ඩාම් ඩුම් සිටුවේසන්.... එකට සිංදුවක්


හුම්... කලින් පෝස්ටුවේ කොමෙන්ට් වලට සිප්ලයි කරන්න තියා ඒ පැත්තෙ යන්නවත් බැරි උන එකට ෂොරි පෙන්ඩ්ස්.

මේ සති 2කම ඩාම් ඩුම් සිටුවේසන්#. අවුරුද්දෙ අන්තිම කාලෙ නිසා... හැමෝටමත් එහෙමයි වාගෙ.

යන්න තිබ්බ ගමන් වැඩි උනා. කාමරේ, ගෙදර රෙපෙයාර් වැඩ සැට් උනා. ඒ ඔක්කොම අතරේ හිතවතුන්, ඤාතීන් පරලෝ සැපත් වෙන ගානත් වැඩි උන නිසා, ඒවාට සහභාගී වෙන්නත් වුනා. ඒ අතරෙ රට යන තවත් අය හිමිහිට යන්නම ගියා.

 

ඒ ඔක්කොමත් අෂ්ෂෙ ගෙදර බලු තඩියො දෙන්න වලියක් දාන්, ඒක සැට්ල් කරන්න ගිහින්... සුළු තුවාල එක්ක, මං පණ බේරගත්තෙත් යාන්තමින් ##.

 

මේ ඩාම් ඩුම් සිටුවේසන් එකේ නිවී හැනහෙන්න... අහල තියෙන, ඒත් වැඩිය නො ඇහිච්ච සිංදුවක් අහමුද ?

30 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. //රට යන තවත් අය හිමිහිට යන්නම ගියා// හෙහ්, හෙහ්.......එහෙම තමා රට යන්නෙ. නැහ්නං, යන්න බැරිවෙව්ව උන් අංචි අදීවි කියලා බයට.😂🤭
    සිංදුව නං.....අනේ මන්දා? මම කැමති ජාතිය නෙමෙයි.😁

    ReplyDelete
    Replies
    1. නමියාගෙ බලු වලිය:
      https://www.youtube.com/watch?v=oelDtH-4M6A

      Delete
    2. අප්පා ඒකනං ඇත්ත බස්. ලග ඉන්න එකෙට්ට හරියනවට අපේ උන්දල... හිත යටින් හරී අමනාපයි.

      මරැ විඩියෝ කෑල්ල. ගොඩක් වෙලාවට බව්වො සෙල්ලමට දගලන්න කැමති. ඒත් පූෂ්ල කොයි වෙලෙත් බව්වන්ට පුම්බගත්ත ගමන්.

      Delete
  3. නිතර ඇහෙන්නෙ නැති ලස්සන සිංදුවක්, ස්තුතියි බෙදා ගත්තාට

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවටත් ටැංක්ස් අනුරැද්ධ අයියෙ!

      Delete
  4. ගමේ ගියාම බල්ලන්ගෙ රණ්ඩු බේරන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ කොහි යන්ටද Litseeker හදාගත්තු පැල දාල 😁😁

      Delete
  5. 'අෂ්ට පාදං චතුර් කණ්හං' පන්නෙ බලු වලි හුඟ තිබේ
    එහෙම එව්වයෙ මැදට පැන්නොත්, නොවැරදී බොට 'බඩු' ලැබේ
    ගමේ ඉන්නා නමියො, ගම හැර යන්නටද කරනුයෙ හබේ
    කාලයා විසඳයි නමී, ඔය තියෙන හැම ප්‍රශ්නෙම ඔබේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත නිදිතුමෝ. සමාර බලුවලි වලට මැදි වෙන්න නාකයි තමා!

      Delete
  6. ඒ කියන්නෙ දැං ඔහේට ජලබීතිකාවද?

    ReplyDelete
    Replies
    1. ක්ඤෑ. මන් වතුරට බය නහී. නයින්ට හේ 😁😁🙈

      Delete
  7. මාතෘකාව දැකලා මට එක පාරටම හිතුනෙ නමියා 'අමුක ඩුමුක' (?) සිංදුව ගැන ලියලා කියලා.

    "කලින් පෝස්ටුවේ කොමෙන්ට් වලට සිප්ලයි කරන්න තියා ඒ පැත්තෙ යන්නවත් බැරි උන එකට ෂොරි පෙන්ඩ්ස්" ලඟකදි ඉඳලා කමෙන්ට්ස් වලට රිප්ලයි කරන විදිහෙ පොඩි ඩාම් ඩූම් සීන් එකක් පෙනුනා.

