සෙන් කතා - Zen Stories

 අද ලොව පුරා ප්‍රචලිත සෙන් කතා ඇතුළත් ව ඇති සෙන් දහම හට ගැනීමට අඩිතාලම වැටෙන්නේ... ඉන්දියාවෙන් අන් රටවල් වෙත බුදු දහම ප්‍රචාරය වීමත් සමගයි.

ඉන්දියාවෙන් එහෙම ආ බුදු දහම කාලයේ වෙනස්කම් වලින් යුතුව චීනයේ ආරම්භ වෙමින් වියට්නාමය, කොරියාව හරහා ජපානයට ද සේන්දු උනා. ජපානයේ මේ විදිහට ව්‍යාප්ත වූ බොහෝ සම්ප්‍රදායින් අයත් වූයේ මහායානයටයි. ඒ මහායාන සම්ප්‍රදායන් අතරින් ජපානයේ ඇති ප්‍රකට, එක් දහමක් වන්නේ... මේ සෙන් ය.


සෙන් වචනයේ උත්පත්තිය චීන වචනයක් වන චෑන් (chán) හි ජපන් උච්චාරණ විලාසය ලෙස ඇවිත් ඇති බව කියවෙයි. එය සංස්කෘත ධ්‍යාන වචනයෙන් පැන නැගී ඇත.

සෙන්, මහායාන ඇතුළු ජපාන දහමවල් ගැන අවධානය යොමු කිරීමේදී අපට දැක ගත හැකි වෙනස්කම් කීපයක් තිබේ. ඒ අපි බුදු දහම පිළිපදින ක්‍රමයත්, එහි ඇති ක්‍රමයත් අතරය. කරුණු කීපයක් -

• තමා තුළින් තමාව දැකීම (ආත්මාවබෝධය), විමුක්තිය තමාම සාක්ෂාත් කිරීම

• ප්‍රඥාවට වඩා ලැදි බව

• භාවනාව හා ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම

• ගැළපෙන ගුරුවරයෙක් ඇසුරේ පුරුදු පුහුණුව

• සරල දිවි පෙවෙතක් ගත කිරීම

මෙවැනි කරුණු මත පදනම් වූ  ජීවිතයක් ගෙවන වැඩිමහල් භික්ෂුවක් හා... ආධුනික භික්ෂුවක්, ගෝල භික්ෂුවක් හෝ සමුරායිවරයෙක්... ආදී කිසිවෙක් සමග අතර ඇති වන සංවාදය, කතා බහ සෙන් කතා ලෙස ගැනේ. මේවායේ අර්ථ රසය ඉතා ඉහල තැනක තිබෙන අතර සමහරෙක්ට ආත්මාවබෝධයට මාර්ගයක් හෝ තවෙකෙක්ට හුදු වචන හරඹයක් පමණක්ම වන්නට පුළුවනි. කොහොමින් නමුත් ගුරු හෝ වැඩිමල් භික්ෂුවක්ගේ අදහස් සහිත මේ සෙන් කතා, හුදු කතාවක් පමණ කොට දැකිය නොහැක්කේ ඔවුන්ගේ ජීවන පරිචය ද ඒ තුළ ගැබ්ව ඇති නිසායි.

මේ කතා ඔවුන් ජපන් බසින් 'සතෝරි' (satori) ලෙස හඳුන්වයි. එනම් 'ක්ෂණික අවබෝධය' (sudden awaking) ලෙස සිංහලෙන් ගත හැකියි. බටහිර එක් සම්ප්‍රදායක් වන Brilliant Nonsense (විශිෂ්ට ප්‍රලාප) වලට දා සෙන් කතා බැලිය හැකි බව සමහර විද්වතුන්ගේ මතය වුවත්, විශිෂ්ට ප්‍රලාප ගණයේ ලා පමණක්ම මේවා දැකිය නොහැකි බව කියවීමේ දී අපට පෙනී යයි. මන්ද මේවා යථාර්ථය මතු කරමින් දිග හැරෙනවා මිස යථෝක්ත සන්දර්භ හමුවේ පමණක් උත්කර්ෂවත් වන ඒවා නොවන නිසායි.

කලින් නස්රුදීන්ගෙ පෝස්ට් එකෙත් සඳහන් කළ විදිහට කතා වල හෝ සෙන් වල මූලාශ්‍ර සෙවීමට වඩා මේ කතා සාරය වැදගත් නිසා සෙන් හෝ මහයාන සම්ප්‍රදායේ විස්තර මේ පොස්ටුවට ඇතුළත් කරන්නේ නෑ. ඒ නිසා....

