අද ලොව පුරා ප්‍රචලිත සෙන් කතා ඇතුළත් ව ඇති සෙන් දහම හට ගැනීමට අඩිතාලම වැටෙන්නේ... ඉන්දියාවෙන් අන් රටවල් වෙත බුදු දහම ප්‍රචාරය වීමත් සමගයි.
ඉන්දියාවෙන් එහෙම ආ බුදු දහම කාලයේ වෙනස්කම් වලින් යුතුව චීනයේ ආරම්භ වෙමින් වියට්නාමය, කොරියාව හරහා ජපානයට ද සේන්දු උනා. ජපානයේ මේ විදිහට ව්‍යාප්ත වූ බොහෝ සම්ප්‍රදායින් අයත් වූයේ මහායානයටයි. ඒ මහායාන සම්ප්‍රදායන් අතරින් ජපානයේ ඇති ප්‍රකට, එක් දහමක් වන්නේ... මේ සෙන් ය.
සෙන් වචනයේ උත්පත්තිය
චීන වචනයක් වන චෑන් (chán) හි ජපන් උච්චාරණ විලාසය ලෙස ඇවිත් ඇති
බව කියවෙයි. එය සංස්කෘත ධ්‍යාන වචනයෙන් පැන නැගී ඇත.
සෙන්, මහායාන ඇතුළු
ජපාන දහමවල් ගැන අවධානය යොමු කිරීමේදී අපට දැක ගත හැකි වෙනස්කම් කීපයක් තිබේ. ඒ අපි
බුදු දහම පිළිපදින ක්‍රමයත්, එහි ඇති ක්‍රමයත් අතරය. කරුණු කීපයක් -
• තමා තුළින් තමාව
දැකීම (ආත්මාවබෝධය), විමුක්තිය තමාම සාක්ෂාත් කිරීම
• ප්‍රඥාවට වඩා ලැදි
බව
• භාවනාව හා ධර්මය ප්‍රායෝගික
ව ක්‍රියාත්මක කිරීම
• ගැළපෙන ගුරුවරයෙක්
ඇසුරේ පුරුදු පුහුණුව
• සරල දිවි පෙවෙතක් ගත
කිරීම
මෙවැනි කරුණු මත පදනම්
වූ ජීවිතයක් ගෙවන වැඩිමහල් භික්ෂුවක් හා...
ආධුනික භික්ෂුවක්, ගෝල භික්ෂුවක් හෝ සමුරායිවරයෙක්... ආදී කිසිවෙක් සමග අතර ඇති වන
සංවාදය, කතා බහ සෙන් කතා ලෙස ගැනේ. මේවායේ අර්ථ රසය ඉතා ඉහල තැනක තිබෙන අතර
සමහරෙක්ට ආත්මාවබෝධයට මාර්ගයක් හෝ තවෙකෙක්ට හුදු වචන හරඹයක් පමණක්ම වන්නට පුළුවනි.
කොහොමින් නමුත් ගුරු හෝ වැඩිමල් භික්ෂුවක්ගේ අදහස් සහිත මේ සෙන් කතා, හුදු කතාවක්
පමණ කොට දැකිය නොහැක්කේ ඔවුන්ගේ ජීවන පරිචය ද ඒ තුළ ගැබ්ව ඇති නිසායි.
මේ කතා ඔවුන් ජපන්
බසින් 'සතෝරි' (satori) ලෙස
හඳුන්වයි. එනම් 'ක්ෂණික අවබෝධය'
(sudden awaking) ලෙස සිංහලෙන් ගත
හැකියි. බටහිර එක් සම්ප්‍රදායක් වන Brilliant Nonsense (විශිෂ්ට
ප්‍රලාප) වලට දා සෙන් කතා බැලිය හැකි බව සමහර විද්වතුන්ගේ මතය වුවත්, විශිෂ්ට ප්‍රලාප
ගණයේ ලා පමණක්ම මේවා දැකිය නොහැකි බව කියවීමේ දී අපට පෙනී යයි. මන්ද මේවා යථාර්ථය
මතු කරමින් දිග හැරෙනවා මිස යථෝක්ත සන්දර්භ හමුවේ පමණක් උත්කර්ෂවත් වන ඒවා නොවන නිසායි.
කලින් නස්රුදීන්ගෙ
පෝස්ට් එකෙත් සඳහන් කළ විදිහට කතා වල හෝ සෙන් වල මූලාශ්‍ර සෙවීමට වඩා මේ කතා සාරය
වැදගත් නිසා සෙන් හෝ මහයාන සම්ප්‍රදායේ විස්තර මේ පොස්ටුවට ඇතුළත් කරන්නේ නෑ. ඒ
නිසා....
