කේන්තිය පාලනය කර ගන්න ඕන.. ඕන කියලා හිට උපදෙස් ලැබෙනවා නෙ අපට. ඒත් ඉතීම් කේන්ති නොගෙනත් බෑ සමහර වැඩ වලදි... වගේ නෙ. කෝම උනත් කේන්තිය නිසා ලස්සන අඩු වෙනවය, ඉක්මන් තීරණ ගන්නවය, හැමෝම ඒ නිසා නැසෙනවය කියල තමා තේරුම් බේරුම් ඇති උදවිය කියන්නෙ.
කේන්තිය එක්ක ගැටගැච්ච කතා
තුනක් තිවන... ඉතින් ඔන්න ඔහෙ post එකක් විදිහට දාන්න හිතුන ඒ කතා තුන.
ගුවන් ගමනින් ඇතිවුන වෙහෙස
නිසා, ඇය ඉක්මනින් ගෙදර ගිහින් මහන්සි නිවාගන්න කියල හිතාගෙන සීඝ්‍රගාමී දුම්රියට
ගොඩ වුනා. ඇයගෙ යාබද අසුනෙ වාඩි වෙලා හිටියෙ ප්‍රියමනාප මහල්ලක්. ගමන පොඩ්ඩක් දිග
නිසා ඈ තම අලුත් නවකතාව කියවන්නට හිතා ගෙන එය බෑගයෙන් එළියට ගත්ත. පොත ගන්න මොහොතෙ
ඈට පොඩි බඩගින්නකුත් දැනුණ නිසා... මිල දී ගත් බිස්කට් පැකට් එකත් එළියට ගන්න
හිතුණ. ඒ එකක්ම යාබද අසුනෙ හිටි ගමන් සගයා..... ඒ මහල්ලා බිස්කට් පැකට් එක කඩා ගෙන
පළමු බිස්කට් එකේ රහ බලනවා. බෑග් එකත් ඇරලා ඒ විදිහටම තියෙනව. ඇයට ඉවසුම් නැතුව
ගියා.
ඒත් එක්කම... ඔහු ඈ දිහා බලලා
තම අත තිබුණ බිස්කට් පැකට් එක ඇය වෙත දිගු කළා. කේන්තියෙන් හිටියත් බඩගිනි නිසා ඈ
බිස්කට් එකක් අරගෙන පැකට්ටුව ආසන දෙකට මැදි වෙන්න තිබ්බ.
දැන් දෙදෙනාම බිස්කට් මාරුවෙන්
මාරුව කා... අවසන් බිස්කට් එක විතරක් පැකට් එකේ ඉතිරිව තිබෙන මොහොත. ඈ බලාගෙන
හිටිය මේ බොරු ප්‍රියමනාප බවක් පෙන්වමින් ඉන්න කපටි මහල්ල අන්තිම බිස්කට් එක ගනීද, නැතිද
කියල. මොහොතකින් ඔහු අන්තිම බිස්කට් එක අරගත්ත. ඒත් එක්ක ඈ මහල්ලා වෙත නපුරු
මුහුණක් පෙන්වා තමන්ගෙ කේන්තිය පල කළා.
මහල්ලා, අතේ තියාගෙන හිටි
බිස්කට් එක දෙකට කඩා ඇයට කෑල්ලක් දික් කළා. එයින් ඇගේ කේන්තිය මදක් අඩු උනත්,
මහල්ලා කෙරේ තිබ්බ අකමැත්ත නම් අඩු උනේ නෑ. ඒ වගේම ඇය අතින් සංඥා කරමින් බිස්කට්
බාගය එපා කියල කිව්වා. තමන් බහින ස්ථානයට දුම්රිය ලඟා වූ හැටියෙ, තමන්ගෙ නොරිස්සුම
පේන්නනුත් එක්කලා ඈ මහල්ලාට ගස්සාගෙනම නැගිට යන්න ගියා.
