හචිස් හා service - ශනිදා දහයට

එක වාරෙකට වැඩිම හචිස් යවන කෙනාට හම්බෙන්න ඕන Guinness world record එක හම්බෙනවනම් හම්බෙන්න ඕන මේ මට. ඒ මොකද කියන්නෙ සමහර වෙලාවට හචිස් යනව 15, 20ක් විතර... එක සැරේ. හචිස් කිව්වෙ ඉට්ටැයිල් එකට. ඕකට Oxford සිංහල ඩිස්සනේරියෙ තියෙන්නෙ ‘කිඹුහුම’ කියල. අකුරු පටලවාල කියවගන්න එපා ප්‍රෙන්ඩ්ස්... කුණුහබ්බ කියවෙයි හොඳේ 😆

ඔය හච්චින් යන්නෙ කවුරුහරි මතක් කරාමය කියනවා නෙ... සමාර උදවිය. ඒත් මෙයාකාර මතක් කිරීමක් 🙈

ඇත්තටම වැඩේ උනේ කතරගම පාද යාත්‍රා ගිය කාලේ කොම්පීතර් මේසෙ අස් කරන්න බැරි වීම. කොම්පීත්ර් කීවට ගෙදරදී මේ ලඟක් වෙනකම් වැඩකරේ උකුල් ඉහලෙන් (laptop). හදිසියේ පාද යාත්තරා දිනේ වෙනස් වෙලා කලින් යන්න උන කතාව නිදිගේ පංචතන්තරෙන් කවුරුත් දන්නව ඇති නෙ. ඒ හන්ද වැඩකරන මේසෙ යද්දී යකා නටල තිවනෙ. පොඩි පොඩි කෑලි අරව මේව එකයි මේසෙ උඩ. ඒ හන්ද ගෙදර කවුරුවත් අස්කරන්න අතවත් තියලා තිවනෙ නෑ.

ගිහින් ඇවිත් තව දවස් දෙක තුනක් ගිමන් හැරල, අස් කරල හිටං Laptop එකේ යහමින් වැඩ කරගෙන යනකොට full slow දුවපු හාදයා ලෙඩ ඇඳට වැටුන එකපාරම. හුම්! කම්මලට ගෙනිහින් ලෙඩේ හොයන්න ගලවලා බලද්දී දැක්කේ CPU fan එක ළඟ තිව්න දූවිලි ගොඩ. කඩේ අයිය කුණු ගොඩක් දිහා බලන්නැහේ බලාගෙන හිටිය. මම විලි ලැජ්ජාවෙ අහක බලාගත්ත. “මල්ලි පාවිච්චි කරද්දී මාස 6න් 6යට වත් clean එකක් දෙන්න ඕන” එහෙම කියලා මිනිහ පොටෝ දෙකතුනකුත් zoom කරල අරන් හිට පෙන්නුව. මාත් නොදන්න ගානට ‘ආ ඒකත් ඒමද අයියා’ mood එකෙන් බබා හිනාවක් දැම්ම. ඕමයි කතන්දරේ අමල් බිසෝ කීවලු!

සමහරු Blower පාවිච්චි කරනව Motherboard ගලවලා හෙම සුද්ධ කරන්න. ඒත් ඒකෙන් වෙන්නෙ කුහර වගේ තැන්වල දූවිලි තවතවත් රැඳෙන එක. ඒ නිසා Vacuum එකක් පාවිච්චි කරන එක නුවණට හුරුයි.

ඇත්තටම අපි desktop එකක් ගලවල කෑලි හයි කරන, සුද්ද කරන විදිහට laptop වලට අත තියන්න යන්නෙ නෑනෙ. මොකද පොඩි බයක් තියෙනව. (බසූ වගෙ මකබාස්ල නම් lap නෙමේ circuit bomb එකක් උනත් ගලවලා හදයි).  lap එක අරගෙනත් අවු: 5කට වැඩී. ඒ ඉඳල කැඩෙනෑකම් සුද්ධයක් දෙන්න හිතුවෙවත් නෑ. කතරගම යන්න කලිනුත් පොඩියට slow වෙලා තිබුනෙ. ඒත් මං හිතුවෙ memory full තියෙන නිසා කියල. ගිහින් ඇවිත්ම backup එකක් දාගෙන, space එක දුන්නම වැඩේ හරි කියල හිතුවෙ. ඒත් slow වෙන්න එක හේතුවක් විතරයි ඒක. අනික් හේතුව, කතරගම යන්න කලින් මාසයකට කිට්ටු වෙන්නම එළියෙන් පිහිදාළ කරල වෙනදා කරන සුද්දෙවත් නොකිරීම.

