සීයට 3ට නගිනු පෙර...

මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්, දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්, ඩීසල්, රසායනික පොහොර, සියලුම ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර, ගිලන් රථ ආනයනයේදී, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි, ස්වර්ණාභරණ, පාම් ඔයිල්, බිත්තර, තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද පනවනු ලබයි.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, තිරිඟු, සහල්, සහල් පිටි, පාන්, විදුලිය සහ විදුලි බෙදාහැරීම, බොරතෙල්, භූමි තෙල්, ශ්‍රවණාධාර උපකරණ, මූල්‍ය සේවා, අත් යන්ත්‍ර රෙදිපිළි ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් වැට් බද්දෙන් නිදහස්වන සේවා හා භාණ්ඩ අතර වේ.

* * * * * * *


ඕන්න ඔහොමයි 2024 පටාන් ගන්නෙ... හිටං.

සීයට තුන නගින්න කලින්... මං යන්න උනා පොඩි බඩු ටිකක් (ගෙදර නැති) ගන්න කඩේට. හරියටම දින වකවානු කීවොත් දෙසැම්බර් 07 (2023-12-07).

දැන් මං මේක ලියන්නෙ මට online backup එකක් විදිහට මට තියාගන්න 📂. (සහ අපිට වඩා පහළම ස්තරයේ වාසය කරන අය කොහොම එදාවේල පිරිමහ ගන්නව ඇති ද කියල idea එකක් ගන්න).

මොකද ඒක අපිට/මට තව අවුරුදු 5ක්, 10ක් ගියහම එදාට රටේ තියෙන ක්‍රය ශක්තිය, උද්ධමනය වගේ දේවල්, දැන් (2023) එක්ක සසඳගන්න. නැත්තං අනාගත පාර්ලිමේන්තුවේදීත් දැන් විදිහටම කියයි... ඉස්සර මේමයි, ආර්ථික වර්ධන වේගය මෙච්චරයි අච්චරයි ගගා බොරු අතාරී. අපිත් ඒවා මතක නැති කමටම පිළිගනී.

• ඒක නිසා bill දෙක තුනකුත් add කරල දානව. ඒ එක්කම පොඩි හෑල්ලක් දාන්නම් post එක පිරෙන්නත් එක්ක😉. (සහ බඩු දෙක තුනක ගණන් මිනුම් බලාගන්නත් එක්කම).

ගොඩක් වෙලාවට මට නෙමේ කාටත්, වෙල් තුනම ගෙදරින් කැවෙන්නෙ නැති තරම් නෙ. එහෙම වෙද්දීත් 1ක් හෝ 2දෙනෙකුට සතියකට 8,000ක් වත් අඩුම යනව කියලයි මට දැනුනෙ. (වැරදිනම් නිවැරදි කරන්න).

- හාල්, එළවලු, තුනපහ, පිටි-සීනි, බිස්කට්, බීම, ගෑස් ඇතුළු... සියලු කෑම බීම වියදම් වලට.

ඒ කියන්නෙ මාසෙට ඒ වගේ හතර ගුණයක් (තිස් දෙදහසක්) එක් කෙනෙක්ට. මත් වතුරක් කටේ ගාන්නෙ නැතුව 💀!

කඩෙන්ම කන, බෝඩිම් වෙලා ඉන්න, පොඩි ළමයි ඉන්න පවුලකට නම් අබම සරණයි!

මේ ඔක්කොම අස්සෙ සමහරු කියනව මේ මාසෙන් පස්සෙ රට බංකොලොත්භාවයෙන් නිදහස් වෙනව කියලත් 😵. ඔය විදිහේ සහ තව වෙන වෙන විදිහේ සුරංගනා කතා සම්මේලනයකුත් තියෙනව දෙසැම්බර් 15ව. එනවද යන්න... වැඩි දුරක නෙමේ අනේ, සුගතදාසෙ 😜


31 comments:

  1. යන්තමට ලෙවකකා ඉඳලා හරියට ගමනක් බිමනක් යන්නෙ නැතිව, ඇඳුමක් පැළඳුමක් ගන්නෙ නැතිව මැරිලා ගිහිල්ලා පෙරේතයෙක් වෙලා උපදින්න තමා වෙන්නේ. කමක් නෑ, 2048 වෙනකල් ඉවසලා බලනවා. හැබැයි ඊට පස්සෙ නං ඉවසන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Litseeker... 2048ට සැදැහැසිතින් පෙළ ගැහෙමු හිටං 😁

      Delete
  2. මේක ගැන මට තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. ආණ්ඩුවක් පවතින්න, පොදු සේවා සපයන්න සල්ලි ඕනෙ. මේ සල්ලි හොයන්න මෙතක් භාවිතා කල ක්‍රම:
    1. ලෝකෙ වටේ ගිහින් ණය ඉල්ල්ගෙන එන එක
    2. ආණ්ඩුව බිස්නස් කරන්න යෑම.

    දැන් කිසිම කෙනෙක් ණය දෙන්නෙ නෑ. ආණ්ඩුවෙ බිස්නස් ඔක්කොම සුදු අලි. එහෙම බැලුවාම, ඊලඟ විකල්පය බදු. මෙතන ප්‍රශ්ණ කීපයක් තියනවා. අවුල බදු නෙමෙයි, ඒක ගන්න අසාධාරන විදිහ සහ වියදම් කරන විදිහයි. ඉතුරු ටික, කමෙන්ට්ස් බලල කතා කරමු.......

    ReplyDelete
    Replies
    1. සමාජවාදයක් ගෑවිලාවත් නැති අතිශය ධනවාදී රටවල පවා, කන්න තියෙන අත්‍යාවශ්‍ය කෑම ටිකට බදු ගහන්නෙ නෑ. එහෙම කරන්නෙ, නැති-බැරි එකා හැඳි ගෑවිල, බඩගින්නෙ මැරිල යන එක වලක්වන්නයි. ඉන්දියාව වගේ දේශපාලනිකව එහෙටත් නැති, මෙහෙටත් නැති රටවල පවා, කන්න තියෙන කෑම ටික ලාබයි කියල කියනවා.
      ගෝට් චීස්, සැමන් ෆිලේ වලට බදු ගැහැව්වත් කමක් නෑ කියමුකො, ඒත් පොල් කිරි, පොල්තෙල්, දියර කිරි, එල්.පී ගෑස්? මේවා රටේ "පුංචි සිඤ්ඤො" ගෙ බඩගෝස්තරේ.

      Delete
    2. ඊළඟට රටේ දෑවැන්ත සුදු අලි ටික. එකෙනුත් ප්‍රධානවම පුරවැසියන් 17කට එකෙක් ඉන්නා රාජ්‍ය සේවය. රාජය සේවය කොච්චර කාර්‍යක්ෂමද කියලා නිදිගෙ "මැරෙන එකත් පන යන වැඩක්" පෝස්ට් එකෙන් තේරෙනව නෙව? දියවන්නාවෙ ඉන්නෙ ලොකි හොරු ටික, රාජ්‍ය සේවයෙ ඉන්නෙ පොඩි හොරු ටික. හොරු අතරින්, සාපේක්ෂව හොඳ හොරා වෙච්ච රනිල්, යමක් කරන්න සැරෙසෙන බව පේනවා, ඒත් මේක භාරදූර කටයුත්තක්.

      Delete
    3. බස්සගෙ අදහසට එකඟයි. ලංකාවේ ප්‍රශ්ණය තියෙන්නේ බදු දැල සමාජයේ එක කොටසකට පමණක් සීමා වීම. ඇත්තෙන්ම හැම රජයක්ම කරන්නේ ලේසීයෙන්ම බදු ගහන්න පුලුවන් මාස් පඩි කාරයන්ව බෙල්ල මිරිකලා ගන්න එක. මාස් පඩි කාරයන් අතරිනුත් පෞද්ගලික අංශයේ සේවකයන් තමයි මේකට වැඩියෙන්ම අහුවෙන්නෙ.

      පොඩි බිස්නස් කරන අය ගෙන බදු කැපෙන්නෙ නැති තරම්. පෞද්ගලික් හයර් දුවන අය, කඩ කරන අය, අතරමැදි බිස්නස් කරන අය ආදී විශාල කොටසකගෙත් බර අදින්නේ මේ පෞද්ගලික අංශයේ මාස් පඩි කාරයන්.

