි වෙනවනම්... මගේ සාක්කුවෙන් සතයක්වත් යන්නෙත් නැත්තං, මට මොටෝ.

 

 ඔය හැම දේම කරන්නෙ අලුත් වෙන්න, වෙනස් වෙන්න කියල වෙනකොට... ඒ නිසි- අවැසි වෙනස වෙනුවෙන් අදිටන්ව මේ හැම දෙයක්ම වෙනවනම් තවත් හොඳයිනෙ හිට.

"නමියා ලඟදි ලියලා නෑ නේද.... " ලෝටස්තුමීට ටෑන්ක්ස්. ඒ කොමෙන්ට් එක කියෝලා ඊයේ බ්ලොග දිහා බලුහාම තමා මාත් දැක්කෙ මාසෙකට වැඩිය මුකුක්වත් ලියවිලා නෑ නේද කියල. ඒ නිසා ඔන්ට... බක් පෝදා (2023/04/05) පැවැත්වුන ගෙට්ටුව ගැනවත් හැකි පමණකින් අකුරු කරන්න හිතුව.


කහකුරුල්ලා මත පිරිස

තුන්වෙනිදා වෙනකම්වත් යන්ට වෙයිද නොවෙයි කියල තිබ්බ ඩාම් ඩූම් තත්ත්වය සමතයකට පත්කරගෙන යන්ට හරිබරි ගැහෙද්දී මතක්ක උනේ හක්බෙල්ලාව තියෙන්නෙත් සුළුපටු දුරකින්ද කියල හිටන්. මොනවිදිහකට ගියත් එන්න බස් කට්ටක්වත් නැති උනොත්... පෝය හන්ද. ඔහොම හිතමින් ඉන්නකොට කොලොම්පුරේ කතා කරලා කිව්ව 'මේ උඹත් වරෙන් අපිත් එක්ක යන්න' කියල. ඔන්න නමිය ඒ සාවියේ ඉඳ තට්ටයගෙ කොළම මංජුල ලොක්කගෙ, හක්බෙල්ලා අඩවියට ගොඩ උනා... අසංගයි උන්දගෙ නෝනායි, බට්ටො දෙන්නයි එක්කලා.


ගෙහුං... මංජුල ලොක්කගෙ සුහද පිළිගැනීමෙන් පහු ඝන පූර්ණය සම්පූර්ණ වේගන එද්දී, සුපුරුදු ලෙසම ලැවරියා සප්පායමත් ලැබුණේ උණු උණුවෙන්මයි. හොඳම හරිය පැමිණියේ පහුවයි. ඒ... බිහිසුණු, ගැස්සෙන පැද්දෙන කහකුරුල්ලා මත TeePee කෑම්ප් සයිට් එකට ගමන් ඇරඹීමයි. ලෑටි තට්ටම්හිමි අප වාගේ උදවියට ඒ ගමන දුෂ්කරය. කුරිරුය. එනමුත්... කටුපොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස කියා සිරිත්මල්දමේ සිංදු මතක්කර මං වහන්ස ගමනට එක්කාතු උනා... ඕන සෙද්දක් වෙද්දෙන් කියා.


ගිය පහුවයි දැනගත්තේ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මියවත්... මංජුල ලොක්කා මේ ගමනට සැට් කරන් තියෙන බව. අගෙයි, කදිමයි. පොත් අඩුවෙන් පරිහරණය කරන මං වහන්සේ එතුමියව දන්නේ පොතට හිතැති පේස්බුක් මිතුරියන් නිතර දෙවේලේ දමන රිප්ලයි, නොටිපිකෙසන්, මැසේජ් හරහායි. උන්දැල දැන ගත්තනම් ඇය හමුවුන වග... විසුමක් වෙන්ටෑ.


TeePee මංජුල ලොක්ක හා ප්‍රධාන ආරාධිත අමුත්තිය ශාන්ති මිය

 

     සහභාගී පිරිසේ නම් ලැයිස්තුව බැලුවොත් හිටන්...

 

ශාන්ති මහත්මිය හා ඇයගේ පුතා....

තට්ටයගේකොළමෙ මංජුල

නිදහස් සිතුවිලි රවී

ඩ්‍රැකීගෙ අඩවියේ ප්‍රභාත්, උන්දගෙ නෝනි හා පුට්ර රතනය

ඉයන්ගෙ අඩවියේ ඉයන්

තිලකසිතේතිලකසිරි

යාන්හෑල්ලේසුරංග හා ඔහුගේ බිරිය

කොලොම්පුරේඅසංග ඇතුළු පවුල

කැලේ පිපුණු මල්හි වත්සලා හා ඇගේ පුට්ර රතනේ හා සහෝදරී

වගේම කොමෙන්ට් අධිපතීන් වන ප්‍රාජේතුමා, ප්‍රසන්නතුමා

හා මං වහන්දෑ.