හුම්, ඉහත පැදි පෙලෙන් ලබා ගත හැකි ආදර්ශ කවරේද -

අංක එක - පාවිච්චි කරන උපකරණෙ/ අවයවේ ඉඳල පිරිසිඳුව හා නඩත්තුව.

අංක දෙක - සුද්ධබුද්ද කරන වැඩ වලදී හා උපකරණ නඩත්තු කටයුතු වලදී පැළඳිය/ භාවිත කළ යුතු ආවරණ පාවිච්චි කිරීම.

අංක තුන - මට මතක නෑ.

අංක හතර - හරි එකෙක්ට චන්දෙ දෙන්ඩෝ, නැත්තන් නොදී හිටු.

අංක පහ - කැමති කෙනෙක් කොමෙන්ට් කරන්න.

52 comments:

  1. බොට හචිස් යන්නේ කොම්පීතර මේසේ අස්කොරලා නොවෙයිනේ.. අර නිදි ගොයියා එයාගේ චීත්තවාහිනියේ දාලා ප්‍රසිද්ධ කරලා ඉවරයි නෙව පාදයාත්‍රාවේ දි ශ්‍රියා කාන්තාව එක්ක ලිංතුනේ ගැට්ට උඩ ඇතිවෙච්ච හුටපටේ ගැන. ඒ අංගනාව බෝව හැම විනාඩියේදීම මතක් කරනවා වෙන්නැති ...

    ReplyDelete
    Replies
    1. බොලා මොකටද මම දාන්න ආපු කොමෙන්ට් එක මට කලින් ඇවිත් දැම්මෙ.

      Delete
    2. කමක් නෑ කවුරු දැම්මත් කතාව එකයි නෙව

      Delete
    3. කොලොම්පූර් ඇන්ඩ් පෂා, ඒ කාන්තාව පිනක් දහමක් කරාන ඉන්ට වයස බොලව්.

      Delete
  2. තුන අමතක කරන්න එපා... නිතරම අතගා බලනු.. නැත්නම් උබවත් දන්නේ නැතිව අපේ වික්කම සිංහ ගොයියා චිනෙක්ට ඒකත් විකුණලා තියෙයි..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම හොඳට බටේ සුද්දකරල තියාගන්නත් වෙනව.

      Delete
    2. ඒක තමයි එහෙනං මෙච්චර කෙට්ටු.

      Delete
    3. කොලොම්පූර් ඇන්ඩ් පෂා කුම්පාඩි කතා කියන්ට එපා බොලව් 😂🤭🤭

      Delete
  3. අදාල කටයුතු වලදි ආවරණ පාවිච්චි කරන්න පුරුදු වෙන එක හොඳ වැඩක් ඉඳගෙන.

    ඔය බ්ලෝවර් එකම වැකුම් ක්ලීනර් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒන හැම එකේම පුලුවනිද?.
      හුම්. ඒකත් දැනගත්ත එක හොඳා ඒනම්!

      Delete
  4. ශනිදා දහයට කියන්නෙ මොකක්ද?
    කවුද ඒවගේ මොට්ට වැඩක් පටං ගත්තෙ?
    ඌ තාම යහතිං ඉන්නවද?
    මට මතක නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් නගා සිටවන්න ආපු උන් නගා එක්ක පැනලා ගොහින්..

