මේ ටිකේ...

අදත් වැස්ස... මේ දවස් ටිකේ ඉතීම් වැස්ස තමයි. ඊයේ හවස යාලුවෙක්ගෙ studio එකකට පොඩ්ඩක් ගෙහුං එන්ට ගියා. ගිහින් ඉන්නකොට ඌ අහපි... ඉස්සරහට ඉතින් මොකෝ වෙන්නෙ කියල.

මං රනිල් රාජපස්සද, නැත්තං ජ්‍යෝතිෂ්‍යකාරයෙක්ද... රටේ ඉස්සරාට වෙන විගඩන්, නාඩගං ටික කලින් දැනගන්න. හුම්. වැහි කළුවක් ආව. කාලගුණය මේ තියෙනවා... මේ වෙනස් වෙනව. හරියට මොකක් වෙයිද කියල හිතා ගන්න බෑ.

මං... ඌයි තා එකෙක් එක්කයි දන්හිල් එකකුත් ගහල කාරිය එන්ට ආව. අද රෑ කඩේ යද්දිත් පොඩි වැහි mood එකක් තිව්න. දවස් පඩි කාරයො... බාර් එක ගාව. බියර් ගන්නවා, වඩේ කනවා... මත් වෙච්ච අස්සෙ ඉතුරු සල්ලි හරිදත් බලනවා. පව් ඉතීම් අසරණ ජීවිත. මං නම් බොන්නෙ නෑ........ බියර්. ගෑස්ටික් එක නිසා බියර් ටිකක් අමාරුයි. අනිත් ඒවා... හි..හ්හි. සිගරට් උනත් ඇඟට හොඳ නෑ නෙ. ඒ නිසා මං මේ ටිකේ දන්හිල්. තව පොඩ්ඩෙන් රු100ක ආසන්නයට වැටයූ දන්හිල් එක තෙමෙනවා. ඒත් ලොකු අවුලක් නෑ... මොකද තාම රු 8ට ගත්ත ගිණිපෙට්ටියක් නෙ තියෙන්නෙ. 40හේ ගිණිපෙට්ටියත් අවුලක් නෑ ඉතීම්... මොකද IMF ණය හම්බවෙන සීන් එකක් තියෙන්නෙ.

පොද වැස්සෙ යනකොට, අඳුරන වැඩිහිටියෙක් කියාපි... කුඩයක් අරං යන්න. වැඩේ කියන්නෙ උන්ද කුඩයක් ගෙනල්ලත් නෑ. මේ පොඩි දුරට මොන කුඩද.. ඕව උස්සන් යන්න බෑ.... මං කියල දැම්ම.

ඊයෙ හවස ලොකු වැඩක් නැති හන්ද blog පැත්තට ගියා. නිදිගෙ පංචතන්තරේ නිදියි, ඩ්‍රැකීගෙ අඩවියේ ඩ්‍රැකීයි post දෙකක් දාල... ෆිලුමක් ගැන. ඒවත් කියවන්න එපෑ ඉතීම්.

නිදියත්... ලියන්න ඕනෙනම් ලියපං තනියෙම. තව කවුරුවත් මොකටද. අනික ඩ්‍රැකීය ෆිලුම් ගැන ලියන එක අඩුකරලත් තිවනෙ....... මේක දිගටම යයිද. ඒම උනොත් මට තමා කෙල වෙන්නෙ. මගේ ෆිලුම් post ලෙප්ට්. කෝකටත් හොඳ මූණ දාගෙන ගෙහුං කමෙන්ට් කරා... නැත්තං වැඩේ මාට්ටු නෙව. මොක උනත් මයෙ blog බලන්න එන ඈයො ඉන්නෙත් කීයෙන් කී දෙනාද. එයිනුත් මිනිස් පරාණ ඊට අඩුයි. වැම්පයර් කියයි, බස්සො කියයි. ඇයි නයි. Pra Jay... ඒ යෝදය, තල තිස් එකෙන් මොකට අයිති වෙනවද කියල දෙයියො තමයි දන්නෙ. ලඟදි bra එකකුත්... බලන වගක් නම් දැනුණ හිට.

ඔන්න ඉතීම් මොක උනත් Thirteen Lives (2022) ෆිලුම බාගෙන බැලුව. මුන් නම් කියයි. මං එපෑ ඩේට කපන් බාගන්න. ඒ අස්සෙ මැසේජ් එනවා දිගට හරහට.... වෙන කාගෙන්ද, දුරකථන සේවා සපයන්නන්ගෙන්. පහසුකම් හා සේවා ගාස්තු වැඩි කරාය කියල හිට... රජයේ අණ පරිදි. අනෙ අම්මප. කම් නෑ. කම් නෑ... phone එකේ contact list එකේ පතුළ නොපෙනුනාට... සම්බන්ධතා තියන් ඉන්න කීයෙන් කී දෙනාද. උන් ටිකත් හලලා... net යන ඒකත් නවත්තලා... සිම් එකයි, රවුටරෙයි ජාතියේ නාමෙන් කුණු කූඩෙට දානවා. මොකද IMF ණය හම්බවෙන සීන් එකක්නෙ තියෙන්නෙ.

