9 වෙනිදා අරගලය...

 

ජ්‍යෝතිෂය පස්සෙ ගිය මහින්ද නඩයට 9ය නපුරු වන බව කවුරුත් කීවේ නැතිවාද

අතීතයේ ඉඳලාම නවය (9) කියන අංකයට තිබුනේ විවාදපන්න අදහස්. සමහර ජන කොටසකට ඉතා සුබ අංකය 9 වෙද්දී තවත් සමහරුන්ට එය විනාසයේ ඉලක්කම උනා. කොහොම උනත් අංක විනයානුකූලව 9 දිහා බැලුහමත් පොඩි ගුප්ත ගතියක් 9යෙ තියෙනවා. මේ ගුප්ත භාවයක් ඇති 9... දැන් කාලයක සිට රාජපක්ෂ බල ඇණියට වින කටින අංකයක් වී හමාරය. මහින්දට අගමැති පුටුව අතාරින්නට වුනේ 9 වෙනිදාකය. රජුන්/ පක්ස හැදූ බැසිල්ට ගෙදර යන්නට වුනේද නමවෙනිදාකය.

ඒ තියා දැන් බහුතර ඡන්දයෙන් ජනපති ව සිටින ගෝඨාභයට හා හොර පාරෙන් අගමැති වූ රනිල්ටත්... මේ (ජූලි) 9 වෙනිදා ඇරඹුණු අරගලයේ දෙවැනි අදියරෙන්, අතපය හකුලාන ගෙදර යන තීන්දුව ගන්නට සිදු වුණේය.

ඊයේ (9) අරගලකරුවන්... ජනපති මන්දිරය/ කාර්යාල හා අගමැති නිවස, ගාලු මුවදොර ඉදිරිපිට ආදී අධි ආරක්‍ෂිත කලාප තුල ද රජයට/ මේ වැඩවසම් ක්‍රමයට විරෝධතා දක්වමින්... ඒ රාජසන්තක ස්ථාන ජන සන්තක කරගත්හ. එහෙම කළ අරගලකරුවන්ගේ අපූරුව පෙනුණේ ඔවුන් මන්දිර වල සුවපහසුව, වටපිටාව විඳීමින් හැසිරීම මිසක්... ඒවාට හානි නොකිරීමය. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවා කියා හිටියෙ මේවා කඩා බිඳ දැමීමට කිසිම අරගලකරුවෙකුට වුවමනා නැති බවය. 

ඒවාද මහජන මුදල්ය. මේ රටේ සියලු රාජ්‍යය ආයතන, පොදු ස්ථාන... රට වැසියාගේය. ඒවා තනා තිබෙන්නේ ද රටවැසියා උදෙසාය.

රනිල්ගෙ ගේ ගිනි තිබ්බ දෙතුන් දෙනාගේ මග නොගත් දහස් ගණනක් ජනතාව

වෙනසක් නුවමනා අයට බෙරේ වැවත්, වෙනසක් වුවමනා අයට රජගෙදර පූල් එකකුත් සෙට් විය

රාජ පස්ස ඇතුළු දේසපාලු චෞර රැලේ, චෞර ක්‍රමයේ... පෙනෙන අයිස් කුට්ටිය දැන් දිය වී හමාරය. ඇත්තෙ නොපෙනී තියෙනා ගිලුණු කොටසය. මේ කොටස විසාලද, සුවිසාලද අප තවම දන්නෙ නැත. මේ කොටසද අපට බිඳ දමා ගැනීමට හැකි නම් අරගලයේ/ system change එකේ පළමු කොටස අහවරය.

දෙවන/අවසාන හා වඩාත් අවධානය ලක් කළ යුතු කොටස නම් අප අප එක් වී හැදීමය... රට හදා ගැනීමය. එසේ හැදීමට නම් මානුෂීය ගුණාංගවලට හා අධ්‍යාපනයට තැන දිය යුතුය.

ගුණ- නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු තත්ත්වයේ තබා කටයුතු කළ යුතුය.

