සොක්‍රටීස්ගේ පෙරහන්කඩය


'සොක්‍රටීස්' පුරාණ ග්‍රීසියේ ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක්. දවසක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිල කතාවට වැටුණ.

- සොක්‍රටීස් ඔයා දන්නවාද මට ඔයාගේ යාළුවා ගැන ආරංචි වුන දේ?

පොඩ්ඩක් ඉන්න, සොක්‍රටීස් කිව්ව. ඔයා මට ඒක කියන්න කලින් මං ඔයාව පෙරන තුනේ පරීක්ෂාව ලක් කරන්න කැමතියි.

- පෙරන තුනේ පරික්ෂාව. ඒ මොකක්ද ඒ ?

ඔව් පෙරන තුනේ පරීක්ෂාව, සොක්‍රටීස් උත්තර දුන්න. කවුරුහරි මට අනිත් අය ගැන කියන්න කලින්, ඒ අය අදහස් කරන දේ පෙරලා ගන්න මම පරෙස්සම් වෙනව. මං ඒකට කියන්නේ පෙරන තුනේ පරීක්ෂණය කියල.

⋆ මුල්ම පෙරනය "සත්‍යය" ⋆

ඔයා මට කියන්න යන දේ ඇත්තද කියල ඔයා දන්නවද?

- නෑ, මට ඒක ඇහුණ එකක් විතරයි.

හොඳයි! ඉතින් ඔයා ඒක ඇත්තද දන්නෙත් නෑ. අපි දෙවන පෙරනයට යමු.

⋆ දෙවන පෙරනය "කරුණාව"⋆

ඔයාට  මගේ යාළුවා  ගැන මට කියන්න තියෙන්නෙ හොඳ දෙයක් ද?

- අයියෝ නැහැ නරක දෙයක්, කේලමක්!

ඉතින් සොක්‍රටීස් අහනව, ඔයාට එයා ගැන නරක දේවල් මට කියන්නත් ඕන... හැබැයි ඒවා ඇත්තද කියල ඔයාට විශ්වාසත් නෑ. කමක් නෑ අපි බලමු සමහරවිට ඔයාට තවමත් තුන්වන පෙරනයෙන් මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්.

⋆ තුන්වන පෙරනය "ප්‍රයෝජනවත් බව" ⋆

ඔයා යාළුවා ගැන කියන්න යන දේ මට ප්‍රයෝජනවත් දෙයක් ද?

- නැහැ, ඒක මම නිකන් කියන්නේ. වැදගත් නෑ.

ඉතින්, ඒ පුද්ගලයා දිහා අනුකම්පාවෙන් බලපු සොක්‍රටීස් කිව්ව. "ඔයා  මට කියන්න යන්නේ ඇත්තද දන්නෙත් නැති, අසුබවාදී, ප්‍රයෝජනයක් නැති දෙයක්. ඇයි එහෙනම් මට මේක කියන්න හිතුවේ? "

 

"ඕපාදූප යනු නරක දෙයකි. ආරම්භයේ දී එය විනෝදජනක වේ. විනෝදජනක ලෙස පෙනුණ ද, අවසානයේ එය අපගේ හදවත් දරුණු අඳුරකින් පුරවා අපව ද විනාශ  කරයි"

(සටහන මුල් අයිතිකරුවන් සතුයි!)

 

හෙහ්..හෙ. මේක දැන් වංචා පෝස්ටුවක් කියනෝ හෙම නෙමේ 😉😃.

 

ඇත්තටම අපි අහන දේවල් මේ විදිහට හලල කරලා ගන්නවනම් ගොඩක් පුරස්න, ඇඟේ ගෑවෙන කුණු අඩුවෙන බව දැනුන හන්ද, මේ කතාවේ විටින් විට FB එකේ දකින්න ලැබුනත්... වටිනාකම ගැන හිතල පබිලිස් කොලේ.

 

අහන ඒවා වගේම ආයේ අනෙක් පැත්තට කියද්දීත් මේ තියරිය පාවිච්චි කරානම්... ස්වස්ති සිද්ධම් නේ!

30 comments:

  1. දකින දේට වඩා දෙයක් ගළපන බොරු කතා
    ඇහෙන වචන විරූපි වී වවනව හිස් කතා
    කරන දෙයක් ඉවසන්නට බැරුව ගොතන කතා
    පරන කුනුත් අවුස්සනව ඕපදූප කතා...
    ජයවේවා නමී... !!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා දුමී... ❤✌
      ටැංක්ස් කයියට!

      Delete
  2. මගුලක් කියනවා? එහෙනං ඔය බෝතල් පාටි වලදී , කස්ටිය කසාය බීපු ගොලුවො වගේ ඉඳ ගෙන වැටෙන තුරුම සලු වෙයි. ඔය පාටිවල ෆන් එක ගන්නෙම, එක එකාගෙ කතා කියලා, අනිකාව හෑල්ලු කරලා, තමන්ව පුම්බ ගෙනම තමයි.

    ReplyDelete
    Replies
    1. හුටා! ඉමෝජි එක දාන්න අමතක වුනා. ටෝ එහෙම අප්සැට් ගහන බුවෙක් නූනත්, ඉඳා...😁😜😏🦉

      Delete
    2. හුම්!

