රිච්මන්ඩ් විදුහලේ අපගේ පන්ති
භාර ආචාර්යවර ඩබ්ලියු. එස්. බණ්ඩාර මහතා,
එතුමන් විසින් පාසල් වියේදී ලියන ලද රබින්ද්‍රනාත් තාගෝර්
චරිතයේ අත් පිටපත මවෙත දුන්නේ,
එය මගේ අත් අකුරින් යළි ලියවා ගැනීමටය. ඒ, මගේ අත් අකුරු හොඳ නිසාත්,
එවක වසර 20 කට වඩා ගතව තිබූ නිසා
ගුරුතුමන්ගේ මුල් පිටපත යම් දිරාපත් වන ස්වභාවයක තිබුණු නිසාත්ය. කිසිදු තොරතුරු
තාක්ෂණයක් නොතිබුණු 1976 දී පමණ මේ කෘතියෙන් මා ලැබූ
මිහිර, ආභාෂය,
දැනුවත් වීම මේ අදත් නැවුම්ව සිහිපත් වේ. එහෙත් එම කෘතිය කිසිදා
මුද්‍රණය නොවුණු අතර ඒ ගැන විමසූ විට ගුරුතුමා කියා සිටියේ 'මං ඒ දෙකම විසි කරල දැම්ම'
යනුවෙනි. පුදුමය නම් ගුරුතුමාට 70 පැන්න පසු යටගියාවේ යටගිය තැන්
(2007), දඬුවම් ලද්දෝ (රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය - 2012). විරාගිනීන්ගේ සැබෑ කතා සහ ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා (2015) මෙන්ම 'පිබිදුණු යාපනය (පරිවර්තන 2016) වැනි කෘති 4ක් එක දිගට ලියා පළ කිරීමට
හැකිවීමයි. මේ කරුණ මා සඳහන් කළේ එම විසි කළ අත් පිටපතේ වටිනාකම සහ එකල ප්‍රේම්
දිසානායක වැනි ප්‍රකාශකයෙකු ගුරුතුමන් හඳුනා නොසිටීම ගැන ඇති වූ කනගාටුවෙනි.
තාගෝර් වගේම මාර්ටින් වික්‍රමසිංහ
කියන චරිත දෙකෙන් ඉගෙන ගන්න තියෙන මූලික දේ තමා හැබෑ අධ්‍යාපනය ලබන්නෙ කොහොමද කියල
දැන ගැනීම.........තාගෝර් ඉගෙන ගත්තෙ ගෙදරමයි,
වික්‍රමසිංහ ඉස්කෝලේ ගියේ කීයෙ පන්තියට ද කියල දැනගන්න, උපන් දා සිට කියවනව.
තාගෝර් විශ්ව විද්‍යාලෙ තියා ඉස්කෝලෙත් නොගියට විශ්ව විද්‍යාලයක්
දැම්ම.... ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ විශ්ව විද්‍යාලෙ නොගියට ඇවිදින විශ්ව විද්‍යාලයක්...'
අපි විමතියෙන් මෙන්ම ප්‍රබෝධයෙන්
අසා සිටියෙමු. නිතරම බණ්ඩාර ගුරුතුමා කියූ,
උගැන්වූ දේ අපේ වයසට වඩා ඉදිරියෙන්ම සිටියේය. එතුමන් තාගෝර් ගැන
නිකමට කියූ විට,
එහි තාගෝරයන්ගේ ශාන්ති නිකේතනය,
රබීන්ද්‍ර සංගීතය,
බෙංගාලි තනු සහ අපට ඒවායේ ඇති සුවඳවත් නෑකම, ගීතාංජලිය ආදී දහසක් දේ ගැබ් විනි.
තමුසෙල අහල තියෙනවද අමරදේවගේ
සින්දුවක් තියෙනව පටු අදහස් නම් පවුරින් ලෝකය කියල.
හොඳ වෙලාවට අප කීප දෙනෙක්ම
ගීතය අසා තිබුණි. බොරුවට හිස සැලුවේ නම් ගුරුතුමා එය ද කියවන්නට දන්නේය.
'සර් ඒක එච්. එම්. ගුණසේකරගේ ඉරිදා සංග්‍රහයේ යනව
- සමූහ ගීතයක්'. සර්ගෙන් අපට ලකුණු වැටේ.
'හොඳයි මේකෙ ඉතිහාසය දන්නවද?'
