100යි, හඳට හැතැම්මයි


ඔන්න එක පරිසර සංවිධානයකින් ගොවි මහත්තයෙක්ගෙ සත්ත්ව ගොවිපළ බලන්ට ආව. ඇවිත් හොඳටෝම උපදෙස් දීල ගියා. සත්තුන්ට හොඳට කන්ට දෙන්න, විටමින් අරවා මේවා දීල හෙම නියමිත බර පවත්වන් යන්නය කියල. ගොයි මහත්තයත් කියාපු විදිහට කරගෙන ගියා. ටික දවසකින් තව සංවිධානයක් ඇවිත් කිව්ව... සත්තුන්ට food cityවල කෑම හොඳ නැතිය. මේ ගම්වල අහිම්සක සත්තුය. පරණ පුරුදු ගමේ කෑම හා තෙල් බේත් සාත්තුව දෙන්නය කියාල.

ආයෙම තව කාලයකින් වෙනත් සංවිධානයක් ඇවිදින් බයි මහත්තය ඉදිරියේ ප්‍රාදුර්භූත උනා... 'ඔබතුමා මොනාද මේ සත්තුන්ට කෑමට දෙන්නෙ ? '

බොහෝ දුරට කම්පනා කරපු බයි ගොයිය කිව්ව 'මහත්තයෝ මං සත්තුන්ව උදේට පෝලිං ගස්සනව'

'ගස්සල..? '

'එක එකාට සීය ගානේ දීල තමුන්ට හොඳ දෙයක් අරං කාපන් කියල කියනව'

 ****************


හුම්. සරි ඒ කතාව පැත්තක තියමුකෝ... මේ පෝස්ටුව නිල වසයෙන් මයේ 100 වෙනි බොලොග් පෝස්ටුව. Draft කරපු එක අතැරල තමා ඉතීම් මේ 100.

100ක් ලියාගෙන ආවාට මොකෝ කියවපු ඈයෝ... සැපිද, සැපි නැද්ද මන් දන්න එකක්යෑ 😉. ලියන්ට හිතන් හිටපු ටික නිදි, කොලොම්පූර් එක්ක පොඩි චැට් වලදී කතාවට ගත්තත්... ඒවා ලියවිලා නම් නැතිම තරම්. අඩුම වසයෙන් 30%ක අගයකටවත් ඇවිත් නෑ. හුම්! උන්න හැටියට මලා මදැයි.

හිතාන හිටි හැම දේම කරන්න ඇහැක් වෙන්නෙ කාටෙයි.

එහෙම කිව්වට ඔන්න චන්ද්‍රයාන් dream project එක නම් සාර්ථක උනා. ලෝකෙන්ම සඳට ගිය හතරවෙනි රට, අපට ලඟින්ම ඉන්න ඉන්දියාව. ඒ රෝවර් යානය ගිහින් තියෙන්නෙත් සඳේ අඳුරු කළාපෙට කියනව නෙ. මොන කුහක කමක් ඉන්දියාවට එක්ක තිබ්බත් සුබ පත්තන්න ඕන උන්දලාට... අපිට ණය අස්සේ බාල බෙහෙත් දෙන අතරේ උනත්. ටැංකිව් ඉන්දියා! ස්වස්ති සිද්ධම් 

පුළුවන් උනොත් මාත් චිචිගෙන් අහගෙන රොකට් එකක් හරි අරිනව... අල්ලපු ගෙදරට පේන්නත් එක්ක 😂😅


32 comments:

  1. නමියා , ඔබේ බ්ලොග් ශතකයට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ටැංක්ස් අනුරැද්ධතුමෝ !

      Delete
  2. තව දෙසීයකට සුබ පැතුම්! පටන් ගන්නකොට යන්න හිතපු දිහාද මේ යන්නේ කියලා නම් මටත් හිතුන වෙලාවල් තියනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්... පුලුවං විදිහට ට්‍රැක් එකට වැටෙන්න බලමු නේ

      Delete
  3. හා, හා ඒම කියන්න එපා, අපේ රොකට් බබා දැන් ඩබල් ඩොක්ටර්. බොලාට ඕව්ව තේරෙන්නෙ නෑ, හරිම සංකීර්ණයි.😉
    චැහ්! පප්පා රජවෙලා හිටිය නං, ඔය ඉන්දියන් යානෙත් අපට සිංහ කොඩියක් එල්ලන්න තිබ්බා.🤣

    ReplyDelete
    Replies
    1. හුම්. ඇරිය ඇරිල්ලනම් තේරැනේම නැ 😁

      Delete
  4. මට ඉන්දියාව දේශපානික, සමාජීය වශයෙන් ආදර්ශමත් රටක් නෙමෙයි. ඒත් උන්ගෙ තාක්ෂණික, ආර්ථික මොඩල් එක වැඩ කරනවා, අපේ වගේ කටින් බතල පුස්සක් නම් නෙමෙයි. ඉන්දියාවටත්, නමියටත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2023/08/blog-post_24.html

      Delete
    2. ටැංක්ස් බස්.
      ඔව් කා කා ලගත් හොද අවුන්සෙයක් හරි ඇති නෙව. ඒ ඩිංග හරි අපි අපේ බත්පතට දාගනට දක්ස උනානං අපිත් ගොඩ, රටත් ගොඩ.