 

     පංචතන්තරේ නිදි ලොක්ක, කල්‍යාණ මිත්‍රේ කමි, ඉවාන් පවුලූෂ හිටියානම්....

     වගේම, කොහෙද මඟ අඩවියේ නවීන් සංදීපව අල්ලගන්න තිව්න අමාරුව

 

මහා සිරිබිරිසාගමනය හන්දා... සිරිබිරිස් - නිදි - ප්‍රා.ජේ සුහද හමුවක් යොදාගන්ට හිතපු හන්දා, කොලොම්පුරේ ගෙට්ටුවක් පවත්වන්නට ගෙනා යෝජනාව හන්දා, තට්ටයතුමා කෑම්ප් සයිට් එක හැමෝටම එක්රොක්වන තැනක් කළ හන්දා... සිදුවුණු යහපතක තරම.

 

     කොහොමින් උනත් මේ සුහද හමු අස්සේ මතක් වෙන තව කාරණා කීපයක් තියෙනවා....

 

අපි TeePeeයට ගොඩබහින්න කලියෙන් දින සිටම රවී ලොක්ක එහි සම්ප්‍රාප්ත වී සිටීම.

හමු තියන්න යොදාගන්න නියමිත හැම දිනයක්ම කොළොම්පුරයට පන්ති වැටී තිබීම.

මංජුල බොසාගෙ කහ කුරුල්ලා දර්ශනය වීම, ලැවරියා හා ස්නානය නියතයක් වීම.

 

ඒ අස්සේ මෙදා හමුවේ තට්ටයතුමා එක්කලා කෑම ගේන්න ගියහම ඒ ගෙදරත් බටයක් කැඩිල වතුර ගලන්න ගත්ත... මං හන්ද නෙමේ, බව් පොරයක් නිසා. කොහොම හරි වතුර බට එක්කලා මට තියෙන අවියෝජනීය ගස්ටනය ගැන සැක රවී ලොක්ක මේ පාර ටොයිලට් පැත්තේ යන්න හදනකොටත් සභා මජ්ජයේම ඇහුවෙ නැතෑ 'උඹ ආයේ මොනාහරි කඩයිද. කෝකටත් මාත් එන්නද' කියලා හිටන්.



 

විද්වත්, සුහද කතිකා අස්සේ සුපුරුදු දිය කෙලියත් හා මද පාන සංග්‍රහ වාගේම කාන්තා පරුවසයට තේපැන් සංග්‍රහයත් නියම උනා.

තව මොනාහරි කියන්න තියෙනවනම් තියෙන්නේ... හුම්, ශාන්ති මහත්මිය අතින් පිරිසට අත්සන හා සටහනක් සහිත පොත් පරිත්‍යාගය. ඒ අස්සේ මං වහන්දෑ හට ගුටි පරිත්‍යාගයක් ද සිදුවූ බව නොරහසකි.

 

ඒ අංගය අහවරව කතාබස්ද අඩුකොට... කාඩ් කුට්ටම් සෙල්ලමින් හමුව අහවර කරමුය කියා එය ආරම්භ කළා.  කළා තමයි... කාඩ් එකේ තියෙන දේ කරලා/කියලා පෙන්නන්න එපෑ හිටන්. මුලින්ම නොබියව ඉදිරිපත් වුනු පොඩ්ඩන් ජිරාෆ් අලියා අනුකරණය පෙන්නුවේය.

 

පහුව බ්ලොග්කරුවන්...

අයිසෙ නිව්ටන්ගේ ඔලුවට ඇපල් හෝ වෙන යමක් වැටුනොත් මොනවද වෙන්නේ, මාළු සද්ද නොකර පිහිනන්නේ කොහොමද, නයාට ටෝච් එකකින් පහර දීම, ඩ්‍රැකීගේ බොරු (නො)කීම, කොස්සෙන් ඇති ප්‍රයෝජන ආදී ඒවා සිදුවිණි.

මංතුමා කියවාපු පොත් දහයක නම් අභීතව ඉදිරිපත් කළ අතර නොහොඹිනා ඩ්‍රැකියා එය කඩාකප්පල් කිරීමට අමානුෂික වෙහෙසක් දැරූහ.

 

ඔය ඔක්කෝම අහවර වී අපි කහකුරුල්ලා මස්තකප්‍රාප්ත වී TeePee සයිට් එකෙන් එපිට බලා පිහාඹන්ට සැරසෙද්දී... වෙන තැන්වල පිටත්වන මොහොතේ සිදුවන ආකාරයේ මල් ඉසීමක්, වතුර ඉසීමක් නොව, බත් අහසට ඉස සෞභාග්‍යමත් ලංකාවක් ප්‍රාර්ථනා කිරීමට තට්ටය තුමා වගබලාගත් සේක.

 

පෝදා විකාසය ඉන් අහවරයි. සියල්ලෝ සතුටු සිතින් ගිය නමුත්... මා පාර වැරද්දුවාය කියමින් කොලොම්පුරයා පමණක් උරණ උනි.


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්