ඉරිදා සංග්‍රහයේ එච්. එම්.
ගුණසේකරයන් කවදා හෝ මේ ගැන කී අයුරු මට සිහි වේ. සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය
තාගෝරයන්ට උදා කළ ගීතාංජලී කෘතියෙන් ගත් කවියක් මෙසේ සේකර පරිවර්තනය කළ බව ඒ
වැඩසටහනේ කියවිණි.
සිංදු නිකං අහල දාන්නෙ නැතුව
සුළු මුල හොයනවල...... ඒක සාහිත්‍ය කෘතියක් බව අමතක කරන්න එපා...'
මේක පරිවර්තනයක් නොවෙයි. ඡායානුවාදයක් !
original
එක නැත්නම් මූලික කෘතිය තමා තාගෝර්ගේ නොබෙල් තෑග්ග දිනපු
ගීතාංජලිය. මේක ඒ පොතේ එක කවියක් විතරයි. 35 වැනි කවිය. ඒ කවියෙ නම 'WHERE THE MIND IS WITHOUT FEAR බලන්න adoption එකකයි,
translation එකකයි තියෙන වෙනස'
මේ දේවල් අවුරුදු 15 දී පමණ ඇසුවේ සිහිනයෙන්දැයි දැන් සිතේ. ඒ යුගය මෙන්ම ගුරුවරුද
අපට ගෙන එන්නේ අතිශය සාංකා පරවශ සිතුවිල්ලකි. එහෙම ගුරුවරු මතු නොව ගෝලයෝ ද
නොවෙති.
Where the mind is without fear and the head is
held high
Where knowledge is free
Where the world has not been broken up into
fragments
By narrow domestic walls
Where words come out from the depth of truth
Where tireless striving stretches its arms towards
perfection
Where the clear stream of reason has not lost its
way
Into the dreary desert sand of dead habit
Where the mind is led forward by thee
Into ever-widening thought and action
Into that heaven of freedom, my Father, let my
country awake.
1913 දී තමා හීතාංජලියට නොබෙල් prize එක ලැබෙන්නෙ. දැන් බලන්න මේ නිර්මාණ දෙකේ වෙනස, ඇත්තටම මෙතන නිර්මාණ තුනක්. බෙංගාලි භාෂාවෙන් 1910 දී ලියපු මුල් කෘතිය විනාශ උනේ නෑ ඉංග්‍රීසියට එද්දි. මන්ද, තාගෝර්මයි 1912 දී ඉංග්‍රීසියට පරිවර්තනය
කරන්නෙත්. ඒක අපට,
සිංහලට ගේන්නෙ මහගම සේකර.
ගුරුතුමා ඊළඟ පන්තියට යයි. ඉන්
පසු මේවා සෙවුමේ. පිරික්සුමේ,
උමතු ලෙස විඳීමේ වගකීම ගුරුතුමාගේ නොව අපේය. ඒ උමතුවම මේ
ගීතාත්ම තුළ නැතැයි කිව නොහැකි බව ඔබ දනී.
තාගෝර් ඉංග්‍රීසි පැදියේ 3 සහ 4 පේලි සේකරගේ ගීයේ එක පේළියකට
එන සැටි බලන්න.
Where the world has not been broken up into
fragments
By narrow domestic walls;
තාගෝරයනට පසුව ලියවෙන දේ සේකරට
මුල වේ.
''පටු අදහස්
නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී''
එමෙන්ම තාගෝරයන්ගේ 1 සහ 2 පේළි සේකරට එන්නේ 3 ලෙසය.
Where the mind is without fear and the head is
held high;
Where knowledge is free;
'බියෙන් තොරව
හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ,
ඥාණය නිවහල් වී'' කලින් තනි
පේළියකට ඇවිත් හමාරය.