කඩේ ගෙහුං එනකොට කෙල්ලෙක් පාන් ගෙඩියක් සොපින් එකේ දාන්... උජාරුවට යන ලස්සන. හුම්ඃ... මං බලයි ඔය ලොකුකම්. අර ඌරුවරිගේ වන්නිල ඇත්තන්, නොදියුණු ජාතියක් ද තාම ?

28 comments:

  1. ඕක තමා ඉතින් ලයිෆ් කියන්නේ බොක්කෙන්ම

    ReplyDelete
    Replies
    1. ලයිෆ් කියද්දි කතාවක් මතක් උනා අජිත්තුමෝ. මේක ඉන්දියන් කතාවක්. සමාරවිට අහලත් ඇති.
      එක සුද්දෙක් තාපසයෙක් (භාවනායෝගියෙක්) හම්බෙන්න යනවා. හම්බෙලා අහනවා 'මේ ජීවිතේ කියන්නෙ මොකක්ද' කියල. අර තාපසය පොඩ්ඩක් ඉන්න කියනවා. තව මිනිස්සුත් ඇවිල්ල ඉන්නවා. ඔය අතරෙ පළාතේ මහ ඇමැතිත් එනවා අර තාපසයව බැහැදකින්න. එතකොට මිනිස්සු ආපු කාරණෙත් අමතක වෙලා ටක්ගාල ඇමති ගාවට දුවල ගිහින් උන්නැහේව වට කරගන්නවා. එතකොට තව්ස සුද්දට කතා කරලා කියනවා 'මේක තමා ජීවිතේ' කියල

      Delete
  2. ජල බිල වැඩිවෙලා ඇවිදින් හමාරය
    වැඩිවුණු විදුලි බිල තාමත් විත් නැතිය
    ටෙලිකොම් බිලත් නැංවෙයි සැකයක් නැතිය
    පාන් නැතිව කේක් කන්න කල හරිය!

    ReplyDelete
    Replies
    1. කේක් හදන්නත් කිකිළි බිත්තර දෙන්නෙ නැති ශීන් එකක් තියෙන්නෙ.... නිදි😂
      ටැංකිව් කයියට

      Delete
  3. පාන් ගෙඩියක් හිමි පුතණුවන්ට ට වගේ ඒවත් එකතු කරන්න වේවි නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඉදිරියේ දී ඒවා විතරක් නෙවෙ තව තව එව්වා එකතු කොරන්න වෙයි හිටං
      ආවට ටැංකිව් Maliniතුමී

      Delete
  4. ගුණදාස අමරසේකර මහත්තයා වැස්ස ගැන ලියපු කවිය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හුම්... ඒමද Litseeker. උන්ද ගැන ගොඩක් දේවල් අහල තිව්නට උන්ද ලියපු කිෂි දෙයක් මංවහන්දෑ කියෝලා නෑ නෙ

      Delete
  5. මේ තියෙන්නේ නියම සීතල කාලගුනයක් නේ.. හවහට සීතල යන්ඩත් එක්කා උනුසුම් පානයක් සරීර ගත කරලා ඩ්‍රැකියානිත් එක්ක පොරයක් අල්ලලා ඉන්ඩ තරාම් සතුටක් වෙන කොයින්ඩ නමියෝ..
    හැබැයි සීතල වැඩිඋනොත් තමා පස්නේ..මොකදැ අපේ ලොකු මහ එකා අර අලකොමි ඩ්‍රැකියාට උනාවාගේ සීතලට ලේ ගල්වෙච්චි උන්ව බුදින්ට බෑ නේ..

    ReplyDelete
    Replies
    1. හුම්... ශීතලත් පශ්නයක්ද ආයිබොවන්ඩ. සාලේ මැද්දෙ ගිහි ගොඩක් ගහපන්කෝ හිට 😂

      Delete
  6. දැං එතකොට බොලා අර පාං ගෙඩිය අරං යන කෙල්ල දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ කියල අපි පිලිගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෙ..හ්හෙ. කවදාවත් කවදාවත් නෑ. හැබැයි මෙහෙමයි.... පෂා

      Delete
    2. වෙනරබල් තතන වගේ ඇස් දෙකෙංම

      Delete
  7. ඒ වගේ synchronized posts නිදී හා ඩ්‍රැකී දානකොට නමියත් එකතුවුනාම හරිනෙ සමකෝණී ත්‍රිකෝණයක් වගේ.

    'රනිල් රාජපස්ස'??' ඒ මනුස්සයා කොයි තරම් නඩු ගානක් දැම්මද රාජපස්සලට. ඔහොම නම් දාන එක හරිද.