අයිතිවාසිකම් ගැන තකනවා සේම අපෙන් විය යුතු යුතුකම් ගැනද සිහියේ තබා ගමු.




26 comments:

  1. සටන් අමාරුයි දිනුවම තව ගැටලුයි
    දිනුමට පියවරුන් රොත්තකි, හරි පුදුමයි
    දිනුම හැබෑ දිනුමක් කරගත යුතුමයි
    ඒක අතුරෙ යන ගමනකි බලා ගෙනයි!

    පැරදුණු අය සතුරු වෙන්නේ එළිපිටය
    මුල් තැන් නොලද්දන් වෙර බැඳ හැංගිලය
    ඒ දෙවගයම ඉවසන්නට හපනුන්ය
    බැට දෙන්නේ කල් බලලා නිලයටය

    ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගමූ
    පෙර කළ මෝඩකම් ආයෙත් නොකර ඉමූ
    අපත් වෙනස් විය යුතුමයි සිතට ගමූ
    අපටම අවංකව අපෙ රට ගොඩ නඟමූ!

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව්.... නිදි මසුරං කයියට

      Delete
  2. මේක සිරි ලංකාව නිසාත්, 69 ලක්ශෙන් ලක්ශ ගාණක් තාම ඉතිරිව ඇති නිසාත්,
    මොලේ එකපාරටම වැඩෙන දෙයක් නොවන නිසාත්, පුරුද්ද ඔක්කොටම වඩා ලොකු නිසාත් හුඟක් ඉහල බලාපොරොත්තු තියාගන්නෙ නැතුව තිබුනට වැඩිය හොඳවෙයි කියල හිතමු.

    ReplyDelete
    Replies
    1. ඔව් Pra Jay...
      කලු වලාකුලක උනත් රිදී රේකා බලාගන්න ඇහැක් වෙනවයි කියනවා නෙව. ඒ නිසා පොසිටිව් මයින්ඩ් එකෙන් ඉමු

      Delete
  3. මට නං සිතට බයක් දැනෙනවා චීනයේ, උතුරු කොරියාවේ, වියට්නාමයේ තියන විදියේ නිදහසක් අපටත් ලැබෙයි ද කියලා.

    ReplyDelete
    Replies
    1. මටනම් එහෙම හිතෙන්නේ නැහැ Litseeker... මැදහත් සිතින් බලාන ඉදිමු ඉතීම්

      Delete
  4. පිලිපීනය හුරාකාලා පැනලා ගිය ෆර්ඩිනට් මාකොස් ගේ පුතා බොන් බොන් මාකොස්ව පිලිපීන් රටේ ජනාධිපති කළාසේම අපේ සිරි ලංකාවේ උන් අනාගතයේදි රාජපක්ෂ පුතෙක් හෝ මුනුපුරෙක් හුරේ දමමින් පාරේ කිරිබත් පිස කමින් බලයට ගෙනඒවිදෝ කියා මට හිතෙනවා. සියල්ල අමතකවීමට සිංහලුන්ට ගතවන්නේ සති දෙකකට වඩා අඩු කාලයක් බැවිනි.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුහං ඉඩ ටිකක් වැඩී... අපි වෙනස් උනොත් හරි.
      පිලිපීනයට එහෙම උනේ ඇයි හොයලා බලන්ට හොඳට.... මට හිතෙන්නෙ උන් තබ්බ සංස්කෘතිය එහෙමම අතුගාල දාල වෙනම මාවතක ගිය ඒකත්, ඉතිහාසය නොදන්නා ලපයි සිපයි ටිකක් වෙච්ච ඒකත් තමා... ඔය හෙනේට මුල. (මෙතං ඉතිහාසය කිව්වෙ දේසපාලන ඉතිහාසය ගැන නෙවෙ)

      Delete
  5. ප්‍රාජේ සහ කොළොම්පුරේට තියෙන විචිකිච්චාව මටත් තියනවා. ඒක හොඳ දෙයක් නොවෙන බවත්, නමියා කියන පොසිටිව් මයින්ඩ් එකෙන් ඉන්න ඕනෙ බවත් දන්නවා. ඒත් එහෙම විචිකිච්චාවක් එන්නේ, හේතුවක් ඇතුවයි.

