හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේන් බලල්ලා

එකෙක් FB එකේ post එකක් දාල තිව්න සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යනකොට අපිට හරි වියදම්නෙ කියල.

ඇත්ත. සැමරුම් වලට වටිනාකමක් තියෙයි. අතින්කයිට් නොවී සමරන්න නම් අඩුගානෙ කලින් ආණ්ඩුවල මන්ත්‍රී කෙනෙක් වෙලාවත් ඉන්ට තිව්න 😂.

පොතේ හැටියට නං අවුරුද්දට සිංහ ලේ- දමිල ලේ 😁 කස්ටියම... අවුරුද්ද සමරනව.

නාගරීකරණය, පැතිරුන පවුල සංවෘත වීම ආදී නොයෙක් කාරණා හන්ද වර්තමානේ නම් මේ චාරිත්‍ර සහ සැමරීම් කෙරෙන්නෙ ටිකක් අඩුවෙන්. ඒත් අතීතේ ගම්වල සිදුවුනාටත් වඩා සාර සොබාවට... ගැමි අවුරුදු events, TV චැනල් වලින් සංවිධානය කරනව නෙව!

ඔය අතරෙ අර බෞතිකවාදී ලයින් එකක යන අය සහ පොඩි රැඩිකල් මතයක ඉන්න අයනං... මේ චාරිත්‍ර සහ සැමරීම් දකින්නෙ මෝඩ පහේ වැඩ හැටියටයි. මයෙත් ඒ හැටි ඔය චාරිත්තර කෙරේ වැඩි ලැදියාවක් නැති උනත්, අනික් කස්ටිය මේ සැමරුම් කරන එකේ අගුණක් නම් දකින්නෙ නෑ.

මොකද... පොඩි අයට තෑගී හම්බෙනවා, යාළුවො සෙට් වෙනව, සෙල්ලං කරන්න හම්බු වෙනව. සල්ලි හම්බෙනව. පාඩම් කරන්නත් නෑ. ඒ හන්ද උන්දලාට වාසි.

වැඩිහිටි අය ගත්තම... stress ජීවිතෙන් පොඩ්ඩක් මිදිල restart එකක් කරගන්න හම්බුවෙනව. ගමේ යන්න, ටුවර් එකක් යන්න නිවාඩු හම්බෙනව. මහගෙදර තනි උන දෙමව්පියන්ට දරුවන් දකින්න හම්බ වෙනව. බෝනස් හම්බුවෙනව. (වියදමුත් වෙනව තමා). ජීවිතේට දැකල නැති ඤාති දැකගන්න හම්බුවෙනව. පරණ කෝන්තර වගේ දේවල් යටගිහින් දැනහැඳුනුම්කම් අලුත් වෙනව. EXට විශ් කරන්නත් හම්බෙනව 😂. කොල්ලන්ට, කෙල්ලන්ට ලව් එකක් පටන්ගන්න අවස්තාවක් හම්බවෙනව. අවුරුදු ගී අහන්න ලැබෙනව. පිරිමින්ට Wifeලගෙන් ගෙදරම බොන්න පර්මින්සන් ලැබෙනව. කාන්තා පාර්සවේට shopping කරන්න හම්බවෙනව. අලුත් ඇඳුම් අඳින්න හම්බෙනව. ඒවා ඇඳන් හෙම Social mediaවලට පේන්න අවුරුද්ද සමරන්න පුළුවන් වෙනව. නළුනිළියන් අවුරුදු කන හැටි TV එකේ දකින්න හම්බෙනව.

ඕන්නං අවුරුදු උත්සව වලට සහභාගී වෙලා... සැඟවුනු අලිය කොට්ටෙ තියල කිරි කවන්නත් අවස්තාව ලැබෙනව. ඒ ඇර තව කොච්චර ක්‍රීඩා තියේද. ඒවාට සහභාගී වෙලා තෑගී දිනන්නත් පුළුවන් නෙ.