    ReplyDelete
    Replies
    1. ඕන ත්‍රිකෝණය Lotus. බර්මියුඩා තිරිකෝනෙ නොවී😂
      ඒකත් ඇත්ත නෙව... ඒම බැලුහොත් සනිල් කියන්නෙත් තනි අර ගල කරුවෙක්

      Delete
  8. පුළුවන් නම් තවත් මේ වගේ කථා ලියන්න.

    ReplyDelete
    Replies
    1. හුම්.... බල්මුකො නේ ඉදිරියට

      Delete
  9. බ්ලොග්වලට එන්ඩ බැරි උනා, පෞද්ගලික ප්‍රශ්න කීපයක් නිසා. ඒ උනාට මේකට කමෙන්ට් කරන්ඩ ම උවමනා නිසා ආවා.

    ඔය තියෙන්නෙ, ලියන්ඩ දෙයක් ඇත්තෙ ම නැත්තං, රජ වංචා පෝස්ට් එකකට වඩා මෙහෙම එකක් හරි ලියන එක වටිනව.

    කොහොමත්, කමෙන්ට් කරන්ඩ නං පෝස්ට් එක කියවන්ඩ ම ඔ්නෙ නෑ කියල ප්‍රා ජේ කියල තියෙනව.

    හැබැයි, අර මෙන්ඩ ගැන කියල තියෙන එක ට නං මම ඉන්තේරුවෙම්ම විරුද්ධයි. මොකද, මෙන්ඩ බ්ලොග්වල සැරි සරන්ඩ පටං ගන්න කාලෙ, උඹ ඉපදිලවත් නෑ. (බොට වයස අවුරුදු 9යි නං) ඔ්කා, අලුත් තැනක රස්සවට යනවය, ඒ නිසා කමෙන්ට් කරන්ඩ එන්ඩ වෙන් නෑ ය කියලා අපිට කෝල් කරලත් ඇපොලොජයිස් කරපු සිරා බුවෙක්. මං උන්දැගෙ පොඩි මෙන්ඩ වෙනුවෙන් ම ලියාපු පෝස්ට් තියෙනව. මේ පහල තියෙන්නෙ යාං හෑල්ලෙ සුරංග මෙන්ඩගෙ දෙවෙනි පුතා ට ලියපු පෝස්ට් එකක්...

    http://yanhella.blogspot.com/2019/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරන්නම ආව හන්දම... ගොඩක්ම ටැංකිව් ඩ්‍රැකීතුමෝ.
      ලියන්ඩ දේවල් නැතුව නෙමේ ඩ්‍රැකී. ලියවෙන්නේ නැති කමයි අවුල.
      රජ වංචා post. එහෙම post එකක් තියෙනව නම් තියෙන්නෙ POWER CUT post එක විතරයි. ස්පීඩ් ගෙස් කෙරිලි post එක උනත් දැම්මේ එක සිදුවීමක් නිසා. ඒ උන්ද හදිසි තීරණ ගන්න ගෙහුං තා පොඩ්ඩෙන් යන්නෙ පොලෝසි. ඒක හේතුබූත වෙලා තමා ඒ පොටෝ ටික දැවේ.
      ඕනෙනං post එක නොකියවා කමෙන්ට් කරන්න පුලුහං තමා. ඒක කියවන්නාගෙ අයිතිය නෙව. හැබැයි කියෙව්වා කියල පෙන්නන්න post එකේ කෑල්ලකට සෙට් වෙන විදිහට කොමෙන්ට් කරන එක නම්... තමාවම රවටා ගැනීමක්. ඒ අතින් ප්‍රා ජේ ගෙ වැට වගේ වැටක් කොපි කොල්ල අරං ගහන එක ඊට වඩා නම්බුයි. (මං කීවේ ප්‍රා.ජේ post කියවන්නෙ නෑ කියල නෙවෙ හොඳේ)
      ඔව් ඩ්‍රැක්ස්... මං තාම blogවල ළදරුවෙක් තමා. තාම වැඩි වයසකුත් නෑ නෙව.... 😂
      එල ද බ්‍රා මෙන්ඩා. නමෙත් ඒ කෑල්ල තිවන නිසා පොස්ටුවට දැම්මා මිසක එයයිට අපහාසයකට දැම්මේ නෑ එහෙම.... ඉන්තේරුවටම.
      ඒත් නොහිතා හෝ වැරැද්දක් උනානම්.... සමාව භජනය කරමි.🙏🙏🙏

      Delete
    2. නෑ නෑ... කිසිම සමාවක් ඉල්ලන්ඩ හේතුවක් නෑ. මෙව්ව කාටවත් අයිති බූදල් නෙමෙයි. මට අර වගේ කියමනක් කියන්ඩ තියෙන අයිතියට ම සමානයි, බොටත් තියෙන අයිතිය.

      Delete
  10. ලඟදි bra එකකුත්... බලන වගක් නම් දැනුණ හිට.
    adoooooooooo...mama ube parna commenter kenk

    ReplyDelete
    Replies
    1. හරි හරි... පොඩි මිස්කේට් එකක් වෙන්ට ඇති මෙන්ඩතුමෝ 😂

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්