ගොරවනව එහෙම නෙමේ... කොහේ
හරි ගිහින් කෙනෙක්/ කට්ටියක් එක්කලා හරි නිදාගනිද්දි අහන්න හම්බවෙන කතාවක් තමයි ඉතින්
මේක. ඒ අනික් අයගෙ පැත්තෙන් නෙ. අපේ පැත්තෙන් නම් නිදන් ඉන්දැද්දි ලී නෙමේ පොල්
පරාල ඉරුවත් කමක් නෑ.... නින්දෙන් කියවන්නෙ/ දොඩවන්නෙ නැත්තං. විසේසෙන් බිරින්දෑ
එක්ක ඉන්නකොට හෙම. එහෙම නොවුනොත් ඉතින් වෙන දේවල් බැඳපු ඔහෙලම හිතා ගන්ටල ඈ....
දැන් ඉතින් නිව් මිලේනියම් එකේ නොයිපදුනු අපේ කස්ටිය දන්නව, මේ කියන්න හදන්නෙ මැරෙන්නේ නැති කාන්තාවගෙ (අමරා) සිංදුව ගැන තමා කියල. අමරා රණතුංග. දන්න විදිහට, අගේ සැමියා... දයාරත්න රණතුංගයන් තමයි මෙහි සංගීතය. ලංකාවේ තවත් දක්ෂ සහ වැඩි අවධානයකට පත් නොවුන යුවලක් තමයි මේ රණතුංග යුවල. ගීය ලීවේ කවුදැයි නං දන්නෙ නෑ. [පද වැල් - චන්ද්‍රසේන රන්ගේ මහතා. /තොරතුර Litseeker ගෙන්]
මේක මාර සයිකොලොජි
විවරනයක් දෙන සිංදුවක්. එක පැත්තකින් සිහින ගැන, අනෙක් පැත්තෙන් යටි
හිත ගැන, තව පැත්තකින් ස්ත්‍රී සිතක ස්වභාවය දැක්වෙන
අපූරූ (පෙරනොවූ), ගැඹුරු/සරල නිර්මාණයක්. අහල
තියෙන සිංදු අතරෙ.... මේ විදිහෙ නිර්මාණයක් හම්බවෙලා නෑ... මටනම්. පද රචනයට හරියන
සංගීතය වගේම... ගැඹුරු කටහඬත් ගොඩක් හොඳට සංකලනය වෙනව.
කතාවෙ හැටියට මේකේ පුරුෂ
රත්නයත් අර වාගේ වැඩේ අවුල් කරන් තියෙන්නෙ.... හීනෙන් දොඩවල හිට.
උපුලී.... උපු..ලී....
සමහරවිට ඉස්කෝලේ හිටිය
ගුරුවරියක්ගෙ නමක්, පන්තියෙදි බැන්න කෙල්ලෙක් නමක් වෙන්ට පුලුහං නෙ. ඒත් ඉතින්
බැඳපු නෝනත් ලඟින්ම දොයියගෙන ඉන්න යාමේ... නිදිමරගාතේ, සැමිය වෙනින් ස්තිරී
පරානයක් ගැන නන්දෙඩෙව්වහම හොඳද. ඇහුණේ නෑ වාගේ අනෙක් පැත්ත හැරිල ආයේ නිදා ගන්නද...
ඒ බිරින්දෑ. එතැන ඉඳලා ඉතින් නෝනගෙ කල්පනාව ඒ ගැනමනෙ... රෑ එළි වෙනකල්ම.
උපුලී.... උපු..ලී....
හුම්..... නෑ සනහුරේ
ගැටගැහිච්ච කෙලවරකවත් නෑ. හිටියනං මං නොදන්නවා ඈ... මගුල් ගෙදර ආව, ආස්සරේ කරන මිතුරියො
අතරෙත් එහෙම කෙනෙක් නෑ. බැරිවෙලාවත්... අට පැය වැඩකරන කන්තෝරුවේ ඉන්න එකියක්වත්ද.
