විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ (කළුබෝවිල ශික්ෂණ රෝහල) විසින් පුවත්පතක පල කර තිබූ ලිපියක්.
ඇයි මටම මෙහෙම වෙන්නෙ !
ඒ අද බොහෝ දෙනෙකුගේ
මුව රැව් දෙන්නකි. අද දවසෙ ලෝවැසි බොහෝ දෙනෙකු ඉන්නෙ සතුටින් නොවේ.
බුදුන් දවස මිහිපිට
අපායක් බඳු වූ විශාලා මහනුවර තිබුණේ රෝග, භූත, දුර්භික්ෂ යන තුන් බිය පමණි. වර්තමානයේ කොරෝනා බිය, ආර්ථික ගැටලු, අනෙකුත් රෝග, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු, සංචරණ සීමා ආදී එකී මෙකී අටෝරාශියක් බිය
සහ ගැටලුවලින් ලෝවැසියා පෙළෙමින් සිටී. විසඳුම් ද පෙනෙන තෙක් මානයක නැත. එබැවින්
මේ සියල්ලෙන් හෙම්බත් වූ තැන නොයෙකුත් මානසික ගැටලු ය.
“ඇයි මටම මෙහෙම
වෙන්නෙ?” කිසිවක් කර කියාගත නොහී අසරණ වූ තැන සිතෙන්නේ එහෙමය. සසර බියකරුය.
මගෙ, අපේ යැයි අල්ලා ගන්නා සියල්ල තුළම අවසානයේ රැඳී ඇත්තේ දුක සහ
චිත්තපීඩාය. තව තව අල්ලා ගන්නා තරමට, බැඳෙන තරමට තව තව පීඩා වැඩිය. එසේ නම්
පිළිතුර අතහැරීමය.
මීටම ගැළපෙන කතා ප්‍රවෘත්තියක්
පසුගිය දිනෙක සමාජ මාධ්‍ය තුල දුටුවෙමි. කතානායක ආතර් ඈෂ්ය. ඔහු කවුද...?
ලෝ පාරකට ටෙනිස් ක්‍රීඩකයෙකි.
නිකන්ම ටෙනිස් ක්‍රීඩකයෙක් නොවේ. විම්බල්ටන් සහ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව
දිනාගත් ප්‍රථම සහ එකම කළු ජාතික ඇමෙරිකානු ක්‍රීඩකයා ඈෂ්ය. ටෙනිස් පිටියේ
ලෝකයෙන්ම අංක එක ස්ථානය දැරූ මුල්ම කළු ජාතික ඇමෙරිකානුව ඔහුය.
වර්ජිනියාහි උපත ලද
ඈෂ්ගේ ළමාවිය ලෝ ප්‍රකට ශ්‍රේෂ්ඨයන් බොහෝ දෙනෙකුට මෙන්ම කටු කොහොලින් ගහනය. මවගේ
සෙනෙහස සහ මග පෙන්වීමෙන් හැදී වැඩෙන කුඩා ඈෂ්ගේ ලෝකය උඩු යටිකුරු වන්නේ වයස
අවුරුදු හතේ දී හදිසියේ ම මව මිය යාමත් සමගය. අනතුරුව කුඩා ඈෂ්ට දැඩි විනයක් යටතේ
පියා සහ සොහොයුරා සමග ජීවත් වනන්නට සිදුවිය. පාසල හමාර වී ගෙදර පැමිණීමට ඈෂ්ට පියා
ලබාදී තිබුණේ විනාඩි 12ක කාලයක් පමණි. පාසල් කාලය පුරාවටම මෙය කඩ නොකිරීමට ඔහු
වගබලා ගත්තේය. පියාගේ දැඩි විනය ඈෂ්ව හරි පාරේ යවන්නට ඇත. ආතර් ඈෂ්, 1960 සහ 1961
වසරවල ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාව දිනා ගන්නෙ එබැවිනි. ඔහු ලොස් අන්ජල්ස්හි
කැලිෆෝනියා සරසවියේ උපාධියක් සඳහා ශිෂ්‍යත්වයක් ලබන්නේද ඉන් අනතුරුවය. ඒ අතරතුරදී
1968 වසරේදී ඔහු සමස්ත ලෝකයම කම්පනයට පත් කරන්නෙ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව
දිනා ගනිමිනි. ඒ වනවිට මේ ආධුනිකයාව ලෝකය හඳුනාගෙන තිබුණේ නැත.