    "ඒ ඔක්කොමත් අෂ්ෂෙ ගෙදර බලු තඩියො දෙන්න වලියක් දාන්, ඒක සැට්ල් කරන්න ගිහින්... සුළු තුවාල එක්ක, මං පණ බේරගත්තෙත් යාන්තමින්". මදැයි ඔයින් ගියා!! නමියා කොහේ ගියත් අතරතැබ්බ වලට මුහුණ දෙන කෙනෙක් කියලා කලින් ලියලා තිබුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. //ලඟකදි ඉඳලා කමෙන්ට්ස් වලට රිප්ලයි කරන විදිහෙ පොඩි ඩාම් ඩූම් සීන් එකක් පෙනුනා// ඔව් අලේ. මේ පෝං කට්ටෙන් ටයිපින්. මේ වැඩේට ආසම නෑ මං

      අකරතැබ්බ නං හැමතැනදිම සැට් වෙන්නෙ නෑ 😁. ලඟ ඉන්න පුජ්ජලයෙක් මරාලයක් සෙට් නොකරොත් ඇරෙන්න 😁😁🙈

      Delete
  8. කලබල වීලා හැමගේ මේ කල් ගෙවනා
    කෑම බීම වලට පවා මොහොතක් නොවනා
    මොකක් නමුත් පසුපස්සේ වේගෙන් දුවනා
    තේරුම් ගනු බැහැ ජීවිතෙ ගැටලුව මැවෙනා..

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. හුම්. ටැංක්ස් දුමී... කයියටයි, ආවටයි

      Delete
  9. ඩාම් ඩූම් සිටුවේසන් එකකට ඒ සිංදුව සෙට් නෑ අප්ප

    ReplyDelete
    Replies
    1. එච්චරමනං මේ සිටුවේසන් එකට සැට් නැ තමා.
      ඒත් මේ අපි කරමින් ඉන්නෙ මොකක්ද... කියල හිතල බලන්න කියල හිතෙන සිංදුවක්!

      Delete
  10. පුංචි සටහනක් උනාට ගොඩාක් තොරතුරු දැනගත්තා. අර බලු තඩියො දෙන්න ගේ වලිය දැන් සැට්ල් ද? ඇති යන්තම් ඔයින් ගියා ලොකු ලොකු තුවාල නැතිව.
    බෙදා හදා ගත්ත සින්දුවත් ඉතාම රසවත්. බොහොම ස්තුතියි අපි සමඟ බෙදා ගත්තා ට.

    ReplyDelete
    Replies
    1. ආ... ඒ බව් වලිය එතනින් ඉවරයි. දෙන්නට දෙන්න නැතුවත් බෑ ඒ ජෝඩුවට 😁😁

      Delete
    2. එහෙනම් ඒක බලු පෙම් වලියක් වෙන්ටෑ. ඕවට මැදිහත් වෙලා පව් පුරෝගන්න කාරි නෑ ඕං. 🙈

      Delete
  11. ඒ ගමන ත්වුසේගේ එක අප්ඩේට් වෙන්නේ නෑ මගේ රෝලේ

    ReplyDelete
    Replies
    1. ආ ඒකට කමක් නැ. උබේ එක දැන් මයෙ බ්ලොග්රෝලෙ අප්ඩේට් වෙනෝ නෙ 😁🤭

      Delete
  12. අමරසිරි පීරීස් ගේ සින්දු වලින් මම කැමති ‘ මලක් උනේ ඇයි නුඹ මට‘ කියන සින්දුවට. අනෙක් ඒවා එච්චර ලයින් වෙන්නෑ.... - Mayya -

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒ සිංදුවත් ලාස්සනයි!

      Delete
  13. සින්දුව දෙපාර ඇහෙන්නේ මොකද? එහෙමද රෙකෝඩ් කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක දෝශයක් නෙවේ. මං හිතන්නෙ එහෙම කරන්න ඇත්තෙ... පාලුව, කාන්සිය කියන හැඟීම තවත් දනවන්න වෙන්න ඇති. අර වික්ටර්ගෙ මාලනී සිංදුව වාගෙ. අනික සංගීතය කේමදාසයන්ගෙනෙ ❤

      Delete
  14. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැනුවත් කිරීමට 🙏

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්