අනේ මං වැටුණු වලක මහත. අහපු හැම එකාටම බෑ කියල.... මේක කරගත්තනෙ. දැන් ඉතින් විඳවපන්කෝ....
හ්ඃම්.. මං උදේට
අහගන්නම්කො... ඔක්කොම විස්තරේ. හ්ම්... කියයි මේන් කියල කියයි. මං දන්නෙ නැද්ද
මිනිහගෙ තරම.
කතාවෙ හැටියට නම් පුරුෂ
පරාණය... උදේ වෙනකම්ම ඇදේ උපුලිගෙ නම කියනවා/ මතක් කරනව. බිරිඳට, කොහෙදෝ යන උපුලියක්
නිසා... නින්දකුත් නෑ. ඒ අතරෙ ඉතින් අහිංසක බිරිඳට කඳුළු අතරින් හිතෙන්න ඇති වැඩේ
දුරදිග ඇදුනොත්.... දරුවවත් අරං පාරට බහින්ට තමා වෙන්නෙ කියලා. ඇවිල්ල ගෙයි බින්න
බහින්නත් බැරි නෑ ඒ ගෑනි. කවුද දන්නෙ ඉතින් පොත්ත රතු කරගත්ත... නන්නත්තාර එකියක් ද
කියල. එකත් එකටම එහෙම වෙන්න ඇති... ඉන්නවනෙ සමහර ගෑණු වේ#% කියල තමයි නෝනගෙ කල්පනාව....
මේ මහ රෑ.
දැන් සැමියාට, බොරු
හෝ නැතා.... සිද්ධ වෙනව උපුලි කියල කෙනෙක් ගැන උදෑහනින් භාරියාවට විස්තර කරල දෙන්න
හිට... අනාගත පවුල් ජීවිතය උදෙසා.
ඉතින් කවුද ඒ උපුලී.......
මාස්ටර්ගෙ පරණ කෑල්ලක් වෙන්ටෑ?😂🤣
ReplyDeleteහුම්.... වෙන්ටෑ වෙන්ටෑ.
Deleteබෂ්.... කෝ පොෂ්ට්??
බස්සාට වාරකන්.
Deleteමූණ කචල්
Deleteඇග හුරතල්
බකුසු මොටල්
හරි මනකල්
අපි වගේ ජනෙල් හතේ හිටියනං බස්සට ඔය වගේ විනාසයක් වෙන්නෙ නෑ හිටං.
Deleteමැදමූලනේ ජනේලයක එල්ලුනු මයිනා අප්පච්චී වාගේද හිටං.
Deleteඩ්‍රැකීල පැටව් ගහන කාලේද මේ...... නිදි 😂
Deleteඒක තමයි පෂාතුමෝ.... 7වෙනි ජනේලේ මල් 7යි කියලා හිටිහම ඉවරනෙව
අපි පැටව් ගහන්නෑ. ගැහුවොත් අඩියක් තමා...
Deleteගසමු!
Deleteහුම්ඃ ආයිබෝන්ඩ.... ඩ්‍රැකී
Deleteබොන්ඩ දියං! ගර්ර්ර්ර්...
Deleteආයි බොන්ඩ බෑ. නමියගෙ ලේවල ඇල්කොහොල් ප්‍රතිශතය වැඩියි...
Deletebrand eka GAL
Deleteමැංගො ගල්...
DeletePraසන්ன කයිද රෝස් පාන් කිව්වලු? අඩේ ආතල් ඩ්‍රැකියො සැට් එක බැහැල තියෙන්නෙ? හප්පේ දැක්ක කල්, බාප්පල දැක්ක වගේ සංතෝෂයි.🙏👌😊
Delete@Praසන්ன
Deleteජනෙල් සෙල්ලම නිසාම නෙමෙයි. අනේ කාලේ වනේ වාසේ!😂
හුකෑස්ඃ.....