ආතර් ඈෂ්ගේ ක්‍රීඩා
දිවියේ කූටප්‍රාප්තිය වන්නේ 1975 වසරේදී ජිමි කොනර්ස්ව අවසාන වටයේදී පරාජය කරමින් ලෝක
විම්බල්ඩන් ශූරතාව දිනා ගැනීමයි. ඉන් අනතුරුව ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා
ලෙසින් කිරුළු පළඳින ආතර් ඈෂ් අදටත් මෙම දක්ෂතාව දැක්වූ ප්‍රථම සහ එකම පිරිමි කළු
ජාතික අමෙරිකානුවාය.
ජීවිතය ජයග්‍රහණවල
එකතුවක් පමණක් නොවේ. සාර්ථකත්වය, ජයග්‍රහණ, බිඳවැටීම්, ලෙඩ රෝග මේ සියල්ල කැටි වූ පැකේජයකි. සංසාර චක්‍රය එබඳුය. හොඳ දේ
පමණක් ලංකර ගත නොහැකිය.
අඩු වයසින් හදවත්
රෝගවලට ගොදුරුව මිය යන පවුල් පසුබිමකට හිමිකම් කියන ආතර් ඈෂ්ට තරුණ කාලයේදීම
බයිපාස් සැත්කම් දෙකකට මුහුණ දීමට සිදුවිය. අනතුරුව මොළේ සැත්කමකටද බඳුන් වන ඔහුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පසුව
අනාවරණය විය. ඒ බයිපාස් සැත්කමකදී ලබාදුන් රුධිරය ඔස්සේය. මුලදී මෙය රහසක්ව තබාගෙන
පීඩා විඳින ආතර් ඈෂ්, පසුව 1992 දී සිය රහස ලෝකවාසී රසිකයන් සමග බෙදාහදා ගැනීමට
තීරණය කළේය. ඉන් වසරට පසුව 1993 දී 49 වියැති ආතර් ඈෂ් මෙලොව හැර යන්නේ භෞතික ජයග්‍රහණයන්ගෙන්
පිරුණු මේ ජීවිතයේ නිස්සාරත්වය සහ අනියත බව කියවෙන දහම ගැන සමස්ත ලෝකවාසීන්ටම
සිතන්නට යමක් ඉතිරි කරමිනි.
මරණයට පෙර ඔහුගේ රෝගී
තත්ත්වය දැනගත් රසිකයන්ගෙන් ලිපි රැසක් ඔහුට ලැබිණි. මේ වගේ නරකම ලෙඩක් හදන්න දෛවය
ඇයි ඔබවම තෝරා ගත්තේ...?
ඒ අතර තිබූ එක්
ලිපියකින් විමසා තිබිණි. ආතර් ඈෂ් ඊට කදිම පිළිතුරක් ලීවේය.
“මෙරට මිලියන පනහක්
විතර ළමයි ටෙනිස් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඉන් මිලියන පහක් පමණ හොඳින් ක්‍රීඩාව
ප්‍රගුණ කරනවා. එයින් ලක්ෂ පහක් පමණ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් වෙනවා. පනස් දාහක්
විතර සැලකිය යුතු මට්ටමකට එනවා. පන්දාහක් විතර ජාතික තලයට ළඟා වෙනවා. පනහක්
විම්බල්ඩන් යනවා. හතර දෙනෙක් අවසන් පූර්ව වටයට මුහුණ දෙනවා. දෙදෙනෙක් අවසාන වටයේ
දී හමුවෙනවා. අවසානයේ ජයග්‍රහණය කළ එකම එක්කෙනා වන්නේ මා පමණයි”.