කවියෙකුගේ සැබෑ කවිත්වය මෙන්ම
ඖචිත්‍යයත්,
පරිනත බවත් ස්ඵුට කිරීමට මේ සුළු වචන පේලි පමණක් නොසෑහේද? සේකර කියූ ලියූ දේ කාල,
යුග භේදයකින් තොරව අප වැළඳ ගන්නේ මේ විශ්වීය ගුණය ඔහු නිර්මාණ
විලාශයේ හා චින්තනයේ අසහායත්වය නිසාය. සන්නාලියනේ,
ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ. මුළු ලොවම සිහිනයයි....වන් අනුවර්තන
අපේම යැයි හැගෙන්නේ ද මේ විශ්වීයත්වය නිසාය. සේකර 70 මුලදී කියා ඇත්තේ අද ගැන
නොවේද ? පටු අදහස් හැම තැනම වැපිරි ඇත. කැබලි වලට බෙදී ඇත්තේ අදහස් නොව
මුළු මහත් රටයි. වැරැද්ද නිවරදි දෙය වෙයි. නිවැරැද්ද වැරැද්ද වෙයි. ප්‍රඥාව සේදී
ගොස් උගත්කම යැයි හඳුන්වන දෙය අප්‍රායෝගිකව ජන මනස අරා සැරි සරයි. රුචිකත්වය, රසඥතාව දේශනා හෝ පංති දමා උගන්වන්නට යයි. මේ සියල්ල වසර 45 කටත් පෙර මෙසේ සිදුවන බව සේකර ඔහු අන්‍යයෙකු වී අප වෙනුවෙන් ප්‍රශ්න
කර ඇත.
'නොවැටහෙන
මුත් ඔබ කියන දෙය හැගෙයි යන්තම් ඔබ කියන දෙය
වඩා පැහැදිලි ලෙස එය - කියා
දිය නොහැකිද මට....?
'
බලන්න සේකරම විසඳුම්කරුවා වී
එයට පිළිතුරු දෙන විලාශය.
'කියා දිය
නොහැක එය වචනයෙන් - පසක් කළ යුතුය එය හදවතින්
දැනුමක් නොවේ එය - අනෙකෙකුට
වචනයෙන් ඉගැන්විය හැකි...!
අවබෝධයක් වේ එය - තමන්ම පසක්
කොට උගත යුතු!'
මේ අවබෝධය නැතිකම කොයි තරම්
දිගු කාලයක සිට අප වෙලා ඇත්ද ?
මහ රෑ දෙගොඩ හරිය වනතුරු කාලය
කමින් දේශපාලන කරුම පෙන්වන්නේ නැතිව,
දැන්වත් රජයේ සහ පෞද්ගලික නාලිකා,
මිනිසුන් අතර සහානුභූතිය,
සහකම්පනය (EMPATHY)
ඇති කිරීමට මාවතක් විවර කරන්නේ නම් මේ දවස්වල කාගේත් සිත්හි ඇති
වී ඇති පුනරුද හැඟුම ව්‍යාජයක් නොකොට සදාකාලිකයක් කරගත හැකි වනු ඇත.
ගේය පදරුත්: මහගම සේකර
මියැසි අරුත් විශාරද පණ්ඩිත්
පද්ම ශ්‍රී අමරදේව
ගායන ලීලා විශාරද පණ්ඩිත් පද්ම
ශ්‍රී අමරදේව සහ ගායන වෘන්දය
රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ
ගීතාංජලියේ සංග්‍රහ වූ where
the mind is without fear කවියේ අනුවාදයකි.
ආව කියල ලියාගන්ට. ආයෙ එඤ්ඤං කමෙන්ට් වැටුනම.😁
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteගීතාංජලිය වෙනුවෙන් තාගෝර් මැතිතුමා සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලබා ගන්න්නේ එය ලබා ගත් පලමු යුරෝපීය නොවන ජාතිකයා වෙමින්.
ReplyDeleteතාගෝර් මැතිතුමා මුලදී ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් තම සහය ලබා දුන්නත් එය පටු ජාතී අරමුණු වල හිරවෙන විට එයට විරුද්ධව තම හඩ අවදි කලා.
වචනයෙන් වචනය ගෙන පරිවර්තනය කරනු වෙනුවට මුල් කවියේ ගැඹුරු අරුත තේරුම් ගෙන එය සිංහල භාශාවේ සියුම් තැන් ස්පර්ශ කරමින් කර ඇති පරිවර්තනය, මහගමසේකයන්ගේ දක්ශතාවය මනාව පෙන්නුම් කරනවා. මා එකල ගම්පහ රදාවාන හන්දිය පසුකර යන සෑම විටකම මෙතුමාව සිහියට නගා ගන්නවා. ඒ එතුමාගේ ගම.
