සත්‍යය ලිඳේ...

19 වන සියවසෙහි පුරාවෘත්තයකට අනුව, දවසක් සත්‍යය සහ බොරුව එකිනෙකා මුණ ගැසුණ.

බොරුව, සත්‍යයට මෙලෙස පැවසුව.

 

"අද හරිම අපූරු දවසක් !"

දවස ඇත්තටම අපූරු නිසා සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළුව.

දවසෙ බොහෝ වේලාවක් දෙදෙනා එකට ගත කලා, ඔවුන් අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණියා

බොරුව, මෙහෙම කියනව සත්‍යට.

 

"මේ වතුර ටික නම් නියමයි, අපි දෙන්න නාගමු !"

 

නැවතත් සත්‍යයට සැක සිතී, ජලය පරීක්ෂා කර ඇත්තෙන්ම හොඳ බව දැන ගත්ත. ඔවුන් ඇඳුම් ගලවා තබා ළිඳට බැස නෑමට පටන් ගත්ත.

 

හදිසියේම, බොරුව ළිදෙන් එලියට පැමිණ, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යන්නට උනා.

 

මෙයින් කෝප වූ සත්‍යය ළිඳෙන් එළියට පැමිණ තම ඇඳුම් නැවත ලබා ගැනීමට බොරුව සොයා සෑම තැනක ම දුවන්නට විය.

 

නිරුවතින් දුවන සත්‍යය දකින ලෝකය අවඥාවෙන් ඉවත බලා ගනිති.

අහිංසක සත්‍යය නැවතත් ළිඳට බැස එහි සදහටම සැඟව අතුරුදන් විය.

එතැන් පටන් සත්‍යය ලෙස ඇදුම් ඇදගත් බොරුව ලොව පුරා සංචාරය කරමින්, සමාජයේ සැරිසරයි.

මන්ද නිරුවත් සත්‍යය දකින්නට ලෝකය කැමැත්තක් නොදක්වන නිසා.

 

- සටහන පුරුදු විදිහටම ජාලයෙන් උපුටාගන්නා ලදී 😉

 

The world famous painting “The Truth coming out of the well” Jean-Léon Gérôme, 1896.

20 comments:

  1. සත්‍යය කියන ගැහැණිය අල්ලා ගෙන ඉන්න කෝටුව වැනි දේ යමක් සංඛේතවත් කරනවා කියලා හිතෙනවා. චිත්‍රයේ හිරු එලිය වැටෙන පැත්ත අනුව ආලෝකය පෙන්න්වන විදිහත් අපූරුයි - Mayya

    ReplyDelete
  2. චිත්‍රයේ සත්‍යය කාන්තාවක් හැටියට නිරූපනය කිරීමට විශේෂ හේතුවක් තියනවද දන්නෑ?

    ReplyDelete
  3. හ්ම්ම් ඔන්න සත්‍යට වෙච්චි දේ...පින්තූරෙනම් ලස්සනයි...

    ReplyDelete
  4. "සත්‍යය සපත්තු දාන කොට බොරුව ලෝකෙ වටේ ගිහිනුත් ඇවිත් !" කියලා කියමනක් මා අසා තිබෙනවා.
    මේකට හොඳම උදාහරණයක් මගේ මතකයට එනවා.
    ඉතා කෙටියෙන් ලියන්නම්.
    නුගේගොඩ පැත්තේ පොලීසියේ විශ්‍රාමික උසස්ම නිළධරයෙකු හට චෝදනාවක් නගනවා එම නිවසේ තරුණ මෙහෙකාරිය විසින් තමාව දූෂනය කල බවට.
    මේ සිද්ධිය නිසා මුළු පවුලෙන්ම කොන් කල අතර; ගැරැහුම් නින්දා ලැබ පොලිස් නිළධරයා අවසානයේ මිය යනවා.
    ඊට වසර ගනනාවකට පසු අර තරුණිය පාපොච්චාරණයක් කරණවා තමා දූෂ්නයට ලක්වූයේ තමාගේ බාප්පා විසින් විනා පෙරකී පොලිස් නිළධරයා වෙතින් නොවන බව පවසමින්!

    ReplyDelete
  5. අපූරු කතාව, සත්‍යා නිරුවත්. ලිඳේම ඉන්න සත්‍යාට පෙන්නේ ලිඳේ ඉහළ අහසේ සීමිත වටයක්, එච්චරයි.