“ඇයි දෛවය මටම
විම්බල්ඩන් කිරුළ හිමිකර දුන්නේ...?” එදා මම නො ඇසුවෙමි.
“මේ රෝගය හැදෙන්න
ඇයි මාවම තෝරගත්තෙ”. ඉතින් අද මම කෙසේ අසන්නද?
ඡායාරූප - අන්තර්ජාලයෙනි |
ඇයි මාවම? මම කිසි දින නොඅසමි
ReplyDeleteඑන දේකට එඩිතරව මුහුණ දෙමි
සිනාව මුසු කර 'දෛවය' සරසමි
සතුට මගේමයි- සින්නෙට ගත්තෙමි!
ඒමනෙ ඉන්න ඕනෙ....... කයියට තැන්ක්ස්
Deleteනිදිගේ පංචතන්තරේ නිමල් දිසානායක අපේ ආදරණීය සහෘද නිදි ලොක්කා වාගේම මුහුණු පොතෙන් හදුනාගත් දිරියෙන් පිරිපුන් දිවියේ ලැබූ දුක් කම්කොටලු සියල්ලටම එඩිතරව මුහුණ දෙමින් වකුගඩු දෙකම නොමැතිව ජීවත්වන ඉන්දුක ප්‍රනාන්දු නැමති විදුහල්පතිවරයාත් අපට ලොකු ආදර්ශයක් සපයනවා..
ReplyDelete🙏 🙏...........
Deleteවකුගඩු දෙකම නැත්නම් කෘතීම එකක දාලද
Delete+++++++
ReplyDeleteමේ මල් වැටක් වෙන්ටෑති😄.... ස්තූතියි ප්‍රා.ජේ.තුමෝ
Deleteඒ කතාව මම අහලා තියෙනවා අජාන් බ්‍රම් (Ajahn Brahm) කියනවා.
ReplyDeleteමම හිතන්නෙ සාමාන්‍ය මනුෂ්‍ය ස්වබාවයෙම තියෙන්නෙ නෙගටිව් දේ දිහාම බලන එක. ඒක නිසා තමයි gratitude meditation හැමෝටම කරන්න හොඳයි කියන්නෙ.
ඔව්. අපේ වැඩි හුරුව..... නෙගටිව් මයින්ඩ් තමා Lotus.
Deleteමේ බ්ලොග් එක මම ෆලෝ කලත් මගේ ලිස්ට් එකේ එන්නේ නැහැනෙ. මේ කථාව මමත් අහල තියෙනවා. අපිට ගොඩක් අවස්තාවලට ගැලපෙනවා.
ReplyDeletelist එකට එන්නෙ නැති ඒකනම් දන්නෙ නෑ..... ඉයන්.
Deleteඔව්..... ගොඩක් අවස්ථාවලට ගැලපෙන කතාවක්. ස්තූතියි ආවට
ඔන්න ලිස්ට් එකට දාගත්තා..දැන් ඉතින් කියවන්නයි තියෙන්නෙ
ReplyDeleteස්තූතියි ආවට..... සොඳුරු සඳවතී
Deleteඇයි මටම මෙහෙම වෙන්නෙ කියල මාත් කාලයක් හිතුව.
ReplyDeleteදැන්නං ඒක අමතක කරල තියෙන්නෙ.
එතෝට පෂාතුමා දැන් හිතන්නේ... ඇයි අපට මෙහෙම වෙන්නෙ කියලාද 😂😂😂
Deleteදේසපාලන දේවල් එක්ක
එක ටෝච් පාරයි දුන්නෙ, හරි ගියා. නමියටත් ඔන්නං දෙන්නං මෝල්ගස් පාරක්...!