-MAYYA
ස්තූතියි විස්තරයට 🙏. එතුමගෙ ගම ගැනත් දැනගත්ත ඕං
Deleteතාගෝර් සහ වික්‍රමසිංහ ඇරෙන්න ගෝර්කිත් ඒ වගේම ඉගෙන ගත්තේ ඇවිදීමෙන් සහ සමාජයෙන් කියල කියනව. පාසැල් ගිහින් නැහැ. මගේ විශ්වදියාලය හෙම කියල පොත් තුනක ඒ විස්තර තියනවා. චාර්ල්ස් ඩිකන්ස් අවුරුදු 15 පස්සේ පාසල් යන්නේ නැහැ. වැඩට යනව සල්ලි නැති නිසා. ඊට පස්සේ ඉගෙන ගන්නවා තනියම
ReplyDeleteඒක නෙවෙන්නං ✌.
Deleteතෝමස් අල්වා එඩිසන් උන්නැහෙත්... ඉක්කොලේ ගියෙ නෑ කියනව නෙ !?
Where knowledge is free - හැබැයි මේ මගුල තමයි ගොඩක් වාමාංශික අය වරදවා වටහාගෙන ලියන කියන හැම දෙයක්ම පක්ෂයට අයිති කර ගත්තේ. හමොටම් අයිතියි කියල. නිර්මාණ වලට කණ කොකා හඬන්න ගත්තේ ඊට පස්සේ. ලංකාවෙත් ඔය කටහ්ව් අකිය කියා තමයි කොපි කරන්නේ. ඥානය හැමෝටම අයිති නිදහස් එකක් කියා කියා කොපි කරනව. ඥානය තමයි නිර්මාණ නොවේ.
ReplyDelete//තාගෝර් මැතිතුමා මුලදී ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් තම සහය ලබා දුන්නත් එය පටු ජාතී අරමුණු වල හිරවෙන විට එයට විරුද්ධව තම හඩ අවදි කලා//
ReplyDeleteලේඛකයෙක් ලෙස එතුමාට කොහොමත් මගේ තිබුණ ගෞරවයක් . මේ විස්තරය නිසා එය තවත් වැඩි වුනා. ඔය නේරුලා ගාන්ධිලා ලඟ ජාතිවාදී වගේම කුල වාදී ගෝත්‍රික වැඩ තිබ්බා නේද?
මම දන්න විදිහට මහත්මා ගාන්ධි ගාව ජාති කුල බේදයන් තිබ්බෙ නෑ...එතුමා මුස්ලිම් , හින්දු සමාදානය වෙනුවෙන් කටයුතු කලා. එතුමා ඝාතනය වෙන්නෙත් මේ කටයුත්තෙදි මුස්ලිම් අයගෙ පැත්ත ගත්ටා කියලා. ඒත් ගාන්ධි තුමා දැඩිව ඉන්දියන් ජාතිකත්වය වෙනුවෙන් පෙනී හිටියා. භාරත වැසියෙක් කියන ජාතිකත්ව මූල් මිනිස්සු අතර ඇති කිරීම වෙනුවෙන් පෙනී හිටියා.
Deleteනමුත් තාගොර් කියන්නෙ ඊට වඩා ලිබරල් අදහස් තිබුනු ලෝකය දෙසට විවර උනු කෙනෙක්. ගාන්ධි නිදහස් සටන භාරත ජාතිකත්ව්ය දෙසට මෙහෙයවන විට තාගෝර් එය ප්‍රශ්ණ කලා..
මේ මථවාදීමය විවාදය සිද්ධ උනේ ලියුම් ගණුදෙනු වලින්..අදටත් මේ ලියුම් සුරක්ශිතයි...මේ ගැන ලියැවිච්චි පොත් තියෙනවා..
ගාන්ධි අවිහිංසාව මූලික කර ගත්ත සත්‍යග්‍රහ, සිවිල් නීතී කඩ කිරීම වැනි දේ තමයි තමන්ගෙ මූලික සටන් ක්‍රම බවට පත් කර ගත්තේ.. තාගෝර් එක අවස්තාවක මේ ක්‍රියාමාර්ග වල ඉෆෙක්ටිව්නස් එක ගැන ප්‍රශ්ණ කරනවා.
නිදහස් ඉන්දියාවක ආර්ථිකය ගැන ගාන්ධිට තිව්වෙ දේශීය ආර්ථිකයක් ගැන නැඹුරුවක්. නමුත් තාගෝර් වඩා ලිබරල් ක්‍රමයක් විශ්වාස කලා...වර්ථමානයේ නම් තාගෝර් ගෙ ආර්ථික අදහස් වලට සමගාමී 9ක්‍රමයක් තමයි ඉන්දියාවෙ තියෙන්නේ...ඒත් 1992 කට කලින් ගියේ ගාන්ධි පන්නේ සංවෘත ආර්ථික ක්‍රමයක්...