ගමන් මහන්සියට නිසා ආ හැටියෙම ඈ
ඇඳට වැටුණ. හවස නාගෙන ඇවිදින් බෑග් එක අස් කරන කොට ඈ දැක්ක තමන් මිලදී ගත් බිස්කට්
පැකට් එක එහෙමම එහි තිබෙන බව.
ඇයට මහල්ලා ගැන පුදුම
අනුකම්පාවක්, කරුණාවක් ඇති උනා. තමන්ගෙ බිස්කට් පැකට් එකෙන් කොටසක්, නපුරුකම් කළ
තරුණියකට ලබා දෙන්න පවා ඔහු කෙතරම් හික්මුණු පුද්ගලයෙක් ද කියා සිහි වී. ඒ මුහුණේ
ප්‍රියමනාප බව කොයිම නිසාවකවත් ඔහුගෙන් ගිලිහී නොගිය බව ඇයට මතකයන් අතරින් තේරුම්
ගියා. තමන්ගෙ හදිසි වැඩ නිසා, වැඩි දුර හිතා මතා නොගන්න තීරණ නිසා... ඈ කම්පා උනා.
ඒත් ඔහුගෙන් සමාව ගන්න බැරි බව ඇයට දැනුණ නිසා ලොකු දුකක් ද හිතේ හටගත්තා. ඒ වගේම
ආයෙත් මේ විදිහට හොයා බලන්නෙ නැතුව ඉක්මන් තීරණ, හදිසි
කෝප ගැනීම නොකරන්න ඇය වග බලා ගත්ත.
දවසක් තමන්ගෙ ‘චූටි දුව’ එක්ක
සුපිරි වෙළඳ සැලට ගොඩ උන අගේ මව, බඩු තෝරා බලමින් හොඳම දේවල් මිලදී ගත්ත. ඒ අතර
චූටි දුවට ඕන කරන සෙල්ලම් බඩුව වගේම කෑම බීමත් එතන තිබුණ. ඇය ගෙදර ඇවිත් බඩු
අස්පස් කරන ගමන්, මිලදී ගත්ත ඇපල් ගෙඩි දෙක පෙන්නමින් ‘මටත් එකක් දීල ඔයත් එකක්
කන්න’ කියල කිව්වා.
ඒත් දූ කර දෙයින් ඇයට හොඳටම
කේන්ති ගියා. එක ඇපල් ගෙඩියකින් කෑල්ලක් කඩාගෙන කෑ චූටි දූ, අනෙක් ඇපල් ගෙඩියේ
කෑල්ලකුත් කඩාගෙන කෑවා.
කේන්තියෙන් පාරක් ගහල ඈ
‘අම්මටත් එකක් දෙන්න කිව්වම දෙකම එක සැරේ කනවාද?’ කියල පොඩි තරවටුවක් කළා.
“මට ඕන උනේ අම්මට රසම ඇපල්
ගෙඩිය දෙන්න. ඒකයි දෙකේම කෑල්ලක් කාල බැලුවෙ” කඳුළු අතරින් දූ, ඇයට අදහාගත නොහැකි
කතාවක් කියමින් ඇයවත් හැඬෙව්වා.
* * * * * *
සාර ඉපදුණේ එක් ඇසක් අඳව. ඒ
වගේම ඉපදී ටික දවසකින්ම සාරාවත්, අගේ මවත් තනිකරමින් අගේ බීමත් පියා ඔවුන්ව
අතහැර ගියා. ඒ නිසා සාරව හදා ගන්න ඇගේ මව ගොඩක් මහන්සි උනා. සාරට තේරුම් යන කාලේ
එනකොට තමන්ට අනෙක් ළමයි විහිළු කරන බව ඇයට දැනුණ. ඒ නො පෙනෙන එක ඇස නිසා. ඇය ගෙදර
ඇවිදින් එදා හොදටම ඇඬුවා. අගේ මව නගරෙ වෛද්‍යවරයෙක් ගාවට සාරව අරන් ගියා. සාරට ටික
කලකින් සැත්කමක් කරා. සාර වැඩිවියට එද්දී ලස්සන ඇස් දෙකම හොඳට පේන තරුණියක්.
