ගුරු ගීතය.....

 මේ සැරේ ලියන්ට හිතුනා පොතක් ගැන වතක් .....

ලාංකීය පාඨකයා අතරේ නිබඳ මතකයේ, මුවග රැඳී පොතක නාමයක් තමයි... ගුරු ගීතය. පොතෙහි කතුවරයා වන්නේ කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව්ය. සිංහල අනුවාදනය දැදිගම වී. රුද්රිගුය. ගුරු ගීත නාමය සේම පොතෙහි එන ප්‍රධාන චරිත දෙක වන... දුෂෙයින් හා අල්තීනායිද එකසේ පාඨක මනසේ රැඳී ඇත. ඒ හැරුණු කොට මතකයේ රැඳී ඇති අනෙක් අජීවී වස්තු දෙක වන්නේ... අර පොප්ලර් ගස් දෙකය.



තරුණ ගුරුවරයෙක් හා සිසුවියක් අතර ඇති  විය හැකි බැඳීම කවරාකාර ද?. තම සිසුවියක් කෙරේ ඇති ඇල්ම/ ප්‍රේමය... යටපත් කරමින් තරුණ ගුරුවරයෙක් හට, ඇය කෙරේ මෙයාකාර රැකවරණයක්/ දයාවක් ලබා දිය හැකිද?. චිංගීස් අයිත්මාතව්ගේ පරිකල්පණය තුල එය වී හමාරය. (පාදක වූයේ සත්‍යය සිදුවීමක්දැයි නොදනිමි). මාහටද හැඟෙන්නේ තත්‍ය ලොව තුල එවැන්නක් විය හැකි බවයි. ප්‍රේමය යටපත් කර කරුණාව මුදුන්පමුණුවාලිය නොහැකිද?.

කාරුණික තරුණ ගුරුවරයාගේ ඒකායන අභිප්‍රාය... තම සිසුන්/ සිසුවිය අධ්‍යාපනයෙන් පුරවා ලීමය. ඒ සඳහා ඔහු අප්‍රතිහත ධෛර්යකින් හා අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව කටයුතු කරයි.

රුසියානු සාහිත්‍යය පුරා අපට හමුවන්නේ මෙවන් වීර්ය පෙරදැරිව දුක්ඛිත ජීවිතය... විඳි/ ජයගත් කතාය. බොහෝ කතා සත්‍යය සිදුවීම් පාදකව ලියවුනු ඒවා වන අතර ඒ සියලු කතාවන් පුරා විහිදෙන්නේ එකහා සමාන ජීවන මිහිරක්ය.

- - පොතින් උපුටා ගත් කොටසක් - -

“කඳුවල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇති වේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත්වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටු වැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළුගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැළෑටි සහ කටු වැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිඳු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලයට නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමාද හිරු සහ අහස ද කඳුවැටි ද පෙනෙන්නා සේය... එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ට ද ඒ බව දැන්වීමට ඉටාගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජීවිතයේ ද මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය...”



19 comments:

  1. මම ඒ ගැන හුඟක් කියවල තියන ඒත් ඒක කියවල නැති පොතක්.
    ඒවගේ පොත් තියනව මට. To kill a mockingbird තව එකක්.
    John Steinbeck ගෙ පොතුත් එහෙමයි.
    ඒවාගේ සම්භාව්‍යබව සාහිත්‍යමයබව ආදී දේවල් ගැන කියවලම දැන් ඒවා කියවන්න ඕනෙ නෑ වගේ. හෙහ්

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. මං කරන වැඩක් තමයි.... කියවන්න කම්මැලිකමට කියෝපු කෙනෙක්ගෙන් පොතේ විස්තරය අහන එක. ඒ වගේ එකක් තමයි හර්මන් හෙසගෙ සිද්ධාර්ථ

      Delete
    2. ජෝන් ස්ටේන්බෙක්ගෙ මට හිතට කාවැදුණු පොතක් තමයි මුතුඇටය...

      Delete
  2. දුරදීම දැකලා දැනේදෝ කෙසේ - ගෙඩි කන්නෙ නැති දිවට නොදැනේ රසේ

    ReplyDelete
    Replies
    1. හුම්.... ඒත් ඉතීම් කියවන ඒකත් වෙලාවකට කම්මැලි වැඩක් නෙව

      Delete
  3. මමත් කියවලා නෑ මේ පොත.

    "ඒ සඳහා ඔහු අප්‍රතිහත ධෛර්යකින් හා අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව කටයුතු කරයි" මම නම් හිතන්නෙ දැන් කාලෙනම් මේ වගේ වැඩ කරන එක ටිකක් භයානකයි. විශේශයෙන්ම කරන රැකියාවෙ නම්, boundaries දැනගෙන, out of the way නොයා කරන එකයි වඩා බුද්ධිමත්.

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ නම් එහෙම තාමා Lotus. හොඳ කරන මිහිහෙකුගෙ අඩුපාඩුවක් දකින්නනෙ... අපි පවා හුරුවෙලා ඉන්නෙ. හොඳම උදාහරණෙ ලඟදි අර මරුන තරුණ ටියුෂන් ගුරුවරයා.... මැරුණම්පස්සෙදි නම් බැන්න අයත් හොඳ කිව්වා

      Delete
  4. https://www.youtube.com/watch?v=UTr58U_Tv2c&list=PLU5vQ2ZYczpZuMOFaNvN4zNGcwZ9F7iLK

    ෆිල්ම් එක

    ReplyDelete
    Replies
    1. ගුරු ගීතය ඇසුරෙන් රොෂාන් රවීන්ද්‍රව ප්‍රධාන චරිතයට දාලා සිංහල film එකකුත් හැදුණා. ඒත් ඒක එච්චර ඇල්ලුවේ නැද්ද මන්දා.... මට මතක නෑ හරියටම.

      Delete
    2. ටෑන්ක්ස් ඩ්‍රැකී... ලින්කුවට.
      එහෙම ෆිලුම්ක් කරා කියලනම් මටත් මතකයි.... නිදි

      Delete
  5. මේ පොත ගැන අහලා තිබුනත් කියවලා නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩි පොතක් බැස්සාතුමෝ... සමහර විට pdf එකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ

      Delete
  6. Replies
    1. හරි... පස්සෙ බලන්ටම් අජිත්තුමෝ

      Delete
  7. ඔය මම ගුරු ගීතය ගැන උඩ ලියපු එකක්. ඒ වගේ ගුරුවරයෙක් හම්බවුනා ළමයින්ට උදව් කරන, තනියම දුෂ්කර පාසැලක් දියුණු කරපු.. වරකාපොල පැත්තේ. ඉන්දික රත්නායක වගේ නමක්. අපිත් ගිහින් උදව්වක් කළා. මට දැන් ඔය පොත එච්චර අල්ලන එකක් නෙමෙයි. එච්චරට දේශපාලනීකරණය කරලා ටිකක් විකාරයක් වගේ වෙලා.

    ReplyDelete
    Replies
    1. මටත් ලොකුවටම දැනිච්ච පොතක් නෙවේ... ඒත් ගුරුවරයාගෙ වීර්ය/ කරුණාව නම් ගොඩක් හිතේ රැඳුන. මේ ගැන ලිව්වේ පොතක් ගැන පොස්ටුවක් ලියන්න ඕන කියල හිතුන හන්ද. දෙසපාලනයයි කිව්වට ඉතීම් ලෙනින් /පක්ෂය ඇරෙන්න වැඩි දෙයක් නෑ නෙව.

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්