දෙයියො දනී, අපි නොදනී...


කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නෙ ඇයි

බලේ අරන් මොලේ නැතුව වැඩ කරන්නෙ ඇයි

වැඩේ කාල රටත් කාල බලන් ඉන්නෙ ඇයි

ලංකාවේ ඔහොම තමයි I don’t know why

 

දිනපුවාම මෝරාවගේ මහත් වෙන්නෙ ඇයි

පැරදුනාම හූනා වගේ කෙට්ටු වෙන්නෙ ඇයි

හූනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නෙ ඇයි

මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why

 

I don’t know why //

එහෙම වෙන්නෙ ඇයි

මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why

 

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි

නැති එකාට දෙයියො මුකුත් දෙන්නෙ නැත්තෙ ඇයි

පෙර කල පව් පින් අනුවලු එහෙම වෙන්නෙ ඇයි

දෙයියො තමයි ඕව දන්නෙ I don’t know why

 

හිතුමතේ බැඳපු එවුන් සොමියෙ ඉන්නෙ ඇයි

නැකත් බලල කරපු මගුල් කැඩිල යන්නෙ ඇයි

ග්‍රහයො නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි

ග්‍රහයො තමයි ඕව දන්නෙ I don’t know why

 

ඉඩම් කඩම් උගස් තියල ඉගෙන ගන්නෙ ඇයි

ඉගෙන ගත්ත එවුන් පාරෙ හිඟා කන්නෙ ඇයි

අනේ නූගත් අය ලොකු පුටුවල රජ කරන්නෙ ඇයි

ලංකාවේ ඔහොම තමයි I don’t know why

 

සතුට සොයා පොඩි guest house වලට ගියේ ඇයි

ඒ ගියාම පොලීසියෙන් රේප් රේඩ් කෙරුවෙ ඇයි

5 stars හොටෙල් වලට පනින්නැත්තෙ ඇයි

පොලිස් ලොක්කො ඕව දන්නෙ I don’t know why

 

එකෙක් එක්ක දීග කන්න කියල කිව්වෙ ඇයි

අපේ රජගොල්ලෝ අන්තඃපුර දමන් හිටියෙ ඇයි

අනේ ඒ විදිහට දැන් කොරන්න දෙන්නෙ නැත්තෙ ඇයි

ඒ කාලෙන ඉන්න තිබ්බෙ I don’t know why

 

ඉඳල හිටල පොඩි අඩියක් ගහන්නැත්තෙ ඇයි

බීල බීල තව සමහරු සත්තු වෙන්නෙ ඇයි

ගානට අරගෙන මං වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි

මටත් ටිකක් වැඩිද මන්ද I don’t know why

 

බුදුන් වහන්සේ සාමයෙ අගය කිව්වෙ ඇයි

ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිව්වෙ ඇයි

අනේ ඒ කියලත් අපේ එවුන් මරාගන්නෙ ඇයි

යහගුණ දම් පිරිහිලාද මිනිසුන් වල්මත් වෙලාද

අද දෙවියන් අමතක වෙලාද

එහෙම වෙන්නෙ ඇයි I don’t know why


ගායනය - Sunil Perera & Gypsies

 

31 comments:

  1. අලුත් සෙට් එකත් මහත් වෙන්ඩ පටන් අරන් ද ? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. තාම නං එහෙම එලිපිට මහත්වෙන පාටක් පේන්න නෑ. ඒත් කියන්න තරම් ලොකු වෙනසක් පේන්නෙත් නෑ.