      එ වගේම විවිධ බදු සහණ අරගෙන ක්‍රියාත්මක වෙන මහ පරිමාන බිස්නස් තියෙනවා.

      ඊට අමතරව විවිධ වංචා කරමින් බදු ගෙවිම් පැහැර හරින හෝ අඩුවෙන් ගෙවෙන කොටසක් ඉන්නවා. මේ ඔක්කොම පැත්තක තියෙද්දි ආණ්ඩුවට ලේසියෙන් කරන්න පුලුවන් මාස් පඩි කාරයන්ව බෙල්ල මිරිකලා ගන්නවා. මේගොල්ලන්ගෙන් තවත් ගන්න බැරි උනත් වැට් 3% වැඩි කරලා තවත් බරක් මේ කොටසට දෙනවා.

      අතීතයේ ඉදන්ම අපේ බදු ප්‍රතිපත්ති සාධාරණ නෑ. - Mayya -

      Delete
    4. මයියාට ස්තූතියි මට මඟ ඇරිච්ච කොටස සම්පූර්ණ කලාට.🙏👌

      Delete
    5. බසූ, Mayya කියල තියෙන බොහෝ දේවල් එක්ක එකඟයි 👍. දෙකකට හැර.
      //රනිල්, යමක් කරන්න සැරෙසෙන බව// සනිල් කරන්න වගේ යනව. කිසි දෙයක් කරන්නෙ නෑ. මොකද දෙයක් කරන්න ගත්තොත් හරියට අස්කරද්දී දූවිල්ල ඇවිස්සිලා තමුන්ටත් හෙම්බිරිස්සාව හදාගන්නව වගේ වැඩක් වෙන්නෙ. ඒ නිසා ජහමනයටත්, පාර්ලිමේන්තුවේ උන්ටත් කොකා පෙන්නන් දෙපැත්ත බේරන් ඉන්නව 👅

      //පොඩි බිස්නස් කරන අය ගෙන බදු කැපෙන්නෙ නැති තරම්.// ඉතින් මේ VAT එක වදින්නෙම උන්ට නෙ. පෞද්ගලික් හයර් දුවන අයට... මේ ගහන vat එකෙන් (යන්ත්‍ර සූත්‍ර, බොරතෙල්, අමතර කොටස්) බඩේ පාර වදිනව නෙ. පොඩි බිස්නස් කරන අයට තව අවුරුදු 100කට නැගිටීමක් නෑ. කොමුනිකෙශ්න් එකක් කරන එකාට පේපර් මිල, ink මිල, sparepart වැඩිවෙන කොට කොහොමද ලයිට් බිල, කඩ කුලිය ගෙවාගෙන බිස්නස් එක කරගෙන යන්නෙ. Praසන්ன අයියත් පහල ඒ ගැන කියල තියෙනව

      ප්‍රා.ජේ... ආවට ටැංක්ස්!

      Delete
    6. ඔතැනදි මං කතා කරලා තියෙන්නෙ ඩිරෙක්ට් ටැක්ස් ගැන. ඩිරෙක්ට් ටැක්ස් කැපෙන්නෙ ලංකාවේ ශ්‍රම බලකායෙන් 20% කටත් අඩු ප්‍රමානයක්. මේ අය ඩිරෙක්ට් ටැක්ස් ගෙවෙන ගමන් අනිත් අය ගෙවෙන ඉන්ඩිරෙක්ට් ටැක්ස් ඒ කියන්නේ වැට් වගේ ඒවත් වක්‍රාකාරව ගෙවනවා. ඒත ඉතිරි 80% වම ඩිරෙක්ට් ටැක්ස් එකක් ගෙවෙන්නෙ නෑ. ඒක තමයි මං කියන්න උත්සහ කලේ - Mayya

      Delete
  3. හ්ම්ම්ම් අපිට දෙයියන්ගේ පිහිටයි...