ඒත් ඇගේ මව දැන් කාලයක ඉඳල එක
ඇහැක් පේන්නෙ නැති අනෙක් ඇහැත් දුර්වර්ණවී ගිය, නිතරම වැරහැලි වලට හුරු උන කෙනෙක් බව
සාරට එක් වරම හැඟී ගියා. සාර මවට පාසල ගාවට එන එක තහනම් කරා. ඇයට එය ලැජ්ජාවක්
උනා. දවසක් මේ නිසා සාර මවට හොඳටම දොස් කිව්වා. ඒත් දැන් ඇයට වැඩි මතකයක් ද නැති
නිසා සාරට තවත් කේන්තියි.
එදා රෑ සාරගෙ මව මියගිහින්
තිබුණා. ඇයගේ ලාච්චුවේ තිබී සාරට අවුරුදු 10කට කලින් මව ලියූ ලියමනක් හමුවුනා.
“සාර නිතරම ගෙදර එන්නෙ දුකෙන්.
ඈ ඉපදුණු දා පටන් දුකින්. අද හමුවූ ලොකු දොස්තර මහතා කිව්වා ඇහැක් කවුරු හෝ පරිත්‍යාග
කරනවා නම් සාරට ආලෝකමත් අනාගතයක් ලබා ගත හැකි බව. මං ඒ නිසා තීරණය කරා... මගේ
ඇහැක් ඇයට ලබා දෙන්න.”
සාර හැඬූ කඳුළින් තමන්ගේ වැරදි
හැසිරීම් සිහි කරන්නට උනා. තමා දැන් හඬන්නේ ද මවගේ ඇසක උපකාරයෙන් නේදැයි කියා ඇයට
තේරුම් ගියා. ඒ නිසා ඈ බොහෝ කම්පා උනා.
බස්සාත් මේ ටික දොහේ අන්තර්හාන වෙලා හන්ද මංවත් යූ බටේ videoවක් බලන්නට දාන්නම්... ඔහෙල්ලට J
අනුන්ගෙ බිස්කට් එකක් හරි කමක් නෑ තියල තියහං. ආයෙ ඇවිල්ල කියවල කොමෙන්ට් කරන වෙලාවට.
ReplyDeleteහුම්...... හිටින්න. හුලං විස්කෝත්තක් ඇති පරණ වෙච්චි
Deleteපුස්ලෝඩං නැද්ද? නැත්තං අර වවුලගෙන් ඉල්ලගං.
Delete🙈🙈🙈........
Deleteමොකෑ පුස් කාපුවා ඉල්ලන්නේ ..නබි කොලුවෝ දීපං අර ගල්බනිසක්..
Delete🙈.......
Deleteපුස්ලෝඩං සහ බිබික්කං ගැන ප්‍රසා කියන්නෙ මේං මේක...
Deletehttps://drackey.blogspot.com/2015/09/blog-post.html
හදිස්සි වෙලා ගන්න තීරණ වලින් වැඩි හරියක අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවිල්ල විතරයි. අගේ ඇති කතා ටිකක්.
ReplyDeleteහුම්..... ඒකතමයි පෂාතුමා
Deleteනයෝ බොට කොච්චර ටෝච් පාරවල් ගැහුවද ඔය හදිසි තිරණ ගන්න එපා කීලා.. තිබ්බ හදිසියට දැන් පසුතැවිලි වෙලා වැඩක් නෑ. භුමිතෙලුත් ගනන් හින්දා බොට ගහන්නත් බෑ.
Deleteප්‍රසාගෙ ෂොප් එක ඉස්සරහ කොළපාට දැල් කඩේ තියෙනව නැටුං තෙල් නං...