      Delete
    2. හෙහ්... හෙ. බ්ලොග් නගා හිටුවිල්ල නායා ගිහින් හිටං 😂🤭

      Delete
  5. පාවිච්චි කරන උපකරණෙ/ අවයවේ ඉඳල පිරිසිඳුව හා නඩත්තුව.///

    ඒක කරන්නම එපැයි. නැත්තං ගැලවිලා වැටෙන වෙලාව හොයාන්න බැරිවෙයි. අන්තිමට බටයක් හරි පුනීලයක් හරි තමා පාවිච්චි කොරන්න වෙන්නෙ 🤭🤭😏😏

    ReplyDelete
  6. පොත්පත්වල, ගෙදර අතුපතු ගානකොට එන දූවිල්ලට ඇලර්ජික් වෙන එක හොඳ දෙයක් නෙවෙයි. තත්වය උග්‍ර උනොත් ලොකු අවුලක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇලජියක් නම් නෑ. සමහර වෙලාවට හචිමක් දෙකක් යනව ඉතිම් 😁

      Delete
  7. Replies
    1. උබවත් බ්ලොග් නගා හිටුවන්න කටයුතු කරපම් කො 🤭

      Delete
  8. // ඒත් slow වෙන්න එක හේතුවක් විතරයි ඒක//
    බොහෝ ලැප්ටොප් වල, බැක් කවර් එක පහසුවෙන්ම ගලවන්න ඇහැකි. "කැඩිලා නැත්නම් හදන්න යන්න එපා" න්‍යාය මමත් අනුගමනය කරත්, අවුරුදු පහක් කියන්නෙ බොහොම දිග කාළයක්. බ්ලෝවර් ෆෑන් එක බ්ලොක් වෙලා තියෙන එකෙන් මට හිතෙන්නෙ, GPU+GPU තර්මල් පේස්ට් වේලිලා ඇති කියලයි. එහෙම වුනාම ෆෑන් එක ෆුල් ස්පීඩ් දුවනවා, GPU එක තර්මල් ත්‍රොටලින් ගිහින් ස්පීඩ් එක අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. බෝඩ් එකේ සෝට් එකක් ගිහින් මහත්තයො. තාම හැදුවෙ නැති හන්ද හරියටම කියන්න බෑ සම්පූර්ණ අවුල. හදන්න දෙන්න හරි තැනක් සෙට් උනේ නෑ තවම!

      Delete
    2. "බෝඩ් එකේ සෝට් එකක් ගිහින්"😮
      ඒත් ස්ලෝ හරි වැඩ කරනව නේද? අවුරුදු 5ක් ලැපට සොෆ්ට්වෙයා බේත්ම විතරක්ම නේද දුන්නෙ? හාඩ්වෙයා පැත්ත ගැනත් ඔයිට වඩා ටිකාක් සැලකිලිමත් වුනා නං, තව කාලයක් කරදර නැතුව දුවන්න තිබුනා.
      පරණ ලැප් එකක් පරණ කාර් එකක් වගේ. දුවන කල් හොඳයි, ලෙඩ දෙන්න ගත්තාම මල වදේ. ඔය වගේ ලෙඩ, අපට හිතෙනවට වඩා සංකීර්ණ වෙන්නත් ඇහැකි (due to aging hardware). හරි තැනකට දෙන එක තමයි හොඳම දේ

      Delete
    3. කලාතුරකින් හාව හඳ දකින්න සේ ඔන් වෙලා හායි බායි කියල යනො. මෙහෙම උනහම ටික කලකදී ආයෙම ඔන් වෙලා ඩාම්ඩූම් වෙනව කියල තමා දන්න උදවිය කීවෙ.

      ඔව්! මෙ ලෙඩ හිතනවට වඩා සංකීර්ණ වෙන්ට පුලුහං. හොඳම දේ හොඳ තැනක් බලල හදවගන්ට එක තමා ඔහේ කීව වගෙ.

      නරකද මේ සම්බන්ධවවත් ආගිය තොරතුරැ ලියල... බ්ලොග්න ගා හිටුවන්න 🤭 see more

      Delete
    4. බ්ලොග් නගා හිටුවන්න?? ඒක නං කෙරෙන තොයිලයක් නෙමෙයි, උක්කුවො!
      අහා ඉන්ටමිටන්ට්. අර "දන්න උදවිය" කියපු දේම තමයි මටත් හිතෙන්නෙ. උපදෙස් අරං හදන්න බැරි, ඒත් දක්ස ලැප්ටොප් රෙපයාර් ගොබිලෙකුට අයිති වැඩක්.