මං බ්ලොග් කියවන්න
පටන් ගත් කාලෙ දැකපු 'පාදඩයාගේ අසපුවේ'
සෙන් හා ජපන් බුදු දහම ගැන විස්තර එහි විස්තරාත්මක ව සඳහන් කරල තියෙනව. ඇමිණුම් පහලින්
දාන්නම්. ඒවත් අනිවාර්යයෙන් ගිහින් බලන්න... හරිම රසවත්.
ජපන් සංස්කෘතියවිදහාපාන වචන - 6 (වබි සහ සබී)
* * * * *
*
සෙන් කතා ගැන ලියා ඇති දේ හරිම හරවත් - මගේ සිත් ගති
ReplyDeleteයොදා ඇති තනි ෆොටෝවත්- ගති; සෙන් දහම වගෙමයි අගේ ඇති
'අසපුවට පාදඩය'ගේ ගොස්, කියෙව්වෙමි - ලිපි, හරිම දැනුමැති
එව්ව මසුරං- මෙයත් මසුරං, නමී උන්නැහෙ අද ලියා ඇති!
ටැංක්ස් නිදි... 🙏🙏🙏
Deleteපාදඩ අසපුවේ ගොඩක් වැදගත් වන ලිපි තියෙනව. මයෙ කීමට එහෙට ගියාටත් ස්තූතියි
Pdf එක ඉතින් වටින වැඩක් නමී💖🤗
ReplyDeleteටැංක්ස් නවීන්. විවේක වෙලාවක හෙමිහිට කියවන්ට
Deleteකේස් එක කියන්නෙ එහෙම එකතු කරගත්තු ඒවා තියෙනවා මාර ගොඩක්😂
Deleteමේකත් තවම කියෙව්වෙ නෑ අදවත් කියවන්න ඕනි😁
හොඳා හොඳා... ටැංක්ස් ආපහු ආවට
Deleteආව, කියෙව්ව, PDF එකත් බලන්න හිතා ගත්ත.
ReplyDeleteඑහෙනම් හිතා ගත්තු එක ඉෂ්ඨ කොරන එකයි ඇත්තෙ😄... ආවට ටැංක්ස්
Delete++++++[[
ReplyDeleteඅන්තිම දෙක ගහනකොට ඇඟිල්ල එක පේලියක් පල්ලට වැටුණ නේද?
Deleteප්‍රා. ජේතුමා මේම වැට ගහන එක හරි... වටිනවා!
Deleteඒක අලුත් තාලේ වැටක් වෙන්ට බැරිද...... පෂා
+++++++++++¿¿¿
Deleteඒ මොකක් දෑ... ඒ 😄😄
Deleteවැට කෙරෝලෙ බිලී කොකු. අහුවෙන්ඩෙපා
Deleteහෙ.හ්හෙ.. 😂😂😂
Deleteවැට දිගේ ගියොත් මාළු අල්ලන්න පුළුවන් කියලා කියලා තියෙන්නේ .
Deleteසෙන් කතා කියවන්න මමත් හරි කැමතියි. pdf එකේ කතා ටිකක් කියෙව්වා. ඉතුරු ටික හිමින් කියවන්න ඕනෙ.
ReplyDeleteෆොටෝ එකේ ස්මාට් ෆෝන් ගැන කතාව නම් ෆෝන් එක උදාහරණයක් විදිහට අරගෙන මිනිස්සුන්ට කියපු දෙයක් නේද. අපි හැමවෙලේම හිතන්නෙ අපි 'ස්මාට් පීපල්' කියලනෙ, නමුත් තමන් දිහා තමන්ම බලලා reflect කරන්නෙ නෑ.
ටැංක්ස්....🙏🙏🙏
Deleteඔව් lotus. ෆොටෝ එකේ කතාව ඒක තමා.
අනික් අතින් බැලුවොත්... වර්තමානේ හැම දේම smart වෙමින් යනවා, ඒත් මිනිසා ඒවා භාවිත කරමින් පරිහානියට පත් වෙනවා.
හරිම වෙනස් වගේම හොද සටහනක්. නමියා අපව වෙනස් කලාප වලට ගෙනයනවා. පාදඩයාගේ අසපුවටත් ගොඩ වුනා. ඔත්තුවට ස්තුතියි.
ReplyDeleteමෙහෙට ගොඩඋනාටත් ස්තුතියි අනුරුද්ධතුමෝ....
