සිංදු, music video, කලාව, මාධ්‍ය, සංයමය..

ලයිට් කපපු දවසක මේ ටික අහම්බෙන් දකින්ට, අහන්ට හම්බුනා යු බටෙන්... Dongle ඒකයි, lapටයි පිංසිදු වෙන්ට. ලයිට් නෑ කියල ඇඟේ ලේ රත් කොරාන හරියනවෑ.. ඔන්න එයින් ටිකක් ඔහෙලටත් බලාගන්න පල්ලෙන් හලං යන්නං හොදේ.   ඔය බෂ්ශත් video දෙක, තුන දාන්නෙ.

ඔන්න පිළිවෙලට යන්ඈ...



අද තාරුණ්‍යයට.. කොල්ලන්ට, කෙල්ලන්ට මේවා මගෑරෙන එක මාර අපරාදයක්.. Pankaj Udhasගෙ මේ සිංදුව පපුවටම වදින ආදර සින්දුවක්. ගසල් එකක්. සිංදු කිව්වම ඉතින් වැඩි හරියක් ආදර හෝ විරහ ගීත නෙව කොහොමත්. හැබැයි හොටු පෙරාන, යදින... අද කාලේ වගේ වැලලෙන, ජනප්‍රිය සංස්කෘතිය තාලේ එකක් නෙවේ. සරල රූප රචනයක් උනත් කොහොමද කරන්නෙ කියල තේරුම් ගන්න හොඳ music video එකක්. කෙල්ලක් දැක්කම කෝමහරි අයිතිකරගන්න හදන එක වෙනුවට, ඇයගෙ අවට රැකවල් අල්ලමින්, වාත නොවන විදිහට ආදරේ - විරහ විඳගන්න හැටි එදා යුගය දැනන් හිටිය. බලහත්කාරකම් කරන, අයිතිකරගන්නම වලි කන අසහනයක් නැතිව.

අද පිහියෙන්, පොරොවෙන් අයිතිකරගන්න හදන්නෙ මේ ඉවසීම, හික්මීම, සංයමය නැති හින්ද නේද. අද සයිවර් මාධයෙන්, කලාවෙන් කරන්නෙත් ඒවාට පොර දමා සංවර්ධනය කරල..... මොකක් හරි වෙච්චි ගමනෙ breaking news ගසා ඒකත් විකුනං කන ජඩ ව්‍යාපාරයක් නෙව.

* * * * * * * * * * * *

මේ ගායිකාවගෙ හඬ ඉන්දියාවට මිස් වෙච්ච එකක්. අයගෙ නම Falguni Pathak. වැලි කඩදහියකින් මැදපු තරම් එන සිනිඳු ගතියක් තියෙන්නෙ... ඒ හඬේ. ලංකාවේ නම් මෙහෙම කටහඬකට උදාහරණ දක්වන්න පුලුහං දීපිකා පියදර්ශනීව.

ඇයගෙ හැම ගීතයක්ම හඬ වගේම ලස්සනයි. මේකනම් වෙන විදිහකට අහලත් ඇති... කස්ටිය. Music video එකත් සරලයි. හිතට වදිනව.



* * * * * * * * * * * *

සිංදුවකට හෝ වේවා රූප රචනයක්/ visual එකක් කරන්නෙ කොහොමද කියන එක මේ video එකෙන් කොහොමද කියල හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අද තියෙන සම හරක් ඒවාට වඩා... ලස්සන, සරල concept එකක් එක්ක මේ videoව හරි අපූරුවට නිර්මාණය වෙලා තියෙනව... අදට වඩා තාක්ෂණය අඩු එදා උනත්. ශ්‍රියාගේ කටහඬ දිවයලෝකෙන් ඇහෙනව වගේ... ඒතරම් මිහිරී. සුල්තාන්ගෙත් ඒ වගේමයි.