මං බ්ලොග් කියවන්න පටන් ගත් කාලෙ දැකපු 'පාදඩයාගේ අසපුවේ' සෙන් හා ජපන් බුදු දහම ගැන විස්තර එහි විස්තරාත්මක ව සඳහන් කරල තියෙනව. ඇමිණුම් පහලින් දාන්නම්. ඒවත් අනිවාර්යයෙන් ගිහින් බලන්න... හරිම රසවත්.

ලබු කට්ටෙන්අන්කුට්ටෙක් ඇල්ලීම

ජපානයේ බුදු දහම

ජපන් සංස්කෘතියවිදහාපාන වචන - 6 (වබි සහ සබී)

* * * * * *

 

38 comments:

  1. සෙන් කතා ගැන ලියා ඇති දේ හරිම හරවත් - මගේ සිත් ගති
    යොදා ඇති තනි ෆොටෝවත්- ගති; සෙන් දහම වගෙමයි අගේ ඇති
    'අසපුවට පාදඩය'ගේ ගොස්, කියෙව්වෙමි - ලිපි, හරිම දැනුමැති
    එව්ව මසුරං- මෙයත් මසුරං, නමී උන්නැහෙ අද ලියා ඇති!

    ReplyDelete
    Replies
    1. ටැංක්ස් නිදි... 🙏🙏🙏
      පාදඩ අසපුවේ ගොඩක් වැදගත් වන ලිපි තියෙනව. මයෙ කීමට එහෙට ගියාටත් ස්තූතියි

      Delete
  2. Pdf එක ඉතින් වටින වැඩක් නමී💖🤗

    ReplyDelete
    Replies
    1. ටැංක්ස් නවීන්. විවේක වෙලාවක හෙමිහිට කියවන්ට

      Delete
    2. කේස් එක කියන්නෙ එහෙම එකතු කරගත්තු ඒවා තියෙනවා මාර ගොඩක්😂

      මේකත් තවම කියෙව්වෙ නෑ අදවත් කියවන්න ඕනි😁

      Delete
    3. හොඳා හොඳා... ටැංක්ස් ආපහු ආවට

      Delete
  3. ආව, කියෙව්ව, PDF එකත් බලන්න හිතා ගත්ත.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හිතා ගත්තු එක ඉෂ්ඨ කොරන එකයි ඇත්තෙ😄... ආවට ටැංක්ස්

      Delete
  4. Replies
    1. අන්තිම දෙක ගහනකොට ඇඟිල්ල එක පේලියක් පල්ලට වැටුණ නේද?

      Delete
    2. ප්‍රා. ජේතුමා මේම වැට ගහන එක හරි... වටිනවා!
      ඒක අලුත් තාලේ වැටක් වෙන්ට බැරිද...... පෂා

      Delete
    3. වැට කෙරෝලෙ බිලී කොකු. අහුවෙන්ඩෙපා

      Delete
    4. වැට දිගේ ගියොත් මාළු අල්ලන්න පුළුවන් කියලා කියලා තියෙන්නේ .

      Delete
  5. සෙන් කතා කියවන්න මමත් හරි කැමතියි. pdf එකේ කතා ටිකක් කියෙව්වා. ඉතුරු ටික හිමින් කියවන්න ඕනෙ.

    ෆොටෝ එකේ ස්මාට් ෆෝන් ගැන කතාව නම් ෆෝන් එක උදාහරණයක් විදිහට අරගෙන මිනිස්සුන්ට කියපු දෙයක් නේද. අපි හැමවෙලේම හිතන්නෙ අපි 'ස්මාට් පීපල්' කියලනෙ, නමුත් තමන් දිහා තමන්ම බලලා reflect කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ටැංක්ස්....🙏🙏🙏
      ඔව් lotus. ෆොටෝ එකේ කතාව ඒක තමා.
      අනික් අතින් බැලුවොත්... වර්තමානේ හැම දේම smart වෙමින් යනවා, ඒත් මිනිසා ඒවා භාවිත කරමින් පරිහානියට පත් වෙනවා.

      Delete
  6. හරිම වෙනස් වගේම හොද සටහනක්. නමියා අපව වෙනස් කලාප වලට ගෙනයනවා. පාදඩයාගේ අසපුවටත් ගොඩ වුනා. ඔත්තුවට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මෙහෙට ගොඩඋනාටත් ස්තුතියි අනුරුද්ධතුමෝ....