    ReplyDelete
  6. ඔයාගේ පෝස්ටුව කියවද්දී මට මතක් වුනේ ගීතයක්, නමී.
    https://geepadura.blogspot.com/2013/02/Suroopi-Viroopi-Epa-epa-rewatenu-Saman-De-Silva-Upali-Perera.html

    ReplyDelete
  7. පරණ සින්දුවක් මතක් උනා මේක කියෙව්වම.
    මුල මතක නෑ. මැදින් මතකයි.

    දවසක් දිය නාන්න දොළ වෙත ගොස් දෙදෙනා
    ඇඳි සළු පිළි උනා තබා ජලයට පැන්නා
    සුරෑපීට පෙර විරූපි මෙගොඩ පැමිණුනා
    සුරූපීගෙ සළු පිළි හැඳ හනික පිට වුණා
    එපා එපා රැවටෙනු
    රූපෙට එපා රැවටෙනු...

    ReplyDelete
  8. ඒක මරු.

    https://www.youtube.com/watch?v=CoN9LbZS27E

    ReplyDelete
  9. හෑ, අර වතුර බොන ලිඳකට බැහැල නේද බාන නාලා තියෙන්නෙ? 😮

    ReplyDelete
    Replies
    1. //සටහන පුරුදු විදිහටම ජාලයෙන් උපුටාගන්නා ලදී //
      ටෝ දීයාම කාපිය. මම ජාලෙන් ඇන්න ගූගල්ගෙන් පරිවර්ථනය කරලා දැම්මාම ආඩාපාලි කිව්වට?

      Delete
    2. ටෝක් ඉෂු කරනකොට එහෙමයි කර්තා හේ. කරනකොට මෙහෙමයි කර්තා හේ බැස්ටිං තුමෝ 😁😁😁

      Delete
  10. 😁https://medium.com/@mistywindow/according-to-a-19th-century-legend-the-truth-and-the-lie-meet-one-day-b318378935f4

    ReplyDelete
  11. One day a man named Truth and a man named Lie stood by a river just outside of town. They were twin brothers. Lie challenged Truth to a race, claiming he could swim across the river faster than Truth. Lie laid out the rules to the challenge stating that they both must remove all their clothes and at the count of 3, dive in to the freezing cold water swim to the other side and back. Lie counted to 3, but when Truth jumped in, Lie did not. As Truth swam across the river, Lie put on Truth’s clothes and walked back in to town dressed as Truth. He proudly paraded around town pretending to be Truth. Truth made it back to shore, but his clothes were gone and he was left naked with only Lie’s clothes to wear. Refusing to dress himself as Lie, Truth walked back to town naked. People stared and glared as naked Truth walked through town. He tried to explain what happened and that he was in fact Truth, but because he was naked and uncomfortable to look at, people mocked and shunned him; refusing to believe he was really Truth. The people in town chose to believe Lie because he was dressed appropriately and easier to look at. From that day until this, people have come to believe a lie rather than believe a naked truth.

    ReplyDelete
  12. මිනිස්සු ඇත්ත කියනවට බයයි. ඇත්ත එලියට ආවහම නැතිවන දේවල් වැඩියි. අපි හැමෝම එහෙමයි මම හිතන්නේ. මට කෙලවෙලා තියෙන්නෙම මූණට ඇත්ත කියන්න ගිහිල්ල. යාලුවෝ තරහ කරගන්න ඕනේ නම් ඇත්ත කියන්න පටන් ගත්තම හරි. 😀

    ReplyDelete
  13. පින්තුරේ නම් සත්‍යයක්

    ReplyDelete
  14. https://www.youtube.com/watch?v=ss5AZyrdMVs&pp=ygUcc2FtYW4gZGUgc2lsdmEgc3VydXBpIHZpcnVwaQ%3D%3D

    ReplyDelete
  15. ඇත්ත සහ බොරුවේ උපත පිළිබද ලියවුණු අපූරු කතාවක්.
    ජයවේවා !!!

    ReplyDelete
  16. දැන ගත්තම දැනෙයි ගොඩක් රසයෙන් නම් තිත්ත
    මොන දේවල් කෙරුවත් අද වැහෙනවනේ ඇත්ත
    මන ගත දෙක ජයගන්නට ඇගලාගයි නැත්ත
    දින ගතවී බොරුව නිසා බෙල්ලට ඇත කැත්ත...

    ජයවේවා !!!

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්