තේරවිලි කවි

 මෙ පද තෝරාලා බලන් සකි.. නොහැකි උනොත් පහලින් උත්තර ඇත.



1)

මෙගොඩ ගොඩේ හඬලන්නේ

එගොඩ ගොඩේ බෙටි ලන්නේ

කොකා නිසයි පණ එන්නේ

කැලෑවකයි ගොරවන්නේ

 

2)

ගුලක් බලා රිංගනවා

ඒක ඇතුළෙ කැරකෙනවා

ගේදොර බඩු රැකදෙනවා

තේරුවොතින් පඩි දෙනවා

 

3)

නයා වගේ දාර අතේ

කොකා වගේ පාට ඇතේ

මහ මුහුදේ ගමන් යතේ

යන යන තැන හූ කියතේ

 

4)

නැකත් බලන්නට යන්නෙකි

මගුල් ඉලව් පින්කම් දන්නෙකි

වැඩිහිටි දෙගුරුන් පිලිගන්නෙකි

නාග ලොවින් ආ වැදගතෙකි

 

5)

දෑසක් ඇත පෙනුමකුත් නැත

දෙපා ඇති මුත් ගමනක් නම් නැත

බඩෙන් කෑවත් බඩ පිරුමක් නැත

තෝරා දුන්නොත් හෙප්පුවේ මෙය ඇත

 

6)

වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්

ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්

දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්

හැලියක් අරං වතුරත් මනිනවා දුටින්

 

 

1) තුවක්කුව

2) යතුර

3) හක් ගෙඩිය

4) බුලත්

5) ගිරය

6) රා මදින පොල් ගස

******


ගත්ත ණය තුරුස් ඇත ලොව හතර අතින්

කැබිනට්ටුවේ ඇත ඇමතියො බුරුත පිටින්

උන් රජ කෙරුවේ අපේ කර මතින් ගිහින්

වෙච්ච දේ කියන් අපෙ මේ රටට ඉතින්

31 comments:

  1. 1. නිමල් අයියා යන ට්‍රිප්.

    2. කොටු පනින ප්‍රසන්නයා

    3. අසංග රණසිංහ ආරච්චි

    4. නාග ලොවින් ආවනං ඉතිං ප්‍රසන්න තමා. නැකැත් බලන්ට යනවනං නිදිගෙ තාත්තා.

    5. ඌ නං නමිය ම තමා.

    6. ඔය කියන්නෙ නං සුරංගයගෙ පවුලෙ උදවිය ගැන. දුකක් නැතුව අඬන්නෙ උගෙ අඬන පුංචි.

    අන්තිම කවිය - සුරුස්!

    ReplyDelete
    Replies
    1. තේරීම නාකමත් නෑ...ඩැකිතුමාගෙ 😄😄

      Delete
    2. නා කමක් නෑ තමා
      ඩ්රැකී මහත්තයෝ, මං පොළඟා වගෙයි, හොඳේ. බලා ගනිමුකෝ!

      Delete
    3. න්னයි මදිවට පොළොංගුත්! හෆොයි!

      Delete
    4. 6. බස්තුමා නෙමෙයිද?

      Delete
    5. අලේ බස්තුමා ඒම නෑ ලේ.....

      Delete
    6. னாග ලොවින් ආපු னයා උඹට ඉලව් පින්කමක් සෙට් කරල තියෙන්නෙ ඩ්‍රැකියො. හැක්..

      Delete
  2. සමහර ඒවා හිතාගන්න ඇහැකි. ඒත් ඔක්කොම කලින් අහල තිබ්බෙ නෑ.🙏👌😊

    ReplyDelete
    Replies
    1. තවතිව්නා දැම්මෙ නෑ දිග වැඩි නිසා.. කොටන්නත් කම්මැලි බෂ්තුමෝ😊

      Delete
  3. ජන කවි පොතකවත් නොදුටිමි හමු නොවිණි
    අනුමානය හතර වෙනුවෙන් හරි ගියෙනී
    එකක් බේර ගත්තා කියලා සිතුණි
    නැතත් මොකෝ, රට යන්නේ රීම් එකෙනී

    ReplyDelete
  4. මේ කවිය නං නමී අන්තිම කවියටයි:

    කාගෙ කර පිටින් ආවත් රජ වෙයි නම්
    කාටවත් මොකද වෙන්නේ අමාරුකම්
    එන්නෙම කන්න ජරාව බඩ පැලෙනාකම්
    බැරිම තැනදි ඇත දෙරටක පුරවැසිකම්

    ReplyDelete
    Replies
    1. ටැංකිව් පිළිතුරු කයියට..........

      Delete
  5. http://transyl2014.blogspot.com/2022/03/sri-lankan-version.html

    ReplyDelete
  6. නමී, මේක බලල අහකලා හොයා දෙන්නකෝ කල්පිටියට ගිය ඒ ඇත්තෝ කවුද කියල. යන්නෙ හොඳ වැඩකටලු. ලක්ෂ පහක ආධාර බෙදන්න.... https://www.lankahotnews.net/2022/03/namal-denies-involvement-in-puttalam.html

    ReplyDelete
  7. ඒව මරු. ඒත් තෝරන්න දන්නැති එකයි අවුල. අහල වත් තියන එකක් නෑ. නැත්තං වැඩ්ඩ වෙන්න තිබ්බ 😂😂

    ReplyDelete
    Replies
    1. හ්ම්.... තොරන්ට දන්නෙ නැතිඋනාට කම්නෑ. කොයිද බෝ ගොහුන් හිටිඒ මෙච්චර දවස්.....

      Delete
  8. කලෙකින් තේරවිලි කවි ටිකක් දැක්කෙ ඕං

    ReplyDelete
  9. එකක්වත් විසඳන්න බැරි වුනා .
    --------
    වටේ පිටේ කාර් හැටයි
    කේක් ගෙඩිය නව රියනයි
    විස්කි බ්‍රැන්ඩි ජල ගැල්මයි
    රටට ණයයි අප්පොච්චියේ
    - මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ අජිත්, කොහෙන්ද අප්පේ හොයා ගත්තේ....

      Delete
    2. අජිත්තුමාම කියන්ටකෝ... උත්තරෙ

      Delete
    3. මඟුල් ගෙවල්, අපේ කොළඹ ආච්චි ගේ තේරවිල්ලක් ඒක

      Delete
    4. ඒක ආච්චිගේම තේරවිල්ලක් තමා...... හිතා ගන්ට බැරි උනා. ගෙස් කොලේ නාමල් බේබිගෙ වැඩක්වත්ද කියල😆

      Delete

Popular Posts

Followers List

Contact Form

Name

Email *

Message *

Translate

Maathalange Sindiya

Sandhakadapahana

Weediye Sindiya

syndi365