නරියා රජ වුණා වාගේ!
මහ
ආරලු - බුරලු නැති නරියෙක් උන්න. මේකා කළේ නරින්ට ඔබින රාජකාරි නෙමේ.
ඕන් දවසක්
එක්තරා ගෙදරකට වැදුණා. ඒ මොනාහරි මුට්ටියක් හට්ටියකට ඔළුව දාලා බඩ වේල පිරිමහගන්ඩ.
එදා ඒ ගෙදර තීන්ත ගානව. මේකා තීන්ත සුවඳට රැවටිලා හිට එක්තරා මුට්ටියකට හොස්ස
දැම්ම. හපොයි!
මුට්ටිය
ඔළුවේ - ඒකේ තිබ්බ නිල් පාට තීන්ත ඇඟ පුරාම. දැන් මුට්ටි නරියා දුවනව - ඇයි යන එන
මං පේන්නේ නෑනේ. දඩාං ගාලා වැදිච්චි ඔළු ගෙඩිය ගහක.
මුට්ටිය
බිඳුණ. හැබැයි පරහක් තියෙනව. මුට්ටිය බිඳුණාට මුට්ටි කට නරියාගේ බෙල්ල වටේට මාලයක්
වාගේ වැටුණ. දැන් බොලේ නිල්පාට නරියෙක්. බෙල්ලේ වළල්ලක් නිසා හරියට රජෙක් වාගේ
අමුතුම සතෙක් මේක. ගියා අනෙක් සත්තු අතරට. මේක මොකා දෑ බැලුවා සත්තු වට වෙලා.
අමුතු පාටක් - බෙල්ලේ මාලයක්.
නරියා
නේද? බැලුවා සත්තු දිහා උජාරු ලීලාවෙන්.
උඹලා
දන්නවාද මං කව්ද කියලා - මම තමයි - සක්කර මුත්ත උඹලාගේ රජ විදිහට පත් කරල මේ
වනාන්තර අඩවියට එව්වේ.
හැග් -
දිව්‍ය ලෝකෙන් ආවා කීවා...
අනේ
උත්තමයාණෙනි! - ඔබතුමා අද පටන් මේ වන පෙතේ අගරජතුමා - සත්තු දණින් වැටිල බැගෑපත්
වුණා. දැන් රජ අණ පතුරවනවා නරිය. ඌට උවමනා ආහාර පාන වාගේ දේවල් සත්තු ගෙනවිත්
දුන්න. මේ ආරලු - බූරලු නැති නරියා දන්නැති උජාරු පාන්නට වුණා.
දවසක්
කැලේට ආවා සිංහයෙක්. ඌට බයවෙලා සත්තු ටික නරි රජාට කාරණාව වහ වහා වාර්තා කළා.
නරියාට ජම්ම පුරුද්ද හන්දා හූ කියවුණා.
මේකා
මේ මෙච්චර දවසක් වෙස්මාරු කරන් අපි රවටාපු නරි ගෙඩියෙක්නේ කියලා සත්තු එකතු වෙලා
කැලෙන් පන්නලා දැම්ම නරියාව.
එදා
හිටන්, මේවාගේ වෙස් මාරු කරන් නාටක නටන අය
අඳුනා ගනිද්දිත්, ආං ඒ කොයි කාටත් කියන්ට හුරු වුණා:
"හරියට, නරියා රජ වුණා වාගේ?"
දොම්පෙට යන ගමන්...
ඒක මරු . බිහිරි ජනතාවක් ගැන නේ කියන්නේ ඔය නේද
ReplyDeleteදොම්පෙට යන කතාවෙනම්... බීරි සීන් එකක් තමා 😉
Delete🌹💐🤔😁🫠🏃........
ReplyDeleteමල් තියා ඔබ දුව ගියා 😅
Deleteඔය නරියා විස්වාස නැති සතා. ඒකයි දිව්වෙ.😁
Deleteහෙහ්..හෙ. ඇත්ත. නරි කපටියි. නයි දරුණුයි. බැස්සෝ විසයි. වව්ලෝ සැරයි 😜 😅
Deleteආවා 'නරි බුරති' කියලා නාට්ටියක්
ReplyDeleteඑය මසුරං වටින අගනා ප්‍රහසනයක්
එව්වා කැලේ, දැන් වෙනවා විහිලු රැසක්
හොම්බෙන් ගිහිල්ලත් අවසන් නොවෙන හැඩක්
හුම්. මේ යෑමෙන් කකුල් කඩිත්තුව හැදෙන පාටක්නම් නෑ තමා රට්ටුන්ට, රජ්ජුන්ට 🙈
Deleteඅනේ අපි පාට ගාගත්ත නරි කීදෙනකුට රැවටුනාද?
ReplyDeleteඅන්ඳන ඇන්ඳිල්ලට අපිත් ඇඳගන්න රුසියො නෙව... Litseeker
Deleteනරි කතා..හොදා හොදා
ReplyDeleteහෙහ්..හෙ 😉💐
Delete"ආරලු - බුරලු නැති නරියෙක්" කියලා දෙපාරක්ම කියලා තියෙන්නෙ ඇයි. එයා ටයි කෝට් දාන්නෙ නැති, සාටක පලඳින්නෙ නැති නරියෙක්ද. පව්!!