Deleteමං තව කාලයක් ජීවත්වෙනවට... කැමති නැතිවා වගෙයි අපෙ ඩැකිතුමා 😂
Deleteela da BRA post
ReplyDeleteඑල 🙏...... එල ද බ්‍රා මෙන්ඩා
Deleteනමියගෙ වීදියට ආවා ගියාට, අද තමා මේ කමෙන්ට් එකක් දාන්නෙ. මේක කියෙව්වම කමෙන්ට් එකක් නොදාම බැරි උනා. මොකද, මාවත් තේරිලා තියෙන්නෙ ගොඩක් දේවල් වලට. මමත් ඇහුව, ඇයි මාවම? කියල. ඒත්, එහෙම අහන්න ඕනම නෑ කියල මට දැන් තේරෙනවා!
ReplyDeleteප.ලි. ලියන විදිහ මරු!
එක් කෙනෙකුට හරි උදව්වක් උනානං මගෙ ලියමනක්.... ඒක මට ලොකු සතුටක්. 🙏ස්තූතියි වටුවාතුමෝ.... ඒ සතුට ලබා දුන්නට
Deleteබෞද්ධ සංස්කෘතිය තුළ කර්මය නිර්වචනය වෙන ආකාරයක් මෙයට හේතු සාධක වෙන්න පුළුවන්.
ReplyDeleteඇත්ත... අපට තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියෙන් දායාද උනු කර්මය නෙව. ඒකයි මෙහෙම.
Deleteඒ වෙනුවට බුදු දහමෙ පෙන්නල දුන්න කර්මය ගැන පොඩි හරි අවබෝධයක් තිබ්බනම් මෙහෙම වෙන්නෙ නෑ.
හොඳයි කතාව. මමත් කවුරුහරි හොදින් මුණට හිනාවෙලා පිටිපස්සෙන් පිහියෙන් අනින හැම වෙලෙකමමගෙන්ම අහපු ප්‍රශ්නයක්. අන්තිමටමමම හොයා ගත්ත උත්තරේ. මම ඔටිසම් ස්පෙක්ට්‍රම් එකේ එක්තරා තැනක ඉන්න නිසා අහන දේවල් කෙලින්ම අහනව. කියන දේවල් මූණටම කියනවා. ඉතින් සමහරු වෛර බඳිනවා. ඒක මටම තේරුනට පස්සේ දැන් හරි. දැන් හුඟක් වෙලාවට ළඟින් ආශ්‍රය කරන්නේ මං ගැන දන්නා යාලුවෝ විතරයි. collegue ල එක්ක කතා කරන්නේ ඕක කලින්ම කියල.
ReplyDeleteහ්ම්.
Deleteමං නම් කෙලඋනාම/ ප්‍රශ්නයක් උනාම හිතන්නෙ... ඒක තමයි මේක ලෝකේ හැටි කියල. එතකොට හිත හදා ගන්න ඇහැකියි. අනෙක අපි සාන්තුවරුත් නෙවෙයිනෙ...... හොඳ විතරක්ම කරන. අපේ පැත්තෙනුත් යම් යම් වැරදි දේවල් වෙන්න පුලුහං... අනෙකාගේ ඇහෙන් බලද්දි
+++++++++++++++++++👌
ReplyDeleteහුම්....... බස්සාතුමා මොකෑ මේ වැටක් ගහලා.
Deleteඕනෑම මනුස්සයෙක්ගේ ජීවිතයේදී හිතට එන්න පුළුවන් ප්‍රශ්නයක්. සමහර වෙලාවට හැමදේම වෙන්නේ හොඳට කියලා වගේම මොකක් හරි නරක දෙයක් වෙනකොට ඒකෙත් හොඳ පැත්තක් ඇති කියලා හිත හදාගන්න හදා ගන්න අවස්ථාත් එමටය. හැබැයි හැම වෙලාවෙම ඒක ඇත්ත වෙන්නෙත් නෑ. හොඳම දේ තමන් තුළ ධනාත්මක සිතුවිලි ගොඩනඟා ගැනීම කියලා තමයි මගේ අදහස. 🌝💫
ReplyDelete100% එකඟයි....... පරිකල්පනා🙏
Delete💫💫💫😇😇😇
Delete