* * * * * * * * * * * *

හිරිමල් ආදර හැඟුම්.. nostalgiaවක්



සිසුවියකට තමන්ගෙ හිරිමල් ආදර හැඟුම් ඇතිවෙන්නෙ තම ගුරුවරයා වෙත... මේ ඉඟි බිඟි තේරුම් ගන්න ගුරුවරයා ඒවාට  අවසරයක් දෙන්නෙත් නෑ.. ඒ හැඟීම් තලා පොඩි කරන හිතක්ද නෑ... ගුරුවරයා පවා ඉන්නෙ තාරුණ්‍යය අග්ගිස්සෙ.

ඒ ගැන අපූරුවට නිර්මාණය වුනු සුපිරි music video එකක්... 1991 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. අති සරල දේවල් එක්ක දැනෙන රූප රචනයක් කරන්නෙ කොහොමද කියල පෙන්නල දෙනවා. වැඩි සංකේත භාවිතාවක් එක්ක කරන රූප පෙළහර හිතාගන්න බෑ. කළු සුදු බව තවත් එය තිව්ර කරනවා. අද මෙහෙම රූප රචනයක් ලංකාවෙ තියා ඉන්දියාවෙත් තියේ ද මන්ද.


______________________

පහසුකම්, තාක්ෂණය තිව්නත් හොඳ නිර්මාණකරුවෝ, නිර්මාණ නැති කොට හොඳ ප්‍රේක්ෂක/ රසික පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ... ඒ අතරේ නිලීන ජාන වලින් උපදින ඔත්පළ කලා- මාධ්‍ය ඇසුරේ වැඩෙන යෞවන පරපුර ගැන මහා ලොකු බලාපොරොත්තු තියා ගන්නත් බැහැ.

ඒ නිසා පිහියෙන්, පොරොවෙන්, ඇසිඩ් කුප්පියෙන්  ආදරේ හිමිකම හොයන යෞවන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ කතා අහන්න, දකින්න නිතරම අපට ලැබේවි.

ඒ අතර... කලාරසයක්, රසඤතාවකිනුත් පිරිහුණු සංයමයක් නැති වැඩිහිටි පරපුර මේ ගිනියම් වෙන, මාධයෙනුත් හොඳ හැටි අවුළුවන, ආර්ථික අසහනෙන් ඉන්න කාලෙ තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ හිට මරා ගන්න බැරි කමකුත් නෑ. ඒක එච්චර දෙයක් නෙවේ. මොකද කොහෙන් හරි ආවේග පිට වෙන්නත් එපෑ.

25 comments:

  1. එකක් ඇහුවා . පස්සේ එන්නම් ඉතිරි ටික බලන්න.

    ReplyDelete
  2. ඉක්මනට කියවලා යතහැකිය කියලයි ආවේ. බෑ නෙව. අම්මලා එක්ක බලන්ගොඩ ගොහිං ඇවිත් බලන්නන්.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ හතරම බැලුවා. හත් දෙයියනේ, විනාඩි විස්සක් විතර ගිහින්. නමී, කොහොමද අප්පේ මෙච්චර සුපිරි සිංදු ටිකක් මතක තියාගෙන හිටියේ. හතරවෙනි ගීතය නං එච්චරට මාව සසල කළේ නෑ මුල් ගී තුනම එකකට එකක් දෙවෙනි නෑ!

      හැඟුම් අවුස්සන හැටි සංයමයෙන් යුතුව
      නවමු ලෙස මවයි විනීත බව ඇතිව
      නිවයි, තවයි, පුබුදයි ආදර භාව
      විඳිමි තාම ඉපදුණු සුන්දරතාව!

      නමී, ඔයා මේ ගී නරඹමින් post එක ලියු විත්තිය තමයි අකුරු අස්සේ හැංගිලා තියෙන්නේ!

      Delete
  3. හැම එකම ටික ටික බැලුවා. විවේකයෙන් බලන්න ඕනෑ හෙමිහිට.

    ReplyDelete
    Replies
    1. හොඳා.. නිස්කාන්සුවේ බලන්ටකෝ Litseeker

      Delete
  4. හැක්, ඔය බැෂ්ෂත් video දෙක, තුන දාන්නෙ? ඒ වංගියෙ තෝත් පට්ටාං ගත්තද වංචාව? අර පලවෙනි එක, අපේ දිහාට දෙන්න බෑ කියනවා. නම හරි, ලින්ක් එක හරි දියං

    ReplyDelete
    Replies
    1. ඒම තමා ලේෂි දේ ඉගෙනගන්ට ඕන😄😄... Pankaj Udhas - Chandi Jaisa Rang. ලිංකුව මේලට එවන්ටම්.