කෙට්ටු අපි වාගේ අයට මහත් වෙන්න චෑන්ස් එකත් හම්බු වෙනව 😂 😂


සමාජෙම පොඩි සොමි ලයින් එහෙක යනව. ඉතිං දාර්සනිකව ඉඳන්... ඔය සොමි vibe එකට අකුල් හෙලන්ට පුලුවනෑ කියලයි මටනං හිතෙන්නෙ.

ඒ හන්ද FB, WhatsApp හැම එකේම ගොඩක් අයට අවුරුද්දට විශ් කරා. මොකද සමහරුට එක විශ් එකක් උනත් ඇති සතුටු වෙන්න... මේ සොසියිටියේ. (කාලෙකින් මිත්‍රයෙක් සුබපැතුමක් එද්දී නං අපි උනත් ඩාම් ඩූම් වෙනව තමා. ඒත් ඕන බම්බුවක් වෙද්දෙන් කියල විස් කරා)


එහෙනං... වාසනාව, සතුට සෞභාග්‍ය සපිරි සුබ උපන්දිනක් වේවා හැමෝට්ටම 😁🎉🙏


21 comments:

  1. අවුරුද්දේ ඇත්ත කතාව ඕක තමයි. ජීවිතේ පොඩ්ඩක් රීස්ටාට් කරගන්න ලැබෙන එක. මම නම් කියන්නේ, කාටවත් හානියක් නැත්තම්, මිනිස්සු ඒ වගේ දේවල් කරාට කමක් නැහැ කියල. අර අයියනායක පද්‍ය පන්තියේ තියනවා වගේ, "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම" කියන තියරිය තමා මම ඔය ගැන පිළිපදින්නේ.
    නමියාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ 😊👌
      ජය සහ සුබම වේවා අඟහරු වලටත් 🎉!

      Delete
  2. හ්ම්....ඇත්ත තමා. බැස්ටි බැහැපු ජීවිතේ රී-ස්ටාර්ට් කිරිල්ල. පොඩ්ඩක් වියදම් ඒත් වෙනසකටත් එක්ක අවුලක් නෑ. කෑම ටිකයි, නැටුං තෙල් ටිකයි, බයිට් එකයි. මටත් ගමේ තාලෙට කෑම එකක් ලැබුනා.

    ඇමරිකන්-චීන කොට්ට පොරේට කලින් නං, අවුරුද්දෙ ඕන දවසක කැමති දෙයක් ගන්න නිදහස තිබ්බා. දැන් ඒකටත් කෙලවිලා ඇති, අපට එන ඔන්-ලයින් බඩු ආවෙ ඇමරිකාව හරහා නිසා. 🤔

    ReplyDelete
    Replies
    1. ඇයි අර පිටසක්වලයො හෙලිකොට්ටෙන් ඉන්නෙ?🤔

      Delete
    2. ඒක නෙ. මිනිස්සු සමාජ සත්වයින්. පොඩ්ඩක් එකතුවෙලා සාමූහිකව දෙයක් කරලා පොඩි ආතල් එකක් ගත්තම මොකෑ. මේ ඔක්කොම නැවත්තුවොත්!
      සංස්කෘති නඩත්තු කරන්න මැරීගෙන යාමත්, මේවා හැම එකම නිර්ධය විවේචනයෙන් ඉවත් කිරීමත්... යන දෙකම අන්තවාදී වැඩ විදිහටයි මං දකින්නෙ.