      සෙටමෝල් වෙන තැංවලනම් තියෙ තමා. පොඩි චිල් එහෙකටත් අවුලක් නෑ කියමුකො. ඉස්මුරැත්තෙට යන්නැහනං එච්චරයි. දන්නවනෙ බස්තුමෝ... අපෙ ශිංගල පෞතකයන්ගෙ තරම 😂🙈

      Delete
  3. මේ වගේ වැදගත් දෙයක් පබිලිස් කල එක නම් හොඳයි. දැන් කාලෙ ගොඩාක් අහන්න ලැබෙන ඒවා මෙහෙම පෙරලා ගන්න අමාරුයි. තාර බර ඇරලා තමා ඔලුවට දමාගන්නේ අපි.

    ReplyDelete
  4. මම වැඩ කරපු ආයතන එකකවත් ප්‍රධානීන් හැටියට සොක්‍රටීස්ලා හිටියේ නෑ!

    ReplyDelete
    Replies
    1. වසල හමාරයි!
      එක අතකින් ඒකෙ ඇති අවුලකුත් නෑ නොවැ. පාර්ලිමන්ට් එකෙ ඉන්නෙත් ................ 🙈

      Delete
  5. https://bigthink.com/the-present/gossip-was-a-powerful-tool-for-the-powerless-in-ancient-greece-2628988811/

    ReplyDelete
    Replies
    1. අගේ ඇති සටහනක්.
      විවිධ කෝණවලින් එකම කරැණක් දිහා බලන්ට ඇහැකි වන එකමයි හොඳ!

      Delete
  6. නියම කතාව, අගෙයි.
    හැබැයි උඩින්ම ඉන්න බොහෝ අය මේ ෆිල්ටරේට කැමැති නැහැ, එවුන්ගේ පැවැත්ම තියෙන්නේම රංචු රංචු කැඩිලා ඉන්නකම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ගල්මල්-Coral !
      අපි ඔය මොහොකින් හරි බේද බින්න වෙනව සුටුස් ගාල. අන්තිමට ඒකෙ වාසියත්... චෞර සැට් එකට

      Delete
  7. වලාමේ ඉතින් ඕකෙන් පෙරන්න ගියොත් අපිට කතා කරන්න දේකුත් නෑ අහන් ඉන්න දේකුත් නෑ..😜😀

    ReplyDelete
    Replies
    1. සරි සරි ඉතිම්. ගෙඩිපිටින් කරන්න ඕනය කිව්වයැ 😁

      Delete
  8. ඔව් ඔය පෙරහන් තුනේ කථාව මමත් අහලා තියෙනවා! ඉස්සර මට කවුරු හරි කේලමක් කියන්න එන කොටම මම අහන එකක් තමයි "මම මේක එයාගෙන් අහනවා කමක් නැද්ද?" කියලා. බොහොමයක් කේලම් ඒකෙන්ම අකුල ගන්නවා!
    (හැබයි අනුන්ගේ රෙද්දවල් අහන් ඉන්න එක නං මාත් කරණවා! ඉතිං ප්‍රවෘථි කියන්නේ අනුංගේ රෙද්දවල් නෙවෙයිද බං?)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතිම් 😁😁
      බොරැ කේලම් වගේ එව වලින් දියාරැවෙන යාලුකම් නැති නොවෙන්න... පොඩ්ඩක් ඇලට් එකේ ඉමු වයේ සීන් එකක් ලයින් කරේ ඉතිම් ✌

      Delete
    2. මමත් ඔය තට්ටය වගේම තමා. කේලම හගිස්සවනවා කියල මුලින්ම කියනව.

      Delete
    3. දෙපැත්තෙන්ම අදහස් විමසන එක හොදයි තමා ❗

      Delete
  9. අගනා සටහනක් . ඇත්තට ඔය ප්‍රශ්න 3 අහලා කවුරුත් වැඩ කලොත් කතාබහ , සමාජ ජාලා අන්තර්ගත සියයට 50 කට වඩා අඩුවෙයි . වටිනා වැඩක් කරන්න ගොඩක් කාලයත් ඉතුරු වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව්. පේස්බුකියෙ ඕපෙ දානවට කොච්චර වෙලා යනවද

      Delete
  10. ඔය එක පෙරහංකඩේකවත් හිලක් තිබ්බෙ නැද්ද?

    ReplyDelete
  11. සොක්‍රටීස් කියන්නෙ මමත් දෙයියෝ වගේ අදහන පොරක් තමයි..මොකද එයා කියලා තියෙනවා උඹට හොද බිරිදක් හම්බ උනොත් උඹ ජීවීතේ සතුටින් ඉදියි...එහෙම නැති උනොත් උඹ දාර්ශණිකයෙක් වෙයි කියලා - Mayya

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙ. බිරිඳ ගැන කියාපු කතාවනං සැටිපිකට් ඇත්ත කියල හිතෙනව... මං බැඳල නැති උනත් 😂🙈

      Delete
  12. ඔ්ක හරිම ඇත්තක්.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්