Deleteහෙ හෙ මාත් පාදඩ අසපුවට ගියා. ඒකත් හොඳයි
Deleteඔව් නවී... මිනිහගෙ ඉතිහාස post හෙමත් නියමයි
Deleteමේ වැඩේ බොහොම වටින වැඩක්. පීඩීඑෆ් කරල දෙන එක.
ReplyDeleteඔව්... කියවන අයට පස්සෙ හරි බලන්න පුළුවන් නෙව. download කරගන්න නිසා.
Deleteආවට ටැංක්ස් ඩ්‍රැකී🙏
පොඩි මෙන්ඩලාට වටිනවා
Deleteකාලෙකට කලින් මහින්ද ගුණවර්ධන ෆේස්බුක් එකේ දැම්මා සෙන් කතා ගොඩක්.
ReplyDeleteමම දන්න සෙන්වලට අනුව, බුදු වෙන්න පුළුවන් තනියම විතරයි. පසේ බුදු වගේ වෙන කොනකුට තමන් අවබෝධ කරගත්ත බුදු කම ගැන කියා දෙන්න අවබෝධ කරවන්නත් බෑ. තම තමන් අවබෝධ කරගන්න බුද්ධත්වය එකිනෙකා අනුව වෙනස් වෙනවා.
ආ එහෙමද...
Deleteපර්සි ජයමාන්න මහතාත් සෙන් කතා පොත් පළ කරා මතකයි. කොහොම උනත් සෙන් කතා ප්‍රසිද්ධ උනේ ලෝකේ වටා... ඉංග්‍රීසි ලේඛකයෝ ඒවා ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ නිසා. මුල් කෙනෙක් තමයි Paul Peps 1952 කාලේ වගේ Zen Flesh Zen Bones කියලා පොතක් ගැහුවා.
මෙතනත් සෙන් ගැන සඳහන් වෙනවා...
ReplyDeletehttps://www.youtube.com/watch?v=dMbnfxwus0s
ටැංක්ස්.. බලන්නම් පුලුහං වෙලාවක
Deleteදැන් බැලුවෙ video එක. මොන අදහසකින්ද ඩ්‍රැකී මේක මෙතැන දැම්මෙ. (ඔයා මේක අනුමත කරනවා කියල නෙවේ කීවේ).
Deleteමටත් ඒ video එකේ comment කරල තිබුණ බොහෝ දෙනා වගේ කේන්තියක් ආවේ නෑ... ඒ අය එක්ක. හැබැයි කනස්සල්ලක් ඇති උනා. එකක් ආගම් විහිලුවට ගන්න ඕනද... විනෝදයට ගන්න මෙච්චර කාරණා තියෙද්දී.
ථෙරවාද බුදුදහමෙත් මේ වගේ අවස්ථා තිබෙනවා කියලා හිතෙනවා. රහත්බව අවබෝධ කරගැනීමට නොහැකිව කළකිරීමෙන් සිටි භික්ෂුවකට බුදුහාමුදුරුවෝ පිරිසිදු රෙදි කඩක් දෙනවා පිරිමදිමින් "රාජෝහරණං" යනුවෙන් කියන්න. රෙදිකඩ ක්‍රමයෙන් කිලිටි වෙනවා දැකලා භික්ෂුව සත්‍යය අවබෝධ කරගන්නවා.
ReplyDeleteඇත්තටම බැලුවොත් Litseeker, ථෙරවාද මහායාන හෝ වෙනත් යාන... අපි පසුව හදාගත්ත දේවල් නෙ. දහම හැම තිස්සෙම ප්‍රායෝගිකයි.
Deletepdf පොඩි මෙන්ඩලාට ...
ReplyDeleteකතා ටික කියවලා එන්නම්....
අනේ හොඳා... 🙏🙏🙏
Deleteමම අනිත් බ්ලොග් වලට යන්නේ අනිත් අයගේ බ්ලොග් රෝල් දිගේ මට කොහමද බන් මේ පොස්ට් එක මිස් උනේ
ReplyDeleteආ ඒකට මොකො... ඔය දැන් ඇවිත් තියෙන්නෙ මෙන්ඩතුමෝ
Deleteපාදඩ අසපුව ලියන්නේ නැත්තේ ඇයි බන්
ReplyDeleteඅපරාදේ.. උන්දැගෙ බ්ලොගෙත් වටිනව එව තියෙන්නෙ.
Deleteමටත් බ්ලොග් ලියන්ට කැමැත්ත වැඩි උනේ.. පාදඩ අසපුව නිසා.