      Delete
    2. Pathum & D.G.M බස්සා
      - මහජන මුදල් නොකා... කාල කරලා ශක්තිමත්ව ඉන්නවනම් හොඳයි. ජවයෙන් වැඩකරන්නත් ඇහැකි නෙව 🙂​

      Delete
    3. මට නම් එහෙමෙ පෙනෙන්නේ නැහැ නමි

      Delete
  2. මට හිතෙන්නෙ, මේ සමාජයේ මුල් බැසගත් "සමාජ ආකල්ප" වෙනස් කරන එක අමාරු වැඩක් කියලයි. අවුරුදු 75 ක් ණයට කාල, පිංබත් ගිලල, වැඩියෙන්ම නිවාඩු අරං, අඩුවෙන්ම වැඩ කරන්න පුරුදු වෙච්ච සමාජයකට හුදී ජනයාටත් ඕනෙ "ගේමක්" ගහලා ගොඩ යන්න. ඕකෙ අදහස, වැඩි මහන්සියක් නොවී අයථා ලෙස වුනත් මුදල් ඉපයීම කමක් නෑ කියන එක නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ගේමක් ගහන්න තමයි බහුතරේ බලාන ඉන්නෙ. රටේ උඩ ඉඳන් යටට ගේම්කාරයෝ, ජාවාරම්කාරයෝ. එහෙ බැලුවත් මල්. මෙහෙ බැලුවත් මල් 😁😁

      Delete
  3. ආකල්පමය වෙනසක් කවදාවත් නොවෙන හැඩයක් තමයි පේන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Litseeker & බසූ
      සමාජ ආකල්ප වෙනස්කරන්න මේ රජය ගෙනා 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන උනත් කොටඋඩ යනහැටි බලනකොටනං තව කාලයක් යයි කියල තමයි හිතෙන්නෙ. ඉන්න වැඩිහිටි පිරිසගෙත් තියෙන්නෙ සෘණාත්මක ආකල්ප.

      Delete
  4. වයි ඩෝන්ට් අයි නෝ.

    ReplyDelete
    Replies
    1. නයින් මුගටි තරහ වෙලා මරාගන්නෙ ඇයි
      Praසන්னයනේ ඕව දන්නෙ I don't know why

      රෑ කරුවලේ බයහිතෙනා සද්ද ඇහෙන්නෙ ඇයි
      බස්සො තමයි ඕව දන්නෙ I don't know why

      ජපන් රටේ චූන්පාන් දුවන්නැත්තෙ ඇයි
      ගමය තමයි ඕව දන්නෙ I don't know why

      Delete
    2. දැන් නමියා යලට-මහට වගෙ ලියන්නෙ ඇයි
      නමියා තමයි ඕව දන්නෙ I don't know why

      Delete
    3. වැඩත් එක්ක කම්මැලිකම ඉහට ගැහුවෙ ඇයි
      දෙයියො තමයි ඕව දන්නෙ I don't know why 😁

      Delete
    4. චූන් පාන් කියන්නේ අර
      හා ජරාව නේද මචං
      ඕව උඹල කොහොම අරං
      කන්නේ මොකද I don't know why 😁

      Delete
    5. ජපානේ තියෙන්නේ ගුණ දායක කෑම වැඩි හරියක්ම

      Delete
    6. හෙ.හ්..හෙ. දන්නැද්ද විහිලුවට වගෙ සිංදුව රීමේක් කළා 😂

      ජපන් පොස්ටුවෙන් දැක්ක. මෙහෙ ළමයි වැඩිහරියක් කන්නෙ කඩචෝරු. ඉතිං වැඩිහිටිවියේ නානාප්‍රකාර ලෙඩ තමයි ආයිබෝන්. ජපානෙ වගේ ගුණයට වැඩි තැනක් හම්බුවෙනවනම් රසයටම වහල් නොවී. නිරෝගිමත් ජාතියක් බිහිකරගන්න ඇහැක් වෙයි හිටං!