      Delete
    5. හුම්! නගා හිටුවන්න ඕන නෑ. පෝස්ට් එකක් දෑවනං ඒ ඇති ☺

      Delete
    6. මොකදෑ අප්පේ නගාලම හිටුවන්න හදන්නේ? අක්කල- අයියල- මල්ලිලා නැතෙයි...

      Delete
    7. ඔය බ්ලොග් නගා හිටවන්න බැරි එක හේතුවක් තමා උඹලගේ දේශපාලනේ 😀 හැම මගුලටම ඒකා ඇද ගන්න නිසා . ඒ දවස් වල රනිල් අර්ජුන් මහේන්ද්‍රන් දාල කොටස් වික්ක එකට බැන්නෙත් මට 😀

      Delete
    8. ඇයි බුදු ගමරාළහාමී, අහිම්සක අපටම බනින්නේ? 😮 මම "බ්ලොග් නගාව" දැකලාවත් නෑ, ගේට්ටු,සම්මාන උත්සව මොන පාටද දන්නෙත් නෑ.
      - ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක් -

      Delete
    9. ඔය මැතිතුමා කලබල වෙන්නේ මක්කටයි . ඒ දවස් වල අපේ ගෙවල් පැත්තේ පියඹපු පක්ෂියෙක් නෙමෙයි නොවැ

      Delete
    10. https://kolambagamaya.blogspot.com/2017/08/blog-post_16.html

      Delete
    11. https://kolambagamaya.blogspot.com/2018/01/blog-post_28.html

      Delete
    12. වඩාත්ම පැහැදිලි විස්තරයක් - හෙවත් 3894ක් දැනට කියව තිබෙන ලිපිය :
      සම්මාන උළෙල - රාජිත - ප්‍රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය https://kolambagamaya.blogspot.com/2017/04/blog-post.html

      Delete
    13. අනිත් අය මොනවා කිව්වත්, ඔබතුමා කඩෙන් කාලා, අනුන්ගෙ හරක් බලපු බ්ලොග් සම්මාන උළෙල කලේ හොඳ චේතනාවෙන් බවට මගේ තරකයක් නෑ. තර්කය සම්මාන සහ සමහර ආරාධිත අමුත්තන් නිසා සිංහල බ්ලොග් "නගා හිටියද?" කියන එකයි. නමින් බ්ලොග් ලිවීමත්/ අඥාතව ලිවීමත් අතරත් අපේ අදහස් වෙනස්. මේ ඔක්කොම මගේ උපකල්පන මිසක් ස්ථිරව ඔප්පු කල හැකි දේවල් නෙමෙයි. සිංහල බ්ලොග් ආවා, බැබලුනා, මරා ගත්තා, සැනසුනා, දැන් කෙලවුනා. අපි ඔලුවෙන් හිට ගත්තත්, සැක්කරයගෙ පුතා ආවත් ඒක එහෙමම තමයි.

      Delete
    14. https://kurundha.blogspot.com/2024/08/blog-post.html?showComment=1724260722367#c3748252308594164281

      Delete
    15. // තර්කය සම්මාන සහ සමහර ආරාධිත අමුත්තන්// මගේ මුලික තර්කය උනේ ඉන්න ආණ්ඩුවකින් උදව් ගත්තට කමක් නැහැ කියන එක . රාජපක්ෂ ආණ්ඩුවක් තිබුනත් අනුර දිසානායක ආණ්ඩුවක් තිබුනත් ඒක එහෙම වෙන්න ඕනේ කියලයි හිතුවේ. එංගලන්ත ඒක එපමණට අනවශ්‍ය දැන්වීම් සඳහා කම්පැනි වලින් උදව් කරන නිසා . නමුත් ලංකාවේ මිනිස්සු හිතන්නේ එහෙම නෙමේ . ඒක මට පස්සේ තේරුනේ . අවසාන අවස්ථාවේ ආරාධිත අමුත්තෝ තේරුවේ නම් මම නෙමේ . තමන්ට ආධාර දුන් ප්‍රමාණය අනුව කෙනෙක් ඒ තේරීම් කරලා තිබ්බ . සන්නස්ගල පවා ආවනේ. 😀 දැන්නම් හිනා යනවා ඇත්තටම . හැබැයි අද තත්වය බැලුවහම තවත් හිනා යනවා . ඒ ගොඉල්ලෝ ඔක්කොම එකයි මල්ලි දැන්