      ඇමරිකන්-චීන පොරෙ බොහෝ විට ඉවරවෙයි වගෙ නෙ. ඒ නැතත් අලුත් අවුරුද්දෙ එසේ වේවායි කියල අපි පතමු 👏

      ඇයි හද්දෙයියනේ මෙලෝරහක් නැති පිටසක්වලයො දෙන්නෙක් ගැන අහන්නෙ. අර නිලියන් අවුරුදු ක්‍රීඩා කරන අපූරුව බලන්නකො හිටං 😁

      Delete
  3. අපේ ගෙදර සිංහල අවුරුද්ද , ඊස්ටර් එක , නැත්තක , වෙසක් , දෙසැ 31 ඔක්කොම සමරනවා . අර පෙරටුගාමී සමාජවාදී එකේ සුරේකා සමරසේන නානවා නේද හෝ ගාල , රැඩිකල් වෙන්න ගිහින් 😀. (ප්‍රශ්නේ එයා නත්තල සමරනවා සැන්ටා එක්ක

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. මේවා නිමිති කරගෙන හෝ නොකරගෙන... ජනයා එක්වී තුටුපහටු වෙන එක නෙව කාරනේ.
      මේ post එක දාල FB පැත්තෙ යද්දී තමයි මාත් සුරේකා සීන්කෝන් එක දැක්කෙ 😂.
      ඒ ඇත්තිට එයයිගෙ මතේ කියාගන්න දීල අපේ උන්දැලත් එයයිට සංස්කුතියෙ වටිනාකම් උගන්නන්න නොගිහින් හිටියනං ඔච්චර ඕව වයිරල් යන්නෙ නෑනෙ. කොහෙ 😁!

      Delete
    2. සුරේකා එක්ක මගේ පොඩි ඉතිහ්සයක් තියනව . බ්ලොග් සම්මාන උත්සවේට ආරාධනා කරන ගිහින් ඇමතිලා එන ඒවාට එන්නේ නැහැ . උන්ගේ ප්‍රචාර වලට කියලා මාව එලව ගත්ත . ඊට පස්සේ දක්කල් ඇමතිලා ගෙනාපු වෙබ් අඩවියට එයා ලියනවා . දෙබිඩි කම

      Delete
    3. අප්පටසිරි! එහෙමත් උනාද 🤔. කන්ට ඕනෑ උනහම කබරගොයා තලගොයා වෙනවනෙ

      Delete
  4. අපිත් පොඩි කාලේ ඉඳලම චාරිත්‍ර වාරිත්‍ර අකුරට කළා විශ්වාසයක් නැති උනත්. දැනුත් කරනවා ඒකේ පොඩි සතුටකුත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වෙන්ට ඕනැ. ජයවේවා - සුබ වේවා... Litseeker උන්නැහෙටත්!

      Delete
  5. ජීවිතයටත් ඕනෑ වෙනසක් දැනෙන
    විචිත්‍රවත් දේවල් රසයක් තිබෙන
    එහෙම දෙයකි 'අවුරුදු' බක් මහේ එන
    රැකේවා සිරිත් මේ වගෙ පුරාතන!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. මට දැන් මේ මතක් උනෙ... ජපන්නු අපට වඩා දියුණු උනත් උන්දල කිමෝනාව අත්හැරියද කියලයි!
      ජයවේවා - සුබ වේවා නිදි ලොක්කටත්!

      Delete
  6. බක් හබක් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ.
    னයා.

    ReplyDelete
    Replies
    1. හුම්. ඒකත් ඒමද 🙃. පිළිවෙතින් පෙලගැසෙමු වෙසක් එකටවත්!

      Delete
  7. Replies
    1. අන්න අවයවේ 😁. මේවා ජන ක්‍රීඩා මහත්තයො!

      Delete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා..නැකත් විශ්වාස කලත් නැතත් අවුරුද්දට කට්ටිය එකතු වෙලා ආතල් එකක් ගන්න එක තමයි ඉතින් අවුරුද්ද

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මයියා. ඉතුරු කරපු සල්ලි වලින් පරලෝකෙ ආතල් ගන්න කියලයෑ.

      Delete
  9. නමියා නියම ලියැවිල්ලක් , තව ටිකක් දිගට ලිව්වා නම් කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. දිගට ලියන්ට කම්මැලි හිතුන. කියවන අයටත් කම්මැලි හිතුනොත් 😁😁

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්