    ආරම්භයක් විදිහට මේ සිද්දවෙන දේ හොඳයි. වෙනසක්/ සිස්ටම් චේන්ජ් එකක් වෙනවා නං, ඒක පටන් ගන්න ඕනෙ, දේශපාලන ඉහලම තලයෙන් බව මම පිළිගන්නවා. ඒත් මට පේන්න තියෙන බාධක:

    1. හොරා කාපු සල්ලි ගන්න ඇහැකි යැයි සිතීම/ ගත්තාම රට "ගොඩ දැමීමට" හැකි යැයි සිතීම.
    2. රට "ගොඩ දැමීම" යන්නට පැහැදිලි අර්ථකතනයක් නැති වීම.
    3. රට "ගොඩ දැමීමට" කිසිවෙක් ලඟ නිශ්චිත ක්‍රමවේදයක්/සැලැස්මක් නැති වීම.
    4. රට "ගොඩ දැමීමට" ක්‍රමවේදයක්/සම්මුතියක් සකසාගත්තත්, ඒ සඳහා විශාල ණය/ආධාර අවශ්‍ය වීම.
    4. මෙච්චර කල් රට "ගොඩ දැමීමට" දුන් ණය සහ ආධාර වලින් අපි( දේසපාලු+හුදී ජන) පාටි දමා තිබීම නිසා කිසිම රටක් අප ගැන විස්වාසයජ් නැති වීම.
    5. අපි ඉන්නේ නිධානයක් උඩ යැයි සිතීම.
    6. අපි ඉතා බුද්ධිමත් ජාතියක් යැයිද, ඇල්වතුරෙන්/රසදියෙන් ඉන්ධන නිපදවන අපේ තාක්ෂණය හොරකං කරගෙන යාමට සුද්දන් කුරුමාණන් අල්ලනවා යැයි සිතීම.
    6. රුසියාව සහ චීනය සමාජවාදී යැයිද, සිස්ටම් චේන්ජ් එකක් වුනොත්, ඔවුන් ඇවිත් අපව ගොඩ දමා දේවි යැයි සිතීම.
    7. දේසපාලු සුදු අලියාට වඩා ලොකු සංස්ථා/දෙපාර්තමේන්තු/ මණ්ඩල වල ඉන්නා හුදීජන පිං අලියා නොපෙනීම.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්... ඔය ඇතුළු තවත් බාධක තියේ. මාධ්‍ය පවා ඉන්නෙ අපට පරහට නොවැ.
      නිශ්චිත ක්‍රමවේදයක්/සැලැස්මක් නැතිවට වඩා එහෙම එකක් හදන්නත් අපේ උන් එක් වන්නේ නැති එකයි ලොකුම පුරස්නෙ.
      සංස්ථා/ආයතන වල උනත් වැඩ රාජකාරි වෙන් වෙන්ව පවරලා කාර්යසාධක වැඩපිළිවෙලවල්, පුද්ගල වැඩ ඇගයීම් වගේ දේවල් මේ ආයතන වලට ගෙනත් ඇප්ලයි කරොත්... ඔය කීව පිං අලියා දුරුවල වෙනව. පිටරටවල පවා මේ ක්‍රම අත්හදා බලලා ඉතා සාර්ථක වෙලා තියෙනව.
      රට ගොඩ දාන්න විශාල ණය/ආධාර අවශ්‍ය වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. මේ ගෑස්, තෙල් ඇතුළු දේවල් ගෙන්වන්න ඩොලර් නැතිවීම නෙව අපි වැටුණු ප්‍රධාන හේනේ. ඒකට සංචාරක කර්මාන්තය බිඳ වැටීම තදින් බලපෑවා. ඒක අර දම්මික පෙරේරා කියනවා වගේ හරි ක්‍රමවේදයක් සකසා ගත්තොත් අවුරුද්දක් යන්න කලියෙන් ප්‍රතිපල පෙනෙයි. අනික අපේ රටේ පොඩියට වැඩකරන් ඩොලර් හොයන අය ඉන්නවා ගොඩක්.. අපි දැනුවත් නැති උනාට. එකක් කියනම්. රේස් බයිසිකල් රිපෙයාර් කරන ලෝකෙ හොඳම ඔස්තාර් කෙනෙක් ඉන්නවා. එත් මේවට රජයෙන් අතහිත දීල මහාපරිමාණ රැකියා ඇති කරන්න පුළුවන් තැන්... ඇහැ ගැටෙන්නේ නැතුවට. මේ වගේ කීයක් පැති තියේද.. it සයිඩ් එකම පවා ඇති ඩොලර් හොයන්න. එතකොට freelance මෙහෙ ඉඳන් කරන්න පුලුහං පිටරටවල වැඩ. මේ විදිහට නව රැකියා උත්පාදන කරන්න තමයි අමාත්‍යංශ පවා තියෙන්නෙ. එත් ඒවායෙන් වැඩක් කරන්නෙ නැහැ.
      ඔය ඔක්කොම කරන්න මිනිස්සුන්ගේ ආකල්ප, සාරධර්ම හා අධ්‍යාපනය කියන පැති දියුණු වෙන්න ඕන. මේකට දේසපාලන, මාධ්‍ය, ධනවතුන්/ ව්‍යාපාරිකයින් තරයේ අකමැති නොවැ... එහෙම උනොතින් උන්ට පැවැත්මක් නැතිව යනවා නෙව
      අපි ඉන්නෙ නිධානය උඩ විතරක් නෙවෙ නිධානයක් වට කරන්... මහ සාගරය. හොඳම වෙළඳ මධ්‍යස්ථානය