ඉස්සර කතාවට කියන්නේ ඉන්දියාවේ ආර්ථිකේ පටන් ගන්නෙ හැන්දෑවේ 5 න් පස්සෙ ආණ්ඩුවෙ කන්තෝරූ වැහුවට පස්සේ..එච්චරට එකල ඉන්දියාවෙ නීතී, ලයිසන්. ක්‍රම... -Mayya
මේ කතාව ඇදිච්චි නිසා ගාන්ධි ඝාතක නාතුරාම් ගොඩ්සේ ගේ පාපොච්චාරණය ඇසුරෙන් කාලෙකට කලින් මම ලිව්ව පෝස්ට් දෙකක් ශෙයාර් කරන්නම්.... එහෙම කලාට නමියගේ න් අවුලක් නෑ කියලා හිතනවා.... - Mayya- උසාවියක් නිහඩ කල ඝාතකයා
Deletehttp://maiyyagelokaya.blogspot.com/2012/11/1.html
http://maiyyagelokaya.blogspot.com/2012/12/2-story-of-mahatma-ganadhi-killer.html
මොනව කියනවද. මෙහෙම තොරතුරු බෙදාගන්න එක කොච්චරනම් හොඳද 👌
Deleteවිවේක වෙලාවක ගොහොන් බලලාම කොමෙන්ට් කරන්නම්... Mayyaතුමෝ.
https://www.npr.org/2019/10/02/766083651/gandhi-is-deeply-revered-but-his-attitudes-on-race-and-sex-are-under-scrutiny
Deleteගාන්ධි ගේ අවුල් ගොඩක් තියනව කියල මමත් අහල තියනව. හැම වෙලේම නිදා ගත්තේ නිරුවතින් ගැටවර ගැහැණු ළමුන් දෙදෙනෙක් මැද, ඒකට ගාන්ධි කිවේ එයාට ඒකෙන් ජිවය ලැබෙනවා කියල, කවුරුත් ප්‍රශ්න කලේ නැහැ. දැන් එහෙම කලා නම් ගාන්ධි හිරේ
Deleteබස්සො...ලිපිය බැලුවා , ඒ ලිපියේ කතා කරන්නේ ගාන්ධි දකුණු අප්‍රිකාවේ හිටපු කාලේ සුද්දන් සිවිලයිස් කියපු එකෙ නේද...
Deleteමගේ කමේන්ට් එකේ අදහස් කලේ ඉන්දියාවේ නිදහස් අරගලය ඇතුලේ ගාන්දිගේ භූමිකාව ගැන...
මයියො, මේ සාකච්චාව ඇදගෙන යන එක එච්චරම ප්‍රයෝජනවත් නැති නිසයි ලින්ක් එකක් දාලා ලිස්සුවෙ. ඔය අපේ ගමරාළ කියල තියනවා වගේ තව තියනවා. මදර් තේරේසා, ගාන්ධි වගේ "හෝලියර් දෑන් හෝලි" චරිත ඇත්තටම එහෙමද කියන එක ප්‍රශ්ණාත්මකයි. ඉන්දියාවෙ හරිජන( අපේ සක්කිලි වගේ කුලයක්) අයට සලකපු සහ අදටත් සලකන විදිහ හෙව්වොත් තව විස්තර හොයා ගත්තෑකි.
Deleteඔබට සැමට සුභ නත්තලක්!
මේ මයියත් 2010 ඉඳන් බ්ලොග් ලියල තියනවා නෙව? වරලත් ස්ට්‍රක්චරල් ඉන්ජෙක්. 😨 සුරුස්..........
Deleteඒක නේන්නං. අදයි මම මයියව මගේ බ්ලොග් රෝලේ එල්ල ගත්තෙත්!
Deleteඔව් ගොඩක් පරණයි...එත් පෝස්ට් සීමිතයි😀 හෙට අනිද්දට සෙන්චරිය දාන්න ඉන්නේ
Deleteඅහා! "රෑ ඉරපාන" ඒකෙ ඉන්ට්‍රො එක ඇහෙනකොට වෙනමම ලෝකයකට යනවා. බන්දුල නානායක්කාරවසම්ගෙ කටහඞ තමයි ලස්සනම. එහෙම සිත් නිමන කටහඞවල් තිබ්බ අය හරි විරලයි.