Deleteහදිස්සියට දෂ්ට කරන්නෑ අපි හොඳට හිතල බලල තමයි කරන්නෙ.
Deleteකතාව කියවන විට ඇත්ත තමයි කියලා හිතුනට තද උනහම කරන්න ඕන දේ කරල තමයි කල්පනා කරන්නේ!
ReplyDeleteහුම්... මාත් දැන් ටිකක් කේන්තිය පාලනය කරන් ඉන්නෙ Litseekerතුමෝ. ඒක සරීර සෞඛ්‍යටත් හොඳයි නෙව
Deleteතද උනාම බුරුල් කරගන්න Rust oil බොතලයක් බීපං
Deleteසමහරු කේන්තිය නැතිවත් ඒ වගෙය
ReplyDeleteමූණේ ලේ බිඳක්, සිරියාවක් අඩුය
ඒකට හේතුවක් මං දන්නේ නැතිය
නමියෝ, post එකකින් කීවොත් හරිය!
හා... හා.. කොකු සීයේ...
Deleteකයියට ස්තූතියි....... නිදිතුමෝ🙈🙈
Deleteකතා ටික මල් ... ඈ.
ReplyDeleteකතා ටික මල්..
Deleteපැන්නොත් මල????
ඈ බොල.. බ්ලොගේ මොනවත් ලියන්ට අදහසක් නෑ.....
Deleteලියාපියකො කොමිටල් කයිපද
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකොමිටලයා ඇවිත් තියෙන්නෙ. මං යනව යන්ඩ
ReplyDeleteයන්ඩ... ලාහෙට ගෙම්බෝ අහුලන්නැහේ මෙහෙට ගාටන්ගේත් දෙතුන් දෙනෙයි. උඹත් ගිහාම මේක වහන්ට තමා වෙන්නෙ... හිටං 😂
Deleteබුදුන් දෙසූ ඇංගර් මැනේජ්මන්ට් ගැන මම කලින් වතාවක ලිව්වා...
ReplyDeletehttps://drackey.blogspot.com/2013/05/2.html
බුදුන් කෝපය ගැන කියන්නෙ මේ විදිහෙ අදහසක් සරළව ගත්තොත්.
කෝපය ඇති වන ආකාර
කෝපය ඇතිවන හේතු සහ ආකාර 9 ක් ගැන බුදුන් වහන්සේ කියනවා. ඒක සරළව ගත්තොත්, ප්‍රධාන හේතු තුනක්, කාල වශයෙන් තුන් ආකාරයකින් තියෙනවා.
1. කෙනෙක් තමන්ට කරදර හිරිහැර කරනවා නම්. ඒ කියන්නෙ අනර්ථයක් කරනවා නම්, ඒක එක හේතුවක්,
2. කෙනෙක් තමන්ගෙ ළඟ හිතවතුන්ට, නෑයන්ට අනර්ථයක් කරනවා නම්, ඒක දෙවැනි හේතුව,
3. තමන්ටත්, තමන්ගෙ හිතවතුන්ටත් අනර්ථයක් කරන එක ඉවසා සිටියත්, ඒ අනර්ථකාරී තැනැත්තා ගැන අනිත් අය ගුණ ගායනා කරනවා නම්, (අපිව බේරගත්තෙ මෙයා ය, මෙයා අපේ ගැළවුම්කාරයා ය, තව තවත් කල් වැජඹෙන්න වාසනා කරන්න ඕනෙ ය කියලා) ඒක ඉවසන්න බෑ, ඒක තමයි තුන්වැනි හේතුව.
අ) අපි සමහරු ඉන්නවා, අතීතයේ වෙච්ච දේවල් ගැන කෝපයෙන්. නිතරම සිහියට එන්නෙ ඉස්සර කාලෙක වෙච්ච අනර්ථයක් ගැන.