Deleteදෙන්නම විශාරද, සංගීතයට උපන්
ReplyDeleteඅමර මියුරු ගී තැනුවා එකට ඉඳන්
උදුම්බරා, මහ රෑ, සම කෝණෙ හිටං
ගී ලියන්න බොට කිව්වේ කවුද කියන්
සඳ මා හා සිනාසුනා සිංදුවත් මතක් උනා.... 🎶
Deleteස්තූතියි කයියට නිදිතුමෝ
ජය සිරි බෝ සමගින් සපුමල් සුවඳ
Deleteසැළළිහිණියෝ රාධා ක්‍රිෂ්ණා වගෙද
මහ රෑ යාමේ හේණට ආ හැටි ද
චමත්කාර ගී නිමවුම් වේ, නැද්ද?
මං හින්නි සංදියේ... අපේ ගෙදර තිවන කැසට් වලින් එකක් තමයි මේ දෙන්නගෙ එක. ඒ දවස්වල වැඩි දෙයක් නොදන්නවා උනත් දයාරත්නගේ වෙනස්ම සංගීත රටාවට මට හොඳට දැනුන
Deleteසරසවියේදි හෙට විතරයි හමු වන්නේ, සරා සඳට අප අමතක උනාවේ... මරු ආදර/විරහ සිංදු දෙකක්
Deleteහ්ම්... ඔතන සංගීත පවුලක් ම ඉන්නව නේද? අමරා රණතුංග, නිරංජලා සරෝජනී, මල්කාන්ති නන්ද සිරි සහ මංජුල පීරිස් එකම පවුලෙ සහෝදර සහෝදරියො.
Deleteපොඩ්ඩක් ටැපලිලා. අමරා ඒ පවුලේ නෙවෙයි. නිර්මලා හා මනෝජ් පීරිස්
Deleteඔව්. මුන්දැගෙ වැඩේ ම මොකක් හරි පටලෝ ගන්න එක තමා. වෙන මොකවත් නැත්තං අහස පොළොව හරි ගැට ගහනව.
Deleteඅමරා මැඩම් විශාරද නෙවේ නිදි ලොක්කා.
Deleteවිශාරද (BA) ගත්තට පස්සෙ සංගීත් නිපුන් (MA)සම්පුර්ණ කලාට පස්සේ භාත්කන්ඩේ ආරාධනයෙන් එයා ආචාර්ය උපාධියත් කළා. මම හිතන්නේ නෑ ලංකාවේ වෙන කවුරුවත් භාත්කන්ඩේ ආචාර්ය උපාධියක් කළා කියලා.
බෝම ස්තුතියි නිවැරදි කිරීම වෙනුවෙන්... හරිම දේ තමයි ලියලා තියන්න ඕනි.
Deleteඅපි රෑට කියවිල්ලක් නෑනේ.මට ඉන්නවානේ ඩ්‍රැකියානි සෙට් එකක්. වවුලෙක් අත්තෙන් අත්තට පනින්නා වාගේ ඩ්‍රැකියානි එක්ක හරි රියල් ඩ්‍රැකියානි එක්ක හරි ඔරිජිනල් ඩ්‍රැකියානි එක්ක හරි කොමිටල් ඩ්‍රැකියානි එක්ක හරි සැට් වෙලා ලේ ජුන්ඩක් බීලා සැපක් ගන්නවා. දවල්ට නින්දෙන් කියවන ඒවා ඩ්‍රැකියානි ගනන් ගන්නේ නෑ.
ReplyDeleteකවුද ඩෝ මගේ ඩ්‍රැකියානි ට බැල්ම දාපු පිසාචයා..
Deleteඋබට ඩ්‍රැකියානි මැනේජ් කරන්න බැරි උනාට මං මක්කොරන්නද?
Deleteලේ ජුන්ඩක්....... 😂
Deleteතොපි දෙන්නා යන අහක පලයව්. මගෙ ඩ්‍රැකී පණගෙ මයිලක්වත් සම කරන්න බෑ බොලා එක්ක.