      Delete
    2. හෙ හෙ මාත් පාදඩ අසපුවට ගියා. ඒකත් හොඳයි

      Delete
    3. ඔව් නවී... මිනිහගෙ ඉතිහාස post හෙමත් නියමයි

      Delete
  7. මේ වැඩේ බොහොම වටින වැඩක්. පීඩීඑෆ් කරල දෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව්... කියවන අයට පස්සෙ හරි බලන්න පුළුවන් නෙව. download කරගන්න නිසා.
      ආවට ටැංක්ස් ඩ්‍රැකී🙏

      Delete
    2. පොඩි මෙන්ඩලාට වටිනවා

      Delete
  8. කාලෙකට කලින් මහින්ද ගුණවර්ධන ෆේස්බුක් එකේ දැම්මා සෙන් කතා ගොඩක්.

    මම දන්න සෙන්වලට අනුව, බුදු වෙන්න පුළුවන් තනියම විතරයි. පසේ බුදු වගේ වෙන කොනකුට තමන් අවබෝධ කරගත්ත බුදු කම ගැන කියා දෙන්න අවබෝධ කරවන්නත් බෑ. තම තමන් අවබෝධ කරගන්න බුද්ධත්වය එකිනෙකා අනුව වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද...
      පර්සි ජයමාන්න මහතාත් සෙන් කතා පොත් පළ කරා මතකයි. කොහොම උනත් සෙන් කතා ප්‍රසිද්ධ උනේ ලෝකේ වටා... ඉංග්‍රීසි ලේඛකයෝ ඒවා ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ නිසා. මුල් කෙනෙක් තමයි Paul Peps 1952 කාලේ වගේ Zen Flesh Zen Bones කියලා පොතක් ගැහුවා.

      Delete
  9. මෙතනත් සෙන් ගැන සඳහන් වෙනවා...

    https://www.youtube.com/watch?v=dMbnfxwus0s

    ReplyDelete
    Replies
    1. ටැංක්ස්.. බලන්නම් පුලුහං වෙලාවක

      Delete
    2. දැන් බැලුවෙ video එක. මොන අදහසකින්ද ඩ්‍රැකී මේක මෙතැන දැම්මෙ. (ඔයා මේක අනුමත කරනවා කියල නෙවේ කීවේ).
      මටත් ඒ video එකේ comment කරල තිබුණ බොහෝ දෙනා වගේ කේන්තියක් ආවේ නෑ... ඒ අය එක්ක. හැබැයි කනස්සල්ලක් ඇති උනා. එකක් ආගම් විහිලුවට ගන්න ඕනද... විනෝදයට ගන්න මෙච්චර කාරණා තියෙද්දී.

      Delete
  10. ථෙරවාද බුදුදහමෙත් මේ වගේ අවස්ථා තිබෙනවා කියලා හිතෙන‍වා. රහත්බව අවබෝධ කරගැනීමට නොහැකිව කළකිරීමෙන් සිටි භික්ෂුවකට බුදුහා‍මුදුරුවෝ පිරිසිදු රෙදි කඩක් දෙනවා පිරිමදිමින් "රාජෝහරණං" යනුවෙන් කියන්න. රෙදිකඩ ක්‍රමයෙන් කිලිටි වෙනවා දැකලා භික්ෂුව සත්‍යය අවබෝධ කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැලුවොත් Litseeker, ථෙරවාද මහායාන හෝ වෙනත් යාන... අපි පසුව හදාගත්ත දේවල් නෙ. දහම හැම තිස්සෙම ප්‍රායෝගිකයි.

      Delete
  11. pdf පොඩි මෙන්ඩලාට ...
    කතා ටික කියවලා එන්නම්....

    ReplyDelete
  12. මම අනිත් බ්ලොග් වලට යන්නේ අනිත් අයගේ බ්ලොග් රෝල් දිගේ මට කොහමද බන් මේ පොස්ට් එක මිස් උනේ

    ReplyDelete
    Replies
    1. ආ ඒකට මොකො... ඔය දැන් ඇවිත් තියෙන්නෙ මෙන්ඩතුමෝ

      Delete
  13. පාදඩ අසපුව​ ලියන්නේ නැත්තේ ඇයි බන්

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. උන්දැගෙ බ්ලොගෙත් වටිනව එව තියෙන්නෙ.
      මටත් බ්ලොග් ලියන්ට කැමැත්ත වැඩි උනේ.. පාදඩ අසපුව නිසා.

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්