      Delete
    7. රහයි ගුණයි දෙකම තියෙන කෑම ලංකාවේ හැදෙනව අඩු ඇයි
      නිදිය තමයි ඕව දන්නෙ I don't know why 😆

      Delete
    8. ඔව් ඔව් ඔව් මං උයද්දි ගුණයත් තකතෙයි
      රසයට වාගෙම ගුණයට ලොකුම ඉඩක් දෙයි
      පෙනුම ගැනත් සැලකිලිමත් දැක්කෙ නැත්ද ඇයි
      අනිත් අයට එහෙම බැරිද? I don't know why

      Delete
    9. ඒකනේ...
      අද උදේම නිව්ස් එකක් දැක්ක... පෙර පාසල් වියේ දරුවන් නිර්දේශිත ප්‍රමාණයට වඩා 4 ගුණයකින් සීනි සහිත ආහාර ගන්නවාය කියල. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ලබාදුන් තොරතුරු කියලයි නිව්ස් එකේ තිබ්බෙ හිටං 😐😟

      Delete
  5. හත් වෙනි කවියේ දෙවෙනි පේලිය; "ඒ ගියාම පොලීසියෙන් රේප් කෙරුවෙ ඇයි". හරි වචනය රේප් නෙවෙයි, රේඩ් නේද. පොලිසියෙ කවුරුහරි මේක කියෙව්වොත් එහෙම කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අප්පෙ. වෙච්චි වැරැද්ද 😁🙉. සිංදුව වේගෙන් ටයිප් කරන් ගියාට මොකද චෙක්කරේ නෑ සරල පදපෙලක් තිබුන හන්ද.
      බොහොමත්ම ටැංකිව් Lotusතුමී🙏

      Delete
    2. පොලිසියේ ඇතුලෙත් රෙප් නොවෙනවා නොවෙයිනේ.... යුක්තිය පසිදලන උත්තරිතර ආයතනයේ නඩුකාරයොත් උසාවියේ ඇතුලේ රේප් කරේ ඇයි මතක නැද්ද?

      Delete
    3. ඒක නෙවෙන්නං 🤣
      පොලෝසියනෙ ඕව දන්නෙ I don't know why

      Delete
  6. හප්පටසිරි තාම මෙ බ්ලොග් කියන එව්ව කීපයක් හරි අප්ඩේට් වෙනවා නේහ්...සතුටුයි සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ඇයි දෙවිහාන්දුරුවනේ බසූ, නිදි, අජිත් අයිය... දිගටම ලියාගෙන එන්නෙ. ඔය අතරින් පතර දන්නැද්ද පොඩ්ඩක් මාත් ඩාම් ඩූම් එකෙ ලියනව හිටං 😁😂
      ආවට ටැංක්ස්!

      Delete
    2. ඕ ඕ ඒවත් දකිනව.වැඩේ කියන්නෙ පහුගිය ටිකේ මට කමෙන්ට් කරන්න දුන්නෙ නෑනේ කිසිම බ්ලොග් එකකට.අඩුම ගානේ මගේ එකටවත් කමෙන්ට් කරන්න බෑනේ.ඉතිං මට යකා වැහිල බ්ලොග් කියන එව්වායෙන් චුත උනා.ආයෙ මේ නිකමට ඇවිත් කමෙන්ට් කලේ දැන් හරිගිහින් වගේ ඒ පාර

      Delete
    3. ආන්න ඒකනෙ. අපෙ එව්වටම ගොඩවදින්න ඕන අකවුන්ට් එකත් හරියන්න 😁😂
      හරිගිය එකෙ මොනාහරි ලියාවි කියල හිතනව හිටං ☺️

      Delete

  7. කොච්චර කෑවත් ඇයි නමිකොලුවා කෙට්ටුවෙන්නේ
    එහෙම වෙන්නෙ ඇයි I don’t know why
    දෙයියෝ තමයි ඕව දන්නෙ I don’t know why

    +==කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. කොච්චර කෑවත් කියන්න එපා ලොක්ක 😁🤭. සමහරදාට උදේ වේල ගන්නෙත් හවස. මේ කරමෙට යද්දී ටිකක් මහත්වෙනව කියන එක කරන්න අමාරුවැඩක් නෙමේ. බැරි වැඩක්!

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්