Deletehttps://www.youtube.com/watch?v=bs6ImMzOlaQ
Deleteතව ඩ්‍රැකියානි කෙනෙක් උන්නා මට මතකයි... කවුරු කවුද කියලා ගළපගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ. බීලම තමා මේක විසඳන්ඩ පුළුවන්, ජිම් පප්පා කිව්ව වගේ.
Deleteහා හා ඩ්‍රැකියානි නංගියෝ අපි රාත්‍රියේ කරපු දේවල් මේ සුනංගුවෙන් අමතක කළා ද? මනුස්සයා ඉස්සරා හොද ගෑනී වෙන්න හදන්නේ මනුස්ස පරාන විතරයි නංගී.
Deleteතවුසෙට රෑ දවලුත් ටැපලෙන්නෙ, මොනවද බිව්වෙ?
Deleteමුං යකො! මං අරෙහෙ බ්ලොග් පෝස්ට් එකක් දාල එනකොට මෙතන ගම කාලා...
Deleteela...yako....
Deleteඇග උඩින් කෝච්චියක් ගියත් ඇහැරෙන්නේ නැති ගෑනියෙක් ගත්තා නම් අහවරයිනේ..
ReplyDeleteමගෙ උන්දැනං එහෙමයි. මං නිදි මරාගෙන මොකක් හරි වැඩක් කරන කොට ළඟටම ගෙනත් දෙනව - කොට්ටෙයි පැදුරයි.
Deleteඅද බිම බුම්දිය ගනින් කියලා වෙන්ටෑ 😂😂
Deleteඋබට කොන්දේ අමාරුවක් තියෙනවා කීලා ඩ්‍රැකීයානී නංගී දෙඩුවා. මමයි කීවේ පැදුරේ බුදියන්ට දෙන්න කීලා.
Deleteඋපුලී නෙමෙයි අහවලා ගැන හීනෙං කියෝල නමියගෙ බත් කාඩ් එක කැන්සල් වෙලා වගෙයි මට පේන්නෙ.
ReplyDeleteශියලු දෙව්දෙවතාව් වැඳලා ඩොයියගන්ඩ මට නාක හීනවත්, හීනෙන් දෙඩවිලිවත් වෙන්නෙ නෑ බොල
Deleteඋපුලියෙක් ගැන දොඩවලා ගෙදරින් පැන්නපු නමියා තමන් නිර්දෝෂියි කියලා පෙන්නන්න නිදි ලොක්කා එක්ක කතරගම ගොහින් බාර උනාලු. ඔය නමියා කට්ටයා කියන්නේ බාරවෙන්න ගිහින් තියෙන්නෙත් ඔරිජිනල් බාරි ඉන්නැද්දි හොර කෑල්ලක් ගත්තු දෙවියෙක් ලගට නොවැ.
ReplyDeleteහරි නේන්නං! පාදයාත්‍රාවේ ගිහින් ඉන්න අතරේ එක දවසක නං නමී හීනෙන් මොනවද කියෙව්වා.. . මම අහ ගත්තේ නැහැනේ.... අපරාදේ....
Deleteකොලොම්පූර්තුම් දෙයියන්ට හිංගල අපිට වාගේ තනි කසාද නෑ නෙ. පරිවාර සැට් තියන් බුක්ටි විඳින එකට එහෙ නීතියෙන් අවසර තියේ නෙ. ඒ නිසා හොර කෑල්ල කියන්න එපා.... වල්ලිට
Deleteකොලොම්පූර්, නිදි@
මට පේනවා..... මෙතන සංවිධානාත්මක මඩ ප්‍රචාරයක් දියත් වෙනවා කියලා හිට
නීතියෙන් අවසර ගන්න බැරිවෙලා වෙන්නැති දේවාලේ පෙරහැරත් රෑට ගෙවදින්නේ දේවාලේ පිටිපස්සේ දොරෙන්ලු
Deleteමේ මනුස්ප්ය ඇවිදින් දෙයියගෙ සෙදිත් ගලොනවා මේක අස්සෙ😂.... දෙයියො කෝප උනොත් මං නෑ ඕන්
Deleteදෙයියංගෙ රෙදි ලෙසටම ගැළෙව්වෙ සිසිර කුමාර මාණික්ක ආරච්චි. මගෙ බ්ලොග් එකේ දාල ඇති එයාගෙ පොත් කීපයක්. බාගෙන බලන්ඩ නමි...
