වර ටිකිරෝ සත්‌ සමුදුර පීනන්ට..

මේ සිංදුවේ තේරුම කාලෙකට කලින් හොය හොයා හිටියේ. මේ සිංදුවක් කරලා තියෙන්නෙ පැරණි ජන කවියක් ආශ්‍රයෙන්ය කියන්නෙ.

පොඩි වෙනස් වචන ටිකක්. ගැමි වචන ටිකක් තියෙන්නෙ. මහප්‍රාණ වචන නෙමේ උනත් තේරුම මොකක්ද කියල එකපාර guess කරන්න අමාරුයි. ඔන්න කොහේදි හරි මේක ගායනා කරන රෝහණ බැද්දගේම සිංදුවවේ තේරුම කිව්ව... කොයි ඒත් ඇහුනෙ ටිකයි නෙ 😐.

ඕන් මේ ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වාගේ එයාම මේ සිංදුවේ තේරුම කියන video එකක් සැට් උනා කියන්නකෝ.

බලලා මක්ක හරි කොටන් යන්නත් ඉතීම්. දෙයියඤ්ඤෙ පිහිටයි 🙏

 

හො හෝ.. හෝ..

(හො හෝ.. හො හෝ.. හෝ හොහෝ.. තම්දෙන තනා

හො හෝ.. හො හෝ.. හෝ හොහෝ.. ඉතේතනමි තනම්‌)

 

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල

(දිය පල්ලේ තිබෙයි අල.. දෙයියන්නේ පිහිටයි)

සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ

(දිය මතුපිට තිබෙයි කොළ.. ගාලේ ලිහන්ඤයි)

වැස්සට පිනි බබා.. මෝරන කැකුලු මල

(හාහා.. හොහෝ)

මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම්‌ මල (තම්දෙන තනා)

(මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම්‌ මල)

 

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

 

සසඳ සසඳ සඳ පානේ අපි යනවා

(සඳ පානේ අපි යනවා.. දෙයියන්නේ පිහිටයි)

මක්කොලි බඳට ගොන්‌ බානක්‌ බැඳ යනවා

(ගොන්‌ බානක්‌ බැඳ යනවා.. ගාලේ ලිහන්ඤයි)

සකිය සගව්වට.......... රෝදය කැරකෙනවා

(හහා.. හොහෝ)

දත්‌ කැකුලට නාරම්මල ළතවෙනවා (තම්දෙන තනා)

(දත්‌ කැකුලට නාරම්මල ළතවෙනවා)

 

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

 

සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට

(සඳ පොබයන සාවුන්ට.. දෙයියන්නේ පිහිටයි)

මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට

(දුටු විගසට ගිරවුන්ට.. ගාලේ ලිහන්ඤයි)

පදින සැරේ.. රොන්‌ ගෙන යන බමරැන්ට

(හහා.. හොහෝ)

වර ටිකිරෝ සත්‌ සමුදුර පීනන්ට (තම්දෙන තනා)

(වර ටිකිරෝ සත්‌ සමුදුර පීනන්ට)

 

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා...

 

26 comments:

  1. අහල බලමු. ශබ්ද රසයට ඇහුවා මිසක් තේරුම ගැන හිතුවේ නෑ තමයි.

    ReplyDelete
  2. https://youtu.be/zB9AbtvdeOg?si=bLoNUrW_Q0ShYKeX

    ReplyDelete
  3. Replies
    1. හොඳ පැහැදිලි කීමක් සහිත වීඩියෝවක්.🙏👌

      Delete
    2. වීඩියෝවට ගියා. ටිකක් සවුන්ඩ් කොලිටි මදි. ඒත් මරු!

      Delete
  4. සසරේ ගොර බිරම්
    සරන්නට ලැබ වරම්
    පතාගෙන ආ ලෙසින්
    අපිත් හිඳිමුව විලස මිනිසුන්

    දහම් පිරිසිඳ හොයන
    නිවන් දක්නට පතන
    නිවී සැනසී හිටින
    නමී උපුටයි 'ගීතයේ බණ'

    ReplyDelete
    Replies
    1. ටැංක්ස් නිදිතුමෝ කයියට 🙏

      Delete
  5. ආසම සින්දුවක්.

    ReplyDelete
  6. මම බොහොම ආදරය කරන ගීතයක්.
    මම "නවයුගය" පත්තරේ ෆී ලාන්ස් ලියන කොට මුන්නැහැව ඉන්ටර්වීව් කරලා තියෙනවා.
    මුන්නැහැ දුන්නු පොතක් තාම මා ළඟ තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ෂා... මාර චැන්ස් එක නෙවැ!

      Delete
  7. හරිම වැදගත් සටහනක්. කරත්ත රස්සාවේ වෙහෙස මහන්සිය වගේම ජීවන දර්ශනය ගැනත් හොදහැටි හිතන්න මේ ගීතය හොද අත්වැලක්.

    ReplyDelete
    Replies
    1. ඔව්... ටැංක්ස් ආවට!

      Delete
  8. https://www.youtube.com/watch?v=p7XMHNdY2Ss
    https://www.youtube.com/watch?v=sivmld0X8eE

    - බකුස් -

    ReplyDelete
    Replies
    1. 😁 අලිත්... රට අතැරල යන ශීන් එකක් තියෙන්නෙ දැන්

      Delete
  9. කරත්ත නැත්නම් තවලම් සහ පාරු තමයි ඒ කාළෙ භාණ්ඩ ප්‍රවාහනය කලේ. ඔය කරත්ත රස්සාව වගේම පාරු රස්සාවත් බරපතල රාජකාරි නිසා, ඒව කලේ හැඩිදැඩි පිරිමි. කරත්තකරුවො හොඳට කාපු බීපු මිනිස්සු.
    https://frozenlazyowl.blogspot.com/2014/03/blog-post.html

    ReplyDelete
  10. ගියා. රසවත් පොස්ටුව... 🎵
    එහෙම දෙකතුනකුත් බස්සා ලොක්ක ඉඳහිට ලියනවනං ලෝකයාගේ වැඩ පිණිස 🙏

    ReplyDelete
    Replies
    1. බෑහ්. මමත් දැන් පූර්ණකාලික කමෙන්ට් කරුවෙක් වෙන්න හිතා ගත්තා.

      Delete
    2. පිස්සුද බොල. ඔය ලියන තාලෙට ලියාගෙන යං. කෙටි උනත් මටනම් ඒවා පංකාදුයි

      Delete
  11. හරිම අපුරුයි ඒ අදහස. බොහොම ස්තුතියි. ඔන්න මම ආයේ ආව. කවිත් අරගෙනම ඈ

    ReplyDelete
    Replies
    1. හරිම අපුරුයි ඒ අදහස. බොහොම ස්තුතියි. ඔන්න මම ආයේ ආව. කවිත් අරගෙනම ඈ . අඩේ කව්ද බම් මට අලුත් නමක් දැම්මේ. මම ලියෝනි සිතිවිලි මංපෙත

      Delete
    2. ආ කවිත් අරන්ම ආව එක හොදා. ටැංක්ස් ලියෝනිතුමී

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්