ආ) ඒ වගේම දැන්, මේ මොහොතෙ කෙනෙකුගෙන් සිද්ධ වෙන කරදර, හිරිහැර ගැන කෝපය ඇති වෙනවා.
ඇ) ඒ වගේම, දැන් හොඳ වුනත් අනාගතයේ දවසක අර වගේ කරදර වෙන්න ඉඩ තියෙන බව පේනවා. මේ නිසා කෝපයක් ඇති වෙනවා. (අපේ දරුවන්ටවත් මේ මිනිහා සැනසිල්ලෙ මේ රටේ ජීවත් වෙන්න දෙන්නෙ නෑනෙ කියලා හිතෙනවා)
ඔන්න ඔය විදිහට මුලින්ම කියපු කාරණා තුන, ඊට පස්සෙ කියපු විදිහට කාල රාමු තුනට අදාළ කරගත්තම කාරණා 9 ක් වෙනවා.
කළ යුතු දේ
කෝපය ගැන කළ යුතු දේවල් 5 ක් බුදුන් වහන්සේ විස්තර කරනවා.
1. මෛත්‍රී කරන්න
තමන් ගැන සිතන මිතුරු සිතින්ම අනිත් මිනිහා ගැනත් කල්පනා කරන්න. අපෙන් වැරැද්දක් උනාම හිතන දේවල් අනිත් කෙනා ගැනත් හිතන්න. (‘වැරදියි තමයි ඉතින්. ඒ වුනාට ඒක මහලොකු දෙයක් යැ. හරිගස්සන්න කරන්න ඕනෙ දේනෙ දැන් ඉතින් හිතන්න ඕනෙ.‘ වගේ දෙයක් තමයි ඩ්‍රැකියා වැරද්දක් කළාම ඩ්‍රැකියටම හිතෙන දේ.)
2. කරුණාවන්ත වෙන්න
කෙනෙක් නරකක් කරන විට ඒ මිනිහා ගැන කම්පා වෙලා, එයාට ඒකෙන් මිදෙන්න පිළියමක් කරන්න ඕනෙ වෙන හැඟීම තමයි කරුණාව. (උදා: එයාට මාව දකිනකොට කේන්තිය වැඩි වෙනවනම්, මම එයාට නොපෙනී ඉන්නව)
3. උපේක්ෂාසහගත වෙන්න
කෙනෙක් ගැන හෝ දෙයක් ගැන කැමතිවත්, අකමැතිවත් නොවී මැදහත්ව සිතන්න.
4. සිහිනොකර, මෙනෙහි නොකර ඉන්න
දෙයක් වුනහම මතකේ තියාගන්න එපා, ඒන නිතර නිතර මතක් කරන්නත් එපා.
5. කර්මයේ ස්වයංක්‍රීය බව ගැන සිතන්න
කෙනෙක් කළ කී නරක දේවලින් එයාට ඇති වෙන්නෙ නරක කර්මයක්. ඒක ගැන තමනුත් නරක දෙයක් කළොත්, කිව්වොත්, හිතුවොත්, තමන්ටත් ඇති වෙන්නෙ නරක කර්මයක් මයි. එහෙම නැතුව ඒ ගැන තමන් හොඳ දෙයක් කළොත්, (මෛත්‍රිය කිරීම වගේ දෙයක්) තමන්ට යහපත් කර්මයක් ඇති වෙනවා. ඒ ගැන මෙනෙහි කිරීමෙන් බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් වෙනවා.
🙏 🙏 🙏.... බොහොම ස්තූතියි ඩ්‍රැකීතුමෝ.
Deleteමේ කාරනා ටික ඉතා වැදගත්. මම මතක් කරගන්න දෙයක් තමයි බුදු හාමුදුරුවො කියලා තියෙන "Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned". ඒක ඉතාම effective මට නම්.
Delete🙏 🙏 🙏......