Deletehttps://drackey.blogspot.com/2015/12/blog-post.html මෙතන එකක් තියෙනව.
Deletehttps://drackey.blogspot.com/2016/02/blog-post_25.html මේ තව එකක්
Deleteහරි..... බොගෙ අලුත් පොට්ටුවයි මේ පරණ පෝට්ටු දෙකයි කියවන්නම් හිට. ටැංක්ස්
Deleteado...ea post eka comment 137 k..Drakyi
Deleteea post eka uba dipu site ekak block karala hitan
Deleteමං ගොරවනකොට කාටවත් නිදාගන්නත් අමාරුයි, කවුරුවත් ගොරවනකොට මට නිදාගන්නත් අමාරුයි.
ReplyDeleteකූඩාරම් ට්‍රිප් ගැන ආසාව අඩු ඒ නිසයි
හෙහ්හෙඃ අලේ ප්‍රා.ජේ තුමෝ... ඒක එච්චර දෙයක් ඈ
Deleteඅපේ එකෙක් හිටිය ෆෑන් එකේ සද්දෙට හුරු වෙච්චි. වැස්ස/ සීත දාස් වල මිනිහ ෆෑන් අනෙප්පැත්ත හරොල දාල හිට බුදියාගන්නව 😂😂
https://naveensandeepakumara.blogspot.com/2022/08/Education.vs.%20Learning.html
ReplyDeleteමේ බලන්ට යනෝ........
Deleteමේ බලන්ට යනෝ.......
Deleteela post ekak...ela da BRA
ReplyDeleteඑල ටැංක්ස් බ්‍රා මෙන්දා....
Deleteමේ ගීතය ලියලා තියෙන්නෙ චන්ද්‍රසේන රන්ගේ මහතා
ReplyDeleteස්තූතියි Litseekerතුමෝ🙏... පොස්ටුවට ඇතුලත් කරන්නම්
Deleteරත්නගේ නෙමෙයි කොල්ලෝ රන්ගේ!
Deleteහෙ..හ්හෙ Litseeker ඔන්ට ආයෙ හැදුවා.
Deleteටැංක්ස්
බිරින්දෑ හොන්දට් ගොරවලා තදට නිදා ගන්න නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මොනවා කියවෙනවද කවුද දන්නේ
ReplyDeleteහෙ..හ්හෙ. ඒනම් ගෙදර.... දවල්ට නිදා ගන්ට එපා
Deletehttps://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_25.html?m=1 නමියෝ වරෝ කොමියාගේ අඩවියට
ReplyDeleteලේසි පහසු ප්‍රශ්නෙයක් නෙමේ ඉතින් මූන දෙන්න තියෙන්නෙ ඉතින් දැන්😂
ReplyDeleteඔව් ඔව් කොම්ලො... බැඳගත්තනම් ඉතීම් බෙරේ ගහපාන් දැන්😂
Deleteඒකෙ පොඩි ආතල් එකකුත් නැතුවම නෙමෙයි නෙහ්😅😅
Deleteහෑඃ බොට ආතල්. ගෑණි කොස්ස ඇන්න පිටපත්ත පුරෝලා දුන්නාම... දැනෙයි ආතල්
Deleteබලන් ඉන්න අපිට ආතල් නෙහ්😂😂😂
ReplyDelete🙈......
Delete