      Delete
  6. පේනවද කඩේ යන අපූරුව?
    http://www1.kalaya.org/2022/07/9.html

    ReplyDelete
    Replies
    1. පොස්ටුවේ පලවෙනි චේද තුනට තමා කියන්නෙ... ඊනියා උගත් වැහැරීම කියලා. දාර්ශනිකව බැලුහොත් හෙම හැම දැනුම් පද්දතියක්ම ඊනියා තමයි. සුළු ධනේශ්වර, කම්කරු, මධ්‍යම, ඊනියා උගත් නෙමේ... ඇයි මේක තිබ්බ දහදුරා system එකට විරුධව නැගිට්ට පොදු මහජනතාවකගේ ක්‍රියාවක් බව තේරුම් නොගන්නෙ.

      බටහිර අපිට හැමදාම කෙලවන්නමයි හදන්නෙ කියන මුලාව ඉතීම්... හැම දන මන සුවපත් කරන වැකියන් නෙව

      Delete
    2. (ඇනෝ දාලා තියෙන ලින්ක් එක වගේ) තාමත් රාජපක්ෂලට සපෝට් කරන, 'උගත්', ඉහල රැකියා කරන, influential කොටසක් ලංකාවෙ හා ලෝකෙ පුරාම විසිරිලා ඉන්නව. කොහොමත් ඔය පවුලම මිනිස්සුන්ගෙ සිතිවිලි ආකල්ප වෙනස් කරන්න අති දක්ශ, master manipulators නිසා තව මාස කීපෙකින් ආයිත් පණ ගහලා ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ.