    ReplyDelete
    Replies
    1. නන්දා මාලනීනං කිව්වෙ... 'බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගෙ පිහිටයි' කියල 🙈

      Delete
  4. ආණ්ඩුව බදු ගහන්නේ ලෙහෙසි අයගෙන්. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ගෙන්. ප්‍රධාන මුදලාලි ලව අල්ල ගන්න බැහැ. ඊලඟට වැට් න්බ්ද්ද යන්නේ හැමෝටම. නමුත් දුප්පත්ම් අයට ඒකෙන් අමාරුයි. වෙන ක්‍රමයක් හොයා ගන්න ආණ්ඩුව කල යුතු දෙයක්. බදු වැඩිවුනොත් ඊළඟ අරගලය එන්නේ ඩබල් වෙලා.

    ReplyDelete
  5. වැඩිවෙන බද්ද වැඩි වෙන්නේ එන වසරේ
    බිත්තර හැට පහයි ඊයෙම 'සංසාරේ!'
    හාරසීය වී ලොකු ලූණුත් මිතුරේ
    කොහොමද වෙළෙඳුන්ගෙ වැට් බදු සූත්තරේ!

    ReplyDelete
    Replies
    1. බිත්තරේ මේ ගානට දෙනව කියල දන්නවනං කිකිළිත් වර්ජනේ කරනව නිදි ලොක්ක 😁😁

      Delete
  6. මිනිස්සු තමංගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කට නොඅරින තාක් මේ දේවත් ඔය විදියට සිද්ධවෙයි.
    කඩදාසි ගණං වැඩි උනොත් ඉස්කෝලෙ ළමයෙක් ෆොට‍ෝ කොපියක්, ප්‍රින්ට් එකක් අරන් ඉවරයි. දැනටමත් ගොඩක් අය පේපර් ගහන්නෙ A4 බුක්ලට් කරල. සමහර ඒව බලනකොට ඇස් දෙකට කෙලවෙන්නෙ හිටගෙන.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ පෂා අයිය. මන් දන්නම තැනක ඉස්සර 4ටෝකොපි ගැහුවේ අර ටෙලිකොම් නම්බර් පොත් සයිස්. දැන් ඒ ගහපු උන්දලා රට ගිහින්. ඉන්න ටික දෙනා අර විදිහේ අල්ලට සිඟා ටයිප්... ප්‍රින්ට් කරගෙන යනව 😭

      Delete
  7. https://www.facebook.com/watch/?v=674084684526266&__cft__[0]=AZX55QYN524zPUfBEGFo5v8ir8Jh1ROIVETPGDEYSO798QSZXa8heBglo_aKZ5srA5WDAKF0ZEu0t6ZE7YFTIkfRDMfVaj_HYi_-X9Nn9NC3VFkojmD5wiOrIIydEjcHMQXptc9MAuG-gMuVIViSE-9Qbkd2sIRqYtyQ1zm4E6zgUaPVfBcQ-1ehrfa-_NnkJ3k

    ReplyDelete
  8. https://www.youtube.com/watch?v=BI7fudmO7FY

    ReplyDelete
  9. පස්නයක් වුනත් දේසපාලනය කතා කරීම නවතා දැමුවෙමි

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවා. ඉන්න ඈයොත් ඕව කතා කරද්දී සෙද්ද කරේ තියාගන්න ගන්නවනෙ ටික වෙලාවකින්. ඩින්කලේ දැම්මම නම් 😵... see more

      Delete
  10. රජයේ වියදම් පියවාගන්න අනික් පිලියම තමයි මුදල් අච්චු ගැසීම. එතකොට හැමදේම මිල ඉහල යනවා. මට තියෙන් එක ප්‍රශ්ණෙ නොමිලේ දෙන දේවල් නැහැ එකාටයි තියෙන එකාටයි ඔක්කොටම දෙන එක. තියෙන උන්ගෙන් ගන්න සේවා වලට අය කලානම් හැමෝගෙන්ම ගහන බදු අඩු කරගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්... ක්‍රමේ අවුල තමයි. නිවැරදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවට, ඒ වෙලා එවයෙන් යටිතල පහසුකං ඇතුලු රජයෙන් වෙන්න ඕන වැඩ ටික වෙනවට කවුදෑ අකමැති. හොර නඩය හැර!

      Delete
  11. කතා කරලම ඇති වූ දෙයක්. ලංකාවනේ....

    ජයවේවා !!!

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්