ReplyDeleteඔය වගේ තවත් කතාවක් තියෙනව නේද- රෙදි නැන්දා කෙනෙක් රෙදි හෝදන තැනකට ඇවිල්ලා නරියෙක් කියලා තියෙනවා එයාගෙත් ඇඟේ කුනු අයින් කරලා සුදු කරලා දෙන්න කියලා. ආ හොඳ වැඩක් කරන්නම් කියලා හිතලා රෙදි නැන්දා නරියව නැට්ටෙන් අල්ලලා රෙදි හෝදන ගලේ ගහගෙන ගහගෙන ගියාලු. ආච්චි අම්මා කියලා දීපු කතාවක් වගේ මතක. 'සුදු වෙන්න' ඉල්ලීම් කරගෙන ලඟට එන නරියන්ව ගලේ ගහන්න අපේ මිනිස්සුන්ට පුලුවන් වුනා නම් ශෝක්.
ඒ කතාව මටත් FB එකෙන් හම්බුවුන එකක්. ඒක එහෙමම දැම්ම ලෝටස්තුමී.
Deleteරෙදි නැද්දගෙ කතාව මරු😖. අහල තිවනෙ නෑ 💐👌
ඒ හවා ලබු කිරිබත් කතාවේ දිගුව තමයි නෙළුම් තුමී මාරු කරගෙන තියෙන්නේ!
ReplyDeleteඅපේ බුවාලා ගෝඨාභය නරියට රැවටුනෙත් දැන් නරියට රැවටිලා ඉන්නෙත් ඔහොම තමයි.
දැන් කවුරු හරි (කොලොම්පුරේ අසංගයා වගේ මෙලෝ සංගයක් නැති එකෙක්) අහාවි අනුරයාට රැවටෙන එක එහෙම නැත්ද කියලා මගේ මල පන්නන්නත් එක්ක!
මට කියන්න තියෙන්නේ දැනට තියෙන කරුණු කාරණා වලට අනුව අපි ඌට කඩේ යනවා විතරයි. ඌ ඇවිත් කොරණ එකත් එතකොට උඹලාට බලන්න පුළුවන් කියලයි. මොකෝ ඌ අපේ කිරි අප්පොච්චැයි?
ඇත්ත. මේ යන විදිහ වෙනස් කරගන්න... තියෙන ගොඩෙන් එකක් තොර ගන්න කීවොත් අන්රයියව තමා තොරගන්න තියෙන්නෙ 😥 ✌
Deleteමංජුලතුමා "මොකෝ ඌ අපේ කිරි අප්පොච්චැයි?" කීව වගේ, අපි පත්කරගන්න අයගෙන් වැඩේ කරගන්න ජහමනයා පෙළඹවීමක් ඇතිකරන්න ඕන... ජන්දෙ දීල නිකා ඉන්නෙ නැතුව හිට 💪
නරකම නෑ ඒකත්
ReplyDeleteඑකනේ පෂා බොෂා... 🐍 🙈
Delete🧐🧐
ReplyDeleteහුම්. මොකෑ මේ පරණ ඇස් කාචයක් දාන් 😉
ReplyDeleteදාන්නකො කූලින් ග්ලාස් එකක් 😎
මේකත් හරියට නරියා රජ උනා වගේ.... කියෝනවා ඉවරයක් නෑ නොවැ. බොලං රසවත් කමේ නම් අඩුවක් නෑ. බෝම තුති. ඒත් කියෝගන්ඩ වෙලාවක් හදාගන්න එක තමා ප්‍රශ්නෙකට තීන්නේ.
ReplyDeleteඒකනම් එහෙම තමා ඇනෝතුමෝ. කාලය අමිලයි නෙව 💎!
Deleteඅනේ මන්ද අන්ච්චර ලස්සන නමක් තියෙද්දී මේ Anonymous කියලා මට නම දාපු එකා මොකාද කියලා මම මේ හොයන ගමන් ඉන්නේ
Deleteඅන්න හරි. මේ ඉන්නේ Anonymous නොහොත් මම
Deleteඇනොනිමස් කියන එක්ටා ක්ලික් කරන්න. ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකේ ඔයාගේ නම ඇති
Deleteමම ආපහු බ්ලොග්වලට ආ බව කියන්නයි ආවේ. ලිපිය කියවන්න ආයෙත් එන්නම්...
ReplyDeleteසතුටුයි. සංතෝසාාායි... 🙏
Deletehttps://drackey.blogspot.com/2016/07/blog-post.html
ReplyDeletehttps://www.youtube.com/watch?v=C_6LTu6Z72I&t=70s&pp=ygUm4Lav4Lec4La44LeK4La04LeZ4LanIOC2uuC2sSDgtrTgt4_gtrs%3D
ReplyDeleteඒක මරු👌. ඉංගිරීසි ඉට්ටයිල්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතරුණයා දිව්වා දිවිල්ලක්... කෙලින්ම නතරවුණේ දොම්පේ ලු හිටං
Deleteකං ඇහෙන්නැති කෙල්ලෙක් බඳින්න බැරියෝ කියල වෙන්ටෑ 😜
Delete