      Delete
  5. සුබ පැතුම් නමී... දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. "ලියමු" - බහුවචනනෙන් කතා කොලේ නවියත් ඉස්සරාට ලියයි වාගේ. අනේ හොදා

      Delete
  6. බොලා 2015 දී මහරජානෝව මැදමූලන ජනෙල් පොල්ලේ එල්ලුවේ නැත්නම් ඩබොල් ඩොක්ටර් අජඨාකාශගාමි චිචි හාමු ඉන්දියාවට කලින් හදටත් ගිහින් නැප්චුන් ග්‍රහයාගේ සිරි ලංකන් ජනාවාසයකුත් හදනවා. එහෙම කලානම් පුතානෝ ජනපති වෙච්චිදාකට ඒකේ උදාගමකුත් හදන්න තිබුනා නෙව,

    බලරැස්ගමුවේ ගැමියා
    අවිහිංසක කොටියා
    වියණු සයුරේ තොටියා
    දෙසියක් ලියමු නමියා

    ReplyDelete
    Replies
    1. හුම්... කොරගන්ට බැරිවෙච්ච ඔයටික කරන්ට වෙන්ටෑ නාමල් බේබිව එක්කාන හිට කට්ටියක් දඟලන්නෙ.

      ටැංක්ස් කොලොම්පූර්තුමෝ මෙහෙට්ට ගොඩඋනාට 🙏

      Delete
  7. ලියන්නට හිතේවා රසිකයො වෙනුවෙන්
    ලිවීමෙන් ඔබේ සිත වේවා සුපහන්
    ලියන ඩිංග සැලකිල්ලෙන්; පරෙස්සමින්
    ලියමු මනුදහම රකිමින්, පතුරුවමින්!

    ReplyDelete
    Replies
    1. හුම්. ඇහැක් විදියට පුල්ට්‍රයි කරමුකෝ නිදිතුමෝ

      Delete
  8. Suba pathum,digatama liyanna.Jayawewaa.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයවේවා ඇනෝතුමෝ & ටැංක්ස් !

      Delete
  9. සියවෙනි පෝස්ටුවට උණුසුම් සුබ පැතුම්!!

    "කියවපු ඈයෝ... සැපිද, සැපි නැද්ද මන් දන්න එකක්යෑ" අපි සැපි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ටැංක්ස් ලෝටස්තුමී !

      Delete
  10. Replies
    1. ටැංකස් S. සඳවතී නෝනි !

      Delete
  11. Replies
    1. වැටට ටැංක්ස් ප්‍රාජේතුමෝ!

      Delete
  12. Replies
    1. පෂාතුමාටත් ජයින් ජයවේවා !

      Delete
  13. කතාවටත් කියන්නෙ මේක රොකට් සයන්ස් නෙමෙයි කියලා. රොකට් සයන්ස් සංකීර්ණම තාක්ෂණයක් ලෙසයි සැලකෙන්නෙ. ඉන්දියා සඳ ගමන ලොකු ඩීල් එකක් . එකක් සාර්ථකව සඳේ අඳුරු පැත්තට ගොඩ බෑම. දෙක බිග් බජට් හොලිවුඩ් චිත්‍රපටයකට වියදමටත් අඩුවෙන්, දේශීය නිශ්පාදන යොදා ගෙන කිරීම . මේ නිසා බටහිර රටවල අවධානය, ඉන්දියාව ලබා ගත්තා. ඒ හරහා ආයෝජන එන්නත් ඉඩ තියනවා. බටහිර-චීන බල/වෙළඳ අරගලයෙ වාසියත් ඉන්දියාවට තියනවා.

    අපේ ආණ්ඩුවට ඕන්නං ඇහැකි, මේ ගැන හොයන්න කමිටුවක් දාන්න. අර ඉන්දියන් කිකිලියො බිත්තර දාන්නෙ පුපෙන්ද හොයා බලන්නත් තුන් කට්ටුවක් ගියා කියනව නේද?🤔

    ReplyDelete
    Replies
    1. ඔව් බස්. මතකයි ඉන්දියාව ඒ කාලේ අඩු වියදමකින් ටැබ් පවා නිර්මාණය කරා.

      දාපු කමිටුව හොයන්න තව කමිටුවක් දායි එමෙනම් 😂

      Delete
  14. සියයක් ලියනවා සතුටුයි අපේ නමී
    පැතුමක් තියමි කවියෙන් මේ මමයි දුමී

    මගේ උණුසුම් සුබ පැතුම් නමී..
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. නමියගෙ සින්ඩියට කොහොමද මගෙ බ්ලොග් එක ඇතුලත් කරන්නෙ ?

      Delete
    2. අනේ ටැංක්ස් දුමීතුමෝ!

      හෙහ්..හෙ. නමියගෙ සින්ඩිය. ඒක අටෙව්වත් හරි මහත්තයෝ ලියන උන්දල ටිකත් වාෂ්ප උනා 😅😜.
      සඳකඩපහණ ප්‍රධාන එක නිසා... මාත් යන්නෙ එකෙන්. ඔන් දැන් දැම්ම 😊

      Delete
  15. ඔබේ ශතකයට සුබ පැතුම්. මමත් ඉදලා හිටලා මේ පැත්තේ එනවා ඔං. හටද යන්න කෙටි මාර්ගයක් නැද්ද? තියනවානම් අපිටත් කියන්නකෝ නිවාඩු වලාවක් ගිහිල්ල එන්න. හැබැයි ඉතින් මම කැමති රෑට යන්න. එතකොටනේ හොඳට හඳ පෙන්නේ. දවල්ට ගියොත් අතරමං වෙයි. ඩයිවර් කොලුවාට පාර හොයාගන්න බැරිව.

    ReplyDelete
    Replies
    1. අපොයි හඳට යන්න තනියෙම ඇහැක් නෙව. ඕන අර ගංja පොඩිත්තක් ඔතල විතරයි 😏😜

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්