තරු කැට....


ආකාසේ නිල් තරු කැට

පියාඹලා මහ පොළොවට

සේපාලිකා මල් ගහ උඩ

දිලිසෙනවා කදිම රුවට


මාල පොටක් පොඩි නංගිට

හදා දෙන්න පුළුවනි මට

නූල් පටක් අරන් අතට

හෙමින් ගියා ගහ ගාවට


සර සර ගා එක රෑනට

ඉගිල්ලුණා නිල් තරු කැට

කණාමැදිරියනි ආයෙත්

සමාවෙලා එන්න බිමට


රත්න ශ්‍රී විජේසිංහගේ සැළලිහිණියෝ පොතෙන් උපුටාගෙන තුන්වන ශ්‍රේණිය පොතෙහි පල වූ කවිය

24 comments:

  1. අපූරු චිත්‍රයක් මවන කවියක්! ඉතාම සරල වචන කිහිපයකින් එය ඇඳීම තමා අපූරුව!

    ReplyDelete
    Replies
    1. කවියන්ගෙ හපන්කම් නෙව Litseeker.....

      Delete
  2. "වන බඹරෝ ඔහොම හිටූ" මොඩලයේ කවියක්!

    ReplyDelete
  3. කවි ටිකයි මල් හතයි. ඒකටම ගැලපෙන ලස්සන චිත්‍රය. කොහෙන්ද ඒ ලස්සන හොයා ගත්තෙ? සරල කවියක් වුනත් දෙන්නෙ ප්‍රභල හැඟීමක්.

    නිසාචර පක්සියෙක් වුනත්, කට්ට කලු රාත්‍රිය මගේ හිතේ ඇති කරන්නෙ බයක්.
    ඒත් කණාමැදිරියො සහ ආලේකමත් වූ කුඩා නිවහන්, ඒ චිත්‍රයට ආවම, ඒ හැඟීම වෙනස් වෙනවා. එතකොට එන්නෙ නොස්ටැල්ජියාව මුසුවූ සුන්දර හැඟීමක්. 🙏👌😊

    ReplyDelete
    Replies
    1. හැලිලා! කොහෙන්ද ඒ ලස්සන චිත්‍රය හොයා ගත්තෙ?

      Delete
    2. ඇයි බශ්පෝ කීවේ තුන්වන ශ්‍රේණිය පොතෙහි පල වූ කවියක් කියල... එ පොතේ digital එකින් උපුටගත්තෙ........

      Delete
    3. හ්ම්....තව මේ වගේ ලස්සන චිත්‍ර ඒ පොත් තියේ නං දාහං. ඒ චිත්‍රවල අමුතුම ලස්සනක් තියනවා.

      https://www.yamu.lk/trending/rathna-sri-wijesinghe-lyrics-stories-ii/

      Delete
    4. බස්තුමාත් තරුවක් තමයි ඉතිං

      Delete
    5. එහෙම.. එහෙමයි Pra Jay😄

      Delete
    6. තරුවක්? හ්ම්... ඔව් නිවි නිවි පත්තුවෙනවා සමහර වෙලාවට(ටියුබ් ලයිට්)🤔

      Delete
    7. හෙහ්... හෙ. ටියුබ්ලයිට් ගති ඉටීම් කාටත් තියේනෙ බෂ් 😄

      Delete
  4. කෝ මගෙ හිත කොහෙද ගියේ
    හිර වීලා ළමා වියේ
    එන්න එපා මෙහෙ ආයේ
    ඉන්න මගේ සොඳුරු වියේ!

    ReplyDelete
    Replies
    1. හහ්... හා.. සොඳුරු අතීතයෙ නිමල පැතුම වගේ

      Delete
  5. පට්ට කවිය
    පුංචි ඩ්රැක්ට
    පංකාදුය
    ඉස්කෝලෙට

    ReplyDelete
    Replies
    1. හිටු ළඟදීම පොත බොටයි, බෂ්ටයි එවන්ටම්.......

      Delete
    2. සාදු සාදු සා!🙏👌😊

      Delete
  6. සරලයි, ලස්සනයි

    ReplyDelete
  7. මමත් රැවටුනා ඇත්තම නිල් කැට කියලා. ලස්සනයි ඒ කවිය.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙ. කියෝන ගමනින් පොඩි සන්දියට ගියාවත්ද..
      රත්න ශ්‍රී ගෙ කවියක් නෙව

      Delete

Popular Posts

Followers List

Contact Form

Name

Email *

Message *

Translate

Maathalange Sindiya

Sandhakadapahana

Weediye Sindiya

syndi365