Delete'වෛරයයෙන් සිටීම හරියට රත්වෙච්ච ගිනිපුපුරක් අනෙකට දමා ගැසීමට තම අතේ තබා ගෙන සිටියා වැනියි', ඔව් ඒක සිහිකරගන්න පුළුවන් නම් කේන්ති ටිකක් හරි පාලනය කරගන්න ඒක ලොකු උදව්වක්.
කතා ටික ලස්සනයි. හැබැයි පලවෙනි කතාව හා අන්තිම කතාව ඕනෙවට වඩා dramatize කරලා වගේ නෙවෙයිද.
ReplyDeleteඅර උඩ 'ලාහෙට ගෙම්බො අහුරනවා' වගේ කියලා බලන්න එන අයට නමියා ශේප් එකේ ගෙම්බො කිව්වා නේද.
අන්තිම කතාව... ඒ ඇහැ අම්ම ළමයට දෙන කතාව මාංචු සඟරාවේ පළවුණු ඇත්ත කතාවක් Lotus. ඒක පොඩ්ඩක් ලාස්සනට ලියන්ට ට්‍රයි කරා කියවන අයට දැනෙන්ට කියලා හිට.
Deleteඅයියෝ... නැත නැත Lotusතුමී. ඔයා මාව හරි අමාරුවක නෙ දාන්නෙ ඒම කියලා 😄
++++++++++++
ReplyDeleteඇති යන්තං ප්‍රා.ජේතුමත් ආව
Deleteනමියා නියම සටහනක්. බිස්කට් කතාව නියමයි . අපිත් කලබලේට කොයි තරම් වැරදි නිගමන වලට එනවද ?
ReplyDeleteඕකට හොඳ උදාහරණයක් කියන්නද...
Deleteකොල්ලෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් තරහඋන නිසා කේන්තියෙන් කෝච්චියට අඩ තියන්න ගිහින්. කෝච්චිය ගොඩක් පරක්කු වෙලා. මේ යකා ටිකක් වෙලා බලන් ඉඳල ගෙදර ගිහින්
සිරා සීන් එකක්ද නමී😂😂
Deleteඔව් නවී...
Deleteසෝයි කතා ටික
ReplyDeleteටැංක්ස් වටුවා... 🙏
Deleteකතා 3ම කලින් අහල තියෙනවා.
ReplyDeleteඅපි ගොඩක් වෙලාවට අනිත් කෙනාගෙ පැත්ත ගැන නොදැන / නොහිත තීරණ ගන්න එක තමයි ඕකට හේතුව,
කලබලේට, හදිස්සියෙ කියන්නෙත් අපි අපේ පැත්ත, දේවල් දිහා අපි දකින විදියෙන් විතරක් තීරණ ගන්න යන එක.
හැමතිස්සෙම ඕනිම දේකට, ඕනිම ප්‍රශ්නයකට තවත් හේතු / ඒකට බලපාන අපි නොදන්න දේවල් තියෙනවා කියලා හිතුවම ප්‍රශ්නය තේරුම් ගන්න ලේසි, මිනිස් සම්බන්ධකම් උනත් අවුලක් නැතුව තියේවි. තරහ යන එකකුත් නෑ
ඔව් නවී... අපේ පැත්තෙන් විතරක් දේවල් දිහා බලද්දී තමා පුරස්න වැඩි
Deleteඒ කාලේ ඇනෝ කමෙන්ට් දැක්කම තද වෙලා එල්ලී එල්ලී යනවා. දැන් සත පහකට ගණන් ගන්නේ නෑ . (දැන් ඉතින් මේකේ ඉන්න බුවාලා ඇවිත් ඇනෝ ගහයි. 😄) කතා ටික (අන්තිම එක ඇරෙන්න ) ක්යවල තියනව. බ්ලොග් එකට දැමීම හොඳයි.
ReplyDeleteඅනෝලට සමහරවිට ඕනෙත් අජිත්බොසා... එල්ලි එල්ලී ඇවිදින් අවිස්සෙනවට නෙ.
Delete