      ජනාධිපති මංදිරය අල්ලගත්ත ගමන් පෙන්නු සමහර හැසිරීම්, පූල් එකේ නෑම වගේ දේ මටනම් හිතෙන්නෙ කඳුලු ගෑස් කමින්, වෙඩි පහරකට ලක්වෙලා මැරෙන්න, බරපතල තුවාල වෙන්න තියෙන ජීවිත අවදානම ගමින් වෙහෙසකර සටනක් කල පිරිසකගෙ, (යම් තරමක) ස්වභාවික හැසිරීමක් කියලා. ජොබ් එකේ stressful වැඩක් ඉවර කල ගමන් අපිට සාමාන්‍යයෙන් කෑගහන්න, උඩ පනින්න, සිංදු කියන්න හිතෙන වෙලා තියෙනවනෙ. දිගටම අනවශ්‍ය හැසිරීම් වලක්වා ගන්න එකයි වැදගත්. අපි අගය කල යුත්තෙ කවදාවත් එකිනෙකා හම්බවෙලා නැති, අඳුරන්නෙ නැති, ලක්ශ ගානක මිනිස්සු එක අරමුනක් වෙනුවෙන් එකතුවෙලා අති දුෂ්කර සටනක් කිරීමයි.

      Delete
    3. අති දක්ශ, master manipulators නම් ඒ එයාලට කියන්න එපා පුළුටු දීල අමනුස්සයෝ සතුටු කරගන්නවා වගේ වැඩ නෙව එයාලගෙ tactics.
      තාම කඩේ යන එකෙක් කියනවා.. මහින්ද ආවොත් විතරලු පිටරටවල් උනත් උදව්වට එන්නෙ කියලා😄

      එලවා ගැනීමේ අරමුණින් එකතුවුණු පිරිස පහු පහුවට මොනා නො/කරාවිද... ඒ පැත්තත් බලන්ට ඕන.

      Delete
    4. //අපි අගය කල යුත්තෙ කවදාවත් එකිනෙකා හම්බවෙලා නැති, අඳුරන්නෙ නැති, ලක්ශ ගානක මිනිස්සු එක අරමුනක් වෙනුවෙන් එකතුවෙලා අති දුෂ්කර සටනක් කිරීමයි.//
      ආන්න ඇත්ත!

      Delete
    5. ඈ නමියො, දැන් එතකොට බස්සා උඹද?😉

      Delete
    6. හුම්...... හුඟක් බොන්ට උවමනා පුරස්නයක් ඔහෙ ඇහැව්වෙ බස්සා මහත්තයෝ 😂

      Delete
  7. සිස්ටම් චේන්ජ් එකක් එනවා කියල දන්නවා. ඒක පොල්පොට් වාදී නොවන එකක් වේවා කියන එක ව=ඉතාරයි මගේ එකම ප්‍රාර්ථනය. වෙන ඕනේ එකක් කමක් නැහැ දැනට. අම්ම හිතනවා මිනිසුන්ට මොලේ තියෙයි කියල. අනුර කොහොම වෙතත් කුමාර් ගුණරත්නම් ටත් බලයක් තියනව කියල හුඟක් අයට අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. පෙරටුගාමී ඇනෝගෙ, සන්නද්ධ කාඩර්වරු, විමුක්ති ගී ගායනා කෙමෙන්ට් එකේ පොල්පොට් ගතියක් දැණුනෙ මට විතරමද අපෙ හාංදුරුවනේ.🤔

      Delete
    2. මගේත් එකම ප්‍රාර්ථනය ajithතුමෝ... යහතින් හැමොට්ටම ජීවත්වෙන ඇහැකි system එකක් තමා
      D.G.M බස්පෝ... දැන් උන්, හාංදුරුවොත් තල්ලු කරන සයිස් එකක් ඒ නිසා උන්නාන්සේලාට දුක කියලා වැඩකුත් නැහැ😄

      Delete
  8. මේකයි. අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හැදිලා තියෙන්නෙම බහුතරය ගොනාට අන්දවන්න පුළුවන් දිස්ත්‍රික්කෙකටම වියදං කරන්න පුළුවන් පල් හොරුන්ට පත්වෙලා වරප්‍රසාද භුක්ති විඳින්න. ඒ ක්‍රමය වෙනස් වෙලා, මහජනතාවට තියෙන පාලන බලය ක්‍රියාත්මක කරන්න නියෝජිතයන් පත් කරන්න පුළුවන් ක්‍රමයක් හැදෙන්න ඔ්නෙ. මහජනතාවට තමයි පරමාධිපත්‍යය තියෙන්නෙ. අර ස්කැන්ඩිනේවියන් රටක තියෙනව වගේ නියෝජිතයන් ආපහු කැඳවීමේ ක්‍රමවේදයත් සහිතව විගණනයට යටත්වන පාලන ක්‍රමයක් හැදෙන්න ඔ්නෙ.