      Delete
    16. හෙහ්, හෙහ් නෙළුම් අජ්ජා
      ඒක නං නියම නම ලොක්කා.

      Delete
  9. සරල එදිනෙදා සිදුවීමක් වුනත්, කම්මැලි නැති වෙන්න ලියලා තියනවා. එකම වැරැද්ද ලියන්නේ යලට,මහට වීමයි.😋

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ වේලාවක් තියේද මට එක එකාගේ බඩුමලු උස්සාගෙන පෝටර් වැඩේ කරන්න තියෙනවා.
      -නමී පෝටර් -

      Delete
    2. බසූත් මොනවහරි මේ ගැන ලීවනම්. කාලෙකින් ඔහෙ ලියලත් නෑ නෙව!

      ඇනෝ තුමා, ආවට ටැංක්ස්.

      Delete
  10. උකුල් ඉහලෙන් - නමියගේ මිත්තණියට හාල් ගරන්ට , 😀 මගේ ඩෙස්ක්ටොප් එකත් සුද්ධ කරන්න් මතක් කලාට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අප්පේ යංතන් ආති කාටහහරි වැඩදායී පෝස්ට් එකක් උනානම් මේක!

      ආවට ටැංක්ස් ☺

      Delete
  11. මෙහෙත් හරි වැස්ස
    ඔහෙත් හෙම වෙන්ටැ
    වැඩත් ගොඩ ගැහීලා
    කරගන්නෙ හෙමිහිටම


    ReplyDelete
    Replies
    1. හුම්! වැස්ස වලාහක දෙයියො නන්ස්ටොප් වැඩ 🤭

      Delete
  12. අඩේ කාලෙකට පස්සෙ මෙයත් ලියලනේ ...මං,අදනෙ දැක්කෙ...දකින්න ඉතිං එන්න එපැයි බ්ලොග් අස්සට..ආවෙ නෑනේ මේ ටිකේ..

    ReplyDelete
    Replies
    1. 😁 හැකි වෙලාවක ඉතිම් බ්ලොග් පැත්තට එන්න, ලියන්න.
      ස්වස්ථි සිද්ධම්!

      Delete
  13. ඉස්පේස් ඉඩකඩ මදිවීම වගේම RAM නමැති මෙමරිය ෆුල්වීම තවද රැම් කාඩ් වලට බබා හම්බුවී රැම් අඩුවීම ත් ස්ලෝ දිවීමට හේතුවේ. ටාස්ක් මැනේජර් මහතා හමුවී අනවශ්‍ය දේ අකාමකා දැමීමෙනුත් යම්කිසි වාසියක් ලබාගත හැකිවේවි.
    සෝට් තිබේ නං මැෂිම ඔන් වීමටම ඇති ඉඩකඩ අඩුඅතර ඔන්වෙන ඕෆ්වෙන කචල් වලදී 5V (හෝ/හා 3.3V) නමැති ප්රෝසෙසරයට ලැබෙන වෝල්ටීයතාව ගැන සොයා බැලීම යෙහෙකි. යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියලා තියෙන දේ හරි වුනාට, උපන්තේකට ලැපේ බැක්-කවර් එකවත් නොගලවපු නමියාට මේක "බීරී අලියාට කල වීණා වාදනයක්" ගානට ඇති. කඩේ අයියෙක් සරණං ගච්චාමී!

      Delete
    2. ඒ නම් ඔබේ මුඛයට ඇෆ්ගන් ජලේබියක් දැමිය යුතුම කතාවක්.
      ඔබටත් යහපතක්ම වේවා!

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්