ReplyDeleteහුම්. මං මුලින්ම ඔහු නොදන්න කාලේ... සිංදු ලියන බැංකුවක වැඩ කළ කෙනක් විදිහට දැනගත්තෙ. ඉතිං හිතුව... මොනාහරි කුරුටු ගාන්න ඇති කියල.
Deleteපස්සෙ ලියපුවා දැනගනිද්දී ඔහු ගැන ගෞරවයකුත් ඇති වුනා. විශේෂයෙන් "කටු අකුලේ මල් ඇහැරේ" කියන ගීය පදවැල ඔහුගේ බව දැනගද්දී!
බස්සා දුටු තාගෝර්
ReplyDeleteතාගෝර් කෙටිකතා එකතුව
තනිකම - පිළිරුව - කේයස්(සාගර පලන්සුරිය) තාගෝර් කෙටි කතාවක අනුවාදයකි.
ReplyDeleteඒ කතාව ගැන මගේ ගම්මැදි හෑල්ල
ස්තූතියි බස්. හෙමීට ගිහිං බලන්නම් හැම ලිංකුවටම!
Deleteකතා ඔක්කොම මරු . අර අමුපතනේ කතාව හිත කීරි ගැහිලා යන එකක්
Deleteඔව් ඒක ඦයානුවාදයක්. තාගෝර්ගෙ "තීන් කන්‍යා" එකේ කතාවක් අනුසාරයෙන් ලියපු. ආයෙ අහන්න දෙයක් යෑ කේයස් ලියපු කොට.👌🙏😊
Delete🙏.....
Deleteමේකෙන් පිටපතක් අළුතෙන් සිංදු ලියන කියන අයට යවන්න වටිනවා.
ReplyDeleteහුම්... එකනම් ඇත්ත. ඒ එක්කම පාර්ලිමන්ට් එකෙත් නිතර කියෙව්වානං. (ඒ වැඩක් වෙන එහෙකුත් නෑ මයෙ හිතේ😒)
Deleteස්තූතිය මේ වටිනා සටහනට.
ReplyDeleteජයවේවා !!!
ස්තූතියි දුමී!
Deleteඔයාටත් ජයින් ජයම වේවා
වටිනා සටහනක්...වටිනා අදහස්...අපිටත් ගන්න දේවල් තියෙනවා ...
ReplyDeleteහුම්... හුම්. සොඳුරු සඳ!
Delete+++++++++++++++++++++++++++++++++++
ReplyDeleteදිග වැඩක්! ටැංක්ස් Pra Jay
Deleteදියත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
ReplyDeleteසිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ - කියන්නේ නිකන්ම නෙවෙයිනෙ!
ඕ යැස් නිදිතුමා!
Deleteආවට ටැංක්ස්
දැං වාගේ ඒ කාලේ සිංදු නෙවෙයි බං තිබ්බේ; ගීත්! ගීත!!
ReplyDeleteහරී. හරී... ඉතිම්!
Deleteබණ්ඩාර ගුරුතුමා කියන්නේ සහිත්‍ය, කලාව කියන එකේ නිධියක්. ඒ වගේම බොහෝම ගාම්භීර චරිතයක්. එතුමාගෙන් විෂයක් ඉගෙන ගන්න අපිට වරම ලැබුනේ නැහැ පාසැලේදි, එනමුත් එතුමාගේ කලා කටයුතු රසවිඳින්න පුලුවන් වුනා. "අයිසේ...." කියලා පටන් ගත්තොත් ඔළුව කඩා දාගෙන අහගෙන ඉන්න පුලුවන්, ආයේ දෙකක් නැහැ.
ReplyDelete//මං ඒ දෙකම විසි කරල දැම්ම// කියන්න ඇති විදිය මැවිලා පේනවා.
ස්තුතියි සටහනට... ගල්මල් Coral. මම නම් එතුමා ගැන දන්නෙ නැති තරම්!
Deleteලිපිය කියෙව්වා. ගොඩාක් තොරතුරු දැනගත්තා. ගීතයත් අද කාලෙට හොඳටම ගැලපෙනවා. මටත් කියන්න තියෙන්නේ සහ මගෙ ඒකායන ප්‍රාර්තනයද.... " එවූ නිදහසේ ස්වර්ග රාජයට මාගෙ දේශය අවදි කරනු මැන පියානෙනී......." යන්නයි.
ReplyDeleteහ්ම්.
Delete