    ReplyDelete
    Replies
    1. මොකද ද්‍රකියෝ... බොගේ කොමෙන්ටුම විතරාක් spam වෙන්ටේ

      Delete
    2. ආන්න ජංසන්. ස්වීඩනය තමා රට. අගමැති, ආණ්ඩුවෙ සල්ලි වලින් චොකලට් එකකට ගෙව්වා කියලා, ඇද්ද වලියක්. එතකොට කාමරෙන් කෝටි 1.5 පෙටි කෑෂ්, සයිඩ් එකවුන්ට් වලින් කෝටි 4 වල් මතුවෙන්නෙ නෑ.
      https://roar.media/sinhala/news/around-the-world/deputies-of-sweden-deprive-of-privileges-1

      ටෝ කෙහෙද, මෙච්චරකල් මකබෑවිලා උන්නෙ?🤔

      Delete
  9. . මට කියන්න තියෙන්නේ ස්වීඩන ක්‍රමය පමණක් නොව දියුණු රටවල් වල ඇති ක්‍රමය කියලයි. එක උදාහරණයක්. එම රටවල අධිවේග මාර්ගයක් හදනවනම් රටේ ජනාධිපති, ඇමතිවරුන් ඒකට සම්බන්ධ වෙනවද? නැහැ. සංවර්ධන වැඩ සඳහා එම වැඩ තෝරාගැනීම, සැලසුම් කිරීම, සහ ක්‍රියාත්මක කිරීම වෙන්නේ විනිවිදභාවයකින් යුක්ත ආයතන වලින්. 1972 සහ 1978 ව්‍යවස්ථාවලින් තමයි සංවර්ධන ව්‍යාපෘති, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආදී දේවලට දේශපාලනය සම්බන්ධ වුණේ. විදේශ ප්‍රතිපත්තිය, රාජ්‍ය ආරක්ෂාව, නීති සම්පාදනය හැර අනික් ඒවා දේශපාලනයෙන් අයින් කිරීම එනම් 1972 ට පෙර තිබ්බ ක්‍රමය තමයි පිළිතුර. උදාහරනයකට රටේ ණය පාලනය කලයුත්තේ ස්වාධීන මහ බැංකුවක් විසින්. එහෙම වුණානම් මෙපමණ ණය ප්‍රමාණයක් ගන්න වෙන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති දේශපාලන ග්‍රහණයේ නොතිබුණානම් නැව් නො එන වරායවල්, ප්ලේන් නො එන ගුවන් තොටුපොලවල්, නෙළුම් කුළුණු, වහල තියෙන සම්මන්ත්‍රණ ශාලා ඇතිවන්නේ නැහැ. තරඟකාරී සහ තාක්ශණික අගැයීම් සහිත ක්‍රමයක් තිබුණානම් නෝරච්චෝලේ වගේ දේවල් ඇතිවන්නේ නැහැ. විදුලිබල මණ්ඩලය, ශ්‍රීලංකන්, ඛනිජ තෙල් සංස්ථාව වගේ නාස්තිකාර සංවිධාන තිබෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන් තුමෝ... මොනරටේ ක්‍රමය උනත් කමක් නැහැ හොඳ දෙයක් නම් අපේ විදිහට එය එක් කරගත යුතුයි.
      නෙලුම් කුළුණු, නෙලුම් පොකුණු... ගැහැව්වේ තමුන්ගෙ පවර් එක පෙන්නන්ට නෙව.
      ගොඩවැදුනට ටැංකිව්...

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්