ආකාසේ නිල් තරු කැට
පියාඹලා මහ පොළොවට
සේපාලිකා මල් ගහ උඩ
දිලිසෙනවා කදිම රුවට
මාල පොටක් පොඩි නංගිට
හදා දෙන්න පුළුවනි මට
නූල් පටක් අරන් අතට
හෙමින් ගියා ගහ ගාවට
සර සර ගා එක රෑනට
ඉගිල්ලුණා නිල් තරු කැට
කණාමැදිරියනි ආයෙත්
සමාවෙලා එන්න බිමට
රත්න ශ්‍රී විජේසිංහගේ සැළලිහිණියෝ පොතෙන් උපුටාගෙන තුන්වන ශ්‍රේණිය පොතෙහි පල වූ කවිය
අපූරු චිත්‍රයක් මවන කවියක්! ඉතාම සරල වචන කිහිපයකින් එය ඇඳීම තමා අපූරුව!
ReplyDeleteකවියන්ගෙ හපන්කම් නෙව Litseeker.....
Delete"වන බඹරෝ ඔහොම හිටූ" මොඩලයේ කවියක්!
ReplyDeleteඔව් තට්ටයතුමෝ...
Deleteකවි ටිකයි මල් හතයි. ඒකටම ගැලපෙන ලස්සන චිත්‍රය. කොහෙන්ද ඒ ලස්සන හොයා ගත්තෙ? සරල කවියක් වුනත් දෙන්නෙ ප්‍රභල හැඟීමක්.
ReplyDeleteනිසාචර පක්සියෙක් වුනත්, කට්ට කලු රාත්‍රිය මගේ හිතේ ඇති කරන්නෙ බයක්.
ඒත් කණාමැදිරියො සහ ආලේකමත් වූ කුඩා නිවහන්, ඒ චිත්‍රයට ආවම, ඒ හැඟීම වෙනස් වෙනවා. එතකොට එන්නෙ නොස්ටැල්ජියාව මුසුවූ සුන්දර හැඟීමක්. 🙏👌😊
හැලිලා! කොහෙන්ද ඒ ලස්සන චිත්‍රය හොයා ගත්තෙ?
Deleteඇයි බශ්පෝ කීවේ තුන්වන ශ්‍රේණිය පොතෙහි පල වූ කවියක් කියල... එ පොතේ digital එකින් උපුටගත්තෙ........
Deleteහ්ම්....තව මේ වගේ ලස්සන චිත්‍ර ඒ පොත් තියේ නං දාහං. ඒ චිත්රවල අමුතුම ලස්සනක් තියනවා.
Deletehttps://www.yamu.lk/trending/rathna-sri-wijesinghe-lyrics-stories-ii/
හොඳා හොඳා...... බෂ්
Deleteබස්තුමාත් තරුවක් තමයි ඉතිං
Deleteඑහෙම.. එහෙමයි Pra Jay😄
Deleteතරුවක්? හ්ම්... ඔව් නිවි නිවි පත්තුවෙනවා සමහර වෙලාවට(ටියුබ් ලයිට්)🤔
Deleteහෙහ්... හෙ. ටියුබ්ලයිට් ගති ඉටීම් කාටත් තියේනෙ බෂ් 😄
Deleteකෝ මගෙ හිත කොහෙද ගියේ
ReplyDeleteහිර වීලා ළමා වියේ
එන්න එපා මෙහෙ ආයේ
ඉන්න මගේ සොඳුරු වියේ!
හහ්... හා.. සොඳුරු අතීතයෙ නිමල පැතුම වගේ
Deleteපට්ට කවිය
ReplyDeleteපුංචි ඩ්රැක්ට
පංකාදුය
ඉස්කෝලෙට
හිටු ළඟදීම පොත බොටයි, බෂ්ටයි එවන්ටම්.......
Deleteසාදු සාදු සා!🙏👌😊
Deleteහෙහ් හෙ.......... 😄😄😄
Deleteසරලයි, ලස්සනයි
ReplyDeleteහ්ම්.. ඒමයි Ajithතුමෝ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් රැවටුනා ඇත්තම නිල් කැට කියලා. ලස්සනයි ඒ කවිය.
ReplyDeleteහෙහ්..හෙ. කියෝන ගමනින් පොඩි සන්දියට ගියාවත්ද..
Deleteරත්න ශ්‍රී ගෙ කවියක් නෙව