      Delete
  5. හැම එකම ටික ටික බැලුවා. විවේකයෙන් බලන්න ඕනෑ හෙමිහිට X 2

    ReplyDelete
    Replies
    1. හොඳා.. නිස්කාන්සුවේ බලන්ටකෝ X 2

      Delete
  6. වීඩියෝ ටික පස්සෙ හෙමීට බලන්නං.
    දැන් ඉන්දියන් මියුසික් ටීවී චැනල් වලින් පේන විදියට හින්දි සිනමාවට වැඩිය දමිළ සිනමාව සෑහෙන්න ඉස්සරහින් වගේ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒවානම් දන්නෙ නෑ පෂා ඒත් මලයාලම් සිනමාව කලාත්මකබව, නිර්මානාත්මක තිර පිටපත් අතින් අනෙක්වට වඩා ඉදිරියෙන් ඉන්නවා.....

      Delete
  7. මට කතා, චිත්‍ර, මූර්ති, නාට්‍ය, චිත්‍රපටි වගේ කලා මාධ්‍ය රසවිදින්න පුලුවන් වුනාට. සින්දු එකක් දෙකක් හැර රසඤතාවක් නෑනෙ. මාර වැඩේ. විස්තර ඇතුව කිව්වොත් මට ප්‍රබන්ධ පොත් කියවන්නෙ නැතුව ජීවත් වෙන්න බෑ, කවුරුහරි කිව්වොත් මට කවදාවත් මූවි බලන්න බැරි වෙයි කියල මට අමාරුවෙයි, චිත්‍ර බලන්න බැරිවෙයි කිව්වොත් මට දුක හිතෙයි. ඒත් මට ආයිත් කවදාවත් සින්දුවක් අහන්න නොලැබෙයි කිව්වොත් මට ප්‍රශ්නයක් නෑ. මම දන්නව මම අමුතුයි කියල. හුගක්ම පිස්සුද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇහුහම මට පිස්ෂු වාගේ..
      අපි උපදිනකොට පවා විඤ්ඤාණයේ, මනසේ රැඳිලා තියෙන දෙයක් තමා සංගීතය, රිද්ම රටාවන්. බඩේ ඉඳල එනව. මවගෙ හෘදස්පන්ධනය පවා අතදරු බිලිඳට සංගීතයක්....
      music therapy පවා තියේ නෙ

      Delete
    2. ඒක තමා. මාත් අහල තියනව මියුසික් ගැන කියන ඒවා. මටත් ඉතින් ඇහුනොත් සමහර ඒවා රස වින්දෑකි. ඒත් ඕනෙ වෙන්නෙ නෑ. හොයන් යන්නෙ නෑ

      Delete
  8. https://www.youtube.com/watch?v=C8WCeSEj_kE

    ReplyDelete
  9. https://www.youtube.com/watch?v=KYg6gMn1cy8

    ReplyDelete
  10. https://drackey.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගියා. කියෙව්වා.....
      නිවීහැනහිල්ලෙ ආයේ කියවන්න ඕන බම් ඒක. ඒකට පහුව එන්ට්ම්

      Delete
  11. හත්වලාමයි... සුනීතා රාඕ ගේ සින්දුව එහෙම එකක් ගැන නෙවෙයි කියන්නේ.....

    අනිත් සින්දු නම් මම නිතර අහන ඒවා.. මරු මරු

    ReplyDelete
    Replies
    1. එහෙනම් මක්ක ගැනයි කියන්නෙ. බැලුහ ඉංගිරිසි ට්‍රාන්ස්ලෑට් එකත් ඒ විදිහට නොවැ තියෙන්ටේ.

      Delete
  12. ලස්සන සරල සින්දු. රස වින්දා. බොහොම ස්තුතියි.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්